මගේ මරණය

ඔබ මෙක කියවනවද??
එහෙනම් මරණය හමු වේවි කවද හරි.
එසේනම් මැරෙනකම් ජීවත් වෙන මා සමග රැඳෙන්න.
මරණය හමුවෙන තුරා!!!

නියම සිංදුවක් අහන්න ලැබුනා.

මෙන්න අහන්න
මෙන්න පදවැල

දළ වශයෙන් ගත්තම සිංහලෙන් කියන්වනම්
"ගංජා ගහලා ආතල් විඳින්න තවත් දවසක් මට ජීවත් වෙන්න දුන්නට දෙවියන්ට ස්තූතියි" වගේ අදහසක් තමා කියැවෙන්නේ (මගෙ ඉංග්‍රීසි දැනුම නම් අන්තිමයි ඒක නිසා මට තෙරුන විදිහ හරිද මන්දා. අනේ මේ සිංදුවෙන් කියැවෙන්නේ එහෙම එකක් නෙමෙයි නම් සමාවෙන්න ඕනේ)

මෙහෙම එකක් සිංහලෙන් කිව්වොත් කොහොමට හිටීද?

නෙදර්ලන්තයේ තියෙන ඇමැස්ටර්ඩෑම් කියන නගරයේ කෝපි කඩවල නිත්‍යානුකූලව ගංජා විකුනන්න අවසර තියෙනවලු. ඉතින් මෙහෙ වගේ නැතුව අමාරුවෙන් හොයාගෙන හොරෙන් විඳින්නේ නැතුව ඒ පැත්තේ ගියානම් සුන්ඳර හැන්දෑවක ප්‍රසිද්ධියේ ඉඳගෙන මිහිර විඳින්න තිබ්බ. (මටනම් ඒක මැවිලා පේනවා)
(මිහින් එයාර් ලාබෙට ටිකට් දෙන්නේ නැද්ද දන්නේ නැහැ එහෙ යන්න)

මම පාවෙනවා උඹත් පාවෙනව
අපි අහසටම පාවෙමු
බලපන් සමනල්ලු පියාඹනවා
ගංජා අපේ හිතේ කරදර සියල්ල නැති කරනවා............

මේ චිත්‍රපටියෙත් හොඳ ටිකක් තියෙන්වා ගංජා ගැන

අන්තර්ජාලය කියන්නේ ලෝකෙ තියෙන ලොකුම ශ්‍රව්‍ය දෘශ්‍ය පුස්ථකාලයක්. ඕනෙම කෙනෙකුට ඕනෙම දෙයක් ගැන ඉගෙන ගන්න ඕන කරන ලිපි, පාඩම්, වීඩියෝ පට අන්තර්ජාලයෙන් හොයාගන්න එක එච්චරම අපහසු දෙයක් නෙමෙයි. උනන්දුවෙන් කැපවෙලා හොයන කෙනෙකුට අන්තර්ජාලය හරියට ප්‍රයොජනයට ගන්න කෙනෙකුට ජීවත් වෙන්න අවශ්‍ය රැකියාවක් උසස් අධ්‍යාපනයක් අන්තර්ජාලයෙන් ලබාගන්නත් බැරිකමක්ම නැහැ ඒත් කනගාටුවට කාරනේ කියන්නේ මෙච්චර වටින කියන අන්තර්ජාලය මම නම් පාවිච්චි කරන්නේ කාලය කාදැමීමේ අංගයක් හැටියටයි.

මම විතරක් නෙමෙයි බොහෝදෙනෙක් අන්තර්ජාලයෙන් හරියට ප්‍රයොජන ගන්නවද කියලා මටනම් සැකයි. Facebook,hi5, forums, email, news, mp3, film අඩවිවල ගතවෙලා තියෙන මගේ කාලය මන් මොනවා හරි දෙයක් ඉගෙන ගන්න යෙදෙව්වනම් මේ වෙනකොට ඒකෙ ප්‍රවීනයෙක් වෙන්න තරමට කාලයක් මන් නාස්ති කරලා තියෙනවා කියල මටනම් හිතෙන්නේ.

18,20 ඉන්නකොට නාස්තිවෙන කාලය ගැන හැඟිමක් නැහැ හැබැයි 25,30 වෙනකොටනම් ඒ ගතවුනු කාලය ගැන කනගාටුවක් ඇති වෙනවා ඒක නිසා මන් මේ කියන්නේ අළුතින් අන්තර්ජාලෙට එකතුවෙන උදවියට. අන්තර්ජාලය ප්‍රයොජනවත් විදිහට භාවිතා කරන්න විනෝදය ටිකක් තිබුනම ඇති ගොඩක් වැඩ වලට යොදා ගන්න.

ලෝකයේ අනික් රටවල් වල ආර්ථිකයන් කඩාගෙන වැටෙද්දී අපේ රට එම අභියෝගයන්ට මුහුනදෙමින් නොසැලී ඉන්නවා කියලා තමා අපේ දේශපාලකයෝනම් කියන්නේ ඒත් ඒ කතාවේ ඇත්ත නැත්තනම් මම හරියටම දන්නේ නැහැ ඒත් අපේ රටේ විශාල වශයෙන් සේවකයන් රැකියාවල නියැළුනු කර්මාන්තශාලා කීපයකම වසාදමා හා සේවකයන් අඩුකරමින් සිටින වගනම් මට අහන්නට ලැබුනා.

මේ බොහොමයක් ආයතනවල ඉවතකරන සේවකයන් හරියට යන්ත්‍ර වගේ ඒ අය දන්නේ එකම එක කාර්යයක නියැලෙන්න විතරයි උදා: දියමන්ති කපන අය එය කිරීමට පමනක් දනී , විද්‍යුත් පරිපථ හෝ වෙනත් උපකරන වල කිසියම් කොටසක් සවිකිරීමට පමනක් තවත් පිරිසකට හැකියාව ඇත. ඇඟලුමකට බොත්තම් ඇල්ලීම, වාටියක් මැසීම , සිප් එකක් ඇල්ලිම රෙදි මැදීම, අසුරන වලට දැමීම, ලේබල් ගැසීම වැනි මෙකී නොකී කාර්යයන් එකක් හෝ දෙකක් පමනක් දන්නා පිරිස් දහස් ගනනක් මේ දිනවල ගලවා ඉවත් කරන යන්ත්‍ර මෙන් රැකියාවෙන් ඉවත් කරනු ලබයි.

එකම කාර්යයකට පමනක් හැකියාවක් ඇති මෙම පිරිසට වෙනත් රැකියාවක නියැලීමට හෝ ස්වයං රැකියාවක් කිරීමට හැකියාවක් නැහැ. විශාල වශයෙන් සෙවකයන් ඉවත් කලත් ඒ ආකාරයෙනම අපේ රටේ රැකියා අවස්ථා අළුතින් ඇතිවන්නේ නැහැ.

ඉතින් මේ අයට සහ එයාලගෙන් යැපෙන අයවෙනුවෙන් මෙච්චර කාලයක් මේ උදවිය නිසා සැප විඳපු අයගෙන්නම් මොනවා හරි වෙයි කියලා මටනම් හිතන්න බැහැ. මේක සැබැවින්ම කනගාටුදායක තත්වයක්.

අයින් වෙනකොට මාස දෙක තුනක වැටුප දුන්නත් ඒ දෙන්නේ මූලික වැටුප පමනයි බොහෝ විට කමහල් වල සේවය කරන අයගේ මූලික වැටුප රුපියල් 3000ක් ඉක්මවන්නේ කලාතුරකින් ඉතිරි සියල්ල ඔවුන් ලබන දීමනා ඉතින් රුපියල් හත් අට දහසක් එකවර ලැබුනා කියා ඔවුන්ගේ ජීවිතවලට වෙන සෙතක් නම් නැහැ.

මේකත් නිකන් බලන්න

මෙවන් පුදගලයෙකු ගැන ලිවීමට තරම් මට ඔහුගැන දැනුමක් නැත. ඔහුගේ චිත්‍රපට සමහරක් මා නරඹා ඇතත් ඒවා ගැඹුරින් තේරුම් ගෙන නැත. පිටගම්කාරයෝ ටෙලිනාට්ටියා බැලුවා වගේ ලාවට මතකයක් ඇත. ඒත් එය තෙරුම් ගත්තේනම් නැති බව මට විශ්වාසය. ඔහුගේ මා විසින් කියවා ඇති ඔහුගේ එකම පොත "අයාලේ ගිය සිතක සටහන්" යන්න පමනි. එහි ඇති රසවත් බව නිසාම මම ඔහුට අතිශයින් ප්‍රියකරමි. ඔහු ගැන හෝ ඔහු සමග කල සාඛච්ඡා ඇසුරින් ලියූ පුවත්පත් ලිපිනම් හමුවූ සෑම විටම මා විසින් කියවා ඇත.

