මගේ මරණය

ඔබ මෙක කියවනවද??
එහෙනම් මරණය හමු වේවි කවද හරි.
එසේනම් මැරෙනකම් ජීවත් වෙන මා සමග රැඳෙන්න.
මරණය හමුවෙන තුරා!!!

අපේ ප්‍රධාන ආහාරය වෙන්නේ බත්. මම නම් තුන් වේලටම කන්න කැමති බත් ඒත් ඉඳලා හිටලා උදේ රෑ වේල් දෙකනම් වෙන වෙන කෑම ජාති කන්නත් අකමැත්තෙන් උනත් සිද්ධ වෙනවා. ඒත් දවලටනම් කොහොම හරි බත් ටිකක් කන්න තමා හැම වෙලේම ට්‍රයි කරන්නේ.

අපේ සමහර අය ඉන්නවා බත් කන්න වැඩිය කැමති නැති අය ඉතින් ඒ අය බත් කන්න පුළුවන් කමක් තිබ්බත් වෙන වෙන දේවල් කනවා. උදේ රෑ වේල් දෙක අත ඇරියත් දවල්ටත් බත් නැතුව වෙන වෙන කෑම කන අය ඕනේ තරම් ඉන්නවා.

තවත් කොටසක් ඉන්නවා බත් ටිකක් කන්න කොච්චර ආස උනත් එක වේලක් වත් බත් කන්න තරම් පුළුවන් කමක් නැති අය. මේක ලියන්න හිතුනේ ඒ අය නිසා. මම දවල්ට කන්න ගියාම එතනට එන සමහර අය දවල් කෑම ඒකට බොන්නේ ප්ලේන්ටියක් විතරයි. අපිට නම් ඉතින් දවල් කියන්නේ බත් කන වෙලාව මිසක් ප්ලේන්ටි බොන වෙලාවක් නෙමෙයිනේ. තවත් සමහරු වඩේ එකක් කාල ප්ලේන්ටියක් බොනවා. මේ අය අතරනම් බත් කන්න අකමැති නිසා ප්ලේන්ටි බොන අය නැහැ. බත් එකක් කන්න තරම් පුළුවන් කමක් නැති නිසා තමා මේ පිරිස වෙන මොනවායින් හරි දවල් වේල පිරිමහ ගන්නේ.

අපි වට පිටේ මිනිස්සු බඩගින්නට ප්ලේන්ටි බොද්දි අපේ බත් මුලෙන් කොච්චර අපි විසිකරලා ඇද්ද? ඒක කාටවත් දෙන්න නම් බැහැ තමයි ඒත් අපි අතින් කොච්චරනම් බත් අහක ගිහින් ඇද්ද. දන්සැල්, මළ ගෙවල්, මගුල් ගෙවල්, දානේ ගෙවල් කියලා කොච්චර නම් කෑම අපේ අය අහක දානවා ඇද්ද?

5 අදහස්:

අපේ ගෙදර නම් තුන් වේලටම බත්. ඒත් ගමනක් එහෙම ගියොත් නම් බත් කැවෙන් නෑ.

අපෙ ගෙද‍ර නම් දවල්ට විත‍රයි බත් කන්නෙ..ඒ නිසා මම නම් උදේටයි රෑටයි විත‍රයි කන්නෙ..මොනව ක‍රන්නද..බත් කන්න කිසිම ආසායක් දැනෙන්නෙ නෑ!

මට නම් බත් වලට වඩා දෙයක් නැහැ වේල් දෙක තුනක් බත් නැතුව ඉන්න උනාම නිකන් මොකද්ද උනා වගේ

මම නම් බත් කන්නේ වේල් 2යි.. දවල් සහ රෑ.. මහත් වෙන එක තමා අවුල..

මන් හිතන්නේ නම් මහත් වෙන අය මොනා කෑවත් මහත් වෙනවා . මොකො තුන්වේලම බත් කන කෙට්ටු අයත් ඉන්නවා මන් වගේ

Bloggers.com - Meet Millions of Bloggers