මගේ මරණය

ඔබ මෙක කියවනවද??
එහෙනම් මරණය හමු වේවි කවද හරි.
එසේනම් මැරෙනකම් ජීවත් වෙන මා සමග රැඳෙන්න.
මරණය හමුවෙන තුරා!!!

අරක්කු
කිසිම සැලසුමක් නැහැ හදිස්සියෙම වගේ කට්ටිය එකතු වෙනවා. ඔන්න ඉතින් එක්කෙනා රුපියල් සීය දෙසීය දාල අමාරුවෙන් රුපියල් හත්සීයක් විතර එකතු කරලා ගේනවා අරක්කු බෝතලයක්. ඕක බොන්න යන්තමට ඇති වෙන්න සෝඩයි හපන්න ලාබෙට මොනා හරිත් අරන් ඇවිත් ඉන්න ගානෙන් බාගයකට ඇති වෙන්න කෝප්පත් හොයා ගන්නව ඉතින් එකම කෝප්පේ (ගොඩක් වෙලාවට ප්ලාස්ටික් ) මාරු කරකර බෝතලේට වග කියනවා. කෝප්පෙට ටිකක් දාලා යන්තම් සෝඩා දාලා බොන්නේ එක උගුරට. ඔය අතරේ යන කතා බහ හරිම විනෝදයි. කතා බහ සරලයි අනිකා මොනා හිතුවත් ඔහේ කියලා දානවා. අරක්කු බොන කොට නම් වින්දනේ උපරිමයි හපන එකෙන් අතේ ගෑවෙන ඒවා පිහදාන්නෙත් කඩදාසියක...

විස්කි
ඔන්න ඉතින් වෙනම සැලසුමක් හදලා කට්ටියට ආරාධනා කරනවා. පිරිසිදු වීදුරු කෝප්ප අයිස්, සෝඩා හපන්න සොසේජස්, ඩෙවල්, ඔම්ලට්. පිඟන් වලට දාලා ගන්නේ ගෑරුප්පුවෙන්.වැරදිලාවත් වීදුරුවක් එහෙම මාරු වෙන්න දෙන්නේ නැහැ. වීදුරුවට ටිකක් දාලා ඒ වගේ දෙගුනයක් සෝඩා දාලා අයිස් පුරෝලා බොන්නේ උගුර උගුර. කතා බහ බරපතලයි අනික් කෙන මොනා හිතයිද දන්නේ නැහැ කියලා කියන දේවල් කියන්නේ හරිම පරිස්සමින් (අරක්කු බීලා ගහගන්නත් විස්කි බීලා සාමෙන් ඉන්නෙත් මේ නිසා වෙන්න ඇති ). ඉඳුල් ටිකක් හරි අතේ ගෑවුනොත් පේපර් සවියට් එකකින් තමා පිහ දාන්නේ. ඇත්තටම මේලෝ රහක් නැහැ .....

මොන වින්දනයක් නැතත් විස්කියි අරක්කුයි එකට තියලා බොන්නේ මොනාද කියලා ඇහුවම නිතර බොන්න නොලැබෙන නිසා තියෙන පෙරේතකමට මාත් තෝර ගන්නේ ඉතින් විස්කි කියන එක තමා

මන් හිතන්නේ පළවෙනි වතාවට මන් පොත් ප්‍රදර්ශනේට නොගිහින් හිටියා.
ගන්න පොත් 4ක් 5ක් හිතේ තිබ්බ ඒත් ගනන් ගැන හොයලා බැළුවම නොගිහින් ඉන්න එක හොඳයි කියලා හිතුනා පොත් වල ගනනුත් අරක්කු වල ගනන් වගේ හැමදාම වැඩි වෙනවද කොහෙද???

කවුරු හරි ලිබර්ටි සිනමාහලේ තියෙන Love Aaj Kal ෆිල්ම් එක බැලුවද?
කොහොමද හොඳයිද?

11 අදහස්:

පොඩ්ඩක් වැඩිපුර දීල බිව්වට මම නම් විස්කි(වොඩ්කත්) වලට කැමතියි. පහුවදාට දුක් විඳින්න වෙන්නෙ නැහැනෙ.
මම අරක්කු බීල තියෙන්නෙ දෙපාරයි; ජීවිතෙටම ඒ ඇති (පහුවදා පණ එපා උනා).

අනේ මචෝ අපේ රටේ පොඩි එවුන් ටික ගැනවත් හිතල ඔය අරක්කු ගැන ලියන එක නවත්තමුකො. ඔය ලියන විදියට අරක්කු ‍බොන එක හෙන ආතල් වැඩේ කියල හිතෙන්නෙ.

අරක්කු බොන එක ගානට කලොත් හෙන ආතල් වැඩක් තමයි. හැම එකකටම වගේ ඒකත් පෙරේතකමට කලොත් ඉතිං චා තමයි.

