මගේ මරණය

ඔබ මෙක කියවනවද??
එහෙනම් මරණය හමු වේවි කවද හරි.
එසේනම් මැරෙනකම් ජීවත් වෙන මා සමග රැඳෙන්න.
මරණය හමුවෙන තුරා!!!

දවස ගානෙම බඩු මිල ඉහල යනවා ඒක අපි වගෙ පොඩි මිනිස්සුන්ට පුදුම විදිහට බල පන්නේ. පහුගිය දවසක මට ගිය වියදම් ටිකක් මේ
සංස්ථා ඔල්ඩ් අරක්කු බෝතලයයි :640/= ( ඉස්සර 605/= )
ගෝල්ඩ් ලීෆ් සිගරට් පැකට් එකයි:192/= ( ඉස්සර 180/= )
අලියා සෝඩා පොඩි බෝතලයයි:55/=
පොඩි කොකා කොලා එකයි:65/=
රටකජු ග්රෑම් 100:30/=
කඩල ග්රෑම් 100:30/=
බුලත් විටයි:10/= (බිවුවට පස්සෙ එන ගඳ අඩු වෙන්න )
ඔක්කොම:1022/=
ඔන්න තුන් දෙනෙකුට යන්තම කාල බීල ඉන්න යන ගාන. මේක මේ ගෙදරක කරනවනම් නැත්නම් තව වැඩී
ඉතින් කොහොමද අපි වගේ පොඩි මිනිස්සු කාල බීල ඉන්නේ

පහුගිය දවසක අපි කට්ටිය නුවර එළියේ ගියා. නුවර එළියේ ගිහින් ඉතින් කරන්න දේවල් නැහැනේ ගිය වෙලාවේ ඉඳන් බොන එක ඇරෙන්න. බීම දැක්කම නෙමෙයි ඒත් තිබ්බ බයිට් එක දක්කම අපේ යාළුවෙක් ලියපු බ්ලොග් එකක් මතක් උනා. බලපු නැති අය මෙතනින් ගිහින් බලන්නකෝ. බොන්න තිබ්බේ ලෙමන් ජින් සහ ඇපල් සෝඩා. බයිට් එකට ඇපල් අච්චරු. හීනියට කපපු කොලපාට ඇපල් ගෙඩියකට ලුනු කුඩුයි ගම්මිරිස් කුඩුයි දාන විතරයි ඕනේ. පුදුම රසක් තියෙන්නේ. බයිට් එක හොඳ නිසාම හොඳට බොන්නත් පුළුවන්. නිකන් ඉන්න වෙලාවක ට්‍රයි එකක් දාල බලන්න මොකද හදාගන්න රුපියල් 30යිනේ යන්නේ එපා නම් විසිකලත් වැඩිය පාඩුවක් නැහැ. මන් හිතන්නේ ජින් ලෝකෙ හැම තැනම තියෙන්වා ඇපල් සෝඩා නැතත් ඇපල් ජූස් තියෙනවනේ ඒක නිස ඔය කොයි රටේ හිටියත් මේක ට්‍රයි කරල බලන්න බැරිකමක් නැති වෙයි.

