මගේ මරණය

ඔබ මෙක කියවනවද??
එහෙනම් මරණය හමු වේවි කවද හරි.
එසේනම් මැරෙනකම් ජීවත් වෙන මා සමග රැඳෙන්න.
මරණය හමුවෙන තුරා!!!

පහුගිය දවස් වල ඔය එහෙ මෙහෙ යන්කොට අපේ මේ 9,10,11 පන්තිවල වගේ ඉන්න ලොකු මහත්තුරුන්ගේ අලුත් පන්නේ විලාසිතාවක් දකින්න හම්බ උනා. මගේ අම්මේ මෙයාල ඇඟෙ එල්ලගෙන ඉන්න සුදු යකඩ කෑලි ගොඩ. බෙල්ලේ, අත්වල , ඇඟිලි දහයෙම, ඉනේ හැමතනම් යකඩ දම්වැල්, මිනී ඔළු, උල් කෑලි.

මේක එයාලටනම් විලාසිතාවක් වෙන්න ඇති ඒත් අහල පහල ඉන්න අයට නම් ඇඟ පත හිල් කරගන්න වෙන වැඩක්. සිකුරාදා හවස බම්බලපිටියෙ බස් හෝල්ට් එකේ හිටියා අතේ කලු පටියක් බැඳගෙන ලොකු මහත්තයේක් ඒ පටියේ වටේටම සුදුපාට උල් . ඉතින් සෙනග පිරිච්ච බස් එකකට මේ මහත්තයා නැග්ගම ඒ උල් ඇනෙන්නේ එයාගේ ඇඟේ නෙමෙයිනේ. කෝච්චියෙත් ආවා ඒවගේම උල් තියෙන මුදු දාපු 10 පන්තියේ විතර ඉන්න ලොකු අයියා කෙනෙක් . මේවා පටන්ගතේ කොහොමද මන් දන්නේ නැහැ. පිටරට චිත්‍රපටි වලින්ද , රෙස්ලිං වලින්ද එහෙමත් නැත්නම් පිට රට සිංදු කියන අයගෙන්ද.

මන්දා ගැණු ලමයින් නම් තව කමක් නැහැ ඔහොම උල් පැලඳගෙන හිටියට මොකො ඔය හේත්තු වෙන්න එන අයගෙන් ආරක්ෂා වෙන්නවත් පුළුවන්නේ උලකින් ඇනලා ඒත් මේවා පැලඳගෙන් ඉන්න අය හොඳ සිහියෙන් ඉන්නව කියලා හිතන්න අමාරුයි ඉතින් මෙහෙම කෙනෙක් පොදු ප්‍රවාහන සේවයක යනකොට ඒකෙන් අනතුරු වෙන්න ඉඩ කඩ වැඩි ඒවයේ යන අහිංසක මිනිස්සුන්ට තමා ඉතින්.

මන් දැකපු ලොකුම භයානක කම තමා මේ විදිහට අතේ උල් දාල බස් එකට හරි කෝච්චියට හරි නැග්ගම එයාලගේ අත් මට්ටමේ තමා ඉඳගෙන ඉන්න අයගෙ ඇස් මට්ටම හිටින්නේ, එහෙම නැත්නම් පොඩි ලමයින්ගේ මූන තියෙන්නේ ඉතින් මේ උලක් කාගෙ හරි ඇහැක ඇනුනොත් කාටද කියන්නේ. ඒච්චර දෙයක්වත් මේ මහත්වරුන්ට හිතෙන්නේ නැද්ද මන්දා? දෙන්නේකුට බහින්න පුලුවන් ෂර්ට්, කලිසම්, ටීෂර්ට් ඇඳට මුන්ගේ මොලේ නම් දෙකෙන් පන්ගුවක්වත් තියෙනවද මන්දා

12 අදහස්:

