මගේ මරණය

ඔබ මෙක කියවනවද??
එහෙනම් මරණය හමු වේවි කවද හරි.
එසේනම් මැරෙනකම් ජීවත් වෙන මා සමග රැඳෙන්න.
මරණය හමුවෙන තුරා!!!

අපි මොනවාහරි ලියනවා අපේ බ්ලොග් වල අනික් අයත් ඇවිත් ඒවා කියවනවා. ඇයි අපි ලියන්නේ ? මමනම් ලියන්නේ මගේ හිතේ සතුට වෙනුවෙන්. අපිට සතුටු වෙන්න එහෙමත් නැත්නම් හිතේ තියෙන දුක සතුට පාළුව තනිකම ඔය වගේ හැඟීම ලියලා හරි පිටකරන්න හිතාගෙන අපි බ්ලොග් ලියන්වා. හැමොම තම තමන්ගේ බ්ලොග් වල ලියන්නේ තම තමන්ගේ සතුටක් වෙනුවෙන් එහෙමත් නැත්නම් මොකක් හරි පුද්ගලික හැඟීමක් වෙනුවෙන්. එහෙම ලියවෙන ලිපිවලට හම්බවෙන ප්‍රතිචාර නම් හැමවෙලේම යහපත් නැහැ.

මටනම් එහෙම වෙලා නැහැ ඒත් සමහර අයගේ ලිපිවලට ලැබිලා තියෙන ප්‍රතිචාර දැක්කම කනගාටු හිතෙන්වා. අනික් අයගේ අදහස් , සිතුවිලි වලට එහෙම අපහාස, නින්දා බැනවැදීම් කරන්න හොඳද? කාගෙවත් සිතුවිලි, අදහස් අපිට ගැලපෙන්නේ නැත්නම් අපි එව නොකියවා ඉන්න එක හොඳයි එහෙම නැනම් අඩුමගානේ කියවලා බනින්නේ කරන්නෙ නැතුව ඉන්න පුළුවන්.

මමනම් අදහසක් දාන්න කලින් ගොඩක් හිතනවා ඒකෙන් අයිති කෙනාගෙ හිත රිදෙයිද කියල. වැරදියට තේරුම් ගනීද කියලා. මම පොර කියලා හිතාගෙන ලියන අයත් , අදහස් පලකරන අයත් ඉන්නවා දෙගොල්ලොම හරිද නම් දන්නේ නැහැ ඒත් අනික් කෙනෙක්ට ලියන එකත් එපා කරවන එකනම් හරි කියලා මන් නම් හිතන්නේ නැහැ.

මම අන්තර්ජාලය පාවිච්චි කරන්න ගත්ත කාලේ ඉඳලා නොයේක් ජාති Download කරනවා.Films, e books, Software, mp3, Movies, music Video, Scripts. තාම කරමින් පවතිනවා. හැබෑටම මේ කරන එවා මට ප්‍රයෝජන වත්ද මන්දා? Download කරන සේරම ටික මගේ Hard Disk එකේ තියා ගන්න බැරි නිසා DVD වලට Copy කරනවා. දැන් දැන් මගේ DVD ප්‍රාමානය 200 කටත් වැඩි වෙල. මේවායින් කොච්චරක් මම ප්‍රයෝජනයයට අරන් තියෙනවාද මන්දා. මන් හිතන්නේ ගොඩක් දෙවල් නිකන් ලැබෙන නිසා Download කරපුවා.

සමහර එවා ආයි ආයි Download කරලා ඇයි තියෙනවා කියල දන්නේ නැහැ. මගෙ Back Up එකේ හොයන්වට වඩා අන්තර්ජාලෙන් හොයා ගන්න එක ලේසියි මොකෝ මගේ Back Up එක Search කරන්න බැහැනේ.නිකන්දෙන Software කිසිම වැඩක් නැහැ මොකො එවායේ අළුත් Version ආපහු නිකන්ම Download කරගන්න පුළුවන් නිසා ඒත් එහෙම ඒවත් තියෙනවා (php, Mysql, Apachi, xamp). සමහර mp3 ජීවිතේට අහලා නැහැ. සමහර ඒවා අහන්න තරම් ලස්සනත් නැහැ. ඒත් Download කරනවා. සමහර Films බලලත් නැහැ. බලන්න තරම් හොඳත් නැහැ. ඒත් Download කරනවා. හරියට හෙට ඉඳන් අන්තර්ජාලය නැතිවෙනවා වගේ.

මේකෙන් වෙන්නේ එකම එක දෙයයි මන්ගාව දත්ත කසල ගොඩක් එකතු වෙන එක විතරයි. විනාස කරන්නත් ලෝබයි ඒත් කලමනාකරණය කරන්නත් ලේසි නැහැ. තව ඉස්සරහට කසල කලමනාකරණයට, දත්ත කසල කලමනාකරණයත් දාන්න වෙයි වගේ.

Hair Gel අපි කවුරුත් දන්නවානේ . අපිනම් ඒවා පාවිච්චි කරන්නේ කොන්ඩේ ගාන්න ඒත් දැන් ඉස්කොලේ යන් ළමයි එව වෙනදේකටත් පාවිච්චි කරනවළු .කවුරුත් කිව්වට පිළිගන්න එකකුත් නැහැ. දැන් කොල්ලො Hair Gel පාවිච්චි කරන්නේ කන්නළු. බඩගිනට එහෙම නෙමෙයි ආතල් එකට. පහුගිය කාලෙ Cough Syrup බිබී හිටියා අන්තිමට Pharmacy වලින් Cough Syrup දෙන එක නැවැත්තුවා වෛද්‍යවරයෙකුගෙන් තුණ්ඩුවක් නැතුව.