මේ දවස් වල එපා වෙන්නම තියෙන නිසා හැමෝම කතාකරන දෙයක් වෙලා වැස්ස. යතුරු පැදිය ගමනා ගමනය සඳහා භාවිතා කරන අපි වගේ කට්ටියට ඉතින් උදේටයි හවසටයි වැස්සෙන් සිදුවන සේවාව ගැන නම් කියලා වැඩක් නැහැ. වැරැද්ද් වැස්සෙද නැත්නම් වහලෙ නැතුව මෝටර් බයිසිකල් හදපු මනුස්සයගෙද මන්දා. වැස්සත් එක්ක උදේට තියෙන සීතල නිදා ගන්න කියාපු එකක් ඒත් ඉතින් අවාසනාවට ජීවත් වෙන්න රැකියාවක් කරන්න වෙලානේ ඉතින් සීතලේ නිදා ගන්න වෙන්නෙ නැහැ. දවල්ට වහිනකොට නම් වැස්ස දිහා බලාගෙන හූල්ලන්වා අනේ ගෙදර හිටියනම් හොඳට පොරෝගෙන නිදා ගන්න තිබ්බා කියල. ඉස්කෝලෙ යනකාලේන්ම් වහින දවසට තමා වැඩියෙන්ම කැමැත්තෙන් ඉස්කෝලෙ යන්නේ මොකද එදාට ලමයි අඩුයි ගුරුවරුත් නැහැ කලින් ඉස්කෝලෙ අරිනව ඒක නිසා ගිය වෙලාවෙ ඉඳන් කාගෙන් වත් බැනුම් අහන්නේ නැතුව වැස්සෙ සෙල්ලම් කරලා ගෙදර එන්න පුළුවන් නිසා. ඒවා නම් ඉතින් හැබෑම සොඳුරු මතකයන්.

වැස්සත් එක්ක තියෙන සීතලේ මත්පැන් වඩියක රහ බලන්න තිබ්බනම් ඉතින් මරේ මරු.

මගේ ඇඟ පුරාම තියෙන කම්මැලිකම ගැන තව ටිකක් ලියන්න ඕනේ කියල හිතුනා.හිතේ කොච්චර දේවල් තියෙනවද කරන්න ඕනේ කියල හිතාගෙනෑ ඒත් ඒවා හිතේ තියෙනවා විතරයි ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒවා ක්‍රියාත්මක කලානම් මම බිල් ගේට්ස් වත් පරද්දල. නොදන්නෙත් නැහැ. කරන්නේත් නැහැ.

සරීර සෞඛ්‍ය එච්චර යහපත් නැහැ වගේ තේරුන නිසා අද වැඩට ගියේ නැහැ. ගෙදර ඉඳන් ශාන්ති දිසානයක ගේ දොලොස් මහ නවකතාව කියෙවුවා. ඒක ඉරිදා ලක්බිම පත්තරේ කොටස් වශයෙන් ගිය නවකතාවක්. මන් පොත ගත්තේ පොත් ප්‍රදර්ෂනයෙන්. සියල්ලෝම සතුටින් විසිරගියහ ජාතියේ පොතක් නෙමෙයි නිසා ඒකෙන් සතුටක් දැනුනේ නැහැ.

මේ දවස්වල හැඳෑවට වහිනව. වහිනව විතරක් නම් මදෑ අකුණුත් ගහනව ඉතින් නිතරම ට්‍රිප් එක යන නිසා වැඩිපුර ඉන්නේ කලුවරේ. හරිම සීතලයි. හීතල නැතිකරන්න පුළුවන් ජාති දෙකකට විතරයි එකක් තමා මත්පැන් වඩියක් අනික ගැන මන් කියන්නේ නැහැ. මේ වෙලාවේ වැස්සයි හීතලයි එක්ක මාත් එකක බ්‍රැන්ඩි වීදුරුවකුත් තිබ්බානම් කියලා වැඩක් නැහැ

පටන් ගන්න කොට නම් හිතුවේ හැමදාම බ්ලොග් පොස්ට් එකක් දානව කියල එත් දැන් දැන් ටික ටික ඒක මග ඇරෙනව. බ්ලොග් එකක් ලියන්න පැය භාගයක් හොයාගන්න තරම් කාර්ය බහුල පුද්ගලයේක් නම් නෙමෙයි මම. මන් හිතන්නේ තියෙන කම්මලි කම. මොකද ලියන්න දේවල් හිතේ ඕනේ තරම් තියෙනව. වෙලාවත් නැත්තෙම නැහැ එ උනාට ලිපි තමා නැත්තේ. මන් හිතන්නේ මගේ ජාතියේ වැරැද්දක් ද කොහේද. මේ ලඟදි කවුදෝ කියල තිබ්බ ශ්‍රී ලාංකිකයො ඉක්මනින් යමක් තේරුම් ගත්තට වැඩ කරන්න හරිම කම්මලි කියල. ඒකනම් ටිකක් ඇත්ත.