සාමාන්‍යයෙන් මෙරට ප්‍රසිද්ධ පුදගලයන් මියගිය විට මට ඒ ගැන කිසිම කනගාටුවක් නැත්තේ ඔවුන්ගෙන් මෙරටට සිදුවන සෙතක් නැති නිසාය එහෙත් මෑත්දී මියගිය කේමදාසයන්ගේ සහ මෙතුමාගේ අභාවන් සැබවින්ම මා සසල කලබව මට සිතේ. මන්ද යත් මොවුන් මියගියපසු ඔවුන් සතුවූ ඒ මහා දැනුම් සම්භාරය, හැකියාවන් ඔවුන් සමගම දැවී අළුවී ගිය බැවිනි. අනාගතයට සුරැකිව ඇත්තේ ඒ ගැන මතකයන් පමනි.

ඔහු ගැන ලිපි කිහිපයක්

සුදුර්ලභ මිනිසා
තිස්ස අභිමානවත් පිටගම්කාරයා
විශිෂ්ඨයෙකුගේ සමුගැනීම
නිල් අහස් තලේ නෑ වලාකුළු...
අයාලේ ගිය සිනමා වන්දනාකාරයා
රණකාමය, ජාතිකත්වය හා කලාකරුවා
සමසමාජකාරයා කවදත් හිස කෙළින් තබාගෙන නිවැරිදි දේ නිර්භයව කළ අයෙක්

අදට අවුරුදු අවුරුද්ද උදා වෙලා සතියක්. මට තාම අලුත් අවුරුද්දට වැඩ අල්ලන්න (බොන්න) බැරි උනා. වෙන අවුරුදු වලනම් 14 වෙනිදම වැඩ පටන් අරන් මේ වෙනකොට හතර පස් වතාවක්ම කටයුතු වල නිරත වෙලා. ඒත් මේ පාර තාම නැහැ. මටත් පුදුමයි ඒ ගැන. මේකට ප්‍රධානම හේතුව වෙන්න ඇත්තෙ අපේ පවුලේ සමීපම හිතවතුන් කිහිප දෙනෙක්ම පහුගිය කාලයේ රට හැරයාම. ඒක නිසා දැන් සෙට් වෙන්න උදවිය නැහැ. තනියම ඔය කටයුත්ත කරන එකේ කිසිම ගතියක් නැති නිසා වැඩ කල් දදා ඉන්නවා.

ඒ අස්සේ අද ප්‍රවෘත්තියකට කියවුනා ඡන්දේ හින්ඳා 25,26 බස්නාහිර පළතේ සියළුම බාර් වහල කියලා. ඕකෙන් ඉතින් බස්නාහිර පළාත මායිමේ තියෙන වෙන පළාත් වලට අයිති වෙන බාර් වලට හොඳ වෙළඳාමක් තියෙයි. ඒ කියන්නේ මේ සතිඅන්තයෙත් මට වැඩක් කරන්න බැරිවෙයි වගේ.

අද රාත්‍රී අහාර වේල සඳහා මගේ ප්‍රියතම මස් වරගය වන ඌරු මස් තිබූ නිසා ඉස්මුරුත්තාව හැදෙනකම් බත් ගිල්ල. අපේ ගෙදරට අමු ඌරු මස් ගේන්නේ නැතත් උයාපුව රැගෙන එන බැවින් ඉඳහිට ඌරු මස් ආහාරයට ගැනීමට ලැබෙනවා.කඩෙන් කනවිටනම් අනිවාර්යයෙනම් වෙනත් මසක් මා ඇනවුම් කරන්නේ එම කඩයේ ඌරුමස් නොමැති නම් පමණි.

බොහෝ දෙනෙක් ගෙවල් වලට ඌරු මස් නොගෙනාවත් පිටත ආහාර ගන්න විට ඌරු මස් බොහෝම ආසාවෙන් කෑමට ගන්නව මම අනන්තවත් දැක ඇත. සමහර උදවියට නම් ඌරු මස් බොහොම අප්‍රසන්න වන්නට හේතුවක් වී ඇත්තේ ඌරා ගන්න ආහාරයය නමුත් ඌරු මස් මෙතරම් රස වීමටද හේතුව වනුයේ ඌ ගන්න ආහාරයම විය හැක.

අපිට වැඩිපුර ලැබෙන්නේ ගම්(චීන) ඌරු මස් ය නමුත් වල් ඌරු මස්ද බොහෝ ප්‍රදේශවල ලබාගැනීමට ඇත මටනම් වල් ඌරුමස් වලට වඩා ගම්(චීන) ඌරු මස් රසවත්ය. ඌරු මස් අධික තෙල් සහිතවන අතර සමහර ප්‍රදෙශවල මෙම තෙල් සහිත කොටස පමණක් ඉතාම රසට පිලියෙල කරනු ලැබේ. සමහර උදවිය මෙම තෙල් සහිත බව නිසා ඌරුමස් ආහාරයට නොගත්තත් ඌරුමස් වල ඇති විෂේශත්වයත් මෙම තෙල් සහිත බවය.

ඩෙවිල් පොර්ක් එකක් තිබෙනවා නම් බාගයක් ගහන එක සිම්පල් කටයුත්තකි.

ඉතින් ඊයේ රෑ අටට පටන්ගත්ත බ්ලොග් මැරතන් එක අද ඉවර උනා . පැය විසි හතරක් පැය කාලෙන් කාලට ලිපියක් ලියන එක එතරම් පහසු කටයුත්තක් නෙමෙයි ඉතින් අපේ පිස්සාගේ දුවන බ්ලොගය මේ කටයුත්ත ඉටු කලා.

මාත් ඇතුළුව තව කිහිප දෙනෙක් මේ කටයුත්තට සහභාගී උනත් ලිපි 96ක් ම ලියැවුනේ නැහැ වෙන අය අතින්.

බැලූ බැල්මට මේක පිස්සු වැඩක් වගේ පෙනුනත් මටනම් ඒක හරිම විනෝදාත්මක කාරියක් උනා. සිංහල බ්ලොග් ප්‍රචලිත කරන්න මේක අපූරු වැඩක්. ලියන්න උනන්දුව ඇති වෙනවා. ලියන්න ආසත් හිතෙනවා.

ලිපි ලියමින් අනික් අයගේ බ්ලොග් වලට අදහස් එකතු කරන එක හරිම ජොලි වැඩක්. එකිනෙකා අතර සුහදතාවත් ඇත්තටම වර්ධනය උනා.

මන් හිතන්නේ බ්ලොග් මැරතන් එකෙන් සංවිධායකයෝ බලාපොරොත්තුවෙන සේරම වගේ ඉශ්ඨ වෙනවා.

මම හිතන විදිහට මේක තුන්වෙනි මැරතන් එක
මම සහභාගී උන පළවෙනි එක
හිතාගෙන අවෙ නම් ලිපි 96ම ලියන්න ඒත් ලියන්න පුළුවන් උනේ විසි ගානයි. කමක් නැහැ ඊලඟ පාර සේරම ලියන්වා
ඉතින් මේ තරඟය සංවිධානය කරපු, තරඟයට සහභාගී උන, වතුර ගහපු හැමෝටම ස්තූතියි!!!!!
චියර්ස්ස්ස්ස්ස්.....!!!!!

මටනම්
පළවෙනි ස්ථානය
පිස්සාගේ දුවන බ්ලොගය
දෙක
...සඳක් නැති සඳැල්ලක්...
තුන
ශ්‍රීශානුගෙ දිවිල්ල
ඉන්ද්‍රනාම ගේ මැරතන් අඩවිය
තාරකගේ මැරතන් 2009

විසි නමය
ඉතින් දැන් මැරත්න එක අවසාන වෙන්නත් ලඟයි. තවමත් අපේ ක්‍රීඩකයෝ දෙතුන් දෙනෙක් දුවනවා. ආරම්භයේ සිටි බොහෝදෙනෙක් මේ වනවිට විවේක සුවයෙන් සිටිනවා.

