මගේ මරණය

ඔබ මෙක කියවනවද??
එහෙනම් මරණය හමු වේවි කවද හරි.
එසේනම් මැරෙනකම් ජීවත් වෙන මා සමග රැඳෙන්න.
මරණය හමුවෙන තුරා!!!

මන් දන්න විදිහටනම් ලංකාවේ කසාද බඳින්න ඕනේ කරන්නේ පස් දෙනයි. විවාහ ලියපදිංචි කරන කෙනයි සාක්කි කාරයෝ දෙන්නයි කසාද බඳින දෙන්නයි. හැබැයි මේ විදිහට විවාහ වෙන අය නම් හොයා ගන්න ලේසි නැහැ.

මේ ලිපිය ලියන්න හිතුනේ පහුගිය දවසක මුහුණු පොතේ දැක්ක දැන්වීමක්. මගුල් දවසට බැඳපු ජෝඩුවට නටන්න උගන්නන්වා කියලා තිබ්බ ඒකේ.මගුල් ගෙවල් වලට විවිධ අංග එකතු වෙලා. ගොඩක් ඒවායේ බොරු සෝබන විතරයි. දැන් Wedding Photo Album නෙමෙයි Wedding Story Book. මේ කිසිම එකෙක් අඩුවියදම් නම් නෙමෙයි .ගන්න මල් ටිකේ ඉඳලා රත්තරන් මාලෙට එනකම් අධික වියදම දැරියයුතු ඒවා.

පුළුවන් උපරිම මුදලක් වියදම් කරලා සමහර විට ණයත් වෙලා මගුල ගත්තට වැඩි කාලයක් දෙන්න එකට ජීවත් වෙන්නේත් නැහැ සමහ වෙලාවට.

මටනම් මගුල් ගෙවල් කියන්නේ පෙන්නන්න බැරි දෙයක් ඇඟට අපහසු ඇඳුමක් ඇඳන් පැය ගනම් ඉන්න එක එපා කරපු වැඩක් නිසා. කාගෙවත් මගුල් ගෙදරක ගිහින් නිකන් ඉඳලා ආවත් එදාට ඇඟට අමාරුයි හරියට දවසම මහන්සිවෙලා වැඩ කලාටත් වඩා. ඒකනම් මන් කීප පාරක් අත්දැකලා තියෙනවා ඒත් හේතුව නම් තේරෙන්නේ නැහැ

ජීවිතේටම එකපාරයි කියලා අති විශාල මුදලක් මේකට වැය කරන එකේ තේරුමක් තියෙනවද මන්දා?අර ඉස්සරම කාලෙක තිබ්බ වගේ දෙන්න කැමති උන දාක වෙනම ජීවත් වෙන්න පටන් ගන්න එක කසාද බැන්දා කියලා සැලකෙන විදිහට තිබ්බා නම් හොඳයි කියලා හිතෙනවා.

12 අදහස්:

මම නම් මගුල් ගෙදරක යන්නේ කන්න. කාපු ගමන් මාරු වෙනවා.

මම නම් යන්නේ බොන්න. කෑම නම් නැතත් කමක් නැහැ බීම නැත්නම් ඉතින් අවුල්

සහතික අැත්ත.

ඒ වුනාට කාන්තා පාර්ශවෙයන් අහල බලන්න. ෙම් විදියට හිතන ෙකනෙක් ෙහායන්න ෙල්සි ෙවන ඒකක් නැහැ.අඩුම තරමෙන් ෙපා්රුවට හරි නගින්න ඔන ෙවයි.

අපෝයි ඔව් කොහොම හරි මනමාලියෙක් වෙන එක තමා එයාලගේ හීනේ

Hari hari dan oya magul walata yanna akamathi aya saha magul ganna akamathi aya badinakota balanna puluwan neeeee....:P

gahanu aya witharak nemei pirimi ayath kamathi kohomahari magulak kara ganna..ha hodai boruda?? :P

හ්ම්ම්ම් ඒකනම් කියන්න බැහැ.

ඒත් මම නම් කොහොමටවත් මගුලකට කැමති නැහැ. ඒ සල්ලි වලින් නැති බැරි අයට මොනාහරි දෙන එක ඊට වඩා හොඳයි කියලා මන් හිතන්නේ

itin oyage magula ehema karamuda?

මගේ එකට මොන මගුලක් නටන්න වෙයිද කියලා මම තාම නම් දන්නේ නැහැ

වටේ පිටේ හැමෝටම කියල පැනල යන එක තමා ලාභම වැඩේ.

අපෝ මගුල්..! කථා කරලා වැඩක් නෑ..! ලබන මාසේ අපේ ළගම නෑයෙක් බදිනවා.. මං මේ දස අතේ කල්පනා කරනවා දවස් දෙක ෂේප් වෙන්නේ කොහොමද කියාලා..! දාස් ගණන් වියදම් කරලා මගුල් ගන්නවා.. ඊට පහුවදා ඉදනං බැන්ද උන් දෙන්නා වෙඩින් එකට‍ ගත්ත ලෝන් වල ණය ගෙවනවා.. පව් වැඩේ..!

Good Point, atthatama ape magul gewal edata thibbata wada wenas wuna ekak, suddo salli wadikamata boru wiyadam ekka magul karala ewa dan ape widiyakata ( udarata pahatha rata krimeta ) aaropana karala badinne, ganu us=dawiya wadiyen hethu wunata pirimith adalai ekata. mekath nikan indiyawe sanskruthaya wage, anthimata me dawasak nisa hondama kalayak (honeymoon) apathe yanawa.

"හැබැයි මේ විදිහට විවාහ වෙන අය නම් හොයා ගන්න ලේසි නැහැ."

හෙහෙ.. මම දන්නවා මේ විදියට විවාහ උන කට්ටියක්. (මොකද මමත් සාක්ෂිකාරයෙක් විදියට එතැනට සහබාගී උනා !)

Bloggers.com - Meet Millions of Bloggers