ගිනි මද්දහනේ
දවල් දොලහට
උණුසුම් කබායකින් සැරසී
සීතල තාර පාර මත
නිරුවත් දෙපයින් සිට
වින්ඳා මම
ජීවිතයේ සුන්ඳරත්වය!!!

කතාවට කියනව මිනිස්සු මුලින්ම බොන්න පටන් ගන්නේ බියර් වලින් කියල. මගේ ගැන ගත්තොත්නම් ඒක ඇත්ත. මොක්ද ඉතින් මාත් මුලින් බිවුවේ බියර් ටිකක් විතරයි පස්සෙ ඒක බියර් ගොඩක් උනා අන්තිමට අරක්කු , ජින්, වොඩ්කා, බ්‍රැන්ඩි බවට පත් උනා. හැබැයි තාම මුල අමතක කරල නැහැ ඉඳලා හිටලා බියර් බොනව ඒ වගෙම අනික් ජාතියක් බොන්න තරම අවට පරිඅස්‍රය සුදුසු නැත්නම් ඒ වගේ වෙලාවටත් ඉතින් බියර් තමා. ගොඩක් මහන්සි වෙලා ඉන්න වෙලාවට හොඳට කූල් බියර් එකක් ගැන මතක් කලත් මහන්සිය නැතිවෙනව එහෙවු එකේ එහෙම එකක් ඒ වෙලාවට බිවුවම් වෙන දේ කියන්න ඕනේ නැහැනේ .බියර් වල ඔක්කොම හොඳයි එක දේයක් ඇරෙන්න. බොන කොට බොන්න පුළුවන් වගේම ආපහු යනකොට යන්නත් පටන් ගන්නව එපා වෙනකම්. මේක කටින් ආපහු යන්න ගත්තොත් නම් බීම එපා වෙනවන දවස් දේක තුනකට. මොකද ඒක එතරම් අමරු කාරියක් නිසා

දැන් ඉතින් බියර් බොන්නත් අමරුයි මොකද ඒකෙත් ගනන් වැඩි කොරලනේ.

සිංහල බ්ලොග් කියවනයේ දැන් බ්ලොග් 150කටත් වඩා තියෙනව. මාත් ඉතින් නිකන් ඉන්න වෙලාවට ඔවට ගිහින් එහෙම බලනව. ඔක්කොම වගෙ හොඳ එවා . හැම එකකින්ම වගෙ ගන්න මොනවා හරි දෙයක් තියෙනව. ඔහොම බලාගෙන යනකොට මට හිතුනා මේ වගෙ බ්ලොග් වලට මන් කැමතියි කියල ඒවානම්
ප්‍රධාන ලිපිය ගොඩක් කෙටි එවා. එවා ඉක්මනින් කියවන්න පුළුවන්. මන් හිතන්නේත් බ්ලොග් ලිපියක් පුළුවන් උපරිමයට කෙටි වෙන්න ඕනේ. අනෙකුත් දීර්ඝ විස්තර කිරීම දැක්වෙන්න ඕනේ අදහස් තීරුව ඇතුලේ.
පිටුව ඉක්මනින් තිරයේ දිස්වීම. ගොඩක් වෙලාවට බ්ලොග් පිටුවට ඇතුල් කරල තියෙන උපාංග නිසා පිටු ලෝඩ් වෙන්න වෙලා යනව. අනික ඒ උපාංග වල එතරම්ම වැදගත් දේවළුත් නැහැ. ඇසට ප්‍රිය වෙන පාට. (අවාසනවට මගේ බ්ලොග් එකෙත් එ ලඛ්ෂණය නම් නැහැ )
මේවා ඉතින් මන් කැමති බ්ලොග් වල ලඛ්ෂණ විතරයි හොඳේ