දුවපු අය වගේම වතුර ගහපු අයත් දුවන්න පාර සුද්ද කරලා දීපු අයත් මේ අවස්ථාවේ ගෞරවයෙන් සිහිපත් කලයුතුයි.

මම නම් දැන් දුවලා ඉවරයි. තරඟය නරඹමින් තමා ඉන්නේ.

දුවන හැමෝටම සුබ පැතුම්.

විසි අට
වෙනදා වගේ ඉරිදා පත්තර ටික සෙනසුරාදා (අද ) ආව. (පත්තර බෙදන කෙනා ගෙනාව නැතුව පත්තර ඇවිදන් අවේ නැහැ )ඉස්සරනම් ඉරිදා පත්තර තිබ්බේ රුපියල් 25 ට දැන් 40,50 ඒ මදිවට පිටුත් අඩුවෙලා. ඉස්සර සිළුමිනක් ගත්තම මාසයක් බත් ඔතන්න ඇති දැන් සතියකත් මදි වගේ.(ආණ්ඩුවේ පත්තරේ මිනිස්සු වැඩිපුරම ගන්නේ කොල ගොඩක් තියෙන නිසා මිසක් බලන්න දෙවල් ගොඩක් තියෙන නිසා නම් නෙමෙයි ).

දැන් දැන් පත්තර සේරම එක වගේ මෙලෝ දෙයක් නැහැ බලන්න. මේ දවස් වල බස්නාහිර ඡන්දේ නිසා බාගයක්ම තියෙන්නේ එයලගෙ දැන්වීම් .

මේ මිනිස්සු පත්තරවල දැන්වීම් දාන්න වියදම් කරන සල්ලි වලින් ලේසියෙනම තිබ්බ ඉස්කෝලයක් හදලා දෙන්න. දැන්වීම් දානවා ඉස්කෝල හදනවා කියලා කරන්නේ නම් නැහැ. දැන්වීමට තමන්ගේ සල්ලි වියදම් කලාට හදන්න සතපහක් වියදම් කරන්නේ නැහැ සේරම ආණ්ඩුවෙන් දෙනකම්ම ඉන්නවා. අනේ මුන්ටනේ අපි 25 ගිහින් කතිරේ ගහලා එන්නේ.

විසි හත
හරියටම තරඟ කලානම් මැරතන් එක ඉවර වෙනකොට ලිපි අනූ හයක් තියෙන්න ඕනේ. මගෙ නම් තියෙන්නේ විසි ගානක් විතරයි. මම මැරතන් එකෙන් හතරෙන් එකකට වගේ තම සහභාගී වෙලා තියෙන්නේ.

මම සහභාගී වෙන පළවෙනි එකනේ. ඉතින් ඔය මදෑ. ඊලඟ පාර මීට වඩා ට්‍රයි කොරනවා.

ආරම්භයේ සිටම සිටි ක්‍රීඩකයෝ කිහිප දෙනෙක්ම තවමත් තර්ඟ කරන බවක් පේන්න තියෙන්වා.

දැන් ඉතින් ලියන්න තියෙන සේරම වගේ ලියලා ඉවරයි ආයි කාලෙකට බ්ලොග් එකට මොකුත් ලියන්න වෙන එකක් නැහැ වගේ.

විසි හය
දැන් මැරතන් තරන්ගය 18 වෙනි පැයටත් ලන්වෙලා. දනුත් තරඟකාරයො තමන්ගේ දිවිල්ල කරගෙන යන්වා.
මමනම් කඩින් කඩ තම තරඟයට සහභාගී උනේ.

මට අලි වැඩක් උනා. අද දිවා අහාරය සඳහා ආරාධනයක් තිබ්බ මාත් ඉතින් උදේටත් නොකා හොඳටම බඩගිනි වෙනකම් ඉඳලා ගියා. හිස් අතින් යන්න බරි නිස පොඩි පහේ කේක් ගෙඩියකුත් අරන් තමා ගියේ. මෙන්න බොලේ යනකොට ආරාධනා කරපු ගෙදර දොරවල් ජනෙල් වහලා කිසිම කෙනෙක් පේන්න නැහැ.

ගෙදරටත් කෑම එපා කිව්වා. ඉතින් බලලා බලලා කඩෙන් බත් එකකුත් අරන් ආපහු ගෙදර ආවා. දැන් ඉතින් ඒකවත් කන්න ඕනේ.

විසි පහ

අපේ ගෙවල් ලඟ අඹ ගහක ගෙඩි පිරිලා තිබ්බ. ඒකේ ගෙඩි ඉදෙන්න කලින් පණුවෝ ගහනවා ඒක නිසා කවදාවත් ඉදුනු ගෙඩියක් කන්න බැහැ. ගහයට හැම තැනම පණුවො ගහපු ගෙඩි පිරිලා. මේ ලඟදි එයාලට වාසියක් වෙලා. ඔය ස්වභාවික පලතුරු බීම හදහන සමාගම නියෝජිත්යෙක් ඇවිත් මුළු ගහේම අඹගෙඩි ටික සල්ලිත් දීල කඩගෙන. නිකන් කුනුවෙලා යන එක නිසා එයාලත් දීලා.

ඉතින් ඔන්න ඔය වගේ ඉස්තරම් පළතුරු තමා ඔය උදවිය බීම හදහන්න පාවිච්චි කරන්නේ.

ඇත්තටම තමන්ගේ වත්තේ හැදෙන එළවලුවක් පලතුරක් ඇරෙන්න කඩෙන් ගන්න කිසිම දෙයක් ගැන මේ කලේ නම් විස්වාස කරන්න බැහැ.

විසි හතර
අවුරුදු දවසට පහුවදා මම තවත් මිතුරෙක් සමග බෝපත් ඇල්ල බලන්න ගියා. සිදුවෙලා තියෙන වෙනස්කම් නම් අදහා ගන්නත් බැහැ.

ඉස්සර මම ජීව්ත් උනේ ඇල්ලට යන පාරේ ඒ කාලෙ අපිටනම් කිසිම වටිනා කමක් තිබ්බේ නැහැ ඇල්ලේ ඒත් දැන් බෝපත් ඇල්ල බොහෝ දෙනෙකුට ජීවනෝපාය වෙලා. ඇල්ල අවට පරිසරයන් හොඳටම විනාස කරලා. හරිම අපිරිසිදුයි නව ගොඩනැගිලි හදලා මුදල් අයකරන අය පරිසර රැකීම ගැනවත් පිරිසිදුකම ගැනවත් එච්චර තැකීමක් කරන්නේ නැහැ වගේ.

ඒ කාලෙන කට්ටිය 10ක් විතර නැත්නම් අපි යන්නේත් නැහැ ඇල්ලට මොකෝ ඒ තරම් පාලුයි ඒ වගෙම හොරු හිටියා. දැනුත් හොරු ඉන්නවා නාන්න යන අයගේ ගමන් මළු වගේ එවා පැහැරගෙන යන අය. ඉතින් ඔයාලත් යන්වනම් වටින කියන බඩු භාණ්ඩ පරිස්සම් කරගන්න. නන්න ගලවලා තිබ්බනම් ඒ අසලින් තමන්ගේ කෙනෙක්ම රඳවන්න.

ඇත්තෙනම ඇල්ල ලස්සන පල්ලේහාට ඉතින් වීරයෝ වෙන්න හිතාගෙන උඩට නැගලා නිකන් ජීවිතේ නැති කරගන්න එපා. බිව්වට කමක් නැහැ ගැඹුර නැති තැනක නාන්න.

අංක විසිතුන
පහුගිය දවසක පරණ හිතවතුන් පිරිසක් මුන ගැහුනා. හමෝම ඉතින් කාලෙකට පස්සේ හම්බ උන නිසා ආගිය තොරතුරු කියන්න පටන් ගත්තා.

ඉතින් ඔන්න කෙනෙක් කියන්ව, දවසක් මචං අපේ ගෙදර බොන්න සෙට් වෙල... අනික් එක්කෙන කියන්ව මන් දවසක් බෝතලෙකුත් අරන්... ඕං තව එකෙක් කියන්වා අපි එදා බෝතලේකුත් අරන්... එදා සෙට් වෙච්ච වෙලාවේ කියල තවත් එකෙක් කියපි ඔන්න ඔය වගේ තම හැමෝගෙම වගේ සොඳුරු මතකයන් එක්ක බෝතලයක් සම්බඳ වෙලා.

