මගේ මරණය

ඔබ මෙක කියවනවද??
එහෙනම් මරණය හමු වේවි කවද හරි.
එසේනම් මැරෙනකම් ජීවත් වෙන මා සමග රැඳෙන්න.
මරණය හමුවෙන තුරා!!!

සිංහල භාෂාවේ තියෙන තනි අකුරේ රසවත්ම වචනය මේක කියල මටනම් හිත්න්නේ. වෙන එකක් ගැන මටනම් කල්පනා වෙන්නේ නැහැ. දවසින් දවස ඉහල යන අරක්කු මිල හමුවේ මන් වගේ පීඩිත පන්තියෙ පුද්ගලයෙකුට දරන්න පුළුවන් මිලකට තියෙන දෙයක් වීම ගැන මටනම් හරිම සතුටුය.

කොළඹ ඉඳලා මිනුවන්ගොඩ යනකොට ඒකල හන්දියේ ඔරලෝසු කණුව පහුවෙලා මීටර පනහක් විතර ගියතැන දකුණු අත පැත්තෙත්, කොළඹ ඉඳලා මීගමුවට යනකොට සීදූව හන්දිය පහුවෙලා කිලෝමීටරයක් විතර ගිය තැනත් රා තැබෑරුම් තියෙනවා. (මන් දන්න මන් ඉන්න හරියට කිට්ටුම ඔය දෙක තමා. තව දාගොන්නේත් තියෙන්වලු සිරා පොට් එකක්, රා කලයක් අරන් පැදුරේ වාඩිවෙලා බොන්න පුළුවන්. ඒත් බීලා වාහන එලවන්න බැරි නිසා මට තාම නම් යන්න හම්බ වෙලා නෑ ඒකට )

රා අනික් බීම තරම්ම ශරීරයට අහිතකරයි කියලා මන් හිතන්නේ නැහැ. මොකෝ ගොඩක් පරණ අය රා ගැන කිවුවම කියන්නේ හරිම ගුණ බීමක් කියලා.හැබැයි සෙම තියන අයටනම් ටිකක් අගුණයි . සෙම වැඩිවෙනවා ටිකක් . රා විකුණන බොහෝ තැන්වල මඤ්ඤොක්ක බයි එකට ගන්න තියේන්වා ඒකට හේතුවනම් මන් හරියටම දන්නේ නැහැ. සාමාන්‍යයෙන් රා බෝතලයක් රුපියල් 40 එක්කෙනුකුට බෝතලයක් බොන එක එච්චර අමරු නැහැ. ඒක නිසා ලාබෙටම ගානකට වෙරිවෙන්න පුළුවන් බීම තමා රා කියන්නේ. රා වීදුරුවට ලුණු කුඩුයි ගම්මරිස් කුඩුයි කලවම් කරලා දැම්මම පොඩි ගතියක් තියෙනවා ඒක වෙන්නේ කොහොමද මන් දන්නේ නැහැ ඒත් රා විකුණන තැන්වල ඔය මිශ්‍රණය තියෙලා තියෙනවා කැමැති අයට දාගන්න

සමහර අය අකමැති උනත් මටනම් රා කියන්නේ ඉතින් හොඳ බීමක්

9 අදහස්:

මම රා නම් බිලා නෑහෑ , නමුත් අපි විනාකිරි කියලා ආහාරවලට එකතු කරන්නේත් රා තමයී... ඉතින් අපි හෑමොම රා බිලා තියනවා....

ඔය සිදුව හන්දිය පහුකරපුවම හම්බවෙන රා තෑබෑරුම මම අනන්තවත් දෑකලා තියනවා , නමුත් ගිහිල්ලනම් නෑහෑ . එක කටුනායක හරියට වෙන්න තියෙනේ...

මටත් හරියටම තැන මතක නැහැ. කටුනායකට කිට්ටුව වෙනන ඇති. සීදූවට වඩා ඒකල ලඟ නිසා දැන් වැඩිපුර ඒකල යන්නේ.
මන් දන්න විදිහට, ගහෙන් මුලින්ම එන එකට කියන්නේ තෙලිජ්ජ කියල ඒක ටිකක් පැහුනාම රා. රා තව ටිකක් පැහුනාම තමා විනාකිරි කියන්නේ.