ප.ලි.
මට අමතක උනා අපි බ්ලොග් ලියනේන් අපිට ලියන්න ඔනේ නිසනේ ඉතින් ඒක මොකටද අනික් අයට ඕනේ විදිහට හදන්නේ. අපි කැමති විදිහට සරසනව මිසක්

ආයිත් අරක්කු ගනන් වැඩිවේලා. මෙහෙම ගියොත් අපි කොහොමද හිතේ හැටියට බොන්නේ. රටේම ඉන්න මිනිස්සු බේබ්ද්දන්ට හෝ ගාලා බනිනව ඒ වුනට බේබද්දෝ තරම් රටේ ආර්ථිකයට තමන් හම්බ කරන සල්ලි වලින් දායකත්වය සපයන පිරිසක් තවත් මේ ලංකාවෙනම් නැතුව ඇති. මොකද ඔය සල්ලි හම්බ කරන වැඩි දෙනෙක් හරියට ආදයම් බදු ගෙවන්නේ නැහැනේ.සාමාන්ය මිනිස්සු සල්ලි හෙව්වට ආණ්ඩුවට සල්ලි දෙන්නේ නැහැ එයලා පාවිච්චිකරන ගොඩක් දේවල් වලට ආණ්ඩුවෙන් බදු සහනත් දෙනව. ඒ උනට බේබද්දො අරක්කු බිව්වත් වැඩි කොටසක් ආණ්ඩුවේ බදු. සිගරට් එකක් බිව්වත් එහෙමයි. මෙච්චර දෙයක් කරන බේබද්දන්ට රටේ මිනිස්සු සලකන විදිහනම් හරිම වැරදියි

Facebook

Gamil

Blogger

yahoo

මල්ටි බැරල්
T-56

ආටිලරි

මෝටාර්

කුඹුර
බිත්තර වී

පෝර

ට්‍රැක්ටර්

අපි
මෙඋන්

සහ

ඔවුන්

ආයි නම් මන් මගේ ජීවිතේට අරක්කු බාග නම් ගන්නේ නැහැ. මොකද ඔය බාගෙ බොන්න තව බාගයක් ඕනෙමයි එක හොයන එක මල වදයක් . ජාති දෙකකින් කලවම් කරන්නත් බැහැ. අනික් බාගේ හොයන්න ගියාම අරක්කු එපා වෙනවා. ගම්පහ තියෙන බාර් වලින් වැඩි හරියක සංස්ථා අරක්කු නැහැ. තියෙන්නේ මෙන්ඩිස් විතරයි ඉතින් බාගයක් හොයන එක මල ඇණයක්. බොනකොට උඹල මෙන්ඩිස් බීපන් අපි සංස්ථා බොනව කියන්නත් බැහැනේ.

ගම්පහ ඉඳන් කොළඹ යනකොට කැළණි පලම අහුවෙල ටිකකින් වම් අත පැත්තෙන් දර්ශනය වෙනව ලෝකේ තියෙන දවස ගානේ උස වැඩිවෙන එකම කන්ද්. අනික් කඳු වල තියෙන ස්වභාවික කොල පැහැය වෙනුවට මේකෙ තියෙන්නෙ කලු පැහැයක්. විවිධ වූ පක්ෂීන් වෙනුවට කපුටන් පමනක් මෙහි දිස්වෙනව. මීදුමෙන් වැසුනේ නැතත් ඒ වෙනුවට කලු දුමෙන් කන්ද සමහර වෙලාවට වැසී යන්ව.
බ්ලූමැන්ඩල් කුණු කන්දත්, පොදු වැසිකිලියකුත් අපේ රටේ ඉන්න දේශපාලකයොත් යන තුනම දැක්කම අපේ හිතට එකම ආකාරයෙ හැඟීමක් ඇතිවෙන්නෙ අපේ අවාසනවටද රටේ අවාසන්නවටද මන්දා.
මේ කුණු කන්ද දැක්කමත් අපිට අප්‍රසන්න උනාට මේකෙ අයිතිකාරයටනම් මේක එක්තර විදිහට සුයිප් එකක් මොකෝ දවසකට මේක නිසා ඔහුට රුපියල් ලක්ෂ ගනනක් හම්බ වෙන නිසා. ඒක ලඟම ඉන්න අය ගොඩක් මේකෙ කුණු තෝරල ජීවත් වෙනව. දේශපලකය වගේම තමා. තමන් හම්බ කරගන්නවා, ලඟම ඉන්න අයට හම්බ කරලා දෙනවා හැබැයි ගඳ ගහනවා. මුළු පලාතම විනාශ කරනවා. පොදු වැසිකිලියත් මේ වගේම තමා. රටක් හදන්න ඉන්න දේශපාලකයො කුණු කන්දක්, වැසිකිලියක් වීම කොච්චර සුන්දරද?