කාලයක් බාබුල් කාලයක් Cough Syrup දැන් Hair Gel . මුන් මේවා කොහෙන් හොයාගන්නව්ද මන්දා.අපි ඉස්කොලෙ යනකාලෙනම් ඔච්චර ජාති තිබ්බේ නැහැ. මදන මෝදක, බබුල් විතරයි ඔය දෙකම මාත් කාල තියෙනවා ඇති වැඩක් නැහැ. මෙලෝ රහක් නැහැ. මොකට කනවද මන්දා.තව කියන්වා Coca-Cola එකකට Panadol දෙකක් දාල බොන කතාව්ක මමනම් ඒක අත්හදා බලල නැහැ.

මම නම් කියන්නේ ඔය අනන මනන් කරන්න යන්න එපා ආතල් එකක් ඕනේ නම් බොන්න අරක්කු, බියර් වගේ බොන්න තියෙන ජාති. ඔය ඕනෙතරම් බාර් තියෙන්නේ රට පුරාම. වෙන දේවල් කාලා බීලා නිකන් ලෙඩ වෙන්නේ නැතුව.

මම නම් හිතන්නේ අරක්කු බොන එක ඇඟට ගුණයි ඔය එක එක එවා කනවා බොනවට වඩා. මුන්ට පිස්සුද මන්ද ටික කාලයක් ඉඳ අපි වගේ ලොකු උනාම ඇතිවෙනකම් බොන්න බැරියැ.

හැමදාම කාලක් ගහන කාලකන්ණියෙක් වෙන්න එපා. අපි වගේ ඉඳලා හිටලා බාගයක් ගහන භාග්‍යවන්තයෙක් වෙන්න.!!!

මම දන්න කාලේ ඉඳල මට තියෙන හොඳ කරන්න බැරි භයානක රෝගයක් තමා කම්මැලිකම කියන්නෙ.

වැඩ ගොඩගැහිල ඒත් කරන්න තියා අල්ලන්නවත් හිතේන්නේ නැහැ. නිදි කිර කිර ඉන්නවා. මේ දවස් වල උදේට තියෙන හීතල මගේ ලෙඩේ වැඩි කරනවා. උදේට නැගිටින්නේ එල්ලල මරන්න ඉන්න මිනිහෙක් නැගිට්ට්වන තරම් අමාරුවෙන්. උදේ නැගිටලා වැඩට එනව ආයි ගිහින් උදේට කනව ඇවිත් ටිකක් ඉන්නවා ආයි ගිහින් දවල්ට කනවා. ආයි ටිකක් ඔය මොනා හරි අතගානව ඊට පස්සේ ගෙදර යනවා. ගිහින් රෑට කාල නිදා ගන්නවා.
ආයිත් ඊලඟ දවසෙත් සුපුරුදු ජීවන චක්‍රය. මේක කියෙව්වම තවත් කනගාටුයි මං ගැනම.

අපිට තියෙන වටිනාම වස්තුවක් තමා කාලය අනික් මොනවා නැති උනත් ආපහු හොයා ගන්න පුළුවන් ඒත් මේ නාස්තිකරන කාලය ආයි කොහොම හොයා ගන්නද?

මන් දන්න තරමින් මන් කම්මැලි නැති එකම කටයුත්ත තමා සෙට් වෙන එක. එහෙම එකක් මතක් කලත් පුදුමාකාර උද්‍යෝගයක් තමා ඇති වෙන්නේ.

මේකට බෙහෙතක් කවුරුහරි දන්නවද?

අවුරුද්දේ පළවෙනි ලිපිය කැමතිම මාතෘකාවකින් පටන් ගන්න එපායැ. ඉතින් ඔන්න ලියන්ව බීම ගැන.ගිය අවුරුද්දේ දෙසැම්බර් 25 ඉඳලා ජනවාරි පළවෙනිදා පාන්දර වෙනකම් ශරීර ගත උන ඇල්කොහොල් ප්‍රමානය කාලෙකට ඇති නිසා මේ දවස්වල බොන එක ගැන හිතන්නේවත් නැහැ.ඒත් ඉතින් මගේ හානි උන අක්මාව ටික දවසකින් යතා තත්වයට පත්වෙන නිසා ආයිත් ලඟදිම මොනවාහරි කරයි. ඊයෙනම් පොඩි රා තිබහක් ආවත් දිව ගිලෙන්න තරම් දරුණු උනේ නැති නිසා අල්ලලා දැම්මා. පහුගිය ටිකේ දැනගත්ත දෙයක් තමා ගොඩක් බෝතල් වල හැඩය, ලේබල වෙනස් කරලා. ඒ කියන්නේ මම කාලෙකින් ඒවා පාවිච්චි කරල නැහැ කියන එක තමා. IDL Old Reserve, Rockland Rum, Rockland Gin බෝතල් ඉස්සෙල්ලට වඩා ලස්සන කරලා. සංස්ථා නම කිසිම වෙනසක් නැහැ වෙනදා වගේම තමා රස ගුණ සහ බෝතලේ පෙනුම.

පහුගිය දවසක නියම වෙළඳ දැන්වීමක් දැක්ක අලියා සෝඩා වල. මට හරියටම මතක නැහැ මතක විදිහට ඒකේ තිබ්බේ "රස නොමරා රස විඳින්න - අලියා සෝඩා" කියලා ඒ කතාවනම් සහතික ඇත්ත කොකා කෝලා වගේ ඒවා සැන්ඩි වලට දැම්මම ඒවායේ රස මිසක් බීම වල රස එන්නේ නැහැනේ.

ඉතින් මගේ අළුත් අවුරුදු පැතුම් ඉටුවන වසරකම වේවා මට!!!!

Bloggers.com - Meet Millions of Bloggers