මගේ මරණය

ඔබ මෙක කියවනවද??
එහෙනම් මරණය හමු වේවි කවද හරි.
එසේනම් මැරෙනකම් ජීවත් වෙන මා සමග රැඳෙන්න.
මරණය හමුවෙන තුරා!!!

හැමහ්දෙම නවීකරණයවෙලානේ ඉතින් අවුරුදු උත්සව වල තියෙන තරඟත් නවීකරණය වෙලා. ගොඩාක් කාලෙකට පස්සෙ මමත් ගිය අවුරුදු උත්සවයක් බලන්න, ඒක තිබ්බ අමුතුම තරඟයක්. බෝතලේට වලල්ල දාන්න තියෙන්නේ.

රුපියල් 10ක් දීල වලලු තුනක් අරන් ටිකක් දුරින් තියෙන බෝතලේට ඒක දාන එක තමා තරඟේ. එක්කෙනෙකුට ඕනෑම සැරයක් උත්සාහ කරන්න පුළුවන් හැබැයි සල්ලි දීලා වලලු ගන්න ඔනේ. මම වැඩි වෙලා හිටපු නැති නිසා තව මොන මොන විශේෂාංග එකතු වෙලා තිබ්බද කියලා දැක්කේ නැහැ.

මම ගිය එකේනම් තිබ්බේ මෙගා බීම බෝතලයක් ඒත් කෙනෙක් කිව්වා එයා ගිය එකේ තිබ්බේ ගල් බෝතලයක් කියලා ඒකටන සෑහෙන්න පිරිසක් උත්සාහ කලාලු. කොහොමහරි සංවිධායක මණ්ඩලේ හොඳ ගානක් හෙවුව කිව්වා ඒ තරඟෙන් නම්.

අවුරුදු උතසව සංවිධානය කරන උදවිය ඒක කරන්නේත් ගමේ අයගේ ආධාර වලින් ඒ අතරට මේ වගේ තරඟෙකුත් දාල ගානක් හොයා ගන්නවා. දන්සල්, තොරන්, වෙසක් කූඩු, අවුරුදු උත්සව, රණවිරු උපාහාර බැනර්, බංකර මේ හැම එකකින්ම ඉතින් කරන අය බලන්නේ කීයක් හර හම්බ කරගන්න. වැරැද්දක් කියන්නත් බැහැ ඒ මිනිස්සුත් මහන්සි වෙනවනේ.

3 අදහස්:

Salli gewala bothale kate halaganeema wage game ekak patangaththa nam hodata hoyanna tibuna.

මෙහේ තිබ්බලු වැඩියෙනම වතුර බීමේ තරඟයක් ඒක වෙනුවට වැඩියෙනම බියර් බීමේ තරඟයක් දැම්මනම් හරි

මමත් ඔය බීම බොන තරඟෙට එක පාරක් සහභාගි වෙලා තියෙනවා.
වෙන මොකක් හින්දවත් නෙමෙයි ඒ වෙලාවෙ මහන්සියට බොන්න දෙයක් ඕන කමට.
:)

Bloggers.com - Meet Millions of Bloggers