පහුගිය දවසක ගම්පහ පැත්තෙ 17 ක් මැරුණා කසිප්පු බීල. එ වුනට කසිප්පු බොන එකෙනම් අඩුවක් නැහැ. මංජුල වෙඩිවර්ධන බත්තලංගුණ්ඩුවෙ කියන පලතුරුයි, දංකොටුව ස්පෙෂල් නුයි බීල බලන්න මටත් ආසවක් තිබ්බට නිකන් කසිප්පු නම් බොන්න ආසාවක් නැහැ. පහුගිය දවස් වල සරුංගල් උණක් තිබ්බ. හැඳෑවට වැඩ අරිල ගිහින් කෙලින්ම යන්නෙ වෙලට. කුඹුරුවල අස්වැන්න් නෙළන එකයි, හයියෙන් හුළං හමන එකයි , ඉස්කෝලෙ නිවාඩුවයි සේරම එකට අගෝස්තුවෙ එන්නෙ කොහොමද කියල මන් දන්නෙ නැහැ. හැබැයි අගොස්තු කියනෙ සරුංගල් වාරෙ කියන එක නම් මන් දන්නව. ඔන්න ඉතින් හැන්නදෑවට සරුංගල් අරින්න අපි වගේම එන කාණ්ඩෙ ඇරුනම් තව පිරිසක් එනව වෙල දිහවට හැන්දෑවට. සමරු කාර්‍යාලයෙ වැඩ ඉවර උන අය, සමහරු ගොවිතැන් වැඩ ඉවර උන අය, කම්කරු වැඩ ඉවර උන අය මේ වගෙ කට්ටියක් අපි යන හැමදාම එකම වගෙ වෙලාවට පෝලිමේ එනව. අපි යන්නෙ සරුංගල් වාරෙට විතරක් උනාට මෙයාල හැමදාම එන අය. ටිකකින් නොපෙනී ගිහින් ආපහු එනව පොඩ්ඩක් වැනී වැනී පහු කරගෙන යනකොට ඉතින් තේරෙනව කොහෙ ගිය අයද කියල. බැලූ බැල්මට විශ්වාස් කරන්න අමරු විදිහේ පෙනුම තියෙන අයත් මේ අතර ඉන්නව. ඔන්න ඔය වගෙ කසිප්පු වෙලඳාම ලංකාවෙ හැම ගමකම , නගරෙකම වගෙ බොහෝම සරුවට කෙරෙන එකක්. ඕක නවත්තන්න නම් පුළුවන් එකක් නෙමෙයි ඒ වගෙම ඉතින් 17ක් නෙමෙයි 17000ක් මැරුන කිවුවත් බොන එකා නවත්තන්නෙත් නැහැ. තාම සතියක් වත් නැහැ අර 17 දෙන මැරිල ඒත් අපෙ පැත්තෙ කස්සිප්පු වෙළ්ඳාමෙ නම් කිසිම වෙන්සක් නැහැ.