හික් හික්... පොඩි එවුන් නම් අරක්කු බොන්නෙ මුගේ බ්ලොගේ කියවල නෙවෙයි. ගෙදර මිනිස්සුයි ටීවී එකෙයි බොනව පේන හින්ද.

මතට තිත වුණාට ඒ ගැන කතා කරන එකට තිතක් තියල නෑනේ. අනික ලොකෙ හැමෝම ටිකක් හරි බොනව නම් තියෙන ප්‍රශ්ණ වලින් බාගයක් අඩු වෙනව.

මමත් පොත් ප්‍රදර්ශනේට ගියාට වැඩිය මුකුත් ගත්තෙ නම් නෑ. ක්ලාක්ගෙ පොත්වල අළුත් පිටපත් තිබුණ නිසා මා ගාව නොතිබුණ පොත් දෙකක් විතරක් ගත්ත. හැබැයි මම පොත් නොගත්තට එක්කෙනෙක් ගත්තු පොත් මිටි ගාණක් උස්සන් ගියා :P

මෙන්න ADIC එකෙක් මෙතෙන්ටත් රින්ගලෝ.. අම්මපා මුන්ටත් තියෙන අමාරුවක්.

අර කිව්ව වගේ මතට තිත මදිවට මත ගැන ලියන එකටත් තිත තියන්නද හදන්නෙ. එහෙම වුනොත් ලංකාවෙ කලාකාරයො, පත්තරකාරයො පව්.

www.idl.lk තහනම් කරලා.... :P උඹේ බ්ලොග් එකත් තහනම් කරයි මචෝ.... :(

හික් හික්.... :D

කෝ උඹ මට කෝල් එකක්වත් දුන්නේ නැහැනේ.....!! :( වෙලාවක බත්තරමුල්ලේ පාලම් තුන හංදිය පැත්තේ සෙට් වෙමු... :D

අරක්කු ගැන ලියන එක දැන් ගොඩක් අඩු කරලා තියෙන්නේ
මේක ගොඩ කාලෙකට පස්සෙනේ ලිව්වේ. මම නම් බොන්න පටන් ගත්තේ බ්ලොග් බලලා නම් නෙමෙයි හැබැයි

හරේ ඔය එක්කෙනා කවුද කියලා මට පොඩි පහේ සැකයක් නම් තියෙනවා ;-)

එහෙම උනොත් නම් හොඳ නිර්මාණ බිහි වෙයිද මන්දා

එළ එළ සෙට් වෙමු බන්

බොන්නෙ අරක්කුද විස්කිද කියන එකට වඩා බොන්නෙ කා සමග කොහේදී කුමක් අරබයාද කියන එක මත තමයි බොන විදිහ සහ ඇවතුම් පැවතුම් (බීමට පෙර, පසු සහ අතරතුර) තීරනය වෙන්නෙ. කොහොමත් මට විස්කි වල මකුනු රහ හරියන්නෙම නෑ... මමත් කැමතියි ගානකට බීල හදවතට දැනෙන්න කතා කරන යාලුවො එක්ක සෙට් වෙන්න... මොකද කියන්නෙ, අද හෙටම...?

me pette blog aluth velama nedda ane?

arakku n whisly... apoi mata deken ekakvath set venne ne...
e unata oya beema varga beema gena liyana eka nathara karanna epa kiyalai man nam kiyanne.. me loku cultural pants (Eva mata nam penne pampers andina ayyala, akkala liyana eva kiyalai)dagena inna ayage katha ganan ganna epa... oyata hitena de oya liyanna.. me hema dekinma anith ayata ganna deval thiyenavane.. epa aya hitapu den api balen meva kiyavanan kiyala ne ne..

අනේ මචෝ අපේ රටේ පොඩි එවුන් ටික ගැනවත් හිතල ඔය අරක්කු ගැන ලියන එක නවත්තමුකො. ඔය ලියන විදියට අරක්කු ‍බොන එක හෙන ආතල් වැඩේ කියල හිතෙන්නෙ.

me vage liyana aya nikam melo rahak nethi gembo vithrai... bonne mokatada eken thiyena vindanaya mokakda kiyalavath me pampers baby lata therenne ne.. eyala hithanava ette eyala vage kelin hitaganna beri venna loke hemoma bonava kiyala vennethi..
daaanna 5 k arakku genama post karanna... one nam mage FB pics aran (Beema gena)mekata daanna...

කොහෙද අනේ මටත් දැන් හිතේ හැටියට බීම ගැන ලියන්න බැහැ. බළධාරියා ගෝරණාඩු කරනවනේ

eka nam aththa kathawa maranaya. simple life eka rocks kiyanawane

Bloggers.com - Meet Millions of Bloggers