මගේ මරණය

ඔබ මෙක කියවනවද??
එහෙනම් මරණය හමු වේවි කවද හරි.
එසේනම් මැරෙනකම් ජීවත් වෙන මා සමග රැඳෙන්න.
මරණය හමුවෙන තුරා!!!

විසි අට
වෙනදා වගේ ඉරිදා පත්තර ටික සෙනසුරාදා (අද ) ආව. (පත්තර බෙදන කෙනා ගෙනාව නැතුව පත්තර ඇවිදන් අවේ නැහැ )ඉස්සරනම් ඉරිදා පත්තර තිබ්බේ රුපියල් 25 ට දැන් 40,50 ඒ මදිවට පිටුත් අඩුවෙලා. ඉස්සර සිළුමිනක් ගත්තම මාසයක් බත් ඔතන්න ඇති දැන් සතියකත් මදි වගේ.(ආණ්ඩුවේ පත්තරේ මිනිස්සු වැඩිපුරම ගන්නේ කොල ගොඩක් තියෙන නිසා මිසක් බලන්න දෙවල් ගොඩක් තියෙන නිසා නම් නෙමෙයි ).

දැන් දැන් පත්තර සේරම එක වගේ මෙලෝ දෙයක් නැහැ බලන්න. මේ දවස් වල බස්නාහිර ඡන්දේ නිසා බාගයක්ම තියෙන්නේ එයලගෙ දැන්වීම් .

මේ මිනිස්සු පත්තරවල දැන්වීම් දාන්න වියදම් කරන සල්ලි වලින් ලේසියෙනම තිබ්බ ඉස්කෝලයක් හදලා දෙන්න. දැන්වීම් දානවා ඉස්කෝල හදනවා කියලා කරන්නේ නම් නැහැ. දැන්වීමට තමන්ගේ සල්ලි වියදම් කලාට හදන්න සතපහක් වියදම් කරන්නේ නැහැ සේරම ආණ්ඩුවෙන් දෙනකම්ම ඉන්නවා. අනේ මුන්ටනේ අපි 25 ගිහින් කතිරේ ගහලා එන්නේ.

3 අදහස්:

දැන් මින්ස්සු පත්තර ගන්නෑ. පත්තරෙ ඔන්ලයින් බලලා, බත් ඔත්න්න කඩෙන් පත්තර කිලේ 1 ක් ගන්නවා

ඔක ඉරිදා කිවුවාට ගහන්නේ සිකුරාදා බන්

ඔව් බන් සිකුරාදා ගහනවා අපි සෙනසුරාදා අරන් ඉරිදා වෙනකොට බලලත් ඉවරයි

Bloggers.com - Meet Millions of Bloggers