මගේ මරණය

ඔබ මෙක කියවනවද??
එහෙනම් මරණය හමු වේවි කවද හරි.
එසේනම් මැරෙනකම් ජීවත් වෙන මා සමග රැඳෙන්න.
මරණය හමුවෙන තුරා!!!

කවුරු පත් උනත් මම අයිතිවෙන බස්නාහිර පළාත්සභාව තියෙන තත්වෙට වඩා වෙනසක් වෙන්නේ නැහැ කියලා මන් නම් හොඳටම දන්නවා. ඒත් මේ ඡන්දේට අපේක්ෂකයෝ වියදම කරන විදිහ දැක්කම පුදුම හිතෙනවා.

පළාත්සභාව කියන්නේ එච්චර වියදම්කරලා යන්න තරම් වටින කියන තැනක්ද මන්දා. කොහේද මන්දා තිබ්බ එක අපේක්ෂකයෙක් ඡන්දෙට මිලියන 150 ක් වියදම් කරනවා ඒත් පළත්සභාවෙ සෞඛ්‍ය අමාත්‍යන්ශෙට අවුරුදු 4ට වෙනක් කරන්නේ මිලියන 80ක් කියලා.

මේ තනතුරු 102 ට ප්‍රධාන පක්ෂ දෙකෙන් අඩුම ගානෙ 200 දෙනෙක් වත් ඉල්ලන්වා මේ එක්කෙනෙක් අඩුම ගානෙ රුපියල් මිලියනයක් වත් වියදම් කරනවා එතකොට ඡන්දේට මිලියන 200ක් වියදම් කරන අය පත් නාම මිනිස්සු වෙනුවෙන් නම් සතපහක් වියදම්කරන්නේ නැහැ .

මම උදේ හවස යන පාරේ ඉස්සර තිබ්බ මාලු කඩ, ලී මඩු, තෙල් මොල්, අතෑරපු සිල්ලර බඩු කඩ, ලී මෝල්, ගරා වැටුණු නිවාස වගේ සේරම මේ වෙනකොට මැතිවරණ කාර්යාල වෙලා. සේරම ඉතින් ආණ්ඩු පක්ෂේ. මේ මිනිස්සු නිකම්ම මේවා හදන්න දෙන්නේ නැහනේ ඡන්දෙන් පස්සෙ මොකක් හරි වැඩක් කරගන්න බලාගෙන තමා සේරම දිනන අයට උදවු කරන්නේ ඉතින් මේ තියෙන කාර්යාල ගානෙ හැටියට ඡන්දෙන් පස්සෙ දිනන මිනිහට වෙන වැඩක් කරන්න වෙන එකක් නැහැ උදවු කරපු අයට සලකනවා ඇරෙන්න.

මොන පක්ෂේ උනත් කමක් නැහැ හන්දියේ බාර් එකට සංස්ථා අරක්කු විකුන්නන් බලපත්‍රයක් දෙනවානම් මන් එයාට ඡන්දේ දෙනවා.

ඇල්කොහොල් වලට ජයවේවා!!!!!

11 අදහස්:

හපෝ............!

මට නම් ඡන්දේ දෙන්න කිසි අදහසක් නෑ

මගේ නිදහස උපරිමයෙන් බුක්ති විදින්න ලැබෙන්නෙ කොතනද?මගේ ඡන්දෙ එතනට. IDL,Rocklands, සංස්ථා වලට ජයවේවා!!

අපි බලන් ඉමු මරේ අපිට ජය වෙයිද කෙළ වෙයිද කියල.

අපරාදේ මලී ඔයාගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය නොදා ඉන්න එපා.

අපිට නම් බෝ ජයනම් වෙන්නේ නැහැ කෙල වෙනවා මිසක්. හැම ආණ්ඩුවක්ම ගනන් වැඩි කරන්වා මිසක් අඩු කරනවායැ.

අයියා කොහෙන් කැරකැවිලා ගියත්, ඇල්කොහොල් වලමයි නතරවෙන්නේ නේ... :P

මොනවා කරන්නද මලේ. බඹරු පැණිහොයනවා වගේ තමා මටත්. මතින් පිරි හෙටක් තමා එකම පැතුම

මම කියන්නද? කොලේ බෝතලයක් ඇදලා කතිර ගහපං!

අම්මපා හැබෑව උඹ කියනකන් කල්පනා උනේ නැහැ. කාලක් මදි බන් බෝතලයක්ම ඇඳලා ගහනවා ලොකු කතිරයක්. මාත් පක්ෂයක් පටන් අරන් ලකුණට බෝතලේ දාගන්නවා

එහෙමනම් උඹ කෙලින්ම ජනාධිපතිවරණයටම ඉල්ලපන්.... අපි උඩින්ම දෙනවා. උඹට නැතත් බෝතලේට

හරි හරි උබලා ඔක්කොම බොකලේටනේ මමත් අරින්නේ නැ හදනවා බයිට් තියලා පක්ෂයක් මට චන්දෙ දුන්නේ නැත්තන් උබලාට බයිට් කාලා හමාරයි

හරි එහෙනම් මාත් ගහනවා අයිස් පක්ෂයක්ල ඉතින් අපි එක්ක සංධානගත වන්න වෙයි.

බයිට් නැතුව බෝතලෙන් වැඩකුත් නැහැ බෝතලේ නැතුව බයිට් වැඩකුත් නැහැ. අයිස් නැතුව බොන එකේ ගතියකුත් නැහැ. අපිට අනිවාර්යෙනම් සන්ධානයක් ගහන්නම වෙනවා

Bloggers.com - Meet Millions of Bloggers