මගේ මරණය

ඔබ මෙක කියවනවද??
එහෙනම් මරණය හමු වේවි කවද හරි.
එසේනම් මැරෙනකම් ජීවත් වෙන මා සමග රැඳෙන්න.
මරණය හමුවෙන තුරා!!!

සිංහල බ්ලොග් කියවනයේ දැන් බ්ලොග් 150කටත් වඩා තියෙනව. මාත් ඉතින් නිකන් ඉන්න වෙලාවට ඔවට ගිහින් එහෙම බලනව. ඔක්කොම වගෙ හොඳ එවා . හැම එකකින්ම වගෙ ගන්න මොනවා හරි දෙයක් තියෙනව. ඔහොම බලාගෙන යනකොට මට හිතුනා මේ වගෙ බ්ලොග් වලට මන් කැමතියි කියල ඒවානම්
ප්‍රධාන ලිපිය ගොඩක් කෙටි එවා. එවා ඉක්මනින් කියවන්න පුළුවන්. මන් හිතන්නේත් බ්ලොග් ලිපියක් පුළුවන් උපරිමයට කෙටි වෙන්න ඕනේ. අනෙකුත් දීර්ඝ විස්තර කිරීම දැක්වෙන්න ඕනේ අදහස් තීරුව ඇතුලේ.
පිටුව ඉක්මනින් තිරයේ දිස්වීම. ගොඩක් වෙලාවට බ්ලොග් පිටුවට ඇතුල් කරල තියෙන උපාංග නිසා පිටු ලෝඩ් වෙන්න වෙලා යනව. අනික ඒ උපාංග වල එතරම්ම වැදගත් දේවළුත් නැහැ. ඇසට ප්‍රිය වෙන පාට. (අවාසනවට මගේ බ්ලොග් එකෙත් එ ලඛ්ෂණය නම් නැහැ )
මේවා ඉතින් මන් කැමති බ්ලොග් වල ලඛ්ෂණ විතරයි හොඳේ

ප.ලි.
මට අමතක උනා අපි බ්ලොග් ලියනේන් අපිට ලියන්න ඔනේ නිසනේ ඉතින් ඒක මොකටද අනික් අයට ඕනේ විදිහට හදන්නේ. අපි කැමති විදිහට සරසනව මිසක්

2 අදහස්:

අනේ මන්දා මම නම් ඉතිං ලියන තරමක් ලියන්නේ මොන්ගල් ඒවා...කාටවත් ඒවායෙන් ප්‍රයෝඡනයක් තියනවා‍ද නැද්ද කියලා මම වැඩිය හිතන්නේ නෑ...මට ලියන්‍න හිතෙන වෙලාවට මම ලියනවා එච්චරයි...මොනවද ලියන්නේ කොහොමද ලියන්නේ ඒකේ දිග‍ කොච්චරද කියලා මම නම් හිතන්නේ නෑ...ගොඩක් වෙලාවට ලියන දේවල් ලියන්නේ කෙලින්ම ටයිප් කරන වෙලාවේ හිතට එන අදහස් / මානසිකත්වය‍‍...ඒක ඉතිං එහෙම තමයි...මගේ සහයක නෑෂ් හොද මට්ටමේ ලිපි ලියන නිසා මම වැඩිය ම‍ගේ ලිපි ගැන හිතන්නේ නෑ..හැබැයි බ්ලොග් කියවනයට මගේ බ්ලොග් එක දැමීම ගැන මම කණගාටු වෙනවා මොකද මගේ නිදහස සීමා වෙලා වගේ

මම ඉතින් මට හිතෙන දේවල් ලිවුවෙ. අපි අපේ හිතේ තියේන දෙවල්නේ ලියන්න්නේ ඒකට සීමා මායිම් දාගන්න හොඳ නැහැ. ලිපිය දිග උනත් කොට උනත් හිතේ තියෙන ටික ඉවර වෙනකම් ලියන්න ඕනේ. මන් බ්ලොග් කියවනයට මේක දැම්මේ නැත්තේත් මට හිතෙන හැම දේම නිදහසේ ලියන්න ඕනේ නිසාම තමා. අදහස් ටික කොහොමහරි එලියට දාල ඉවර කරනව මිසක් ඒකෙ ප්‍රමිතියක් ගැන වැඩක් නැහැ තමා

Bloggers.com - Meet Millions of Bloggers