මගේ මරණය

ඔබ මෙක කියවනවද??
එහෙනම් මරණය හමු වේවි කවද හරි.
එසේනම් මැරෙනකම් ජීවත් වෙන මා සමග රැඳෙන්න.
මරණය හමුවෙන තුරා!!!

මන් දැන් වැඩ කරන්න පටන් අරන් අවුරුදු 4ක් විතර වෙනවා. මේ වැඩකරපු කාලය තුලම මන් කිසියම් මුදල මාසයකට ඉපයුවා ඒත් දන් මට දැන් කිසියම් මුදලක් ඕනේ වෙලා ඒත් මන් අතේ සල්ලි නැහැ. පවුලේ උදවියනම් ඒ සඳහා දායක් උනත් මට හරිම අපහසුතාවයක් දනෙනවා එයාලගෙන් මුදල් ඉල්ලන්න වීම ගැන.

මන් ගාව වත්කම් කියලා උපයලා තියෙන්නේ පොත්, සීඩී, ඩිවීඩී, පරිගනකයට හයි කරපු කෑලි, ජංගම දුරකතනය වගේ එච්චරම වැඩක් නැති දෙවල් පොත් ටික ඇරෙන්න. ඉතින් මටම මන් ගැන පසු තැවීමක් ඇතිවෙලා තියෙන්නේ මෙච්චර කාලයක් හම්බකරලත් මම කීයක් වත් ඉතිරි නොකිරීම ගැන.

අතේ සතේ නැතුව ඉඳලා ඉඳලා ඉතින් රස්සවක් ලැබුනම ඒකෙ පඩියෙන් හිතෙන හිතෙන එවා ගන්න එක හැමෝගෙම හැටියක් ඒත් ඒක කරන්න ඉස්සෙල්ල කීයක් හරි බැංකුවක දාල ඉතුරු ටික ඕනේ හැටියේ නාස්ති කරන්න.

මන් මේ කියන්නේ පහුවෙච්ච අයට නෙමෙයි ඉස්සරහට රැකියාවක් කරන්න හිතාගෙන ඉන්න අයට අඩුම ගානෙ මසෙකට පඩියෙන් 1/10ක් වත් ඉතුරු කරන්න අනිවාර්යෙන්ම මුදල් කියන ඒවා අපිට ඉදිරියේදි ඕනේ වෙනවා ඒ වෙලාවට ඒවා කගෙන් හරි ඉල්ලනකොට හිතට දැනෙන අපහසුතාවය තමන් ගාව කිසියම් මුදලක් තියෙනවානම් කවදාවත් දනෙන එකක් නැහැ.


මෙන්න ආයි පාරක් ජාතික පානයේ ගනන් වැඩි කරලා. අරක්කු ලීටරයක් රුපියල් 50 කින් සහ සිගරට් එකක් රුපියල් දෙකකින්. ලීටරයක් පනහකින් කියන්නේ ඉතින් අනිවාර්යෙන්ම බෝතලේත් 50කින් වත් නගී. වෙනදට සිගරට් වැඩි කරන්නේ සත 50කින් මේ පාර රුපියල් දෙකින්ම ගිහින් ඒ කියන්නෙ දැන් ගෝල්ඩ් ලීෆ් එකක් 18ක් වෙනවා. අනේ මන්දා කාට කියන්නද කියලා

අපේක්ෂිත ආදායම රුපියල් බිලියන දෙකක්. බලන්නකො බොන අය රටට දෙන සල්ලි ගොඩ. දැන් කියයි ඉතින් ඔය සල්ලිවලින් වැඩි හරියක් යන්නේ බොන අයගේ ලෙඩවලට කියලා. මේ දවස්වල ඉස්පිරිතාලවල බේබද්දන්ට තියා ඔය රණවිරුවන්ට ඕනේ කරන බෙහෙතක්වත් නැහැ කියලා හැමෝම දන්නවනේ ඉතින් මේ සල්ලි සේරම තියා සතයක්වත් ආපහු බේබද්දන්ගේ සුබ සිද්ධියට වැයවෙන්නේ නැහැ.

මිනිස්සු බොන එක අඩු කලොත් ඔයතරම් ආදායමක් ගන්න ලැබෙන්නේ නැහැ. ඉතින් රට වෙනුවෙන් නිසා අපිට නොබී ඉන්නත් බැහැ.