කසිප්පු කියන්නෙ නවතන්න පුළුවන් දෙයක් නෙමෙයි ඒක නිසා මන් ජනාධිපති උනානම් කරන්නෙ එකට ප්‍රමිතියක් දාල හරි විදිහට පෙරන්න උපදෙස් දෙන එක මිසක් තහනම් කරන එකනම් නෙමෙයි. වෙලාවට මන් කවදාවත් ජනධිපති වෙන්නෙ නැත්තෙ

නීති විරෝධී උනත් ලංකාවෙ තියෙන් ඕනම නගරෙක ගංජා මිලදී ගන්න පුළුවන්. ඔතන්න දන්නවනම් පැකට් එකක් ගන්න එක ලාබයි නැත්නම් ඔතපු ඒවත් තියෙනව. මන් ඉස්සෙලම ගංජා බිවුවෙ පළවෙනි පාර A/L ඉවර උන දවසෙ. එදා විභාගෙ ඉවර වෙලා අපේ සෙට් එක ගියා නාච්චිමලේ. යනගමන් මල් පෝච්චි විකුනනු ලැබේ කියල බෝඩ් එකක් ගහල තිබ්බ ලෑලි කඩේකින් මල් පැකට් එකක් අරගෙනම තමා ගියෙ. අපි එක්ක ගිය සූස්තිය කියල හිටපු පොරක් දෙයියන්ට පූජා වට්ටියක් හදන තරම් භක්තියකින් මල් පැකට් එකෙ රොඩු අහක් කරල හැදුවෙ නැතෑ ලොකු පන්දමක් තරම් ගංජා සුරුට්ටුවක්. අපි සේරම එක බිව්වා සූස්තිය කියන කපුගේගෙ සිංදු අහ අහ. කොහොම හරි අන්තිම වෙනකොට මගෙ කන සාක්කුවෙ ගලුයි මලුයි ගහල. ගෙදර එන්නකලින් කබරය පාරකුත් දල මොකුත් උනේ නැහැ විභගෙ විතරක් ඉවර උනා වගේ ගෙදර ආව මල රෑ වෙලා. එදා ගංජා වලට වහ වැටුනු මම තමත් ගංජා දුමට පෙම් කරනව. දැන් A/L කරලනම් අවුරුදු 10 කටත් කිට්ටුයි එත පස් හය වතවකට වඩා මට ගංජා රස බලන්න නම් හම්බ වෙලා නැහැ. ඒක නිසා මගෙ ගංජා වලට තියෙන කැමැත්ත භයානක දෙයක් නෙමෙයි

ඉස්කොලේදි මුලින්ම ලියන රචනාව තමා මම ගැන ලියන රචනව ඒක අයි ලියන්න හිතුනා හැබැයි ඒ කාලෙ විදිහට නෙමෙයි පොඩ්ඩක් වෙනක් විදිහකට.

පොඩිම කාලෙ මට ඕන උනේ දොස්තර කෙනෙක් වෙන්න ඒ අර අනික් අය කියන නිසාද කොහෙද, දැන්නම් දොස්තර කම වගෙ සල්ලි පස්සෙ දුවන් ජරා රස්සාවක් ගැන හිතන්නෙවත් නැහැ. ඊට පස්සෙ කාලෙ ඒ කියන්නෙ උසස් පෙළ කරන කාලෙ ඕනෙ උනේ ඉංජිනේරුවෙක් වෙන්න එහෙම හිතාගෙන ගණිතය කලා ඒත් මොන ඉංජිනේරුවෙක්ද කියල කිසිම අවබොධයක් තිබ්බෙ නැහැ. කරනවට කලා. දෙපරක්ම උසස් පෙළ කර බාගෙට පාස් වෙල ගෙදර ඉන්න කාලෙ අනික් අය හොඳයි හොඳයි කියන නිසා පරිගනක හැදෑරුව අන්තිමට ඒක මගෙ රැකියාවත් උනා. ඇත්තටම මට ඕනේ නම් ගොවියෙක් වෙන්න මොක්ද කන්න දේවල් වගා කරන එක තරම් උසස් රැකියවක් වෙන නැති නිසා. ඊටත් වඩා කැමතියි හිපියෙක් වෙන්න. ඔහේ හැම තැනම ඇවිද ඇවිද හම්බෙන දෙයක් පොඩි කඩේකින් කාලා. හැන්දෑවට ලඟම තියෙන බාර් එකෙන් පොඩි අඩියක් ගහල එතන ඉන්න කෙනෙක් එක්ක පොඩි කතාවක් දාල, තියෙන නාට්ටියක් චිත්‍රපටියක් බලල, පුස්ථකාලෙකට ගොඩවෙලා එපා වෙනකම් තියෙන පොතක් පත්තරයක් බලලා, රට පුරාම ඇවිදල, කොහේ හරි වැටිලා නිදාගෙන, හම්බෙන ඔනේම වතුර වලකින් නාල, ජීවිතේ උපරිමට විඳින්න. ඒත් ඉතින් හිපියෙක් වුනා කියල කන්න බොන්න අතට සල්ලී හම්බ වෙන්නෙ නැති නිසා ගොවියෙක් තමා වෙන්න වෙන්නෙ. එතකන් මේ දන්න පුරුදු රස්සාවම කරනව.

