මගේ මරණය

ඔබ මෙක කියවනවද??
එහෙනම් මරණය හමු වේවි කවද හරි.
එසේනම් මැරෙනකම් ජීවත් වෙන මා සමග රැඳෙන්න.
මරණය හමුවෙන තුරා!!!

මචං ගැන ගොඩ දෙනෙක් බ්ලොග් වල ලියල තිබ්බ

මලී
ආගන්තුකයා
ප්‍රියංකර
පැතුම්
තිලිණ

මේ හැමෝම වගෙ කියල තිබ්බේ හොඳයි කියලා. මාත් කියන්නේ හොඳයි කියල තමා.
අබා ගැනත් බ්ලොග් ලිපි දකින්නට ලබුනා. ඒත් මචං තරම්ම ලිපි මම නම් දැක්කේ නැහැ.

සුපුන්
අදහස් අවකාශය
රජිත් විදානආරච්ච

මම කියන්න යන්නේ ඒක නෙමෙයි අපේ රටේ ඉන්න ගොඩක් ප්‍රසිද්ධ අය අබා ගොඩක් වර්ණනා කලා. මචන් වලට එයාලගෙන් එහෙම ප්‍රතිචාරයක් ලැබුනේ නැහැ. ඒත් බලපු අපේ ප්‍රතිචාර අබා වලට වඩා මචං වලට වැඩී ඒ කියන්නේ අපි හරියට ෆිල්ම් බලන්න දන්නේ නැහැ කියන එකද නැත්නම් එයාල දන්නේ නැහැ කියන එකද?එහෙමත් නැත්නම් ඒ උදවිය චිත්‍රපටි වලට සහතික දෙන්නේ ඒකෙ ඉන්න අය හදපු කෙනා එහෙම දිහා බලා මිසක චිත්‍රපටිය බලන්නේ නැතුවද?එහෙමත් නැත්නම් අපි චිත්‍රපටියක් වත් හරියට රස විඳින්න දන්නේ නැති මෝඩයොද?

අනේ මන්දා

9 අදහස්:

‍ෂිඃ මම මචන් බැලුවට අබා බැලුවෙ නැහැනෙ බැලුවනම් මොනව හරි කියන්න තිබුණා.

මම ඉතිහාසය ජැක්සන් මහත්තයා තරම් දන්නෙ නෑ... හැබැයි මම දන්න හුඟක් අය හොරෙන් රට පැනලා තියෙනවා සමහරු ගැන අවුරුද්දකින් විතර ආරංචියක් නෑ.... ඉතින් මට වැඩිපුර වැදුනේ "මචං" .... "අබා" ගැන එක එක කතා හැමෝම කියන්නෙ ඔය කතාව ඉතිහාසයට සම්බන්ධ නිසා වෙන්න ඇති... ඇයි හැමොම පන්ඩුකාභය රජතුමා ගැන ඉගනගෙන තියෙනවනෙ... බ්ලොග් ලියන පරපුරට වැඩිය සමීප කාලීන සිදුවීම් නිසා වෙන්න ඇති අපි "මචං" වෙනුවෙන් බ්ලොග් ලියන්නෙ.... මට හිතෙන්නෙ එහෙමයි...

ඒ අදහසනම් ඇත්ත වෙන්න ඇති.

ම්ම්ම්... මටත් තියෙන්නේ ආගන්තුකයා කිව්ව දේට සමාන දෙයක් කියන්න විතරයි. අබා වල කියන්නේ ඉතිහාසය ගැන මොනවා හරි‍ පොත් පත් ටිකක්..සෙල්ලිපි ටිකක් කියව්වම අබා නිසා ඇතිවුනු සංවාදයට විසදුම් හොයලා නිමා කරන්න පුලුවන්... කියන දේ හරි හෝ බො‍රු නම් එක වහගන්නත් මොනා හරි ක්‍රම තියනවා. ඒක නිසා ලොකු ලොකු කට්ටිය බය නැතුව අබා ගැන කථා කරන්න ඇති..
ඒත් මචං එකේ කථා කෙරෙන ප්‍රශ්ණ වලට එහෙම උත්තර නෑ.. ඒවට උත්තර හොයන්න සංවාද කරන්න ගියොත් දේශපාලනය/පාළකයන්ගේ උදහස වගේ ගොඩක් ගැටලු එයි කියලා බය ඇති.

අපිට ඉතිං ඔය අවුල් නැහැ නේ... හිතුනා ලිව්වා ජාතියේ අයනේ.. අපේ බ්ලොග් වල අපි කැමති දේවල් ලියනවා කැමති අය කියවනවා.. එච්චරයිනේ ඉතිං . කථාව ඉවරයි!

අනිවා.... අපිට කවුරු කියවනවද... කියන එක අදාල නෑනෙ.. සටහන හරි නැත්නම්... අදහසක් දානවා... ඔය කට්ටිය කුනුහරුපෙනුත් බනින්නේ... ආ... ඔය ප්‍රිශ්නෙට විසඳුමක් තියෙනවා එත් ප්‍රායෝගික මදි... ඉතුරු වෙලා තියෙන්නෙ බලා ඉන්න එක විතරයි.....

එකනම් ඈත්ත මමත් අබා බ්ලපු වේලාවේ මහ කම්මෑලිකමකින් බෑලුවේ , මචං ෆිල්ම් එකේ අමුතුම කුතුහලයක්(ආතල් එකක්) තිබුනා , ඉවර වෙනවා දෑනුනෙත් නෑහෑ . එකයී මටත් සටහනක් දමන්නට හිතුනේ...

මං හිතන්නේ අපි තරුණ වයසේ ඉන්න නිසා වෙන්න ඈති. ඉතින් අපටත් එ තරුණ හෑගිම් දෑනේනවා මචං බෑලුවට පස්සේ...

අනේ මචං තාම මචං බලන්න යන්න තාම බැරි උනානේ මචං

මරණය මාව හමුවෙන්න ආවට ස්තූතියි මචන්!

මමත් අබා ගැන ලිව්ව හොඳේ. ඒ කාලෙ උඹ කලින් ආත්මෙදි මැරිල නැතිව වෙන්න ඇති ;)

දෙක දෙවිධියක චිත්‍රපටි දෙකක්. හරියට Peter Jackson ඇන්තනී ගේ lord of the rings සහ Roman Polanski ගේ The Pianist වගේ. ඒ දෙවර්ගය දෙවිධියට නොවිඳ පටලගත්තු අයට නම් නොයෙක් බයිල ගොඩයි.

මට නම් දෙකම නියමයි... මම තිත් තුනක් තියාගෙනයි තවම ඉන්නෙ. ඒ නිසා මම මරණය වෙත නෙවෙයි, සැඟවීම වෙත යනවා...

නෑ... ඔය චිත්‍රපටි වලට විචාර ලියන ගොඩක් අයට පොළවෙ පය ගහල ඉන්න තුන්වෙනි දෙවෙනි පන්ති වල මිනිස්සුන්ගෙ හිත් තේරෙන්න නෑ. විශේෂයෑන්ම තුන්වෙනි පන්තියෙ, රස්සාව කරල එදා වේල හොයාගෙන කාල ජීවත් වෙන, ලොකු බලාපොරොත්තු නැති දුක් විඳින ඒත් ගොඩක් සතුටින් ඉන්න මිනිස්සුන්ගෙ හිත් තේරෙන්නෙ නෑ.... රටෙන් හතරෙන් තුනකටවත් වඩා ඉන්නෙ එහෙම අය බව එයාලට අමතකයි.....

Bloggers.com - Meet Millions of Bloggers