මගේ මරණය

ඔබ මෙක කියවනවද??
එහෙනම් මරණය හමු වේවි කවද හරි.
එසේනම් මැරෙනකම් ජීවත් වෙන මා සමග රැඳෙන්න.
මරණය හමුවෙන තුරා!!!

මචං ගැන ගොඩ දෙනෙක් බ්ලොග් වල ලියල තිබ්බ

මලී
ආගන්තුකයා
ප්‍රියංකර
පැතුම්
තිලිණ

මේ හැමෝම වගෙ කියල තිබ්බේ හොඳයි කියලා. මාත් කියන්නේ හොඳයි කියල තමා.
අබා ගැනත් බ්ලොග් ලිපි දකින්නට ලබුනා. ඒත් මචං තරම්ම ලිපි මම නම් දැක්කේ නැහැ.

සුපුන්
අදහස් අවකාශය
රජිත් විදානආරච්ච

මම කියන්න යන්නේ ඒක නෙමෙයි අපේ රටේ ඉන්න ගොඩක් ප්‍රසිද්ධ අය අබා ගොඩක් වර්ණනා කලා. මචන් වලට එයාලගෙන් එහෙම ප්‍රතිචාරයක් ලැබුනේ නැහැ. ඒත් බලපු අපේ ප්‍රතිචාර අබා වලට වඩා මචං වලට වැඩී ඒ කියන්නේ අපි හරියට ෆිල්ම් බලන්න දන්නේ නැහැ කියන එකද නැත්නම් එයාල දන්නේ නැහැ කියන එකද?එහෙමත් නැත්නම් ඒ උදවිය චිත්‍රපටි වලට සහතික දෙන්නේ ඒකෙ ඉන්න අය හදපු කෙනා එහෙම දිහා බලා මිසක චිත්‍රපටිය බලන්නේ නැතුවද?එහෙමත් නැත්නම් අපි චිත්‍රපටියක් වත් හරියට රස විඳින්න දන්නේ නැති මෝඩයොද?

අනේ මන්දා

ඊයේ ගියා දෙමළ ෆිල්ම් එකක් බලන්න ගොඩකාලකෙට පස්සෙ තමා ගියේ ෆිල්ම් හෝල් එකට දෙමළ ෆිල්ම් එකක් බලන්න. ඉස්සරනම් මන් එන හොඳයි කියලා හිතෙන ෆිල්ම් සේරම වගේ බැලුවා. බෝයිස් බැලුවෙ පෝලිමේ පොරකාල ගිහින් ඉස්සරහම පේලියක ඉඳන්. මේකත් බැලුවේ එහෙම ඉස්සරහා ඉඳගෙන. සිංහල ප්‍රේක්ශකයෝ වගේ නෙමෙයි දෙමළ අය සජීවීවම සම්බන්ඳ වෙනව ෆිල්ම් එකේ අවස්ථා එක්ක. අප්පුඩි ගහනවා, විසිල් ගහනවා, හූ කියනවා සිංදු යනකොට නැගිටලා නටන අයත් නැත්තෙමත් නැහැ. මට දෙමළ තේරෙන්නෙ නම් නැහ ඒ වුනාට රූප බලා ඉඳල කතාව තේරුම් ගන්න පුළුවන්.

ෆිල්ම් එකනම් එච්චරම හොඳ නැහැ ඒ උනට බලාගෙන ඉන්න බැරි තරම් නරකමත් නැහැ. එක සිංදුවක් තිබ්බ ගොඩක් ලස්සන. මේන්න දෙමළ සිංදු අහනවනම් අහලම බලන්නකෝ.

ෆිල්ම් එක බැලුවෙ මරදානේ සිනෙ සිටි එකේ. මන් දන්න ෆිල්ම් හෝල් වලින් හොඳම එක තමා දෙහිවල කොන්කෝර්ඩ් ඊලඟට සිනෙසිටි. ගානනම් 300/= ක් තම ඒත් සැප පහසුව අතින් නම් හරිම ඉහලයි . සිංහල ෆිල්ම් පෙන්නන එක හෝල් එකක්වත් මේච්චර හොඳ නැහැ. මේ දෙකේම පෙන්නනේ දෙමල ෆිල්ම් විතරයි. සීට් පේලි දෙකක් අතර කකුල් සම්පූර්නයෙන්ම දිගාරින්න ඉඩත් ඉස්සරහ පේලියෙ කෙනගෙ ඔලුවට වැහෙන්නැති විදිහටත් තියෙන්නේ.