අවුරුදු දවස් දෙකේ අරක්කු වික්ක කෙනෙක් හම්බ උනා, ගල් බෝතලේ 1500/= ටත් වික්කලු. මේ මිනිස්සුන්ට අවුරුද්දට කලින් රුපියල් 550ක් දීල ගන්න බැහැ ඒදාට 1500ක් දීල ගන්නව. මේක ආණ්ඩුව එහෙම දැන ගත්තොත් අරක්කු ගනන් තවත් වැඩි කරයි

අංක විසිදෙක
ලංකාවට විතරක් නෙමෙයි මුළු ලෝකෙටම තියෙන ප්‍රශ්නයක්.
වෙන රටවල් ගැනනම් මන් දන්නේ නැහැ ඒත් ලංකාවෙ මන් ගිහින් තියෙන හැම පළාතකම වගේ මදුරුවෝ ඉන්නවා. ඉස්සරනම් නුවරඑළියේ එහෙම මදුරුවෝ හිටියේ නැහැ ඒත් දැන්නම් මෙහෙ තරමටම නැතත් මදුරුවෝ ඉන්නවා.

නුවරඑළියේ ඉන්න උන් සීතලට මොකක් කරනවද කියලා නම් මන් දන්නේ නැහැ (අපි වගේ බොනවා ඇති හැබැයි මත්පැන් නෙමෙයි වැඩි වැඩියෙන් අපේ ලේ)

මෙච්චර මදුරු මර්දන ව්‍යාපාර ක්‍රියාත්මක වෙද්දිත් මදුරුවො හැදෙන්නේ කොහෙද මන්දා. එහෙම නැත්නම් මදුරු නාශක විකුනන මුදලාලිලා මදුරුවෝ ඇති කරලා එලියට දානවද කොහෙද.

කඩේ නම් එක එක ජාතියේ මදුරු මර්දන් තියෙනවා. ඔය හැම එකක්ම වගේ මන් පාවිච්චි කරලත් තියෙන්වා. මටනම් හම්බ උන හොඳම ක්‍රමය තම මදුරු දැල

මදුරු දැල් ශරීරයට අහිතකරත් නැහැ. එක පාර ටිකක් වැඩි මුදලක් වියදම් වෙන එක විතරයි ඊට පස්සේ හැමදාම නොමිලේ සේවය. ඉඳලා හිටලා හේදුවහම ඇති ඒ නැතත අවුලක් නැහැ

අංක විසි එක
මම ඉතින් බ්ලොග් එකේ එක එක දෙවල් ගැන ලියනවා ඒත් වැඩිපුරම ලිපි ලිය වෙන්නේ බීම ගැන තමා.
මන් මෙච්චර කල් ලියපු ලිපි අතරින් වැඩිපුරම ප්‍රතිචාර තියෙන්නේත් බීම ගැන ලියපුවාට තමා.

මගේ සමහර ලිපි නම් හරිම අසාර්ථකයි. සමහරක් එවා නම් හොඳට ලිය උනා කියලා මට හිතෙනවා. හොඳටම සවුත්තුයි කියලා හිතුන ඒවා නම් මන් ඉවත් කලා ඒත් අනික් අය ප්‍රතිචාර දක්වපුවා ඉවත් කරන එක හරි නැහැ වගේ නිසා සමහර ඒවා නම් ඔහේ තියෙන්න ඇරියා.

කොහොම උනත් මාස 7ක් විතර බ්ලොග් අඩවියක් පවත්වාගෙන ගිය එක ගැන නම් මන් සතුටු වෙනවා.

අංක විස්ස
ලියන්න දෙවල් හිතේ තියෙනකොට ලියන්න හිතෙනව. ඒත් එවා ලියාගෙන ලියාගෙන ගිහින් ඉවර උනාම හිතට හිස බවක් දැනෙනවා. හරියට බල්දියක තිබ්බ වතුර ටික සේරම එලියට අරන් වීසි කලාවගේ. ලියන තරම් වේගයෙන් ඔලුවට අදහස් එන්නේ නැහැනේ ඉතින් අළුතෙන් ලියන්න දෙවල් නැහැ වගේ.

අද පොල දවස. ඉස්සරනම් පොලේ ගිහින් බඩු ගේන්වා දැන්නම් යැවෙන්නේ හරිම අඩුවෙන්. හැම තැනම දාල තියෙන එළවලු කඩ නිසා දැන් පොලේ යන්න ඔනේම නැහැ ඔනෙම දවසක හොඳ එළවලු ගන්න පුළුවන්. මේ පැත්තේ තියෙන එළවලු කඩයකුයි පොලේ වෙලෙඳන් අතරයි පහුගිය කාලෙ පොඩි පහේ යුද්ධයක් තිබුනා. දැන්නම් එහෙම එකක් නැහැ.

කොහොම උනත් මිනිස්සු යන්නේ රුපියලක් හරි තමන්ට වාසි තැනකටනේ. ඒකට කාටවත් දොස් කියන්න පුළුවනෑ

අංක දහ නමය
අත්‍යාවශ්‍ය නොවන අත්‍යාවශ්‍ය ආහාරයක්. කිරිපිටි කොහොමද අපේ අයට නැතුවම බැරි උනේ කියලා මම නම් දන්නේ නැහැ. මටත් ඉස්සර පිටි කිරි වීදුරුවක් උදේට නැතුවම බැහැ. නැගිටපු ගමන් හොයන්නේ උදේ කිරි එක. ඒත් මන් දැන් පිටි කිරි බොප්න එක සම්පූරනයෙන්ම නවත්තලා තියෙන්නේ. එළකිරි හම්බ උනොත් විතරක් බොනවා නැත්නම් ඒකත් නැහැ.

පිටි කිරි බොන එක නැවැත්තුව නිසා මගේ ශරීරයටනම් කිසිම ආබාධයක් ඇතිඋනේ නැහැ. මම නම් හිතන්නේ මේ පිටි කිරි අත්‍යාවශ්‍ය ආහාරයක් කරන එක පිටි කිරි විකුනන සමාගම් විසින් ඇති කරපු මතයක්.

කාලයක් මෙලමයින් තියෙන්වා කියලා කතාවක් ආවා. දැන් ෆාම් ඔයිල් තියෙන්වා කියනවා ඉතින් ඇත්තටම පිටි කිරි වල මොන මොන විස දේවල් ශරීරයට අහිතකර දේවල් තියෙනවද කියල කවුද දන්නේ?

සමාගම්වලට කැමති කැමති විදිහට ගනන නග්ගන්න දුන්නනම් අපේ අය පිටි කිරි බොන එක නිකම්ම නැවතිලා

අංක දහ අට

ඔන්න බ්ලොග් මැරතන් එකේ දෙවෙනි දවසත් උදා උනා. මම නම් නිඳකුත් දාල නැගිට්ට විතරයි. තවමත් අපේ සහෝදරවරු දුවන බවක් තමා පේන්නේ. ඉතින් උදේ පාන්දරම දුවන හැමෝටම මන් ගානේ වතුර පාරක්.

දුවන්න මල්ලිලා හයියෙන් දුවන්න....

චියර්ස්ස්ස්....!!!!

අංක දාහත
දැනට මම නවතිනවා ආයි හෙට උදේට ලියන්න හිතාගෙන ඉන්නවා. අද දවල් තමා මන් හිතුවේ මැරතන් දුවන්වා කියලා. ඉතින් මේ මදෑ ලිව්වා. ආයි හෙට ලියන්වා.

අනික් දුවන හැමෝටම සුභ පතුම්

කමෙන්ට් වතුර ගහපු අයටත් ටැන්කියූයූ...!!!

