මගේ මරණය

ඔබ මෙක කියවනවද??
එහෙනම් මරණය හමු වේවි කවද හරි.
එසේනම් මැරෙනකම් ජීවත් වෙන මා සමග රැඳෙන්න.
මරණය හමුවෙන තුරා!!!

ඉන්න - හිටින්න
කන්න - අඳින්න
බොන්න - නාන්න
ජීවත්වෙන්න - මැරෙන්න
මොකුත් නැතුව මට ඕනේ විදිහට
ඒත් මේ මමලු

ඉහළ පංතියේ අයට තමන් කැමති විදිහට ජීවත් වෙන්න පුළුවන්කම තියෙනවා. පහල පංතියේ අය කොහොම ජීවත් උනත් අනික් අය මොකුත් කියන්නේ කරන්නේ නැහැ ඒක නිසා ඒ මිනිස්සුත් කිසිම කරදරයක් නැතුව ජීවත් වෙනවා. ඒත් මේ මැදපන්තියේ අය මොනවා කලත් අනික් අයගෙන් කතාවක් නම් ඉතින් අහන්න සිද්ධ වෙන්න පුළුවන්. මගුලක්, මරණයක්, උපන්දින සැමරුමක්, ඇඳුමක්, පැලඳුමක්, ගෙයක් දොරක් බඩු මුට්ටුවක්, කෑමක් බීමක් මෙකී නොකී මොකක් කලත් එක්කෝ ගොඩේ කියයි, එක්කෝ ලෝබකමට කලා එහෙමත් නැනම් බොරු සල්ලි නස්තියක් කරලා සෝබනේට කලා කියයි එහෙමත් නැත්නම් ගැලපෙන්නේ නති විදිහට කලා කියයි. ඔය වගේ මොකක් කලත් දාහක් කතා.

මාත් ඉතින් මේ මැද පංතියට අයිති නිසා මන් කැමති විදිහට නෙමෙයි ජීවත් වෙන්න වෙලා තියෙන්නේ. අහලපහල අයට ඕනේ විදිහට එහෙමත් නැත්නම් නෑදෑ සනුහරේට ඕනේ විදිහට.මාත් පහළ පංතියේ ඉපදුනානම් මීට වඩා සන්තෝසෙන් ඉන්න තිබ්බා

මොකුත්ම නැති මිනිස්සුත් සතුටින් ඉන්නවා. සේරම තියෙන අයත් ටිකක් හරි සතුටින් ඉන්නවා මේදෙකටම නැතුව බාගෙට තියෙන මිනිස්සුන්ට යන එන මං නැහැ. උන් ඔහේ ඉන්නවා එහෙම නැත්නම් මොකක් හරි පස්සේ ඔහේ දුවනවා

අපේ රටේ විතරක් නෙමෙයි මුළු ලෝකෙම වගේ මිනිස්සු කොටස් තුනකට බෙදලා තියෙනවනේ, සල්ලි තියෙන අය එකකටත් සල්ලි නැති අය තව එකකටත් ඔය දෙකටම නැති අය මැදටත් දාල. ඔය බේදිල්ල ගැනනම් මම හරියට දන්නේ නැහැ ඒත් මන් කියන්න යන්නේ මාත් ඇතුළුව මගේ වටේ පිටේ මට වැඩිපුර දකින්න ලැබෙන අය ගැන.

අර මන් කලින් කිව්ව විලාසිතා මන් දැක්කේ තරුපහේ හෝටල්වලදිවත් එහෙම නැත්නම් සල්ලි කාරයො ගැවසෙන තනකදිවත් නෙමෙයි (ඒවගේ තැන් මටත් අවසර නැහැ ) ඒ සේරම මේ මහ පාරේ , බස් එකේ නැත්නම් කෝච්චියේ දැකපුවා.

දුප්පත් මිනිස්සුන්ට විලසිතා කරනවට වඩා බඩ ගැන හිතන්න ඕනේ. සල්ලි තියෙන අය මොන විලාසිතාවක් කලත් ඒයලා ගැවසෙන සමාජෙට එවා විකාරයක් වෙන්නේ නැහැ මන් හිතන විදිහට ඒත් මේ මැද පන්තියේ තරුණ තරුණියෝ වැලඳගන්න මේ විකාර විලාසිතා එයාලාව අනික් මිනිස්සු ඉස්සරහ මල විකාරයක්ම කරනවා.

බොහෝ වෙලාවට තමන් උපයන සල්ලිත් නෙමෙයි අම්මලා තාත්තලා අමරුවෙන් හොයන සල්ලි මේ වගේ විකර දේවල් වලට වියදම් කරන එක ගැන හැබෑටම ඒ ලමයින්ගේ අම්මලා තාත්තලට පේන්නේ නැද්ද මන්දා.

