මගේ මරණය

ඔබ මෙක කියවනවද??
එහෙනම් මරණය හමු වේවි කවද හරි.
එසේනම් මැරෙනකම් ජීවත් වෙන මා සමග රැඳෙන්න.
මරණය හමුවෙන තුරා!!!

හැමදාම වගේ මට IT Filed එකේ රස්සාව එපා උනාම Paddy Field එක හොඳයි කියලා හිතෙනවා ඒත් තාමත් මඩ නැතත් IT Filed එකේ ඉඳගෙන මඩ නානවා.

කෘෂිකර්මාන්තයට සම්බඳ වෙලා ඉන්න තරුණ වයසේ අයනම් මේ පළාතේ හරිම අඩුයි ඉඳලා හිටලා වෙලඳාම කරන අය හිටියත් කෙලින්ම වගාවට සම්බඳ වෙච්ච අය ඇත්තේම නැති තරම්. ගොඩක් ඇඟ වෙහෙසලා කරන්න ඔනේ දෙයක් නිසා දැන් ඉන්න තරණ අයටනම් වගාවක නියැලෙන්න තරම් ශරීර ශක්තියක් නම් තියෙනවද මන්දා.

හමෝම හිතන්නේ ගොවිතැන් කරනවට වඩා කාර්යාලයක රස්සවක් කරන එක හොඳයි කියලා. ඒත් මන් නම් හිතාන්නේ ඒකේ අනික් පත්ත ඒත් කරන්නේ ඒ පැත්ත.

ලංකාවේ යුද්දෙන් පස්සේ නැගෙනහිර පළාතේ තියෙන ගොවිබිම අරගන්න වෙන රටවල සමාගම් නම් උනන්දු වෙනවා කියලා පහුගිය ටිකේ පත්තර වල තිබ්බා, ඒත් අපේම රටේ අය මේවා ගැන එච්චර උනන්දුවක් නැහැ වගේ අන්තිමට අපි අපේම රටේ වැවෙන දේවලුත් පිටරටවල අයට සල්ලි දීල අරන් කන කාලයක් උදාවෙයිද මන්දා.

මේ කාලේ ලොකේම කර්මාන්තවලට හෙනහුරා ලබලලුනේ ඒත් මන් කොහේ හරි දැක්ක කෘෂිකර්මාන්තයට එහෙම අර්බුදයක් බලපාල නැහැලු. ලෝකේ ඉන්න සල්ලි තියෙන අය කිසිම පැකිලීමක් නැතුව කෘෂිකර්මාන්තයට මුදල් ආයෝජනය කරනවලු.අප්‍රිකාවේ නොයෙක් ගැටළු තියෙන රටවල ගොවිබිම් අරගන්න හිටන් සල්ලි තියෙන රටවල් වල උදවිය කටයුතු කරනවා කියන්නේ.

මිනිස්සුන්ට පරිගනක නැතුව ඉන්න පුළුවන් උනත් කෑම නැතුව ඉන්න බැහැනේ ඒක නිසා කවද හරි දවසක ගොවිතැන් කරන අයට අනික් අයට වඩා හොඳ කලක් යාවි කියලා මටනම් හිතෙන්නේ.

9 අදහස්:

රමිස් රාජාත් (Ramiz Raja) ලංකාවෙ බුලත් පාත්තියක් හිටවන්න යනව කියන්නෙ... ;)

කතාවනම් ඇත්ත වෙන්න පුළුවන් අපේ අයිය කෙනෙක් කිව්වා මෙහෙන් පකිස්ථානේ යනකොට බුලත් බෑග් එකක් ගෙනිච්චනම් සල්ලි ගොඩක් හොයන්න පුළුවන් කියලා. එහෙ පොලීසියේ උන්ට පගාවට බුලත් කොල 10ක් විතර දුන්නම ඇතිලු. මෙහෙන් යන සමහර ශිෂ්‍යයෝ ගෙනියන බෑග් එකේ බුලත් ගෙනිහින් එහෙ විකුනල සල්ලි හොයන්වලු.

අපේ පැත්තෙත් සමහර කුඹුරු දැන් වගා කරනවා.

denui therune malee ge kathava... eya kiva api denna eka vage elolu hitavanna asai naki unama kiala... he he
ettamai... davasin davasama mata vaga karanna asa hitena deval mai venne... mata hitenava api me karana kisi dekin nolabana sathutak vaga karala gas vel ekka jivath vela laba ganna puluvan kiyala...anika api gas vel valata adare karala eva apita return karanavane minissu vageth nemei ne neda?

ඔව් මාත් හිතන්නේ ගස් වැල් එක්ක හිටියහම ලැබෙන සතුට වෙන දේකින් ලබන්න බැහැ කියලා

එකම දුක අපිත් ඔවා හිතනවා විතරනේ.. කරන්නේ නැහැ නේ..!

ඔව් මචන් මම ඔක ගැන හිතලාම ලැපක් ගන්න හිතුවා කොහොමද අමු‍ඩෙ ගහගන වෙලට වෙලා ‍කුබුර කොටන ගමන් බ්ලොග් කෙරුවාව

This comment has been removed by the author.

@දිසා

අමුඩ එක්ක උඹව කවුරු හරි දැක්කොත් අනිවා උඹව වංගෙඩියට ගනිවි.

Bloggers.com - Meet Millions of Bloggers