මගේ මරණය

ඔබ මෙක කියවනවද??
එහෙනම් මරණය හමු වේවි කවද හරි.
එසේනම් මැරෙනකම් ජීවත් වෙන මා සමග රැඳෙන්න.
මරණය හමුවෙන තුරා!!!

අද රාත්‍රී අහාර වේල සඳහා මගේ ප්‍රියතම මස් වරගය වන ඌරු මස් තිබූ නිසා ඉස්මුරුත්තාව හැදෙනකම් බත් ගිල්ල. අපේ ගෙදරට අමු ඌරු මස් ගේන්නේ නැතත් උයාපුව රැගෙන එන බැවින් ඉඳහිට ඌරු මස් ආහාරයට ගැනීමට ලැබෙනවා.කඩෙන් කනවිටනම් අනිවාර්යයෙනම් වෙනත් මසක් මා ඇනවුම් කරන්නේ එම කඩයේ ඌරුමස් නොමැති නම් පමණි.

බොහෝ දෙනෙක් ගෙවල් වලට ඌරු මස් නොගෙනාවත් පිටත ආහාර ගන්න විට ඌරු මස් බොහෝම ආසාවෙන් කෑමට ගන්නව මම අනන්තවත් දැක ඇත. සමහර උදවියට නම් ඌරු මස් බොහොම අප්‍රසන්න වන්නට හේතුවක් වී ඇත්තේ ඌරා ගන්න ආහාරයය නමුත් ඌරු මස් මෙතරම් රස වීමටද හේතුව වනුයේ ඌ ගන්න ආහාරයම විය හැක.

අපිට වැඩිපුර ලැබෙන්නේ ගම්(චීන) ඌරු මස් ය නමුත් වල් ඌරු මස්ද බොහෝ ප්‍රදේශවල ලබාගැනීමට ඇත මටනම් වල් ඌරුමස් වලට වඩා ගම්(චීන) ඌරු මස් රසවත්ය. ඌරු මස් අධික තෙල් සහිතවන අතර සමහර ප්‍රදෙශවල මෙම තෙල් සහිත කොටස පමණක් ඉතාම රසට පිලියෙල කරනු ලැබේ. සමහර උදවිය මෙම තෙල් සහිත බව නිසා ඌරුමස් ආහාරයට නොගත්තත් ඌරුමස් වල ඇති විෂේශත්වයත් මෙම තෙල් සහිත බවය.

ඩෙවිල් පොර්ක් එකක් තිබෙනවා නම් බාගයක් ගහන එක සිම්පල් කටයුත්තකි.

13 අදහස්:

මම නම් කිසිදා ඌරු මස් කටේ තබාවත් නැත. දිනක් මා ගිය මගුල් ගෙදරකදි බයිට් එකට ඌරු මස් කා, කාලක් ගැසූ කැම්පස් පොරක් යකා නැටූ හැටි මට තාම මතකය, හික්...

අපරාදේ මචෝ. ශරීරයට විශ නැතනම් කාල බලපන් කෑල්ලක්

හ්ම්ම්ම්...දුක තමයි සීතා! මට නම් කුකුල් මස් ඇරෙන්න අනික් හැම මස් වර්ගයක්ම ඇලර්ජික්! වැරදිලා හ‍රි කැවුනොත් බඩු බනිස්!

මට නම් බලු මස් කෑවත් හොඳට දිරවනවා

රසයි නම් තමා බට් තෙල් තමා අවුල... :(

හික්ස්!

බෝතලේට හරියටම ගැලපෙන අපේ ඒ කියන්නෙ වැඩිපුරම මගේ ප්‍රිය "බයිට".malee කිවිවි වගේ තෙල තමයි අවුල.සමහරක් හොදි විතරක් කනවා..හික්.
(අපි කන බොන මිනිස්සු බව කියන්න ලැඡ්ඡා වෙන්නේ නෑ)

වයිවාරණ.. ඡාති වලින් ගහලා.. තාම බඩු මචං!

එළ එළ

මම නම් ඉතින් වල් උරු මස් (මෙහෙ තියෙන්නේ එවා ච්න එක වගේ නෙවෙයි නෙද බන්)කලා උරාට හොදට පින් දෙනවා (හික්ස්)

ඉස්සර මම උරු මස් කන්න හරි බයයි බන් මයිල් ගස් කොච්චර හුරලා අන්තිමට පිච්චුවත් උයනකොට තියනවානේ කවුදො එකේක් කිවුවා ඔවා බඩේ පැලවෙනවා කියලා බයට මමත් ඔවා එකින් එක ගලව ගලව කැවේ

සමහ වෙලාවට හරියට පුච්ච්ලා නැතුව මවිල් තියෙන කෑලි මටත් හම්බ වෙලා තියෙන්වා. ඕවා ගලෝ ගලෝ හිටියොත් කන්න වෙන්නේ නැහැ බන්

මගෙත් ප්‍රියතම ආහාරයකි. රස නොමරා රස විඳින්න..
;)

කොහෙද ඉතින් අපේ ගෙවල් වල ගේන්නේ නැහැනේ. ඉතින් කඩෙන් කනකොට තමා රස විඳින්න වෙන්නේ

Bloggers.com - Meet Millions of Bloggers