මගේ මරණය

ඔබ මෙක කියවනවද??
එහෙනම් මරණය හමු වේවි කවද හරි.
එසේනම් මැරෙනකම් ජීවත් වෙන මා සමග රැඳෙන්න.
මරණය හමුවෙන තුරා!!!


පර්ල් එස්. බක් ගේ Hidden Flower කියන පොතේ සිංහල පරිවර්ථනය තමයි සකායි කියන්නේ. මේක පරිවර්ථනය කරලා තියෙන්නේ මගේ කැමතිම ලේඛිකාවක් වෙන සුනේත්‍රා රාජකරුණානායක. සුනේත්‍රාගේ පොත් ඕනේ එකක් මන් ගන්න නිසා මේ පොත ගත්ත මිසක් වෙන හේතුවක් නිසා නෙමෙයි ගත්තේ නම්. 1992 දි ප්‍රථම මුද්‍රනයේදි පොත් 2 ක් හටියට තිබිලා දැන් 2006 තුන්වෙනි මුද්‍රන්යේදි එක පොතක් හැටියට තමා තියෙන්නේ.

මගක් කියවද්දිම බ්ලොග් එකේ දාන්න හිතුනේ මේකේ කතාව යන්නේ දෙවෙනි ලෝක යුද්ධයට පස්සේ කාලේ ජපානයේ ජීවත් උන නම්බුකාර විදිහට ඉන්න හදන සාම්ප්‍රදායික ජපන් පවුලක යුවතියක් වන ජෝසු සකායි සහ ඒවගේම ඉන්න ඇමරිකානු පවුලක ජපානයේ සේවය කරන හමුදා නිලධාරියෙක් වෙන ඇලන් කෙනඩි අතර ඇතිවෙන ප්‍රේමය ගැන.

මේක කියවද්දි මට මතක් උනේ අපේ රටේ අනාත කඳවුරක ඉන්න වැදගත් දෙමළ පවුලක් අනාගතේ දවසක ගෙවල් වල පදිංචි උනාම එහෙම පවුලක ද්‍රවිඩ තරුණියක් සහ අපේ සිංහල හමුදා නිලධාරියෙක් අතර ප්‍රේමයක් ඇති උනොත් මේ වගේ වෙයිද කියලා.

යුද්ධෙන් දිනලා නිසා ඇමරිකානුවන් ජපන්නුන්ට සලකන්නේ පහත් විදිහට. යුද්ධෙන් පැරදුන නිසා ජපන්නු ඇමරිකානුවන් දිහා බලන්නේ වෛරයකින්. මේවා මේ විදිහටම නැතත් අපේ රටේත් අඩු වැඩි වශයෙන් නැත්තෙමත් නැහැ. (දැන් කට්ටිය කියයි ඒ යුද්ධෙයි මේ යුද්ධෙයි වෙනස් කියලා මටනම් කොහෙ උනත් යුද්ධේ යුද්ධෙම තමා). කොහෙදි හරි මන් දැක්ක ඉතිහාසයේ සිදුවීම් නැවත නැවත සිදු වෙනවා කියලා කවුද කියලා තියෙනවා.

ගිය පාර පොත් ප්‍රදර්ශන්යෙදි ගත්තත් අද තමා කියවන්න පටන් ගත්තේ තාම පිටු 320 න් 153 කියෙව්වේ.

මිල නම් ටිකක් වැඩියි 390/= පොත් ප්‍රදර්ශනයෙදි ගත්ත නිසා මන් හිතන්නේ 20%ක විතර වට්ටමක් ලැබෙන්න ඇති.

11 අදහස්:

මම හිතන විදියට තව ඔයවගේ ම කතාවක් තියෙන පොතක් තියෙනවා.., රතු සෙබළිය කියලා. මට හරියටම ෂුවර් නෑ කතා දෙක එකවගේද කියලා. මොකද මම කියවලා නෑ මේ පොත.

අපූරු ෙපාතක්. මටත් මතක ෙපාත් 2ක් විදියට කිෙයව්ව කියලයි.

රතු සෙබලිය කතාව මීට වඩා ටිකක් වෙනස්

ඔව් කලින් දෙකක් තිබිලා තියෙන්නේ. 2006 දි එකට ගහලා

ෂහ්... මාත් බලන්න ඕනේ අරගන්න... ඔත්තුවට ස්තූති වේවා!

meka maara lassana pothak . . . hamoma balanna . . .!

මම පර්ල් එස් බර්ක් ගේ පොත් දෙකක් කියවලා තියනවා.. සාරභූමියි පීකින් නුවරින් ලැබුනු ලියමන. දෙවෙනි පොත් අතුරු දහන්.. සකායි කියවලා නම් නැහැ. බලමු ඉස්සරහට පුළුවන් වෙයිද කියලා කියවන්න.

මචන් මට පොත් කියවන්න වෙලාවක් නැ නේ උදෙ ඉදලා මොනිටර් එකට ඔලුව ඔබාගන ඉන්නවා එත් මොකුත් කරන්නේ නැ කොහොමත් පොත් කියවන්න ඔනි අයමත්

මමත් මේකෙ මුල් පොත් දෙකින් එකක් කියවල තියෙනවා ගොඩක් ඉස්සර.

මචං ලංකාවේ සිංහල පොතක් ජංජාලෙන් ගන්න ගියාම හොඳ හැටි කුණු හබ්බ මතක් වෙන්නේ.

තිබිබොත් හොද එකක් ඒ මොණරි.com තමා. අනික් එව්වා නම් ඉතිං හද්ද පරණ එව්වා හරි 'කඩු' පොත් තියෙන්නේ.

දුක තමා රංජිනි. ලංකාවේ ඇත්තන්ට කියලා පොත් වගක් ගන්න බලන්ඩ ඕනේ පාඩු වගේ වුණත්.

සකායි නම් මරු පොතක්. හරිම ලස්සනයි.
ඔව්, ඔය ගානට ලැබිලා තියෙන්නෙ වට්ටමක් එක්ක. ඒක ෂුවර්.
:)

පීකින් නුවරින් ලැබුනු ලියමන, මාත් කියවල තියනව, එකත් සුනෙත්‍රා රාජකරැනානායකගෙද?

Bloggers.com - Meet Millions of Bloggers