වැඩි විස්තර මේකෙ තියෙනවා

Vaaranam Aayiram

අපේ රටේ අනික් භාෂාව, මන් දන්නේ යන්තම් දෙමළ හෝඩිය විතරයි බ්ලොග් පොස්ට් එකක් ලියන්න තරම් වත් දෙමළ භාෂා දැනුමක් තිබ්බනම් මන් ගොඩක් සතුටු වෙනවා.

සිංහල භාෂාවේ තියෙන තනි අකුරේ රසවත්ම වචනය මේක කියල මටනම් හිත්න්නේ. වෙන එකක් ගැන මටනම් කල්පනා වෙන්නේ නැහැ. දවසින් දවස ඉහල යන අරක්කු මිල හමුවේ මන් වගේ පීඩිත පන්තියෙ පුද්ගලයෙකුට දරන්න පුළුවන් මිලකට තියෙන දෙයක් වීම ගැන මටනම් හරිම සතුටුය.

කොළඹ ඉඳලා මිනුවන්ගොඩ යනකොට ඒකල හන්දියේ ඔරලෝසු කණුව පහුවෙලා මීටර පනහක් විතර ගියතැන දකුණු අත පැත්තෙත්, කොළඹ ඉඳලා මීගමුවට යනකොට සීදූව හන්දිය පහුවෙලා කිලෝමීටරයක් විතර ගිය තැනත් රා තැබෑරුම් තියෙනවා. (මන් දන්න මන් ඉන්න හරියට කිට්ටුම ඔය දෙක තමා. තව දාගොන්නේත් තියෙන්වලු සිරා පොට් එකක්, රා කලයක් අරන් පැදුරේ වාඩිවෙලා බොන්න පුළුවන්. ඒත් බීලා වාහන එලවන්න බැරි නිසා මට තාම නම් යන්න හම්බ වෙලා නෑ ඒකට )

රා අනික් බීම තරම්ම ශරීරයට අහිතකරයි කියලා මන් හිතන්නේ නැහැ. මොකෝ ගොඩක් පරණ අය රා ගැන කිවුවම කියන්නේ හරිම ගුණ බීමක් කියලා.හැබැයි සෙම තියන අයටනම් ටිකක් අගුණයි . සෙම වැඩිවෙනවා ටිකක් . රා විකුණන බොහෝ තැන්වල මඤ්ඤොක්ක බයි එකට ගන්න තියේන්වා ඒකට හේතුවනම් මන් හරියටම දන්නේ නැහැ. සාමාන්‍යයෙන් රා බෝතලයක් රුපියල් 40 එක්කෙනුකුට බෝතලයක් බොන එක එච්චර අමරු නැහැ. ඒක නිසා ලාබෙටම ගානකට වෙරිවෙන්න පුළුවන් බීම තමා රා කියන්නේ. රා වීදුරුවට ලුණු කුඩුයි ගම්මරිස් කුඩුයි කලවම් කරලා දැම්මම පොඩි ගතියක් තියෙනවා ඒක වෙන්නේ කොහොමද මන් දන්නේ නැහැ ඒත් රා විකුණන තැන්වල ඔය මිශ්‍රණය තියෙලා තියෙනවා කැමැති අයට දාගන්න

සමහර අය අකමැති උනත් මටනම් රා කියන්නේ ඉතින් හොඳ බීමක්

අද වැඩට ආවේ මගේ පාපැදියේ. මීටර් 100ක් වත් පදින්න හම්බ උනේ නැහැ මට හොඳටෝම හති. ආපහු බයිසිකලය ගෙදර දාල බස් එකේ එන්න හිතල ආපු එකෙ ඒකෙම එනව කියල බයිසිකලය පැදගෙනම ආව.මට මගේ කාර්යාලයට එන්න තියෙන්නේ කිලෝමීටර් තුනක් විතර කොහොමහරි ඔය ටික එනකොට මගෙ හොඳ පන ගිහිල්ල. දාඩිය පෙරාගෙන අවිත් වැඩ පටන් ගත්තා. මේකෙන් මට මගේ ශරීර ශක්තිය ගැන හොඳ අවබෝධයක් ලැබුනා. මන් වගේම දුර්වල නැතත් අනික් බොහොමයක් පරිගනක ආශ්‍රිතව වැඩකරන අයගේ තත්වය මීට සමානයි කියල මටනම් හිතෙන්නේ. උදේ ඉඳන් රෑ වෙනකම් යතුරු පුවරුවට කොට කොට ඉන්නවා මිසක් ශාරීරික ව්‍යායාම වල යෙදෙන්න කාටවත් වෙලවක් නැහැ.