පහුගිය සතිඅන්තයේ අපිත් ගියා සීගිරිය නගින්න. මම ගියේ ගොඩ කාලෙකට පස්සේ. අන්තිම පාර ගිය වෙලාවේ හිතුවා ආයිනම් එන්නේ නැහැ කියලා ඒත් මේ පාරත් ආයි ගියා.

පහුගිය දවස් දෙකකම සීගිරියේ දෙබරු ඇනලා මිනිස්සු තුවාල උනා. අපි ගිය දවසේනම් වාසනාවට එහෙම අකරතැබ්බයක් උනේ නැහැ ඒත් මම නම් බයෙන් ගියේ මොකෝ මට ඉස්සරහින් ගිය වයසක නඩය, සීගිරියේ ඉඳලා ඈතින් පේන බුදුපිලිමෙකට වැඳගෙන මහ හයියෙන් සාදු කියන්වා. හැම තැනම බෝඩ් ගහලා තියෙද්දිත් සද්ද කරන්න එපා දෙබරු ඇවිස්සෙයි කියලා මෙයාලාට ගානක්වත් නැහැ. ස්‍රද්ධාව වැඩි කම්මටද මන්දා.

ඊටත් වඩා මේයාල කරපු පුදුම වැඩක් තමා සීගිරි ලඳුන්ගේ චිත්‍රවලට පඬුරුදාල වැඳපු එක. (අනේ මන්ද කොල්ලො ටිකක් නම් අඩනිරුවත් ගෑනු සරීරෙට එහෙම සැලකුවට කමක් නැහැ ඒත් ඉතින් මෙයාලා ) එතන ඉන්න මනුස්සයත් තව තව බයිලා කියල වැඩිපුර සල්ලි දම්මෝ ගත්ත මොකෝ ඉතින් මිනිහටනේ සේරම.

මම දන්න විදිහට නම් කාශ්‍යප කියන්නේ හොඳ රජෙක් නෙමෙයි එහෙවු රජ්ජුරුවන්ගේ තැනටත් ගිහින් පඬුරුදාල වඳින අපේ කට්ටිය තව ටික කාලෙකින් ප්‍රභාකරන්ගේ ගෙවල් වලටත් ගිහින් පඬුරුදාල සාදු කියයිද දන්නේ නැහැ මිනිහත් ඉතින් ඉන්න හරියේ අමුතු අමුතු දෙවල් හැදුවනේ. දැයට කිරුළට ගිය කවුද කිව්ව ලොකුම පෝලිම තිබ්බේ ප්‍රභාකරන්ගේ සබ්මැරීන් බලන්න කියලා


අපේ රටේ තියෙනවනේ අත්‍යාවශ්‍ය භාණ්ඩ කියලා ජාතියක්, පෙට්‍රල්, ගෑස්,ඩීසල්, භූමිතෙල්, අල, පරිප්පු, සීනි, සිමෙන්ති,හාල්, කිරි පිටිවගේ දේවල්. ඕවා මොකක් හරි ගනන් ගියොත් එහෙම අපේ මිනිස්සු උඩ පැනගෙන කෑගහනවා.

හැබැයි අත්‍යාවශ්‍ය භාණ්ඩ නොවන අත්‍යාවශ්‍ය දේවල් තවත් තියෙනවා සබන්, දන්තාලේප, රෙදි සෝදන කුඩු වගේ පොඩි පොඩි දේවල් මේව අත්‍යාවශ්‍ය භාණ්ඩ නෙමෙයි ඒත් මේවා නැතුව අපිට ඉන්නත් ටිකක් අමාරුයි

මේවායේ ගනන් වැඩි වෙන්නේ අපිටත් හොරා. ගොඩක් වෙලාවට අපි අද සබන් කෑලක් අරන් ඊලඟ දවසේ ගන්නකොට ඒකේ ගාන වැඩි වෙලා ඒත් අපි දන්නේ නැහැ මොකෝ පරණ සබන් කෑල්ලේ ගාන මතක නැති නිසා. එක්කෝ නව කියල ගහයි නැත්නම් කොලේ වෙනස් කරයි මේ වගේ මොකක් හරි බොරුවක් කරලා පරන සබන් කෑල්ලම වැඩි ගානට දෙනවා.

එහෙම නැත්තන් තවත් හොරයක් කරනවා ගානනම් පරණයි හැබැයි බර තිබ්බයෙන් බාගයයි . ඒතකොට කියනව අතට අහුවෙන්න ලේසි වෙන්න කියලා. මේ වගේ මොකක් හරි බොරුවක් කියලා අපේ පොකට් එකට තමා මුන් විදින්නේ.

