මගේ මරණය

ඔබ මෙක කියවනවද??
එහෙනම් මරණය හමු වේවි කවද හරි.
එසේනම් මැරෙනකම් ජීවත් වෙන මා සමග රැඳෙන්න.
මරණය හමුවෙන තුරා!!!

මේ දවස්වල මට ටිකක් හෙම්බිරිස්සාව ඉතින් හැම වෙලේම නහයෙන් බේරි බේරි තමා ඉන්නේ.
ඔය අතරේ මට සිද්ද් උනා පොඩි උවමනාවකට පොදු වැසිකිලියකට යන්න.
ලංකාවේ පොදු වැසිකිලි හරිම පිරිසිදුයිනේ ඉතින් ඒවා ඇතුලේ මාර සුවඳයි
සාමාන්‍යයෙන් නම් ගිහින් එනකම් හුස්ම ගන්නේ නැතුව තමා ඉන්නේ

ඉතින් ඔන්න මන් මගේ කටයුත්ත සිදු කරමින් ඉන්න අතරේ මගේ නහයෙන් බේරෙන්න පටන් ගත්තා

ඉතින් ඔයවගේ වෙලාවකට කරන්න තියෙන්නේ දෙවල් දෙකයි එකක් ලේන්සුවෙන් පිහදාගන එක
ඒත් මට ඒක කරන්න අත් දෙක නිදහස් කරගන්න විදිහක් නැහැ
අත් නිදහස් කලොත් මට සිද්ද වෙන්නේ කලිසම තෙමා ගන්න

අනික් එක තමයි හොඳට උඩට හුස්මක් ඇදලා එලියට එනටික ඇතුලට ඇදලා ගන්න එක
අනේ මට එක කරන්න විදිහකුත් නැහැ
පොදු වැසිකිලියේ සුවඳවත් වාතයෙන් මගේ පෙනහළු පුරෝ ගන්න බැරි නිසා.

මොනවා කරන්නද ලාවට දැනිච්ච ලුණු රසකුත් එක්ක මගේ කටයුත්ත මන් ඉවර කලේ තවත් කෙනෙකුට මූණ පෙන්නන්න බැරි තත්වෙකට පත් වෙමින්.

වැඩිය සෙනගක් නොහිටපු නිසා ඉකමනින්නම මූණ පිහදාගත්තා වැඩේ ඉවර වෙලා.

හැමදේම තිබ්බත් සමහර වෙලාවට අපිට පොඩි දෙයක්වත් කරගන්න බැරි තරම් අසරන වෙන වෙලාවල නැත්තෙමත් නැහැ මේ ජීවිතේ....!!!!

15 අදහස්:

අෙප් කාලයට හරියන ප්‍රස්ථා පිරුලක්.

ෙහම්බිරිස්සාකාරයා ෙපාදු වැසිකිලියට ගියා වගෙයි.

වැඩේ කරගන්නව හැබැයි නාගෙන

ම්ම් හොඳ කතාව. පොඩි දෙයක් උනත් කරගන්න බැරි වෙන වෙලාවට තමා ඒකේ අගේ තෙරෙන්නේ

අයිස් ක්‍රීම් ලිටර් 1/2 ක් කාලා ඇල් වතුරෙන් නාලා හොදට නිදාගන්න. ඊලග දවසේ හෙම්බිරිස්සාව හොද වෙලා තියෙයි

හික් හික්... සමාවෙන්න ඕනා... හැබැයි මට නම් සෑහෙන්න හිනා ගියා මේක කියවල...