අනික් පන්ති දෙකටම වඩා ඉක්මනින් මේ වගේ වසංගත වලට මැද පන්තියේ ඉන්න පිරිස අහුවෙන්නේ ඒ පන්තියේ තියෙන වැරැද්දක්ද මන්දා?

සුදු පාට එළි පේනවලු
පාවෙනවා වගේ දැනේනවලු
ආසයි මටත් අත්විඳ බලන්න
මරණයේ සුන්දරත්වය

මෝටර් බයිසිකලය හදපු මනුස්සයා ඒකට වහලයක් නොහදපු නිසාත්, ගිණි අව්වේ මෝටර් බයිසිකලය පදින්න තියෙන කම්මලිකම නිසාත් දවලට කන්න පැයක කාලයක් තිබ්බත් මන් ගොඩක් දවස්වලට දවල් කෑම කන්න යන්නේ කාර්යාලයට ලඟම තියෙන බත් කඩේට. මොන විදිහේ වෙනස්කම් කලත්, හැමදාම එක එක ජාතියේ එළවළු ජාති තිබ්බත් එකම කඩෙන් හැමදාම කනකොට එපාවෙනවා. මොන හේතුවක් නිසාද මන්ද ගෙදරින් කන කෑම එහෙම එපා නොවුනත් ඉස්තරම්ම කඩේකින් උනත් හැමදාම කනකොට ඒ කඩේ කෑම එපා වෙනවා. ඉතින් ඔහොම එපා උනාම ඔන්න අව්ව කියලා බලන්නේ නැතුව ටිකක් දුර කඩේකට යන්වා කන්න. ඒ කඩේට යන පළවෙනි දවසේ ඒ කඩේ කෑම නියමයි දෙවෙනි දවසේ හොඳයි තුන්වෙනි දවසේ හිතෙනවා පරණ පුරුදු කඩේ කෑම මීට වඩා හොඳයි කියලා.

මේ එකම වක්‍රය දැන් කීප පාරක්ම මන් කැරකුනා ඒත් තාම හේතුවක් හම්බ උනේ නැහැ.එකම කඩෙන් කනකොට ඒ කඩේ කෑම එපා වෙන්නෙත් වෙන කඩේකට ගියාම පුරුදු කඩේ හොඳයි කියලා හිතෙන්නෙත් ඇයි කියලා................

හැමදේම කඩේ කෑම වගේද මන්දා....

පහුගිය දවස් වල ඔය එහෙ මෙහෙ යන්කොට අපේ මේ 9,10,11 පන්තිවල වගේ ඉන්න ලොකු මහත්තුරුන්ගේ අලුත් පන්නේ විලාසිතාවක් දකින්න හම්බ උනා. මගේ අම්මේ මෙයාල ඇඟෙ එල්ලගෙන ඉන්න සුදු යකඩ කෑලි ගොඩ. බෙල්ලේ, අත්වල , ඇඟිලි දහයෙම, ඉනේ හැමතනම් යකඩ දම්වැල්, මිනී ඔළු, උල් කෑලි.

මේක එයාලටනම් විලාසිතාවක් වෙන්න ඇති ඒත් අහල පහල ඉන්න අයට නම් ඇඟ පත හිල් කරගන්න වෙන වැඩක්. සිකුරාදා හවස බම්බලපිටියෙ බස් හෝල්ට් එකේ හිටියා අතේ කලු පටියක් බැඳගෙන ලොකු මහත්තයේක් ඒ පටියේ වටේටම සුදුපාට උල් . ඉතින් සෙනග පිරිච්ච බස් එකකට මේ මහත්තයා නැග්ගම ඒ උල් ඇනෙන්නේ එයාගේ ඇඟේ නෙමෙයිනේ. කෝච්චියෙත් ආවා ඒවගේම උල් තියෙන මුදු දාපු 10 පන්තියේ විතර ඉන්න ලොකු අයියා කෙනෙක් . මේවා පටන්ගතේ කොහොමද මන් දන්නේ නැහැ. පිටරට චිත්‍රපටි වලින්ද , රෙස්ලිං වලින්ද එහෙමත් නැත්නම් පිට රට සිංදු කියන අයගෙන්ද.

මන්දා ගැණු ලමයින් නම් තව කමක් නැහැ ඔහොම උල් පැලඳගෙන හිටියට මොකො ඔය හේත්තු වෙන්න එන අයගෙන් ආරක්ෂා වෙන්නවත් පුළුවන්නේ උලකින් ඇනලා ඒත් මේවා පැලඳගෙන් ඉන්න අය හොඳ සිහියෙන් ඉන්නව කියලා හිතන්න අමාරුයි ඉතින් මෙහෙම කෙනෙක් පොදු ප්‍රවාහන සේවයක යනකොට ඒකෙන් අනතුරු වෙන්න ඉඩ කඩ වැඩි ඒවයේ යන අහිංසක මිනිස්සුන්ට තමා ඉතින්.