උන්ට තමා කියන්නේ ඇවිදින අකුණු සන්නායක

වැඩේ තියෙන්නේ අකුණ වදින්න්නේ අහල පහළ අයටත් එක්කනේ

යකඩ කෑලි ඇඟේ එල්ලගන්න එක විලාසිතාවක් වෙන්නේ කොහොමද කියලා මන් දන්නේ නැහැ. මට නම් ඒක පේන්නේ ගෝත්‍රික ලක්ෂණයක් වගේ. ඔය කැලෑවල් වල ඉන්න වනචාරී ගෝත්‍රිකයෝ නම් ඔහොම එල්ලන් ඉන්නවා තමන්ගේ ගෝත්‍රය ගැන අනික් අයට කියන්න වගේ එවා තමා මන් නම් අහලා තියෙන්නේ

සහතික ඇත්ත කථාව, අර ගොතික් ස්ටයිල් එකටත් මෙයාලා මෙහෙම කලු පාට යකඩ දේවල් පැළඳගෙන යනවනේ. අපේ මලයත් මට මතක විදිහට ඔය 10,11 පංතිවලදී, ඔහොම යකඩ දම්වැලක් දාන්න ගත්තා. හැබැයි දවසක් පන්සල් ගියහම, එතන හිටපු උපාසක මහත්මයෙක් ඇසුවා, ගෙදර බල්ලා මැරුණද මේ බල්ලගේ චේන් එක කොල්ලා දාගෙන ඉන්නේ කියලා, ඒපාර එදයින් පස්සෙ ඒ විලාසිතා අත්හැරියා.හොඳ ලියමනක්. දිගටම ලියන්න

"හැබැයි දවසක් පන්සල් ගියහම, එතන හිටපු උපාසක මහත්මයෙක් ඇසුවා, ගෙදර බල්ලා මැරුණද මේ බල්ලගේ චේන් එක කොල්ලා දාගෙන ඉන්නේ කියලා"

lol...=D

ඔව් සමහර චේන් අපේ බල්ලගෙ එකටත් වඩා ලොකුයි තමා

අපොයි මෙහෙත් ඉන්නවා යකඩ කෑලී මුලු ඇගේම ඵල්ල ගත්ත අය...
දැක්කම සසර කලකිරෙනවා..:{ මුන දැක්කම බය හිතෙනවා.. කට වටේටම චුටි යකඩ ඇණ ඵල්ලගෙන ...:{

බුදු අම්මෝ ඔව්..ඒ වගේ ලොකු මහත්තොරු සැහෙන්න ඉන්නවා.. බයේ බෑ.. ඇගක ඇනුනොත් තරු විසික් වෙයි.. අනික පහුවෙලා යනකම් බයේ බෑ කොයි වෙලේ කලිසම බිමට හැලෙයිද කියලා.. අනේ අපේ මන්දා මොළ ගෙඩි වලට ඉගන ගන්න දේවල් දාන්න ඉඩ තියනවාද කියලා..!

අනේ මන්දා මුන්ට මොලයක් කියලා දෙයක් තියනවඩ මන්දා....!

මාත් ඔන තරම් දකිනවා කොච්චියෙදි , මුන් හිතාගෙන ඉන්නේ එහෙම ඈන්දට පස්සේ " මම තමයී පොර " කියලා. කෙල්ලො එහෙම කෑමති වෙයී කියලා

පව් ඉතින් නොදෑනුවත් කමට අනුකම්පා කරමු

අනේ මන්දා මුන්ට මොලයක් කියලා දෙයක් තියනවඩ මන්දා....!

මාත් ඔන තරම් දකිනවා කොච්චියෙදි , මුන් හිතාගෙන ඉන්නේ එහෙම ඈන්දට පස්සේ " මම තමයී පොර " කියලා. කෙල්ලො එහෙම කෑමති වෙයී කියලා

පව් ඉතින් නොදෑනුවත් කමට අනුකම්පා කරමු

මම හිතන්නෙ ආත්මාරක්ෂාවට වෙන්න ඇති. දැන් ඉන්නෙ කොල්ලොන්ට හැම තැනම කොකුනෙ!

උන්ගේ ආරක්ෂාව අපිට අවදානමක් වෙලා

Bloggers.com - Meet Millions of Bloggers