හැබැයි මොනව උනත් ඇත්ත කථාව... ඒ උනාට හුස්මක් උඩට අදින්න තිබ්බනෙ.. මට නම් හෙම්බිරිස්සාව වෙලේට මොන ගඳ සුවඳ වත් තේරෙන්නෙ නෑ

ඔව් මිනිස්සු කොච්චර ලොක්කො වගේ හිටියත් තනියම නහය පිහදාගන්නවත් බැරි වෙලාවල එන්න පුළුවන්

අයිස් ක්‍රීම් නම් කෑවේ නැහැ ඒත් ඇල්වතුර නෑවා වෙනදටනම් හරියනවා මෙදා හරි ගියේ නැහැ

ගඳ සුවඳ නොතේරුනත් දන්නවනේ ඇතුලේ තියෙන්නේ සුපිරිසිදු වාතය කියලා. ඉතින් හුස්ම උඩට අදින්න මොකද්ද වගේ

ඔකට ෂුවර්ම ෙබහෙතක් තිෙයනවා.
මල් කෑල්ලකින් දුම් ෙපාඩ්ඩක් අැල්ලුව නම් නිට්ටාවටම හරි යනවා.

චාචු-බෙරිස්සාව කියලා ලෙඩකුත් එයි ඔන්න, පෙන්නේ නැද්ද ඉතින් ඌරෝ ඉඹින අයගෙන් සුකර එනවා වගේ ;) . අත් දෙක නිදහක් කර ගන්නට ඔහේට ලණුවක්වත් තිබ්බේ නැද්ද ලඟ පාත? :P

මටත් ඔය හා සමාන වැඩක් උනා මහරගමදි. හේමිරිස්සාව තිබුනා හොඳටමග පාරෙ යන ගමන් ඉතින් ආපහු ලේන්සුව අදින්න කම්මැලි නිසා මම හොඳ හුස්මක් ඇද්දා. මල කෙලියයි එතනම තිබුණා වාහනේකට අහු වෙලා මැරිච්ච බලු කුණක් ! (දවස් 2ක් වත් පරණ ඇති) මොනවා කරන්නද ඉතින්. හෙම්බිරිස්සාව කියල නෑ මට හොඳට සංවේදනය උනා සුවඳ. හරිම අමාරුවෙන් වමනෙ යන එක නවත්තගත්තේ.

හික් හික්..මේක කියවල හිනා ගිය ත‍රමට තව පොඩ්ඩෙන් මට ම‍රණය උදා වෙනව!

උඹලටනම් හිනා මමනේ දන්නේ මම කොච්චර අපහසුතාවයට පත් උනාද කියලා, නහය පිහදා ගන්න බැරුව

හෆොයි....!!! හරිම පව් වැඩේ... මං මේ ළගදි ජොලි වීඩියෝ එකක් දැක්කා..ඔය වගේ වෙලාවක පිටරටදි වෙච්චි වැඩක්.. පිරිමි 3ක් ඉන්න එකක්.. දැකලා තියනවාදා මංදා.. මට ආයේ හම්බ උනොත් දෙන්නම්...

අර හෙම්බිරිස්සාවට වැඩක් තියනවා.. ලාවට හැදීගෙන එනකොටම වගේ ‍පැය 2ක් විතර හොදට දාඩිය දාන්න වැඩක් කරන්න.. එක්කෝ ඇවිදින්න.. හෙම්බා හැදෙන්නේ නැහැ.. අත්දුටුවයි.!

අපොයි ඕක හරි ලේස් වැඩක්නේ. මම දැකලා තියෙනවා හෙම්බිරිස්සාව පොඩි එවුන් ලේන්සු වෙනුවට දිව පාවිච්චි කරන අවස්ථා. හිහ්!

ඒ වීඩියෝ එක මාත් දැකලා තියෙනවා. මන් මේ කල්පනා කලේ කොයි කටයුත්තද ලඟ ඉන්න කෙනාට පවරන්නේ කියලා, නහය පිහදාන එකද නැත්නම්.....

හෙම්බිරිස්සාව නෙමෙයි නිව්මෝනියාව හැදෙන එක ඉවසන්න පුළුවන් පැය දෙකක් මහන්සි වෙන වැඩක් කරනවට වඩා

පොඩි කාලෙනම් මාත් ලේන්සුව වෙනුවට දිව පාවිච්චි කලා දැන්නම් ඒක ටිකක් අමාරුයි වගේ

තනි අතින් අල්ලන් චු කරන්න බැරිද?

Bloggers.com - Meet Millions of Bloggers