මගේ මරණය

ඔබ මෙක කියවනවද??
එහෙනම් මරණය හමු වේවි කවද හරි.
එසේනම් මැරෙනකම් ජීවත් වෙන මා සමග රැඳෙන්න.
මරණය හමුවෙන තුරා!!!

මේ ටිකේ නිවාඩු නිසා බ්ලොග් ලිපි දෙක තුනක්ම ලිව්වා ඒත් අදින් නිවාඩු ඉවරයි ආයි සුපුරුදු වැඩ දිවිය පටන් ගන්න වෙනවා. ආයි ඉතින් වෙසක් තමා ඒත් මේ පාර වෙසක් සිකුරාදා නිසා එක දවසයි නිවාඩු හම්බ වෙන්නේ.

අවුරුද්ද පටන්ගත්ත දවසේ ඉඳලා අපි බලාගෙන ඉන්නේ නිවාඩු දවසක් එනකම්නේ. මුලින්ම නිදහස් දවස ඊට පස්සේ අවුරුදු, වෙසක් පොසොන් , මැයි දිනේ, නත්තල්. ඔය වගේ මොකක් හරි නිවාඩු දවසක් කැලැන්ඩරේ තියෙනවානම් පෙරුම් පුරාගෙන ඉන්නවා එදා වෙනකම්.

ඒත් නිවාඩු දවස් වැඩකරන දවස් වලට වඩා ඉක්මනින් ගෙවිලා යන්වද කොහේද .පහුගිය දවස් හතර ගෙවිලා ගියා දැනුනේවත් නැහැ ඒත් ඉස්සරහට තියෙනවා වැඩකරන දවස් හතර ගෙවෙන්න ගොඩ කාලයක් යාවි

1 අදහස්:

හ්ම් :(

Bloggers.com - Meet Millions of Bloggers