අංක දාසය

හැන්දෑවට බාර් එකක් ගාවින් යනකොට අපේ රටේ මිනිස්සු බොන හැටි බලා ගන්න පුළුවන්. කාලෙ බෝතලයක් අරන් ගිහින් පෝලිමේ ඉඳන් බාර් එකෙන් එකට අරක්කු පුරෝ ගන්නවා, ඊට පස්සේ ඇවිත් කළුවර තැනකට වෙල ඒක කටේ හලාගෙන මූනත් ඇඹුල් කරගෙන කෙල ගහලා යන්වා යන්න වෙන කෙනෙකුට හිස් බෝතලේ දීලා

මමනම් බීම කියන්නේ ඕකට නෙමෙයි. ඔය මත්පැන් හැම එකකටම රසක් තියෙන්වා ඒක නිදහසේ විඳ විඳ බොන එකට තමා මන් කැමති. විවිධ මත්පැන් වලට විවිධ ජාති මිශකරලා එවායේ රසය වෙනස් කරලා තමයි වෙන රටවල නම් මිනිස්සු මත්පැන් බොන්නේ

අරක්කු වලට නැති උනාට වෙනත් ජාති වලටනම් Cocktail recipes තියෙන්වා. ඒවාට මිනිස්සු විවිධ නම් පවා භාවිතා කරනවා. අපේ රටේ අය තාම අමුවෙන් ගල් ගහනවා

අංක පහලොව
ඉස්සර බස් එකේ ගිය මම දැන් ගමන් බිමන් යන්නේ මෝටර් බයිසිකලයේ. මම නම් ඒකේ කිසිම හොඳක් දකින්නේ නැහැ මොකෝ දැන් දැන් පොඩි දුරක්වත් පයින් යන්නේ නැතුව මම පෙට්‍රල් පුච්චගෙන මෝටර් බයිසිකලයේ ගමන් යන්න පුරුදු වෙලා. එක මගේ සාක්කුවටනම් එච්චර හොඳක් කරන්නේ නැහැ.

ඉතින් ඔය මෝටර් බයිසිකලේ පොඩි පොඩි අඩුපාඩුකම් ටිකක් තියෙන්වා. මන් මේ කියන්න හදන්නේ ඉස්සරහට කවුරුහරි ඒක නවීකරනය කරන්න හිතාගෙන ඉන්නවනම් මේවා ගැනත් පොඩ්ඩක් හිතන්න.

මෝටර් බයිසිකලේ තියෙන ප්‍රධානම අඩු පාඩුව තමා වහලයක් නැති එක. වහින වෙලාවට ඉතින් දෙයියන්ගෙම පිහිටයි . අහසින් වහින වතුර මදිවට පාරෙ තියෙන වතුරත් අනික් වාහන වලින් අපේ ඇඟටම ගහලා යනවා.

දෙවෙනි එක තමා එකපාරට නවත්ත ගන්න තියෙන අපහසුව. මේක අනික් වාහන වල තිබ්බත් ඊට වඩා මේකී තියෙන්වා ඒක අපේ ජීවිත වලට ලොකු අවදානමක්.

තුන්වෙනි එක තමා මේකෙ බඩු භාණ්ඩ ටිකක් වැඩිපුර ගෙනයෑමේ අපහසුව.

මේවත් සම්පූරන උනානම් මෝටර් බයිසිකලේ කියන්නේ එළ වාහනයක්

අංක දාහතර

හිතේ තිබ්බ ගොඩක් දෙවල් දැන් ලියලා ඉවරයි ඒක නිසා දැන්නම් මට ලියන්න දෙයක් ගැන හිතා ගන්නත් අමාරුයි.

දැන්නම් ලාවට බියර් තිබහක් ඇති වේගන එනවා. මොනා කරන්නද දන් බාර් වහලනේ. කලින් බඩු ලෑස්ති කරගත්තෙත් නැහැ.

අවා පොඩි අදහසක් ඒක ගැන ඊලඟ ලිපිය ලියන්වා. එහෙනම් තව ටිකකින් ඒක බලන්න

අංක දහතුන

ගොඩක් දෙනෙක් කැමති නැති කෑමක්, විසේසයෙන් කාන්තා පාර්ශ්වේ අය චුයින්ගම් කන්න කමති උනාට බුලත්විට නම් පෙන්නන්න බැහැ. මේකට ගොඩක්ම හේතුව තමා බුලත් කාල හැම තැනම කෙල ගහන එක.

මම හැදුන ගොඩක් ගෙවල්වල ඉස්තෝප්පුවේ වරදින්නේ නැති දෙයක් තමා බුලත් හෙප්පුව. ගෙට ගොඩවෙන ඕනෑම කෙනෙක්ගෙන් අහන්නේ විටක් කමුද කියන එක තමා. පොඩි කාලෙනම් පොඩි තහනමක් තිබ්බත් දැන්නම් එහෙම එකක් නැහැ. අදවගේ නිදි මරන්න තියෙන දවසක ඒකට කියාපු දෙයක් තමා බුලත් විටක් කියන්නේ. මල ගෙවල් වල නිදිමරන අයට නියම අවුසද‍යක් විටක් කන එක.

හුණු සහ දුංකල කන එක සරීරයට අහිතකර උනත් බුලත් සහ පුවක් සමග අනික් කලමනා විටට ගැනීම අහිතකරයි කියලා මම නම් හිතන්නේ නැහැ.

මේකත් කියවලා බලන්න

ඔය කවුරු අකමැති උන අපේ ව්‍යත්සයින් (නම හරිද මන්දා ) නුත් මේකෙ ගුණ ගැන කියලා තියෙන්වා

අංක දොලහ
අපේ මකර රජ දහනේ එක පාරක් තිබ්බා "මම මලක් ගැසුවෙමි" කියලා ලිපිය ඒකට ආපු සමහර අය ඇවිත් තිබ්බේ මලක් ගැහුවම මොනවගේද කියලා දැන ගන්න. කාලෙකින් මලක් ගහන්න ලැබුනේ නැති නිසා මටත් ඒක මොන වගේද කියලා හරියටම මතක නැහැ.

ඒත් ෆුල් ආතල් කියලානම් මතකයි. ඇත්තටම මලක් ගැහුවම මොන වගේද කියන එක කාටවත් කියන්න බැහැ ඒක තමන්ම අත්විඳලා බලන්න ඕනේ දෙයක්. මෝකො එක එක්කෙනාට ඒක දැනෙන්නේ වෙනස් විදිහකට නිසා.

පාවෙනවා වගේ. මම ගහපු හැමවෙලේම වගේ වෙන ඒවත් මිශ්‍ර වෙලා නිසා තනිකරම මලේ අගය විස්තර කරන්න විදිහක් නැහැ. හොඳටම මතක එකම දේ තම ඊට පස්සේ ඇති වෙච්ච පුදුමාකාර බඩගින්න. ඒක නිවා ගන්න එක පාරක් අයිස් ක්‍රීම් ලීටරයක් විතර කෑවා

අංක එකොලහ
එක එක ජාතියේ අරක්කු වලට මාරු වෙලා අන්තීමට මම නැවතුනේ මෙන්න මේ ජාතියෙන්
මේක හරිම ටොප් බීමක්.

ඉස්සෙල්ලම බීපු අරක්කු ජාතියේ නම නම් මට මතක නැහැ ඒත් මතකයේ තියෙන මුල්ම ජාතිය තමා මේක. සංස්ථා White Label. මෙක තොරාගන්න හේතු උනේ මේක අනික් එවා තරම් ගඳ නොවීම. මොකො ඒකාලෙ මම උපෙ ට ක්ලාස් යන්වනේ ඉතින් ගඳත් ප්‍රශ්නයක්.

කාලයක්ම මන් බිව්වේ Old Reserve ඒත ඒකෙ ගානනම් දැන් ඔරොත්තු දෙන්නේ නැහැ (850/= +) ඊට පස්සේ V.S.O.A. Double Distilled නුත් කාලයක් බිව්වා ඒත් දැන් මේක.

වැඩිපුර දැනගන්න මේකත් බලන්න

අන්තිම වතාවට ගන්නකොටනම් ගාන රුපියල් 640/= දැන්නම් කොහොමද දන්නේ නැහැ

අංක දහය
හැමෝගෙම පවුල් වල සාමාජිකයෝ ඉන්නවා ඔය අතරින් අපි කැමති වගේම අකමැති අයත් ඉන්නවා.
සමහර අය උපන්දා ඉඳලා පවුලේ සාමාජිකයන් වෙනකොට සමහර අය අළුතින් සම්බන්ද වෙනවා.

මම මේ කියන්න යන්නේ මම කැමතිම අපේ පවුලේ සාමාජිකයෙක් ගැන. මචන් කෙනෙක් ඉතින් අළුතින් එකතු උන සමාජිකයෙක් නේ.