සබන් නොගා ඉන්න එක අපිට වාසි උනාට ලඟ ඉන්න අයගේ නහයට අවාසි නිසා සබන් වගේ දේවලුත් අත්‍යාවශ්‍ය භාණ්ඩ

මන් දන්න විදිහට ලංකාවේ ජනප්‍රියම අරක්කු ජාතිය මේක. මිලත් අනික් එවාට සාපේක්ෂව අඩුයි. ගොඩක් දෙනෙකුට මොනා තිබ්බත් මේක නැත්තනම් වැඩක් නැහැ. මන් හිතන්නේ ලංකාවේ වැඩියෙන්ම විකිනෙන අරක්කු ජාතියත් මේක වෙන්න ඕනේ.

මම නම් දන්නේ නැහැ මේක ගල් බෝතලේ උනේ කොහොමද කියලා. සංස්ථා අති විශේෂ උනාට හැමෝම මේකට කියන්නේ ගල් බෝතලේ කියලා.

ගල් අරක්කු, මම නම් වැඩිය බොන්න කැමති නැහැ මොකද ඒ තරමටම මේක සුවඳයි හැබැයි මොකුත් නැත්නම් නොබී ඉන්නෙත් නැහැ.

පහුගිය කාලෙ මියගිය ප්‍රසිද්ධ දේශපාලකතුමෙක් රඹුටන් බයිට් එකත් එක්ක මේකම පාවිච්චි කාලා කියල කතාවක් මන් අහලා තියෙනවා. ඇත්තද නම් දන්නේ නැහැ. සිංගප්පූරුවෙ ගල් බෝතලයක් රුපියල් 5000ක් විතර වෙන කතාවක් චැට් එකකදි හම්බ උන කෙනෙක් දවසක් කිව්වා. ඒ කතාවත් ඇත්තද කියලනම් මන් දන්නේ නැහැ. කොහොම උනත් ඔය පිටරට ගිය අයත් මෙහෙ ඉන්න යමක් කමක් තියෙන අයත් අතර ගල් වලට ප්‍රියකරන අය සොයා ගන්න එකනම් එච්චර අමාරු දෙයක් නෙමෙයි.

වැඩි විස්තර මේතනින් බලන්න. දැන් ගල් බෝතලයක් රුපියල් 545.00 වෙනවා (හිස් බෝතලේට රුපියල් 25.00)

ඉන්නගමන් මේකත් බලන්න

ගොඩක් දෙනෙකුට මතක් කලත් ඔක්කාරෙට එන ඒත් මටනම් මතක් කලත් කටට කෙල උනන පළතුරක් තමා දූරියන් කියන්නේ.

සාමාන්‍යයෙන් මම ඕනෑම පළතුරක් කනව ඒත් දූරියන් කියන්නේ කාලෙකට විතරක් කන්න හම්බ වෙන එකක් නිසා ඒකට ගොඩක් කැමතියි. ඉස්සර නම් මටත් මේකෙ ගඳ පෙන්නන්න බැහැ ඒත් දැන් නම් දූරියන් සුවඳ එනකොටත් ඉන්න බැහැ.

දූරියන් ගෙඩියක් කනවා කිවුවම මෙහෙම කෑමක් කියලා හිතන්න එපා ගෙඩිය ලොකු උනාට ඒකෙ ඇතුලේ තියෙන්නේ මදුළු 10ක් වගේ ප්‍රමානයක් ඉතින් දූරියන් ගෙඩි දෙක තුනකට වග කියන එක එච්චරම අමාරු නැහැ.දූරියන් ඇටත් මොනාද මන්දා කරලා බොනවලු ඒකනම් මන් කරලා නැහැ.

