මගේ මරණය

ඔබ මෙක කියවනවද??
එහෙනම් මරණය හමු වේවි කවද හරි.
එසේනම් මැරෙනකම් ජීවත් වෙන මා සමග රැඳෙන්න.
මරණය හමුවෙන තුරා!!!

මම අන්තර්ජාලය පාවිච්චි කරන්න ගත්ත කාලේ ඉඳලා නොයේක් ජාති Download කරනවා.Films, e books, Software, mp3, Movies, music Video, Scripts. තාම කරමින් පවතිනවා. හැබෑටම මේ කරන එවා මට ප්‍රයෝජන වත්ද මන්දා? Download කරන සේරම ටික මගේ Hard Disk එකේ තියා ගන්න බැරි නිසා DVD වලට Copy කරනවා. දැන් දැන් මගේ DVD ප්‍රාමානය 200 කටත් වැඩි වෙල. මේවායින් කොච්චරක් මම ප්‍රයෝජනයයට අරන් තියෙනවාද මන්දා. මන් හිතන්නේ ගොඩක් දෙවල් නිකන් ලැබෙන නිසා Download කරපුවා.

සමහර එවා ආයි ආයි Download කරලා ඇයි තියෙනවා කියල දන්නේ නැහැ. මගෙ Back Up එකේ හොයන්වට වඩා අන්තර්ජාලෙන් හොයා ගන්න එක ලේසියි මොකෝ මගේ Back Up එක Search කරන්න බැහැනේ.නිකන්දෙන Software කිසිම වැඩක් නැහැ මොකො එවායේ අළුත් Version ආපහු නිකන්ම Download කරගන්න පුළුවන් නිසා ඒත් එහෙම ඒවත් තියෙනවා (php, Mysql, Apachi, xamp). සමහර mp3 ජීවිතේට අහලා නැහැ. සමහර ඒවා අහන්න තරම් ලස්සනත් නැහැ. ඒත් Download කරනවා. සමහර Films බලලත් නැහැ. බලන්න තරම් හොඳත් නැහැ. ඒත් Download කරනවා. හරියට හෙට ඉඳන් අන්තර්ජාලය නැතිවෙනවා වගේ.

මේකෙන් වෙන්නේ එකම එක දෙයයි මන්ගාව දත්ත කසල ගොඩක් එකතු වෙන එක විතරයි. විනාස කරන්නත් ලෝබයි ඒත් කලමනාකරණය කරන්නත් ලේසි නැහැ. තව ඉස්සරහට කසල කලමනාකරණයට, දත්ත කසල කලමනාකරණයත් දාන්න වෙයි වගේ.

17 අදහස්:

මන් A Walk to Remember Download කරලා අවුරුද්දකටත් වැඩියි හැබැයි තාම බලලා නැහැ. හැබැයි ගොඩ දෙනෙක් කියලා තිබ්බ ඒක හොඳයි කියලා.ප්‍රියංකරත්ඇතුළුව

ඔන්න ඔහොම තමයි ඉතින් මගේ අන්තර්ජාල භාවිතය

මමත් ඕක කරනවා. ඇති වෙලා නෑ කවදාවත්. ඒ වුණාට මෑතකදි මම ඔය සේරම පිලිවෙලට නම් කරල ඇහිරුවා. නමුත් හිතාගත්තා මීටපස්සෙ බාන ඒවා හරියටම දැනගෙන බාන්න.

මාත් හිත හිත ඉන්නේ අඩුමගානේ DVD එකෙ තියෙන ටිකවත් DVD එකෙ ලියල තියන්න ඒත් ඒක වත් තාම හරියට උනේ නම් නැහැ

මටත් ඕය ලෙඩේ තියෙනවා. දැන් බැක් අප් කරන එක තාවකාලිකව නතර කරල තියෙන්නේ අඩුවට හොඳ DVD ටිකක් ගන්න යන්න බැරි උන නිසා. දැන් හාඩ් එක පිරිලා තියෙන්නේ. විභාගේ ඉවර උනාම back up කරල format කරලා දානවා.