අපේ පවුලට එකතු උනදා ඉඳල නෙමෙයි එකතු වෙන්නත් කලින් ඉඳලා අපි දෙන්නා බොන පාට්නර්ලා. කොහේ ගියත් අපි දෙන්න තමා බොන දේවල් වලට මූලිකත්වය ගන්නේ. හැමදාම අන්තිමට කෑම කන්නේ අපිදෙන්න ඒක නිසා බැනුම් අහගන්න වාර අනන්තයි. මොක උනත් දෙන්නටමනේ ඒක නිසා අවුලක් නැහැ.

ට්‍රිප් ගියාම ගිය වෙලේ ඉඳන් සහ යන අතරමගදි පවා යන එකට නොව බීමට මුල් තැන දෙන්න මචංගෙන් මට ලැබුන සහයෝගය කියලා නිම කරන්න බැහැ. ට්‍රිප් එක ඉවර වෙනකම්ම අපේ රාජකාරිය උනේ ගෙනිච්ච බෝතල් ටික ඉවර කරන එක. මට අපේ පවුලේ වැඩිහිටියන්ගේන් බැනුම් ආවත් මචන් අළුත් සාමාජිකයෙක් නිසා ඔහුට එතරම් බලපෑම් නැහැ ඉතින් ඒක මටත් වාසියක්ම උනා.

මචංට බොන්න ඕනෑ උන හැම වෙලාවකම මම සූදානම් නැතත් මට බොන්න ඕනෑ උන හැම වෙලාවකම මචං මගේ සහයට හිටියේ බීමට බරපැනත් දරමින්.

ඉතින් මේ මස්සිනා පහුගිය දවසක අපේ රට අත ඇරලා වෙන රටකට පදිංචියට ගියා තමන්ගේ අනාගත සුභ සිද්ධිය වෙනුවෙන් ඒකෙන් මට උන පාඩුව නම් කියලා නිම කරන්න බැරි උනත් ඔහුගේ අනාගතයට මම හදවතිනම සුභ පතනවා
චියර්ස්ස්ස්...!!!!
නිවාඩුවට එනකොට බොන්න මොනාහරි අරන් වරෙන් මචෝ...!!!!

අංක නමය
ඉතින් කොහෙන් ගියත් කැරකිලා එන්නේ මගේ ප්‍රියතම මාතෘකාවට. මතක් කලත් කටට කෙල ඉනුවට අරක්කු කියන්නේ මල ජරා බීමක්. ගඳස්කාරේ බැහැ ඒ මදිවට පුදුම තිත්තක් තියෙන්නේ. බීපුවහම බඩ පපුව පිච්චිලා යන්වා

ඉතින් ඔච්චර සවුත්තු බීමක් මොකට බොනවද මන්දා නේද. අරක්කු විතරක් නිකන් බිවුවම වෙනදේ ගැන මම කිව්වේ. කවුද එහෙම බොන්නේ. අපි අරක්කු බොන්නේ සෝඩා හරි කොකාකෝලා හරි දාලා ඒකට තව අයිස් කැටයක් දෙකක් දාලා හොඳට මිශ්‍ර කරලා පොඩි උගුරක් බීලා කට ගැස්ම ටිකක් කන්වා. ඔන්න ඔහොමයි අපි බොන්නේ එතකොට ඔය තිත්ත ගතිය, සැර අඩුවෙල මිහිරි රසක් එනවා. තේ, කෝපි උනත් සීනි නොදා නිකන් බොන්න බැහැනේ. ඒ වගේ තමා අරක්කුත් එහෙමයි.

මම නම් කාටවත් බොන්න කියලා කියන්නේ නැහැ මොකෝ එකෙක් හරි වැඩි උනාම අපිට බොන්න තියෙන ප්‍රමානෙ අඩු වෙනවා ඒක නිසා.හැබැයිබොන අයට නොබොන්න කියන්නේත් නැහැ.

මද පමණට ගත්තම ෂෝක්

අංක අට
ගෑනු ඉස්කෝලෙකින් පටන් අරන් පිරිමි පාසැලකින් අවසන් කරපු මගේ පාසැල් කාලය ඉස්කෝල හතරකම ගෙවුනා (අනික් පැත්තට උනා නම් මරු). දෙවෙනියට මම ගියේ මිශ්‍ර පාසැලකට ඉල්ලඟ දෙකම පිරිමි විද්‍යාල. අපරාදේ සාපෙට මිශ්‍ර එකත් උපෙට කාන්තා පාසැලත් හම්බ උනා නම් මරේ මරු. (අවාසනාවට එහෙම උනේ නැහැ)

පොඩිකාලෙ යන පාසැල්වලට වඩා අවසාන කාලෙ යන පාසැල් වලදි වෙන සිදුවීම් රසවත්. උපෙ කරනකොට තමා නියම ජොලිය තියෙන්නේ. ඉතා වැදගත් විදිහට හැසිරෙන ජරා මිතුරනුත් චාටර් විදිහට හැසිරෙන හිත හොඳ කොල්ලනුත් අඩුවක් නැතිව අපේ පංතියේ හිටියා.

දැන්නම් පාසැලෙන් සමුඅරන් වසර 10ක් විතර වෙනවා. කලාතුරකින් හමුවන් එක් අයෙක් දෙන්නෙක් ඇරෙන්න පාසැල් මිතුරන් දැන් වැඩිය හමුවන්නේ නැහැ. හමු උනත් පෙරමෙන් සුහද තාවක් අපි අතර ඇතිවන්නේ කලාතුරකින්. ඉතින්, හලෝ, කොහොමද යන වදන් කිහිපයකින් නැවත් වෙන්වීයන්නට සිදුවෙනවා.

අංක හත
ඔන්න ලියන්වා ගොඩක් දෙනෙකුට ප්‍රසිද්ධියේ දැක්කම කලන්තේ හැදෙන දෙයක් ගැන (හොරෙන් එහෙම දැක්කොත් බලනවා).

මුලින් නම් මාත් හිතාගෙන හිටියේ නිල් චිත්‍රපටි කියන්නේ නිල් පාට එවා කියලා, අනේ එහෙම එකක් නැහැ රඟපාන නළු නිළියන්ගේ ඇඳුම්වල පොඩි අඩුපාඩුවක් ඇරෙන්න වෙන කිසිම වෙනසක් නැහැ අනික් චිත්‍රපටි එක්ක බැළුවම.

ඉස්සරනම් මේවා පෙන්නන පොඩි පොඩි තැන් තිබ්බලු නගරවල ඒත් පරිගනකයයි VCD Player නුයි ප්‍රචලිත උනාට පස්සේ එවා නිකම්ම නැතිවෙලා ගිහින්. දැන් මිනිස්සු මෙවා බලන්නේ ගෙවල්වල.

අපි හිතනවට වඩා මේක ලොකු කර්මාන්තයක්. මෙවාට සම්බන්ඳ අයට සම්මාන උළෙලක් පවා පැවැත්වෙනවා. මේවැනි සුපිරි තරු තරඟත් තියෙන්වා (මෙහෙත් තියයිද දන්නේ නැහැ ). මෙවායේ රඟපන නළු නිළියන් කරන්නේ ඉතාම අසීරු කටයුත්තක් කියලා මට හිතෙන්නේ. බොහෝවිට ඔවුන් මත්ද්‍යව්‍ය වලට ඇබ්බැහි වූවන් ලෙසත් හිතන්න පුළුවන්.

හතරපෝයට සිල් අරන්, සුදු ඇඬ්හ්ගෙන අහිංසක දුප්පත් මිනිස්සුන්ගේ සල්ලි ගසාකන සිල්වතුන්ට වඩ මේ කර්මාන්තයේ නියැලෙන අය නම්බුකාරයි කියලා මට හිතෙන්නේ

කවුරු හරි කොල්ලෙක් කිව්වොත් මම කවදාවත් මේවා බලලත් නැහැ, බලන්නෙත් නැහැ කියලා ඒක නම් මට පිලිගන්න බැහැ.

අංක හය
අද 17 අවුරුදු ඉවර වෙලා අදට දවස් 3ක් වෙනවා ඒත් තාම කඩ වහලා. බොහොමයක් කාර්‍යාලවල කටයුතු අඩාලයි. කැම කඩ බොහොමයක් වහලා. බේකරි වහලා නිසා පාන් හොයා ගන්නත් නැහැ.

