මගේ මරණය

ඔබ මෙක කියවනවද??
එහෙනම් මරණය හමු වේවි කවද හරි.
එසේනම් මැරෙනකම් ජීවත් වෙන මා සමග රැඳෙන්න.
මරණය හමුවෙන තුරා!!!

Face Book මටනම් මාර වසංගතයක් වෙලා. වැඩ නැති විවේක වෙලාවට විතරක් නෙමෙයි වැඩ තියෙන කාර්ය බහුල වෙලාවටත් මන් ගිහින් අනුන්ගේ ඕප දූප බල බල ඉන්න පුරුදු වෙලා. මේක නම් වහාම නවත්තන්න ඕනේ නැත්නම් රස්සවෙනුත් මාව එලවලා දායි අපේ බොස්. මේක ලෝකෙම ජනප්‍රිය වෙබ් අඩවියක් නොයෙක් ජාති පිරිලා තියෙනවා ඒත් ඇත්තටම බැලුවහම වැඩකට ඇති කිසිම දෙයක් මටනම් Face Book වලින් හම්බ වෙලා නැහැ. විවිද Application තියෙනව ඒත් ඇති ප්‍රයොජනයක් නැහැ. අපි නිකන් ඒකට ඇතුළු වෙලා වැඩත් පාඩු කරගෙන අයිතිකාරයන්ට සල්ලි හම්බ කරලා දෙනවා.

වැඩිපුරම තියෙන්නේ ඕප දූප කියල තමා මටනම් හිතෙන්නේ. අනික් අය කාපුව බීපුව කරපුවා කියවන්න. මෙලෝ වැඩකට නැති එවායේ රස විඳින්න තරම් මාව පහලට වැටුනේ ඇයි කියලා මම නම් දන්නේ නැහැ.

9 අදහස්:

එකනම් ඈත්ත ..... මම ලගදි මගෙ Hi5 ගිනුමටත් සමුදුන්නා, දෑන් Face book එකටත් එහේම කරන්න වෙනවා....සමහර යාලුවන්ගේ account වල පුරවලා , සමහරවිට අයීතිකාරයා දන්නේත් නෑහෑ එකේ ඉන්න යාලුවෝ ,
උන් නිකම් ආසාවට යාලුවෝ පුරවගන ඉන්නවා....
තිබුනට නම් කමක් නෑහෑ ත්මුන්ගේ හොදම යාලුවො ටික තියාගෙන...නෑතිනම් කුනුකුඩේ වගේ තමුන්ගෙ account එක....
වෑඩ්ක් නෑති කාලේකන උන්ටනම් ඉතින් එක මරු.....!
එ අතින් බ්ලොග් ලියන එක කොච්චර ශොක්ද ?

sahathika attha...!! mage account eke nam inne mage skul friends wadi purama! eeth deiyane ee kiyalath dan 300k witara innawa, kisima nodanna kenekwa add nokarath! wasangathayakma thamaa!! dawasakma nogihin indala pahuwenida giyaamath notifications 20k witara! me mata regard wena eewa nam kamak ne.. wena wena bahubootha! pissu thama matath, wena wedak ne wage!!!

මටත් ඔය වගෙම තම මේ හෝ ගාල වැඩ ඒව පැත්තක ඕකෙ එල්ලිලා. අනේ හැබෑටම මට ඕකෙන් මිදෙන්න බැරි හැටි. ඊට වඩා නම් බ්ලොග් ලියන එක හොඳයි තමා.

එහෙනම් මේ කටටියත් එක්ක බලද්දි මම හොදයි නේ...

හැබැයි මම දකින විදිහට ඕකෙ පොඩි වැදගත් පැත්තකුත් තියෙනවා ඒ තම විදේශගතව ඉන්න යාලුවෝ අදුරන අයත් එක්ක ටිකක් කතාකරන එක.. වෙන ඔය තෑගි බොනික්කෝ අනං මනං බහුබුත නම් වැඩක් නෑ... මම දැන් කරන්නේ ඕකෙ inbox එක බලන එක විතරයි....

මටත් ඉස්කෝලෙ කාලේ යාලුවෝ ගොඩක් හම්බ උනා. එයාල එක්ක තිබ්බ පරන මිත්‍රකම් අළුත් උන එකත් උනා. ඒක නම් හොඳ දෙයක් තමා.

අපෝ! කතාව ඇත්ත මාත් මේ ඕකෙන් ගැලවෙන්නේ කොහොමද කියලා පුල් ට්‍රයි එක දෙන ගමන්! ඒකත් ඉතින් අබිං කෑවා ව‍ගේ තමා(ලු - මොකෝ මම අබිං කාලා නැ නෙව :D )

මම මූණුපොතට සෙට් වුනේ පිටරට හිටපු යාලුවෙක් ගේ ඇරයුමක් නිසා.. ඒ අතින් ආගන්තුකයා කියන කතාව ඇත්ත.. ඒත දැන් මම ඔය මඟුලෙන් අයින් වෙන්න ඉන්නේ.. කවුරු හරි කෙනෙක් පින්තූර ටිකක් දැම්ම ගමන් ආයේ පැය ගානකට එන්නේ නෑ...

දැනට දවස් දෙකක් මූණු පොතට ගියේ නෑ... මට ලොකු ජයග්‍රහණයක් =D

mata nam AL kalen passe contacts thibune nethi yaluwo godaaak hamba una facebook nisa... Anjo kiwwa wage api karanne oopa duupa hoyana eka thama..eeth ithin paaluwen aatha rataka inna api wage ayata..jiwithe yam kisi kaaleka ekata langin hitapu yaaluwek ekka katha karanna , thorathuru dena ganna lebunama lebena sathuta harima ahinsakai...

Bloggers.com - Meet Millions of Bloggers