එරත්න පාරෙන් සිරීපාදෙන් බැස්සනම් ගමන් මහන්සිය යන්න කියාපු දෙයක් තමා කිතුල් රා. ඒ හරියේ හොයගන්න හරිම ලේසියි. මෙ පැතිවල නම් තියෙන්නේ පොල් රා. එහෙ තියෙන්වා කිතුල් රා.

තැබෑරුම් වල තියෙන රා ගැන නම් කතාකරලා වැඩක් නැහැ.බොන්න එපා.හඳන්නෙ සීනි එහෙමත් දාලලු. බැරල් එකේ මැස්සො ලෝකයයි. රා බොනව නම් ගහෙන් බාපුගමන් වගේ කිතුල් පොල් දෙකම හොඳයි. ඇඟට ගුණයි ඒච්චර මත් ගතියක් නැහැ ගඳත් අඩුයි. රාත් එක්ක නියමෙට යන්නෙ මඤ්ඤොක්කා තමයි ඉතින් ලුණු මිරිසුත් එක්ක. තැබෑරුම් වල තියෙන ඒවා නම් බොන්න එපා ජරාව :D

හොඳ රා බොන්න නම් ඉතින් ගෙදරම පෙරා ගන්න වෙනවා මචං. ඉස්සර අපේ ගෙවල් ගාව තැනක් තිබ්බ ඒකත් පොලිසියෙන් පැනලා නැවත්තුවා. එතන නම් පෝලිමේ ඉඳලා ගහෙන් බාපු ගමන් බඩු ගන්න තිබ්බ.

රා බොනවනම් බයිට් ඕනි නෑ... ලුනු කැටයක් වුනත් ඇති... අපි නම් භාවිතා කරන්නෙ මිරිස් කුඩු... තෙලිජ්ජ නම් ඕනි කෙනෙක්ට බොන්න පුලුවන්... අපේ හෝටල් වල වයින් වෙනුවට පවිච්චි කරන්න පුලුවන් හොඳම ආදේශකය "රා" තමා... ගන්න අපෙ දේ.. සැරත් සමානයිනෙ...

මෙහෙ සමහර හෝටල් වල් රා දෙනවලු ඒත් වැඩිය කට්ටිය බොන්නේ නැහැ කියල මට කවුද කිව්වා. සීදුවේ රා තැබෑරුමේ බයිට් එකට ලුණු මිරිස් පැකට්නුත් තියෙනවා

මගෙ නම් පොල් රා වලට එච්චර කැමැත්තක් නෑ. හැබැයි කිතුල් රා නම් තියෙන තරමකට වග කියනවා. කොත්මලේ පැත්තේ නියමම නියම බඩු තියෙනවා.

ම් - ඒකල තියෙන රා නම් මෙලෝ රහක් නැත. එහි තත්වය එතැනටම ගොස් බලන්නට මට අවස්ථාව හිමි විය. එහි තියෙන රා නම්.... ගත යුත්තක් නැත.

දාගොන්නේ තැන නම් සුපිරිමය!!! රා ජුන්ඩක් මඤ්ඤොක්කා කෑල්ලක් සමග කොච්චි සම්බෝලය මතක් කල විටත් කෙල උනන තරමේ මතකයකි...
බෝතලයක් පමණ සප්පයාම් වී මගින් ගත් හකුරු බෑයටද වග කියා අසල දාගොන්න වැවේ පැයක් එකහමාරක් නා ගොඩට පැමිණෙන විට සක්විති සුව ලැබිය හැක....

ඒකල හා සීදූව හන්දිය පහු කරන විටම හමුවන තැබෑරුම් වල තිබෙන්නේ බොහෝ විට පොල් රා ය... එයද බෝතලයක් ගත් විට බාගයක් වතුරය, ඉතිරි බාගය යීස්ට් ය...
ගත යුත්තක් නම් නොමැත.....

Bloggers.com - Meet Millions of Bloggers