මගේ මරණය

ඔබ මෙක කියවනවද??
එහෙනම් මරණය හමු වේවි කවද හරි.
එසේනම් මැරෙනකම් ජීවත් වෙන මා සමග රැඳෙන්න.
මරණය හමුවෙන තුරා!!!

පහුගිය දවසක ගම්පහ පැත්තෙ 17 ක් මැරුණා කසිප්පු බීල. එ වුනට කසිප්පු බොන එකෙනම් අඩුවක් නැහැ. මංජුල වෙඩිවර්ධන බත්තලංගුණ්ඩුවෙ කියන පලතුරුයි, දංකොටුව ස්පෙෂල් නුයි බීල බලන්න මටත් ආසවක් තිබ්බට නිකන් කසිප්පු නම් බොන්න ආසාවක් නැහැ. පහුගිය දවස් වල සරුංගල් උණක් තිබ්බ. හැඳෑවට වැඩ අරිල ගිහින් කෙලින්ම යන්නෙ වෙලට. කුඹුරුවල අස්වැන්න් නෙළන එකයි, හයියෙන් හුළං හමන එකයි , ඉස්කෝලෙ නිවාඩුවයි සේරම එකට අගෝස්තුවෙ එන්නෙ කොහොමද කියල මන් දන්නෙ නැහැ. හැබැයි අගොස්තු කියනෙ සරුංගල් වාරෙ කියන එක නම් මන් දන්නව. ඔන්න ඉතින් හැන්නදෑවට සරුංගල් අරින්න අපි වගේම එන කාණ්ඩෙ ඇරුනම් තව පිරිසක් එනව වෙල දිහවට හැන්දෑවට. සමරු කාර්‍යාලයෙ වැඩ ඉවර උන අය, සමහරු ගොවිතැන් වැඩ ඉවර උන අය, කම්කරු වැඩ ඉවර උන අය මේ වගෙ කට්ටියක් අපි යන හැමදාම එකම වගෙ වෙලාවට පෝලිමේ එනව. අපි යන්නෙ සරුංගල් වාරෙට විතරක් උනාට මෙයාල හැමදාම එන අය. ටිකකින් නොපෙනී ගිහින් ආපහු එනව පොඩ්ඩක් වැනී වැනී පහු කරගෙන යනකොට ඉතින් තේරෙනව කොහෙ ගිය අයද කියල. බැලූ බැල්මට විශ්වාස් කරන්න අමරු විදිහේ පෙනුම තියෙන අයත් මේ අතර ඉන්නව. ඔන්න ඔය වගෙ කසිප්පු වෙලඳාම ලංකාවෙ හැම ගමකම , නගරෙකම වගෙ බොහෝම සරුවට කෙරෙන එකක්. ඕක නවත්තන්න නම් පුළුවන් එකක් නෙමෙයි ඒ වගෙම ඉතින් 17ක් නෙමෙයි 17000ක් මැරුන කිවුවත් බොන එකා නවත්තන්නෙත් නැහැ. තාම සතියක් වත් නැහැ අර 17 දෙන මැරිල ඒත් අපෙ පැත්තෙ කස්සිප්පු වෙළ්ඳාමෙ නම් කිසිම වෙන්සක් නැහැ.

කසිප්පු කියන්නෙ නවතන්න පුළුවන් දෙයක් නෙමෙයි ඒක නිසා මන් ජනාධිපති උනානම් කරන්නෙ එකට ප්‍රමිතියක් දාල හරි විදිහට පෙරන්න උපදෙස් දෙන එක මිසක් තහනම් කරන එකනම් නෙමෙයි. වෙලාවට මන් කවදාවත් ජනධිපති වෙන්නෙ නැත්තෙ

2 අදහස්:

සමහර විට අපි ජනාධිපති වෙන එක රටට හොඳක් වෙන්නත් බැරි කමක් නැහැ.

උඩුගම්පොල කෙහෙල්බද්දර පාරේ **** අයියාට ඇති පදමට මිදි ටිකක් ගිහින් දුන්නොත් නම් සුපිරිසිදුවට අපි වෙනුවෙන්ම සිපිරිම (එක බෝතලයක්) එකක් පෙරා ගත හැක. එක බෝතලයකින් සෑහීමට සිදු වන්නේ අනිත් සියල්ලම ඔහු වැඩි ගාණට විකුණන බැවිනි.

Bloggers.com - Meet Millions of Bloggers