බොහෝ වෙලාවට පරිගනක වෘත්තිකයන්ගේ රැකියාවල් සුරක්ෂිත නැහැ. ලොක්ක යන්න කියපු ගමන් එලියට බැහැලා යන්න වෙනවා. ඒ වගෙම සෞඛ්‍යා රක්ෂන වගේ දේවලුත් නැහැ. ඉතින් මේ වගෙ රැකියාවක නියැලෙන අපි ගොඩක් වෙලවට ඉන්නේත් මානසික පීඩනයෙන් ඉතින් ඔය අතරට ශරීර සෞඛ්‍යත් පිරිහිලා ලෙඩෙක් වෙලා යන එන මන් නැති උන දවසක බලගනන කියන්න වෙන්නේ කාටද මන්දා.

වර්තමානයේනම් පරිගනක වෘත්තිකයන් විශාල් වශයෙන් මුදල් උපයනැවා හැබැයි අනාගතයේ අපේ රටේ ඉතුරු වෙන ලෙඩ්ඩු ටික සනීප කරන්න මේ උපයන මුදල් ප්‍රමානවත් වෙයිද මන්දා.

අද පෝය දවස වාසනාවකට නිවාඩු හම්බ උනා. හවස් අතේ මන් Download කරල තිබ්බ Film එකක් බැලුවා නම Death Race. අපි ජීවත් වෙන්නේ අපිට කැමැති විදිහටද? අපි ජීවත් වෙන විදිහ තීරනය කරන්නේ අපිමද? අපේ අනාගතය තීරනය කරන්නේ අපිමද?මට හිතුනේ මේවා තමා මේ Film එක බැලුවම. අවසානය එතරම් උද්වේගකර නැතත් හොඳ Film එකක්.

මේ සමාජය ශිෂ්ඨයි කිවුවට මටනම් හිතෙන්නේ මේක මිලේච්චයි කියලා. තව කෙනෙක් ගේ මරණය අනික් අයට මුදල් ඉපයීමේ මාරගයක් වෙලා. අනික් අය මැරෙන හැටි බල බලා මිනිස්සු විනෝද වෙනවා. මරණය වෙනුවෙන් ඔට්ටු අල්ලනවා. මිලියන ගනනක් මිනිස්සු, තව කෙනෙක් මැරෙනවා බලල විනෝද වෙන්න අන්තර්ජාලෙන් එක රැස් වෙලා.

අන්තර්ජාලය තුල මෙවැනි දේ සිදුවෙනවද කියලානම් මන් දන්නේ නැහැ. ඒත් නොවෙනවා කියන්නත් බැහැ. හැම නිර්මානයක්ම මනංකල්පිතම නෙමෙයිනේ.

Action Movie එකක් නිසා කාන්තාවන්ටනම් ගැලපෙන එකක් නැහැ. ඉදිරියේදී ලිබර්ටි සිනමාහලේ පෙන්නනවා කියලා තියෙනවා එයිද දන්නේ නහැ. මොකෝ පෙන්නනවා කියන සේරම මෙහෙ පෙන්නනේ නැති නිසා

සිදාර්ථ
ඇභිනිෂ්ක්‍රමනයෙන් ලද
මට
මරණයෙන් ලැබෙනවනම්

හෙට සඳුදා. මටනම් සතියේ එපාම කරපු දවස. අළුත් සතියක ආරම්භය ඒ කියන්නේ හෙට ඉඳන් දවස් පහක් වැඩ කියන එක. ආසම දවස සිකුරාදා. මේකාලේ හැමෝටම වගේ පොඩි හරි රස්සාවක් හොයා ගන්න පුළුවන් තරම් ඇබෑර්තු ඉරිදා පත්තරවල තියේන නිසා රැකියාවක් නැති නිසා අසහනයෙන් පෙලෙන අය හම්බ වෙනවා අඩුයි. හැබැයි ඒ අඩුවටත් හරියන්න රස්සවක් කරන ගමන් එ ගැන අසහනයෙන් පෙලෙන අයනම් ගොඩක් ඉන්නව මාත් ඇතුළුව.