මේ දවස් වල දූරියන් හරියට තියෙනවා ඒත් කොච්චර තිබ්බත් ගාන නම් අඩු නැහැ රුපියල් 100 සිට ඉහලා තමා තියෙන්නේ සාමාන්‍ය තරමේ ගෙඩියක් රුපිටල් 200ක් විතර වෙනවා. දූරියන් ගහක් දෙකක් තිබ්බ නම් මේ දවස් වල දූරියන් වල ගානෙ හැටියට හොඳ ගානක් හොයා ගන්න තිබ්බා

දූරියන් ගහ යටින් අලියෙක්වත්යන්නේ නැහැ කියන්වා. ඒකනම් ඇත්ත මාත් දූරිය ගෙඩිතියන ගහක් දැක්ක, බයේ බැහැ ලඟට යන්න එකක් හරි වැටුනොත් ඔළුව ඉවරයිනේ. දූරියන් ගෙඩිය දැක්කම හිතෙනේ ඒකට නම් සත්තුන්ගෙන් හානියක් නැහැ කියලා ඒත් ලේන්නුන්ගෙන් දූරියන් බේරගන්න බැහැලු.ලේනා හරියටම මදුළු තියෙන තැන හාරලා කනවා කියලා මට කව්දෝ කිවුවා.


ඊයෙ මට මරු සිංදුවල්ක් අහන්න හම්බ උනා
ඔයාල නම් කලින් අහලත් ඇති. ගිහින් බලන්නකෝ. මන් හිතන්නේ මේක ජෝතිපාලගෙ එකක් පද වෙනස් කරලද කොහෙද

පුන් සඳ පායල ඇති රෑක
ගඟ ලඟ ඇති පොඩි අතු ගේක
නැති කර ගන්නට දුක සෝක
හැමදාමත් කරනවා මේක

මල් ඔතනෝ
මුන් මල් ඔතනෝ
වට පිට බල බල
මල් ඔතනෝ

මල් ඔතනෝ
මුන් මල් ඔතනෝ
ඇට නැටි ඇහිඳලා
මල් ඔතනෝ

සියරට අප දේ
සිරි සැප ගෙන දේ
ගහන අයයි ඒවා දන්නේ

මත්පැන් වගේ නෑ
වැඩි වියදම් නෑ
පොඩි ගානයි මේකට යන්නේ

ඉස්සර වගේ නෑ
දැන් දුංකොළ නෑ
සුදු කොළයක ඔතලයි බොන්නේ

බිව්වට වෙරි නෑ
කළබලයක් නෑ
කට්ටිය පාඩුවෙමයි ඉන්නේ

මල් ඔතනෝ
මුන් මල් ඔතනෝ
වට පිට බල බල
මල් ඔතනෝ

තණමල්විල හා
ඇඹිලිපිටියෙ සිට ලොරි බස් යට
සැඟ විල එන්නේ

ඉන්පසු කොළඹින්
හොරෙන් හොරෙන්මයි
මේවා රට වට විසිරෙන්නේ

බාධක මැඩගෙන
අවොත් දුරසිට
අහු උනොතින් කෙලවිල යන්නේ

කොපමන සුර සැප
තිබුනත් මොකටද
නීතිය නෑ ආතල් දන්නේ

මල් ඔතනෝ
මුන් මල් ඔතනෝ
වට පිට බල බල
මල් ඔතනෝ

දීපාල් සිල්වා

බොන්නේත් මෙලොව වසන මිනිසුන් මිසක් පිට සක්වල ජිවින් නොවන නිසා බොන අය අතරද හොඳ නරක දෙවර්ගයම ඇත.

සමහරු බොන වෙලාවට පණ උනත් දෙයි වෙරි හිඳුනාම අඳුරන්නේද නැත. හැමදාම පිනට බොනවාන ටික දවසකින් ඇණයක් වෙයි ඒත් පිනට බිව්වත් විනෝදාශ්වාදය සපයයිනම් බොන්න සෙට් කර ගනී.හැමදාම බොන්න එනවිට බෝතලයක් ගෙනවා නම් ඌ දෙවියෙකි ඒ හැර බීමට කිසියම් සම්මදමක් දාන පුද්ගලයන් මගහැර කිසිවෙක් බොන්න සෙට් වන්නේ නැත.

බීම අළුත් සම්බඳකම් සාදන්වා මෙන්ම තියෙන සම්බඳකම් ආයි සැදිය නොහැකි වන ලෙසම කඩා බිඳ දැමීමද සිදුකරයි.

බිවුවාම ගොඩක් අය වැඩිපුර කියවන අතර හිතේ තියෙන දෙවල් බොහොමයක් සඟවන්නේ නැතිව එලියට දමයි. අපරාධ කාරයන්ට බොරුවට වද නොදී හොඳට බොන්න දුන්න නම් උන්ගෙන් තොරතුරු දැන ගැන්නිම පහසු වන බව පොලිසිය නොදන්නේදැයි මම නොදනිමි. එසෙත් නැතිනම් ඒ ටිකත් කොස්තාපල්ලාම බීලා ඉවර කර අපරධකාරයා බයිට් එකට ගන්නවද විය හැක.එවිට උන්ට බොන්නයි අවශ්‍ය තොරතුරුයි දෙකම ලැබෙනු ඇත.