මිනිස්සු අවුරුදු කියලා අතේ තියෙන සල්ලි සේරම වියදම් කරනවා මදිවට සතියක් විතර නිවාඩුත් ගන්නවා. ඉස්සර මම වැඩකරපු තැන පිටරට පාරිභෝගිකයෝ අපිට බනිනවා අපේ නිවාඩු වැඩී කියලා. හැබැයි මොනවා කිව්වත් මාත් කැමතියි වැඩි වැඩියෙන් නිවාඩු හම්බ වෙනවට

ඊලඟට වෙසක් ඒකට මේපාර දවස් 3යි අහුවෙන්නේ ඒක නිසා ටිකක් ෂේප්

ඉතින් අපේ රට දියුණු වෙයිද?

අංක පහ
අද හැඳෑවේ මැෂිමෙන් තණකොළ ටිකක් කැපුවා. ඉස්සරනම් විසි කැත්තෙන ඒ වැඩේ කලේ ඒත් දැන් ඒකටත් මැෂිමක් අරන් තියෙන්නේ.

විසි කැත්තෙන කරන එක ඇඟටත් හොඳයි වියදමක් යන්නේත් නැහැ ඒත් මැෂින් එකට පෙට්‍රල් යන්වා. ඉස්සරනම් මැෂින් ගොඩක් ගනන් ඒත් දැන් ජපානෙන ගෙන්නන පාවිච්චි කරපුවා තියෙන නිසා එච්චරම ගනන නැහැ රුපියල් 5000 විතර ඉඳන් තියෙන්වා. එවා විකුනන තැනකට ගියාම හිතෙනවා ජපානෙ කුණුගොඩ ලංකාවද කියලා ඒ තරම් නානාප්‍රකාර යන්ත්‍ර. සමහර ඒවා ලංකාවට ඕනේ වෙනවද මන්දා.

හැම එකක්ම පුළුවන් උපරිමේටම භාවිතාකරන එක පරිසරයට හොඳයි ඒත් දැන් අපි පාවිච්චි කරපුවා කොහටද දාන්නේ මොකො අපෙ කුණු ජපානේ ගන්නේ නැහැනේ. අපි ඒවා ප්‍රථිචක්‍රීකරණය කරන්නේත් නැහැ සේරම මෙහෙම එකතු වෙයි.

වාහන ගෙන්නද්දි නම් මන් හිතන්නේ ගොඩක් පරන ඒවා ගේන්න දෙන්නේ නැහැ ඒත් මේ යන්තර සහ පරිගනක වලට මේක අදාල නැහැ. නැතනම් පෙන්ටියම් I,II,III එවා මෙහෙ ගෙනත් මොනා කරන්නද. කුණුගොඩවල් එකතු වෙන එක විතරයි.

දියුණු රට්වලට තියෙන මේ කුණු ප්‍රශ්නෙට විසඳුම තමා අපි වගේ දුප්පත් රට්වලට පටවන එක. අපිත් මොකෙ ඉතින් ලාබෙට දෙනවනම් ඒඩ්ස් උනත් කමක් නැහැනේ

අංක හතර
කොහොම නොලිය ඉන්නද මේ ගැන. මම සින්ඩියෙනුත් ඉවත් වෙලා ඉන්නේ මම ලියන ලිපි හැම එකකම වගේ මේ ගැන සටහන් වෙන නිසා. මොකෝ ඉතින් එකට 18ට අඩු අයත් එනවනේ.

අපේ රටේ මිනිස්සු හිතාගෙන ඉන්නේ රූපවාහිනියේ යන බොන දර්ශනයක් දැක්කම, පත්තරේ දැන්වීමක් දැක්කම එහෙමත් නැත්නම් අන්තර්ජාලෙ ලිපියක් දැක්කම අපේ ඊලඟ පරම්පරාව බීමට ඇබ්බැහි වෙනවා කියලා. මම නම් මේක කීයටවත් පිළිගන්නේ නැහැ. මම ඇබ්බැහි වෙලා නැතත බොන්න පුරුදු උනේ ඔය එකක්වත් නිසා නම් නෙමෙයි. ඒකට හේතුව මේකයි කියන්න බැහැ.

කොහොම උනත් මත් පැන් ගැන ලිපි දෙක තුනක්වත් තරඟය අතරතුර ඉදිරිපත් වේවි

අංක තුන
පොඩි බියර් එකක් තිබ්බ නම් මරු ඒත් ඉතින් වෙරි වෙලා ලියන්න බැහැනේ මොනා ලියයිද දන්නේ නැහැ. ඒක නිසා අදහස අත් ඇරගත්තා.

බ්ලොග් අවකාශය තුල මගේ අනන්‍යාතාවය තමා "මරණය" කියන එක. මගේ ඇත්ත නමින් ඉඳගෙන මට නිදහසේ අදහස් ප්‍රකාශ කරන්න අපහසුයි ඒක නිසා මන් මෙහෙම නමක් යොදාගෙන පෙනී හිටිනවා.

වෙනත් නම් නැතුව මම මරණය කියන එකම තෝරගත්තේ මේ ලෝකේ ඉන්න හැමොටම අනිවාර්‍යයෙනම මරණය උරුම නිසා සහ මරණයට මම හරිම කැමති නිසා.

අපි හැමෝම මැරෙන මිනිස්සු.

අංක දෙක
ඉතින් අද මේ තරඟය පවත්වන්න නොයෙක් දෙනා උපකාර කරලා තියෙනවා ඉතින් ඒ හැමෝම අපි මේ පටන්ගැන්මේදි මතක් කරන්න ඕනේ.

මුලින්ම පරිගනකය සොයාගත් තැනැත්තා. ඊලඟට අන්තර්ජාලේ සොයාගත් තැනැත්තා, ඊටත් පස්සේ බ්ලොග් හොයාගත් තැනැත්තා. බ්ලොගර් අඩ්වියේ හිමිකරුවන්, සිංහල යුනිකෝඩ් හදපු උදවිය, සිංහල බ්ලොග්කරුවන්ගේ සංගමය මේ උදවිය නැත්නම් ඉතින් අපි මේහෙම බ්ලොග් මැරතන් දුවලා හමාරයි.

මම විසේසයෙන් ස්තූතිවන්ත වෙනවා මේකට මොකෝ මම මගේ මේ මුළු බ්ලොග් අඩවියම ලිවුවේ මේකේ ආධාරයෙන්.

ඉතින් ඕන් දුවපාන්න්න්න්න්න්න්න්......!!!!!

අංක එක
මම බ්ලොග් ලියන්න පටන්ගත්තේ ගිය අවුරුද්දේ සැප්තැම්බර් මාසේ නම වෙනිදා.

ඊට කලින් ඉංග්‍රීසි බ්ලොග් අඩවියක් කරන්න හැදුවත් මගේ දුර්වල ඉංග්‍රීසි දැනුම එයට ප්‍රමානවත් උනේ නැහැ. ඊලඟට සිංහලෙන් ටයිප් කර ඒවා ඉමේජ් බවට හරවා බ්ලොග් අඩවියක් කරන්න හැදුවත් ඒයත් කිරීමට නොහැකි උනා. අවසානයේ සිංහල යුනිකෝඩ් වලින් කල බ්ලොග් අඩවිය තවමත් පවත්වාගෙන යන්වා.

මුලින් දිනපතා ලිපි ලියූවත් එය ක්‍රමයෙන් අඩුවී නැවත පොඩි වර්ධනයක් ඇතිවී තිබෙනවා.මම බ්ලොග් ලිවීමට පටන්ගත් කාලයෙම සිංහල බ්ලොග්කරුවන්ගේ සංගමයටත් එකතු උනා. මේ මම ආ පසු පවත්වන දෙවන මැරතන් තරඟය. මටත් හිතුනා ඒකට එකතුවෙලා බලන්න.

ඔන්න එහෙනම් බලමුකෝ දුවලා

චියර්ස්ස්ස්....!!!!

මාත් අද හැඳෑවට මැරතන් දුවන්න හිතාගෙන ඉන්නේ. ඔය ගොල්ලොත් කැමතිනම් එකතු වෙන්න

සෙට් වෙන්නේ... http://embed.mibbit.com/?channel=%23kalinga&server=irc.freenode.net
මැරත්න් බලන්නේ ... http://marathon.sinhalabloggers.com/
දුවන්න සෙට් වෙන අය... admin {at} sinhalabloggers {dot} com වෙත ඔබගේ
බ්ලොග් අඩවිය දැන්නම එවන්න...
Techකතා මැරතන් අතර තුර සජීවීව http://techkatha.com වලින් පැය 24ම
විකාෂය වෙනවා... සිංදුත් අහන්න පුලුවන්, ගැටලු ඉදිරිපත් කර්අන පුලුවන්...