මන් දැකපු ලොකුම භයානක කම තමා මේ විදිහට අතේ උල් දාල බස් එකට හරි කෝච්චියට හරි නැග්ගම එයාලගේ අත් මට්ටමේ තමා ඉඳගෙන ඉන්න අයගෙ ඇස් මට්ටම හිටින්නේ, එහෙම නැත්නම් පොඩි ලමයින්ගේ මූන තියෙන්නේ ඉතින් මේ උලක් කාගෙ හරි ඇහැක ඇනුනොත් කාටද කියන්නේ. ඒච්චර දෙයක්වත් මේ මහත්වරුන්ට හිතෙන්නේ නැද්ද මන්දා? දෙන්නේකුට බහින්න පුලුවන් ෂර්ට්, කලිසම්, ටීෂර්ට් ඇඳට මුන්ගේ මොලේ නම් දෙකෙන් පන්ගුවක්වත් තියෙනවද මන්දා

මීට වසරකට විතර කලින් මම මේ දැන් කරන රැකියාව (ඊට කලින් කාලයක් හිටියේ නිකන් ) පටන් ගන්න්කොට මට ලැබුන වැටුප දැන් ලැබෙන ගානට වඩා අඩුයි. ඒත් මගේ වියදම් ඒ කාලෙයි අදයි අතර ලොකු වෙනසක් නැහැ. සමහර දේවල් ඒ කාලෙ වැඩියි. Dialog බිල Per Second Blaster දැම්මට පස්සෙ ගොඩක් අඩු උනා. ඉස්සරහට ADSL බිලත් අඩු වෙනවලු. ඔන්න ඔය වගේ මාසෙකට ටිකක් ලොකු ගනන් යන වියදම් කීපයක්ම අඩු වෙලා, ඒ අතරතුර මගේ පඩියත් ටිකක් වැඩි වෙලා.

එහෙම බැලුවම ඒ කාලෙට වඩා ගානක් මගේ ලඟ ඉතුරු වෙන්න එපායෑ ඇයි වියදම් අඩු වෙලා ආදායම වැඩි වෙලානේ ඒත් පුදුමේ කියන්නේ දැන් මාසෙ අන්තිම වෙනකොට මන් යන්නෙ රිම් එකෙන්. ඒ කාලෙ මාසෙ ඉවර වෙනකොටත් මගේ අතේ කීයක් හරි තිබ්බ. දැන් එහෙම නැහැ.

මේකට හේතුවනම් මම දන්නේ නැහැ. ඒක කොහොමද වෙන්නේ කියලත් මට හිතා ගන්නත් බැහැ. මගේ යාලුවෙක් කිවුවා රස්ස්වක් නොකරපුකාලේ මිනිහා ගාව මීට වඩා සල්ලි තිබ්බ කියලා. දැන් කොයි වෙලේ බැලුවත් අතේ සතේ නැහැ කියලා. දැන් ඉතින් හම්බ කරන නිසා සල්ලි නැතත් ගෙදරින් ඉලන්නත් බැහැනේ . මොනවා කරන්නද මගේ මූල්‍ය කලමණාකරනයනම් අන්තිමයි.

මේකත් කියවලා බලන්න හොඳ අදහස ටිකක් තියෙනවා

මොකෑ බන් උනේ
බ්ලොග් එක නැතේ
උඹ් එහෙනම් දිනුවද?
බ්ලොග් එක මකලා???

වෙලාවකට වැඩ පාළු කරගෙන කරන මේ බ්ලොග් කෙරුවාව නවත්තන්න ඕනේ මටත් ඒත් තාම බැරි උනානේ. බ්ලොග් එක මකන්නත් දුකයි.

සමා වෙන්න ඕනේ මගේ පොඩි වැරදීමක්
මූ මේක අලුත් තැනකට ගෙනිහින්
අපි දන්නේත් නැහැ
හරිනම් පිරිතක් කියලා දානයක් දීලා අපිට කැවුම් කිරිබත් ටිකක් දෙන්න එපායෑ (බොන්න මොනා හරිත් එක්ක )

ඉස්කෝලෙ 10 ,11 ඉන්නකොට බැලුවා අමුතුම පත්තර සඟරා ජාතියක්. දැන්නම් එවා බලන්නේ නැහැ. හැබැයි ඒ කාලෙනම් හොය හොයා තම බැලුවෙ. ඉස්සරනම් බොහොම අමාරුවෙන් හොයා ගත්තතෙ දැන් නම් තත්වෙ කොහොමද දන්නේ නැහැ. කාලයක් පිටකොටුවෙ බොහෝම ලේසියෙන් ගන්න තිබ්බා.