ලැබෙන පඩිය අඩුවීම, වැඩ වැඩිවීම, ලොක්කන්ගේ අලි පාට් බලන්න සිදුවීම, නොයෙකුත් අසාධරණ කම්,වැඩ කරන තරමට ඇගැයීමක් නොමැති වීම, අයිස් ගහන අයට වැඩි සැලකිලි ලැබීම. මෙකී නොකී විවිද හේතු නිසා වැඩකරන අය අසහනයෙන් ඉන්නව. ඉතා ඉහල වැටුප් ලබන අයත් තමන්ගේ රකියාව ගැන සතුටින් නොසිටීමත් පුදුමයට කාරනාවක්.

මේකට හේතුව මිනිස්සු කවදාවත් කිසිම දෙයකින් තෘප්තිමත් නොවීමම කියන්නත් බැහැ.

රජයේ සේවකයො නිතර නිතර වරජන කරන්නෙත් මේ අසහනේ නිසාම කියලයි මටනම් හිතෙන්නේ. බැලුවම දොස්තරලත් ඉන්නේ අසහනෙන්

මට හිතෙන්නේ නම් හැමෝම ජීවත් වෙන්න රස්සවක් කලත් ඒක කරන්නේ සතුටින් නම් නෙමෙයි කියලයි.

ජේම්ස් බොන්ඩ් අළුත් චිත්රපටියක් ඇවිත් Quantum of Solace . තාම Download කරන්න තියෙන්නේ නම් Camara Copy එක විතරයි

මගේ ජීවිතේ එක එක කාලේට මන් එක එක දේවල් වලට අසා කල. කොච්චර ආස දෙයක් උනත් එක දිගට දීර්ඝ කාලයක් පැවතිලා නැහැ. මන් හිතන්නේ වැඩිම කාලයක් තියෙන එකම ආසාව තම පොත් වලට තියෙන ආසාව. ඒකනම් මට මතක ඇති කාලෙක ඉඳන් තාමත් තියෙනවා.අවුරුදු දහයක් දොලහක් වෙනකම් මන් මොනවටද ආස කලේ කියල මට මතක නැහැ. අවුරුදු දහතුන දාහතර වගේ කාලෙ මට පුදුම හින්දි උනක් තිබ්බ. ඒකලෙ තමා රූපවාහිනියේ හින්දි චිත්‍රපටි පෙන්නන්න පටන් ගත්තේ. ඒ කාලෙ මම ඒව බලනව ඊට පස්සෙ සින්දු කැසට් වල පටිගත කරගන්නවා නළු නිළියන්ගේ පින්තූර එකතු කරනවා.කොටින්ම හින්දි සිනමාවට ඇබ්බැහි වෙලා හිටියේ

අපොස සාපෙ කරන කාලෙ වගේ නම් ප්‍රේමයට ඇබ්බැහි වෙලා හිටියා. ඊට පස්සේ උසස් පෙළ කරන කාලේ කොළඹ තිබ්බ හැම ෆිල්ම් හෝල් එකකටම ආපු ෆිල්ම් බලන්න ඇබ්බැහි වෙලා හිටියා. දෙපාරක්ම බොරුවට උසස් පෙළ කරල යන්තම් පාස්වෙලා පරිගණක අධ්‍යපනය පටන්ගත්ත කාලේ ඉඳලා අන්තර්ජාලෙට ඇබ්බැහි උනා හැබැයි එක එක විශය වලට. මුලදිම ඇබ්බැහි උනේ එකම අකුරේ අකුරුතුනේ වචනෙට . වෙනදෙයක් නැහැ අන්තර්ජාල සම්බ්න්ධතාවයක් එක්ක පරිගණකයක් හම්බ උනාම ගූගල් ගෙන් අහන්නේම ඕක ගැන. එක බොහොම ටික කාලයයි ඊටත් පස්සේ ඔන්ලයින් චැට් රූම් වලට ඇබ්බැහි උනා මෙලෝ සිහියක් නැහැ චැට් කරනවා. ආයි කාලයක් මොකුත් නැතුව ඉඳලා එහාට මෙහාට ඊමේල් ෆෝවඩ් කරන්න ඇබ්බැහි උනා. පහුගිය ටිකේ බ්ලොග් වලට ඇබ්බහි වෙලා හිටියා එක තාම ටිකක් තියෙනවා. මේ දවස් වල මුහුණු පොතට ඇබ්බැහි වෙලා ඉන්නේ. එකත් දැන් දන් එපා වේගන එන නිසා තව ටික කාලෙකින් ඉවර වෙයි. ඊට පස්සේ තව දෙයක් හොයා ගනී.

