මගේ මරණය

ඔබ මෙක කියවනවද??
එහෙනම් මරණය හමු වේවි කවද හරි.
එසේනම් මැරෙනකම් ජීවත් වෙන මා සමග රැඳෙන්න.
මරණය හමුවෙන තුරා!!!

ගම්පහ ඉඳන් කොළඹ යනකොට කැළණි පලම අහුවෙල ටිකකින් වම් අත පැත්තෙන් දර්ශනය වෙනව ලෝකේ තියෙන දවස ගානේ උස වැඩිවෙන එකම කන්ද්. අනික් කඳු වල තියෙන ස්වභාවික කොල පැහැය වෙනුවට මේකෙ තියෙන්නෙ කලු පැහැයක්. විවිධ වූ පක්ෂීන් වෙනුවට කපුටන් පමනක් මෙහි දිස්වෙනව. මීදුමෙන් වැසුනේ නැතත් ඒ වෙනුවට කලු දුමෙන් කන්ද සමහර වෙලාවට වැසී යන්ව.
බ්ලූමැන්ඩල් කුණු කන්දත්, පොදු වැසිකිලියකුත් අපේ රටේ ඉන්න දේශපාලකයොත් යන තුනම දැක්කම අපේ හිතට එකම ආකාරයෙ හැඟීමක් ඇතිවෙන්නෙ අපේ අවාසනවටද රටේ අවාසන්නවටද මන්දා.
මේ කුණු කන්ද දැක්කමත් අපිට අප්‍රසන්න උනාට මේකෙ අයිතිකාරයටනම් මේක එක්තර විදිහට සුයිප් එකක් මොකෝ දවසකට මේක නිසා ඔහුට රුපියල් ලක්ෂ ගනනක් හම්බ වෙන නිසා. ඒක ලඟම ඉන්න අය ගොඩක් මේකෙ කුණු තෝරල ජීවත් වෙනව. දේශපලකය වගේම තමා. තමන් හම්බ කරගන්නවා, ලඟම ඉන්න අයට හම්බ කරලා දෙනවා හැබැයි ගඳ ගහනවා. මුළු පලාතම විනාශ කරනවා. පොදු වැසිකිලියත් මේ වගේම තමා. රටක් හදන්න ඉන්න දේශපාලකයො කුණු කන්දක්, වැසිකිලියක් වීම කොච්චර සුන්දරද?

2 අදහස්:

මේවා කියවලා අපි හිනා වෙන්නද අඩන්නද? නැත්නම් ඔළුව ගස්සලා අහක බලා ගන්නද?

කරන්න කිසිම දෙයක් නැහැ. කියවලා නිකන් ඉන්න. හෙටත් ආයි යනකොට මෙව මෙහෙම්ම පේන්න තියෙයි. :-)

Bloggers.com - Meet Millions of Bloggers