විජය පත්තරේ "මල් මාමා" සහ නවයුගයේ "පණ්ඬිතුමා" ඔය පත්තර අතරේ ඉඳලා හම්බ වෙච්ච අමතක නොවෙන චරිත.

පරිගනක වෙනුවෙන් තියෙන සඟරා වලින් මන් දන්නේ විජය පරිගනක ගැන විතරයි තව කීපයක් තියෙන බව අහලා තිබ්බත් කියවලා නම් නැහැ. ඉස්සර තිබ්බ කියලා ඉංග්‍රීසි එකක් ඒත් එක කලාප කිහිපයකින්ම නැවතුනා.

ගොඩක් වෙලාවට දිනපතා / සතිපතා පත්තර කියවන අයගේ දේශපාලන පක්ෂේ එයාලා කියවන පත්තරෙන් කියන්න පුළුවන්. හැම වෙලාවටම හරිගියේ නැතත් ගොඩක් වෙලාවට ඒක හරි.

ඉස්සරනම් පත්තර එච්චරම ගනන් නැහැ ඒත් දැන්නම් ටිකක් ගනන් වැඩි මේ හේතුව නිසාත් මිනිස්සු පත්තර ගන්න එක අඩු වෙලා ඇති දැන් ඉරිදා පත්තරයක් රුපියල් 40-50 ත් අතරත් දිනපතා පත්තරයක් රුපියල් 20කුත් වෙනවා. ඒ ඇරෙන්න අනික් පත්තර රුපියල් 20 සිට ඉහලට වගෙ තියෙන්නේ. සඟරානම් රුපියල් 50 සිට ඉහලට තියෙනවා

පත්තර සඟරා කොච්චර තිබ්බත් මේවායේ බලන්න දේවල්නම් මහ ගොඩක් නැහැ හරිම ටිකයි වැඩකට ඇති දේවල් තියෙන්නේ. ඇතටම කියනවානම් අපි ගෙවන මුදලට හරියන්න දෙයක් මේ එක පත්තරයකින්වත් සඟරාවකින්වත් හම්බ වෙනවද කියන එකනම් මන් දන්නේ නැහැ

පොඩි කාලෙ ඉඳලම මන් පත්තර සඟරා බලනවා. ඒකාලෙ මන් බැලුවෙ "බිංදු", "මිහිර","විජය" වෙන පොඩි අයගෙ පත්තර තිබ්බද කියලා මට මතක නැහැ. දැන් නම් පත්තර ලැල්ලක් ගාවට ගියොත් ඒක පිරෙන්න තියෙන්නෙ අර බබා මේ බබා කියල පොඩි අයට තියෙන පත්තරමනේ.

මට මතක ඇති කාලෙ ඉඳලම මට "මනහර", "මුතුහර", "රසවාහිනී", "නවයුගය" සඟරා කියෙව්ව. "රසවාහිනී" ඇරෙන්න අනික් එවා තාමත් තියෙනවා. ඒ අතිරින් නවයුගයනම් මන් තාමත් ගන්නවා. අනික් එව හම්බ උනොත් විතරයි බලන්නේ.

මට මතක පරණම දිනපතා / සතිපතා පත්තරේ "දවස". දන් නම් "දවස" නැහැ ඒත් වෙන දිනපතා / සතිපතා පත්තර තොගයක් තියෙනවනේ. ඒ අතින් දෙක තුනක් නිතර බලන්න හම්බ වෙනවා.

අපේ රටේ ගොඩක් සඟරා නම් "මංගල කළාපය" ට විතරක් සීමා වෙනවා. මොකො පලවෙන් එක එනවා ඊට පස්සෙ නැහැ. ඒ වගේම ඇතිවෙලා නැතිවෙලා ගිය පත්තර ප්‍රමානයත් අති විශාලයි.

මේ පත්තර සඟාර අතරෙන් කවුරු හරි ඇහුවොත් මොකද්ද හොඳ කියලා කියන්න එකක්වත් නැහැ. ටිකක් හරි හොඳ කියන්න පුළුවන් නවයුගය සඟරාව, දිනපතා ලංකාදීප පත්තරේ සහ ඉරිදා ලක්බිම පත්තරේ . මේ ඇරුනම "Explore Sri Lanka" කියන ඉංග්‍රිසි සඟරවත් ටිකක් හොඳ තත්වයේ තියෙන්වා.