හැබැයි කවදාවත් වැඩකට ඇති දෙයකටනම් මම ඇබ්බැහි වෙලා ඉඳල නැහැ.

Face Book මටනම් මාර වසංගතයක් වෙලා. වැඩ නැති විවේක වෙලාවට විතරක් නෙමෙයි වැඩ තියෙන කාර්ය බහුල වෙලාවටත් මන් ගිහින් අනුන්ගේ ඕප දූප බල බල ඉන්න පුරුදු වෙලා. මේක නම් වහාම නවත්තන්න ඕනේ නැත්නම් රස්සවෙනුත් මාව එලවලා දායි අපේ බොස්. මේක ලෝකෙම ජනප්‍රිය වෙබ් අඩවියක් නොයෙක් ජාති පිරිලා තියෙනවා ඒත් ඇත්තටම බැලුවහම වැඩකට ඇති කිසිම දෙයක් මටනම් Face Book වලින් හම්බ වෙලා නැහැ. විවිද Application තියෙනව ඒත් ඇති ප්‍රයොජනයක් නැහැ. අපි නිකන් ඒකට ඇතුළු වෙලා වැඩත් පාඩු කරගෙන අයිතිකාරයන්ට සල්ලි හම්බ කරලා දෙනවා.

වැඩිපුරම තියෙන්නේ ඕප දූප කියල තමා මටනම් හිතෙන්නේ. අනික් අය කාපුව බීපුව කරපුවා කියවන්න. මෙලෝ වැඩකට නැති එවායේ රස විඳින්න තරම් මාව පහලට වැටුනේ ඇයි කියලා මම නම් දන්නේ නැහැ.

මේකනම් මගේ කවියක් නෙමෙයි . ඒත් ඒක කියෙවුවම මට කොපි නොකර ඉන්න බැරි උනා ඒක ඒ තරමටම රසවත් නිසා

සුරාවේ අගයත්
එහිඇති මනා රසයත්
බොන සුදනෝ මිසක්
නොබොන අණුවන දනෝ නොදනිත්..

මට මේක හම්බ උනේ මෙතනින

මේය තමා මේක එතනට දාල තිබ්බේ

මේ තියෙන්නේ ලියපු කෙනාගෙ බ්ලොග් අඩවි.
අඩිය
අන්‌දරේ‍ගෙ......... ‍කෙරුම්

මේ කවිය කාගේද කියලානම් දන්නේ නැහැ. කාගේ උනත් මොකද රසවත් කවියක් නේ අපි මේක රසවිඳිමු

මගේ ජීවිතේදි කියවපු හොඳම කවිය මේ කවිය. මේකටනම් තෑග්ගක් දෙන්න වටිනවා

මේ කවිය තවත් තැන්වල තිබිලා තියේන්වා. මේ ඒව ගැන. හරේෂ් ට ස්තුති ඒ ගැන කිවුවට
මේ තවත් තැනක්
මේ එයගෙ ඡායා රූප එකතුව
තව වැඩි විස්තර අදහස් වල තියෙනවා

කමක් නැහැ කමක් නැහැ කාගේ උනත්. මන් මේක ගත්තේ මහේෂ් දාපු පිළිතුරකින් නිසා මහේෂ් ට ස්තුති.