බොන අය අතර මට නම් ඇති අත්දකීම් සියල්ල සුන්ඳරය කවුරුත් ගහමරා ගන්න ගොස් නැත සියල්ල කතා බහ කරන්නේ විනෝදමත් දේවල් නිසා බොන අය අතර සිටීම මටන හරි ජොලිය. බොන අය අතර සිටීම බොන අයට ජොලි උනාට නොබොන අයටනම් ම්ල වදයකි මක් නිසාද යත් බොන අය බොන්න පටන්ගත් විට ලේසියෙන් බීම නවත්වන්නේ නැති නිසා, උන් බීලා ඉවර වෙනකම් කියවන විකාර අසා සිටීමට සිදුවන නිසා සහ බීල වැඩිඋන උන්ව ගෙදර ඇරලීමටත් සිදුවන නිසාය

හතර පෝයට සිල් ගන්නා අය අතරද මෙවන් මිනිසුන් ඇති නිසා බොන අය පමනක් නරකයි කීම අසාධාරන යැයි මට සිතේ.

කාලෙන් කාලෙට මගේ විනෝදාංශ වෙනස් වෙනවා වගේ කාලෙන් කාලෙට මන් බොන ජාතියත් වෙනස් වෙනවා. ඉස්සරම බිව්වේ බ්‍රැන්ඩි ඊට පස්සෙ වොඩ්කා. ආයිත් කාලයක් තිබ්බ වී එස් ඕ විතරයි. ලෙමන් ජින් එක්ක ස්ප්‍රයිට් දාල බොන්නත් එක කාලෙක පෙරේතකමක් තිබ්බ. මේ දවස් වල මගේ අලුත්ම ජාතික පානය රොක්ලන්ඩ් රෙඩ් රම් එක්ක කොකා කෝලා. ඒක නම් නියම බීමක්. මීට කලින් තිබ්බේ සංස්ථා ඕල්ඩ්.

පහුගිය දවසක රෙඩ් රම් ගන්නව දැකපු අඳුරන අන්කල් කෙනෙක් කිව්වා රෙඩ් රම් බොන්න එපා ඒකේ ගොඩක් සීනි වෙන මොනා හරි බොන්න කියලා. අපි පොඩි කාලේ ලොකු අයවගේ හිටපු අය දැන් අපි බොනවා දැකලා පුදුම වෙනවා මේ ඒ කලෙ හිටපු හුජ්ජ කොල්ලො දැන් අඩිත් ගහන්වා කියලා. හැබැයි අපරාදේ කියන්න බැහැ සෞඛ්‍ය උපදෙසුත් නොමිලේම දෙනවා

හැබැයි මට මේ රෙඩ් රම් වල රස ගැන කිව්වේත් වයසක අන්කල් කෙනෙක්ම තමයි . අනික් අය වැඩිය බොන්නේ නැති ජාතියක් බොන එකේ පොඩි වාසියක් තියෙනවා ඒ තමයි මදි පාඩුවක් වෙන්නේ නැතුව තනියම සේරම බොන්න පුළුවන් වෙන එක

මටනම් මේ මොනවා බිව්වත් වෙරිනම් වෙනවා. පොඩි වෙනස් කමකට තියෙන්නේ බිව්වම එන ගඳයි පහුවදාට හැදෙන ඔළුවෙ කැක්කුමෙයි විතරයි.

අද මාර්තු 12 හොඳ නැකත් දවසක්ලු, මම නැකත් කියන ඒවා සතපහට විශ්වාස නොකලත් අපේ රටේ බහුතරය නැකත් කියන ඒවා ඔළුව උඩ තියාගෙන ඉන්නේ ඒක නිසා ගොඩක් දෙනෙක් අද වගේ දවස්ව අළුත් වැඩ වැපටන් ගන්නවා. අපේ ගෙවල් ගාව එක මගුල් ගේකුයි අළුතෙන් කඩ දෙකකුයි පටන් ගන්නව.