ඔන්න ඔය විදිහට මම කවුද කියල මම තම හරියටම දන්නෙ නැහැ. ඉතින් කොහොමද මම ගැන ලියන්නෙ

අනාගතය ගැන දහසක් පැතුම්
ජීවිතයේ සුන්ඳර ප්රාර්ථනා
පොදිබැඳ ගෙන ජීවත් වන
තරුණ, මහලු, ළමා ලපටි
නොසිතූ විලසින් මියයද්දී
මම තවම පණ පිටින්
මරණය එකම බලාපොරොත්තුව කරගත්

කෙටිකරපු දිග කතා, කුමාරි කියල විතරයි ලේඛිකාවගෙ නම තියෙන්න. මන් පොත් ප්‍රදර්ශන්යෙන් ගත්ත තවත් පොතක්. තාම බාගයයි කියෙවුවෙත් ඒත් හිත හොඳටෝම සසල උනා.තියෙන්නෙ උතුරු නැගෙනහිර ඉන්න මිනිස්සුන්ගෙ කතා. 88 , 89 ගැන මට යන්තම් මතක ඒ අවුරුදු දෙකේ දකුණේ මිනිස්සු හිටියෙ කොච්චර පීඩාවකින්ද. ජේ. වී. පී එකෙන් ගෙනියයිද ආමි එකෙන් ගෙනියයිද නැත්නම් වෙන කවුරු හරි ගෙනියයිද කියල මොකද කවුරු ගෙනිච්චත් ආපහු එන්නෙ නැති නිසා.දකුණේ මිනිස්සු අවුරුදු දෙකක් විඳපු දුක් දැන් උතුරෙ අය අවුරුදු 25ක් හරි ඊටත් වඩා කාලයක් විඳිනවා. හමුදාව, එල්.ටී.ටී.ඊ එක, කරුණා එහෙමත් නැත්නම් කවුරුත් දන්නැති අය ඇවිත් අරන් යන තරුණ ජීවිතවලට වෙන දෙයක් නැහැ. රටක සුළු ජාතියක් වීම එච්චර පීඩාවක් අවුරුදු 25ක් විඳින්න තරම් වැරැද්දක් උනේ කොහොමද? නිදහසේ ජීවත් වෙච්ච මිනිස්සු අනාථ කඳවුරු වල ගාල් කරල ඒ අයට කරන නින්දාවට ඒ මිනිස්සු කොහොම මුහුණ දෙනවා ඇද්ද? මේ අයගැන කතාකරන අයට කොටි ලේබලේ ගැහුව කියල ඒ මිනිස්සුන්ට ඒකෙන් සැනසීමක් ලැබෙනව්ද? ඒකෙන් මේ ප්‍රශනේ විසඳෙනවද? නිදහසේ ජීවත් වෙන්න විතරක් ඉල්ලන මිනිස්සුන්ට අපෙන් ඒ දේ ලැබෙනවද