පහුගිය දවසක බෝතලයක් ගන්න ආර්පිකෝ එකට ගියවෙලාවෙ (ඉස්සරනම් ආර්පිකෝ යන්නේ රබර් මොනාහරි ගන්න ඕනේ උනාම දැන් ආර්පිකෝ එකේ නැති දෙයක් නැහැ. ෆුඩ් සිටියේත් බෝතල් තිබ්බට එකෙන් ගත්තම බෝතලේ කවරෙක දාල දෙන්නේ නැහැ එක නිසා ආර්පිකෝ එකෙන්ම තමා ගන්නේ . ආර්පිකෝ එකේ බෑග් එකක දාල ගානට කවර් කරලා දෙනවා ) බාරි එකේ ෆ්රිජ් එකේ නරක් වෙච්ච පළතුරු වල හොඳ කොටස් ටික කපලා ලස්සනට ඇසුරුම් කරලා තිබ්බ. බාර් එකේ සේවක මහත්තය කිවුවා පළතුරු බයිට් එකකුත් අරගන්න කියල. සාමාන්යයෙන් පැලතුරු විකුනනේ වෙනම තැනක දැන් එක බාර් එකටත් ඇවිල්ලා. ඉස්සර කෑම කාල අතුරු පසට කාපු පළතුරු දැන් අය කන්නේ බයිට් එකට. එකත් හොඳයි.

මම මේ අරක්කු ප්රචාරනය කරනවා එහෙම නෙමෙයි වැඩිපුර ලියවෙන්නේ හුඟක් සමීප දේවල් ගැන නේ. මොනාකරන්නද බොනදේවල් වැඩිපුර සමීප උනාට

මම මේ දැකපු දෙයක් තමා සාමාන්යයේන් සති අන්තයේ බ්ලොග් කියවනයට එච්චර අළුත් ලිපි එකතු වෙන්නේ නැහැ, සතියේ දිනවල තරම්. ඒත් වෙන්න ඕනේ ඒකෙ අනික් පැත්ත සති අන්තයේ විවේකයේ වැඩිපුර ලිපි එකතු වෙන්න ඕනේ. මටනම් මේකෙන් පේන්නේ වැඩි දෙනෙක් බ්ලොග් ලියන්නේ එක්කෝ කාර්යාලයේ ඉඳන් නැත්නම් ඉගෙන ගන්න අධ්යාපන ආයතන්යේ ඉඳන්. මේ දෙතැනම ඉඳලා බ්ලොග් ලියන එක එච්චර හොඳ දෙයක් කියල මම නම් හිතන්නේ නැහැ. මාත් සමහර වෙලාවට කාර්යාලයේ ඉඳල බ්ලොග් ලියන්වා ඒත් ඒක වැරදි වැඩක් කියල තමා මටනම් හිතෙන්නේ
ඒත් ඉතින් ලියන්න දෙයක් හිතට ආවම ඒක ඉක්මනට අමතක වෙන්න කලින් ලියල දාන්ව මිසක ඉන්නේ කොහෙද කියල බල බල ඉන්න පුළුවන්ද.

අද ඉරිදා. මට ඊයෙත් වැඩ කරන්න සිද්ධ උනා. සතියම වැඩකලහම අඟට හරිම අමාරුයි , මම ඇඟ වෙහෙසන වැඩක් නොකලත් දවස් 6ක් එකදිගට වැඩකලහම ඇඟට පුදුම මහන්සියක් දැනෙනවා. ඒක නිසා අද ගෑණු ලමය හම්බ වෙන්න ගියෙත් නැහැ. ඒකට පොඩි පහේ යුද්ධයකුත් ඇති උනා. උදේ වරුවම නිදාගත්ත හවස නැගිටල Sex and the City: The Movie එක බැලුවා. ඉස්සර TV Series එක යනකාලේ ගොඩක් කැමැත්තෙන් බැලුවා එකක්. නම ටිකක් අවුල් උනත් හොඳ ෆිල්ම් එකක්. බලන්න කැමති අයට ටිකක් හොඳ Movie එකක්. කැමතිනම් බලන්න. මට නම් හොඳයි.

හෙට සඳුදා සතියේ අකමැතිම දවස මොනා කරන්නද ජීවත් වෙන්න රස්සවක් කරන්නම එපායැ. නැතිනම් කාල බිල ඉන්නෙ කොහොමද? (කන්න නම් කවුරු හරි දෙයි ඒත් බොන්න සල්ලි කවුරුත් දෙන්නේ නැහැනේ )