මගේ මරණය

ඔබ මෙක කියවනවද??
එහෙනම් මරණය හමු වේවි කවද හරි.
එසේනම් මැරෙනකම් ජීවත් වෙන මා සමග රැඳෙන්න.
මරණය හමුවෙන තුරා!!!

ජීවත් වෙන්න නොකර ඉන්නත් බැරි
කරනකොට ජීවිතෙත් එපා වෙන

නොකලොත් අතට කීයක් වත් නොලැබෙන
කලොත් අතේ ඇති ටිකත් මගට වියදම් වෙන

නැති විටත් හිතට කරදර
ඇති විට ඊටත් වඩා කරදර

අනේ මන්දා මේ අපි කරන රස්සාව......

ගොඩක් වෙලාවට අපි කරන රස්සව ගැන අපි සතුටු වෙන්නේ නැහැ ඒත් ජීවිත් වෙන්න නම් රස්සාවක් කරන්නම එපායෑ ඉතින් අකමැත්තෙන් උනත් ඉතින් රස්සාවක් කරන්නම් වෙනවා. ගොඩක් අය රස්සාවල් මාරු කරන්නේ කරන රස්සාව ගැන තෘප්තිමත් නැති නිසා. කලාතුරකින් කෙනෙක් නම් දිගටම එකම තැන වැඩ කරන්වා. සමහර විට වෙන තැනකට යාමේදී ඇතිවෙන අවධානම නිසා වෙන්නත් පුළුවන් එහෙම නැත්නම් පුරුදු තැනනේ ඉතින් ඔහේ ඉන්නවා නිසා වෙන්නත් පුළුවන් .කලාතුරකින් කරන රස්සව ගැන තෘප්තිමත් නිසා වෙන්න පුළුවන්.

මට නම් තාම බැරි උනා ආසාවෙන් වැඩ කරන්න හිතෙන තැනක වැඩ කරන්න. ගොඩක් තැන් එපා වෙන්නේ ඒවයේ පාලක අය විසින් ඉතා පහත් විදිහට සේවකයන්ට සලකන නිසා.

සම්මුඛ පරීක්ශණවලදි නම් කියනවා අපේ කොම්පැනිය ඉතියෝපියාවේ (උදාහරණයක්)ලියාපදිංචි කරලා තියෙන්නේ කියලා, අපිත් ඉතින් ලොකුවට හිතනවා හැබැයි බැංකුවකින් ණය පතක්වත් දෙන්නේ නැහැ එහෙම තැන්වල වැඩ කරන අයට. මෙහෙ ලියාපදිංචිය හරිම වැදගත් සේවකයන්ට. පාලකයන්ට ලියාපදිංචි නොවෙන එක හොඳයි එතකොට බදු එහෙම ගෙවන්න ඕනේ නැහැනේ.

වෙන රටවල ගැන කියලා මේ අය හොරෙන්ම EPF, ETF ගෙවන එකත් මග අරිනවා, ලොකු පඩියක් ගෙවනවනම් කමක් නැහැ එහෙම නැති උනොත් නම් ඉතින් කාලයක් වැඩ කරලා හිස් අතින් තමා ගෙදර යන්න වෙන්නේ.මම මේ කතා කරන්නේ ඉල්ලීම් ගැනම නෙමෙයි කිසියම් සාධාරණයක් තියෙන්න ඕනේ නිසා. මොකො අන්තිමේ අපිටත් වැඩක් නැහැ, රටටත් වැඩක් නැහැ අයිති කාරයෝ කොම්පැණිය වහලා දාල යන්න යන්වා.

10 අදහස්:

මොනව වුනත් හැම‍දේටම යට වෙලා අපිට රස්සාව කරන්න වෙනවා. හේතුව, අපිට ජිවත් වෙන්න ඕනේ නිසා. නැත්නං තමන්ගේම දෙයක් පටන් ගන්න ඕනේ...

හ්ම්ම්ම්ම්ම්ම්...

ඔය ෙවලාවට තමයි ගමට ෙවලා ෙහ්නක් කුඹුරක් කරගෙන ඉන්න ඒෙක් අගය ෙත්ෙරන්ෙන.

සිරාවට බන්

කොහොමත් මන් හිතන්නේ ඉස්සරහට හේන්ගොවි තැනට හොඳ කලක් යයි

රස්සා..! ඇතුවත් බැරි නැතුවත් බැරි දේවල් තමා ඉතිං ඕවා.. අනේ මංදා ඉතිං..!

සමාගම් ඕනෙ ඕනෙ විදිහට පවත්වා ගෙන යන්න බෑ මචං. 2007 සමාගම් පනත යටතේ ලියාපදිංචි වෙන්න ඕනෙ.. වෙලා නැත්නම් මට කියපං. ඕනෙනම් ගේමක් අදිමු.. නැත්නම් Inland Revenue එකට කියපං, එහෙමමත් නැත්නම් සමාගම් රෙජිස්ට්‍රාර් ට කියන්න කොම්පැනිය illegally පවත්වාගෙන යන බවත් ඒ නිසා එහේ සේවකයන් වන අපිට අපගේ රස්සාව පිලිබඳ අවිනිශ්චිත භාවයක් උදාවී ඇති බවත්. ඒකම කම්කරු කොමසාරිස්වරයාටත් කියන්න; තවද අපගේ රැකියා හි සුරක්ෂිතතාවය, EPF, ETF සම්බන්දයෙන් මැදිහත් වෙන ලෙසත් කම්කරු කොමසාරිස්වරයාට කියන්න.

ඕවා කරලා වැඩක් නැහැ බන් අන්තිමට අපේ රස්සවට තමා කෙලවන්නේ
ඊට වඩ හොඳයි ඉතින් දෙන දෙයක් අරගෙන වෙන තැනක් හම්බ වෙනකම් ඔහේ ඉන්න එක

@ ම: ඒක ඉතින් ඔයාගේ කැමැත්ත... මම කිව්වේ ඔයාට තියෙන available options ටික විතරයි! නීතිය පැත්තෙන්... ඒකට කැමති නැත්නම් ඔය ඉන්න විදියට ඉඳලා වෙන තැනක් හම්බ වුණාම දැන් ඉන්න තැන head එකාට දෙකක් කියල පලයං...
කැමත්ත ඔයා අතේ....

ඔව් ඔව් මාත් කරන්න ඉන්නේ ඒක තමා
ඉන්න ටිකේ ඉඳලා යන දාට කියලා යනවා අඩුම ගානේ අළුතින් ගන්න අයටවත් සාධාරණ විදිහට සලකන්න කියලා

thamanta oita wada naraka rassawak nolabima gana sathutu wenna.aka thamai hondama de.

Bloggers.com - Meet Millions of Bloggers