මගෙත් ඔහොම තමයි... බානවා බානවා මමවත් බලල නෑ සමහර බාපු ‍ඒවා. ලැප්ටොප් ‍එක off කරපු කාලයක් මතක නෑ. ඒක දවස පුරාම බානවාම තමයි. DVD වලට නම් හැබැයි මම burn කරල තියාගන්නෙ මට ඕන ඒව විතරයි. ඕකට හොඳම වැඩේ ලොකු external hard disk එකක් තියාගෙන ඒකට පුරවන එක. ඉඩ මදි වෙනකො‍ට වැඩක් නැති ඒව delete කරල දානවා.

DVD ත් හොයාගන්න බැරි වෙන එක නම් හරියට වෙනවා. හීනි තුඩක් තියෙන marker එකක් ගන්න ඕන කියල සෑහෙන කාලෙක ඉඳන් හිතන් ඉන්නෙ. කවදාවත් ගන්නෙ නෑ. :D

ඔයාට කියන්න මමත් දෑනට ෆිල්ම්ස් 30 විතර ඩවුන්ලොඩ් කරලා , බලන්නේ කවදද කියලා මග බලන් ඉන්නවා.

ඉස්සර මගේ 40 GB හාඩ් එක මදි වෙලා හිටියා දෑන් 250 GB මදි. මේ විදිහට 5 TB විතර එකක් වත් තිබුනොත් ගොඩ...

5TB ඇතිවෙයිද මන්දා මාත් හිත හිත ඉන්නේ External Hard Disk එකක් ගන්න.

මං ව‍ගේ මොකුත් ඩවු‍න්ලෝඩ් කරන්නේ නැතුව හිටියනම් වැඩේ ලේසියිනේ.. අවශ්‍යම දෙයක් තියනවා නම් කාට හරි කියලා ඩවුන්ලෝඩ් කර‍වගන්න.. එතකොට එයා සීඩී එකකට රයිට් කරලා ලියලා කරලා සේරම කරලා දෙනවානේ හරි ලේසියි.. මම නම් එහෙමයි කරන්නේ.. :D :D

අනේ ඉතින් අපිට Download කරලා දෙන්න කවුරුත් නැහැනේ.

මටත් ටිකක් ඔය ලෙඩේ නම්, තියෙනව එත් වෙලවක් ලෑබෙන්නෙ වීකෙන්ඩ් වල විතරයි

පිස්සු ආතල් එක... මමත් මලීගෙ අදහසට එකඟයි... මමනම් පහන්ට කියලා Download කරගන්නවා

යකෝ බැලුවම ඔක්කොම එකයිනේ :D
මටත් ඔය ප්‍රශ්නෙම තියෙනවා...
දෙන්ඩද ඔයාටත් බැකප් එකක් :P

mehemath kedara kamak ane ane

මමත් ඔහොම්මයි, ඔය පුරුද්ද අත්හැරගන්න බැරිකමටයි මෙතන ලිව්වේ. බෙහෙත් නැද්ද මේකට?

බෙහෙත්නම් නැහැ වගේ තියෙනවනම් ඉස්සෙල්ලම මම ට්‍රයි කරලා බලනවා.ඔන්න අන්තර්ජාලෙට මොකක් හරි උනානම් නිකම්ම හරියයි

මමත් පෙරේත කමට, අහුවෙන හැම කුණුගොඩක්ම හාඩ් එකට ඔබාගන්නව. :D
ඊට පස්සෙ DVD වලට ඔබලා Packගත කරනවා.
හැබැයි ඒ CD Bank Cataloger එකට දැම්මට පස්සෙ. (ඒක නිසා ටක් ගාලා හොයාගන්න පුළුවන්!) :D :D

Bloggers.com - Meet Millions of Bloggers