මගුලනම් ඉතින් කරගත්තමසදහටම ඉන්න වෙන නිසා ඒක නම් ඔහේ තියෙනවා. හැබැයි කඩ ගැනනම් කියන්නම ඕනේ. පහුගිය කාලෙ දාපු කඩ බොහොමයක් වැහුන. අපේ මිනිස්සු අළුත් වැඩක් පටන් ගන්නකොට කේන්දරේ බලනවා මිසක් පටන් ගන්න හදන වැඩේට අදාල දැනුවත් වීම් වගේ දේවල් ගැන පොඩ්ඩ්කවත් හිතන්නේ නැහැ. ඉතින් ඔය කියන මාහා බලගතු නැකතට පටන්ගන්න දේවල් වලින් බාගයක්ම ටික කාලෙකින්ම නැවතෙනවා.

මිනිහෙක් අතේ සල්ලි නැතුව මොන නැකතින් පටන්ගත්තත් ගෙයක් ඉබේ හැදෙන්නේ නැහැ හැබැයි සල්ලි තියෙනවානම් රාහු කාලෙ පටන්ගත්තත් ගේ හැදෙයි ඒත් අපෙ අයට ඔක හරිය තේරෙන්නේ නැති එක තමයි පුදුමේ.

මිනිස්සු පුදුම විදිහට නැකත් වලා වහල් වෙලා. පුංචිම පුංචි වැඩක් උනත් අලුතින් කරන්න පටන් ගන්න ඉස්සෙල්ල නැකත් පැත්තකට දාල කරන්න යන වැඩේට අදාලව දැනුමක් අවබෝධයක් ලබාගෙන පටන් ගන්නවනම් වෙලාව කොච්චර නරක් උනත් වැඩේ සාර්ථක වේවි.

අපි පාරෙ යන එනකොට ඕනේ තරම් හිඟන්නන් දැක ඇත. සමහර හිඟන්නන් ඉල්ලා සිටින අතර සමහරුන් කිසිවක් ඉල්ලන්නේ නැත දෙන දෙයක් ගනී.

හිඟන්නෙකුට උවත් යමක් දෙන්නට ගියවිට ඕනවට වඩා අගයකරන්නට ගියහොත් හෝ හිඟන්නාව උනත් ඕනෙවට වඩා බාල්දු කර දෙන්නට ගියහොත් අපිට හොඳවැයින් දෙක තුනක් අසා ගැනීමට සිදුවනු ඇත.

දෙන දෙයක් උනත් හොඳ හිතින් දියයුතුයැයි කතාවක් ඇත. බොරු සෝබනේට හෝ අනික් අයට පේන්නට දීමේන් දෙන්නාට හෝ ලබන්නාට වෙන සෙතක් නැත.

නිකන් හම්බවෙන දේවල් වලට තන්හාව තියෙන අයනම් ඕනෙනෑම නින්දාවක් ,අපහාඅසයක්, බැනුමක් තමුන්ට ලැබෙන දෙය වෙනුවෙන් ඉවසනු ඇත එහෙත් එසේ නොවන අය හිඟාකෑවත් තමන්ගේ ආත්ම ගරුත්වය පිනට හම්බෙන දෑ වෙනුවෙන් වැයනොකරනු ඇත.

මාත් එක්තරා විදිහක හිඟන්නෙකි ඒත් නිකන් දුන්නා කියා ඕනේම කතාවක් පවුලේ කෙනෙක්ගෙන් උවත් ඇසීමට සූදානම් නැත ඊට වඩා මට හිඟන්නෙක් ලෙසම සිටීම සැනසීමකි

බලාපොරොත්තුව දෝත දරාගෙන
බලාහිඳී මම මැරෙන තුරා
ආයෙ හෙට දවසක් නො එවී
අද වාගේ


මරණය සුන්ඳරද මෙතරම්.................!!!!!!!!!!!!!!

සති අන්තේ චිත්‍රපටියක් බලන්න ගියා ලිබර්ටි සිනමා හලට. මෙන්න මේ සිංදුව නිසයි මට ඒ චිත්‍රපටිය බලන්න ඕනේ උනේ ඒත් ඒක චිත්‍රපටියේ තියෙන්නේ මෙහෙම. අපරාදේ කියලා හිතුනා. චිත්‍රපටියත් එච්චරම හොඳ නැහැ. කම්මලි සමහර වෙලාවට. ගිය සිකුරාදා ඉඳන් පෙන්නන්න පටන් ගත්ත නිසා ටිකක් සෙනඟ.

Bloggers.com - Meet Millions of Bloggers