තව තව දේවල් තියනවා... ඇවිත් බලන්නකෝ...... !!!!

හොදටම බ්ලොග් ලියපු කෙනාට හොද තෑග්ගක් දෙනවා මේ සැරේ....

හැමහ්දෙම නවීකරණයවෙලානේ ඉතින් අවුරුදු උත්සව වල තියෙන තරඟත් නවීකරණය වෙලා. ගොඩාක් කාලෙකට පස්සෙ මමත් ගිය අවුරුදු උත්සවයක් බලන්න, ඒක තිබ්බ අමුතුම තරඟයක්. බෝතලේට වලල්ල දාන්න තියෙන්නේ.

රුපියල් 10ක් දීල වලලු තුනක් අරන් ටිකක් දුරින් තියෙන බෝතලේට ඒක දාන එක තමා තරඟේ. එක්කෙනෙකුට ඕනෑම සැරයක් උත්සාහ කරන්න පුළුවන් හැබැයි සල්ලි දීලා වලලු ගන්න ඔනේ. මම වැඩි වෙලා හිටපු නැති නිසා තව මොන මොන විශේෂාංග එකතු වෙලා තිබ්බද කියලා දැක්කේ නැහැ.

මම ගිය එකේනම් තිබ්බේ මෙගා බීම බෝතලයක් ඒත් කෙනෙක් කිව්වා එයා ගිය එකේ තිබ්බේ ගල් බෝතලයක් කියලා ඒකටන සෑහෙන්න පිරිසක් උත්සාහ කලාලු. කොහොමහරි සංවිධායක මණ්ඩලේ හොඳ ගානක් හෙවුව කිව්වා ඒ තරඟෙන් නම්.

අවුරුදු උතසව සංවිධානය කරන උදවිය ඒක කරන්නේත් ගමේ අයගේ ආධාර වලින් ඒ අතරට මේ වගේ තරඟෙකුත් දාල ගානක් හොයා ගන්නවා. දන්සල්, තොරන්, වෙසක් කූඩු, අවුරුදු උත්සව, රණවිරු උපාහාර බැනර්, බංකර මේ හැම එකකින්ම ඉතින් කරන අය බලන්නේ කීයක් හර හම්බ කරගන්න. වැරැද්දක් කියන්නත් බැහැ ඒ මිනිස්සුත් මහන්සි වෙනවනේ.

මේ ටිකේ නිවාඩු නිසා බ්ලොග් ලිපි දෙක තුනක්ම ලිව්වා ඒත් අදින් නිවාඩු ඉවරයි ආයි සුපුරුදු වැඩ දිවිය පටන් ගන්න වෙනවා. ආයි ඉතින් වෙසක් තමා ඒත් මේ පාර වෙසක් සිකුරාදා නිසා එක දවසයි නිවාඩු හම්බ වෙන්නේ.

අවුරුද්ද පටන්ගත්ත දවසේ ඉඳලා අපි බලාගෙන ඉන්නේ නිවාඩු දවසක් එනකම්නේ. මුලින්ම නිදහස් දවස ඊට පස්සේ අවුරුදු, වෙසක් පොසොන් , මැයි දිනේ, නත්තල්. ඔය වගේ මොකක් හරි නිවාඩු දවසක් කැලැන්ඩරේ තියෙනවානම් පෙරුම් පුරාගෙන ඉන්නවා එදා වෙනකම්.

ඒත් නිවාඩු දවස් වැඩකරන දවස් වලට වඩා ඉක්මනින් ගෙවිලා යන්වද කොහේද .පහුගිය දවස් හතර ගෙවිලා ගියා දැනුනේවත් නැහැ ඒත් ඉස්සරහට තියෙනවා වැඩකරන දවස් හතර ගෙවෙන්න ගොඩ කාලයක් යාවි

ජනවාරි පළවෙනිදට අපි සුභ නව වසරක් වේවා කියනවා අප්‍රේල් 14 සුභ අළුත් අවුරුද්දක් වේවා කියනවා. අළුත් සහ නව කියන්නේ එකම තේරුම ආවත් මේ දවස් දෙකේදි ඒක මටනම් තේරුම් දෙකක්.

ඉස්සරනම් අවුරුදු එනවට හරිම කැමතියි. මොකෙ නෑදෑ ගෙවල වල ගිහින් බුලත් දුන්නම බුලත් කොලේක ඔතලා සල්ලි කීයක් හරි හම්බ වෙන නිසා. ඒත් දැන් ඒකෙ අනික් පැත්ත. දැන් මන් වැඩිහිටියෙක්ම නොවුනත් පොඩි එකෙක් නෙමෙයි, මට පහලින් තවත් පරම්පරාවක් බිහිවෙලා ඉතින් එයාල බුලත් දුන්නම මට බුලත් කොලේක ඔතපු කීයක් හරි දෙන්න වෙලා ඒක නිසා දැන් අවුරුදු එනවා කියනකොටත් බයයි.

අවුරුදු දාට පොලිසියෙන් අල්ලන්නේ නැහැ කියලා මතයක් තියෙන නිසා ඉස්සර කැට ගැහුවා දැන්නම් කැටගහපු කාලයක් මතක නැහැ.

කාලෙකට පස්සෙ නෑදෑයො හම්බ වෙන එකයි, පොඩ්ඩක් වැඩිපුර පෙවෙන එකයි, අතේ තියෙන සල්ලි ටික වැඩිපුර වියදම් වෙන එකයි ඇරෙන්න අවුරුද්දේ විසේසයක් මටනම් නැහැ.

ඉස්සර 10,11 පංතියේ ඉන්නකොට සිංහල සාහිත්‍යට කවි ගැන විචාර ලියන්න උනා ( මන් හිතන්නේ එහෙම එකක් කලා හරියටම ෂුවර් නැහැ ) විමලරත්න කුමාරගම කියන කවියාගේ අයියනායක කියන කවි පන්තිය ගැන තමා ලිව්වේ. ඉතින් ඕක ලියද්දි කවියක් දාල ඒක ගැන අලි බොරුටිකක් ලියන්ව මේකෙන කවියා මේක ගැන හොඳ විස්තරයක් කරනවා වගේ (අපි ලියපුවා ඒ විදිහටම එතුමා හිතුවද දන්නේ නැහැ. මන් ලියාපුවා ගැනනම් හීනෙකින් වත් හිතන්න නැහැ )

මේ දවස්වල ඇහුන සිංදුවක් ගැනත් මට අර වගේ විචාරයක් විචාරයක් වගේ ලියන්න හිතුනා
ඒ සිංදුව තමා මේක ලහිරු පෙරේරාගේ "රම්බරී".
-----------------------------------------------------------------------------------------
ලහිරු පෙරේරා ගායකාගේ විසින් ගයන "රම්බරී"
සිංදුව මේ කාලයට ගැලපෙන ගීතයකි එයින් ජාතික සමගිය ඇතිකිරීමට මනා පිටුබලයක් ලැබෙනු ඇත. වාකරේ ඉන්න අය ගැනත් අම්පාරෙ ඉන්න සහෝදරවරු ගැනත් ඔහු පවසා ඇත

සිංදුවට සවන්දෙන්නා තුල අපේ සහෝදරවරුන්ගේ අහාර ගැන මනා අවබෝධයක් ලබා දීමට ලහිරු සමත් වී ඇත , තන්දූරි චිකන්, පාන් බාගයක් සහ ප්ලේන්ටි ගැන ඔහු මේ ගීතය අසන්නාට පවසන්නේ කටට කෙල උනවන ස්වභාවයෙනි

ලංකාවේ විවිධ පලාත්වල අහාර ගැන සහ වතුර ගැන ලහිරු කියන්නේ මරදානේ පරාට කෑමත් හුම්මනේ වතුර බීමත් ගැනය

අවසානයේ ලහිරු අපට ක්‍රීඩකයන්ගේ ක්‍රීඩා කෞශල්‍ය ගැන මනා අවබෝධයක් ලබාදෙයි. මුරලිගේ දුස්‍රා ගැනත් සනත්ගේ වේගවත් පිතිහරඹයත්, රෙස්ලින් ක්‍රීඩක ජෝන් සීනාගේ ගුටි කෑම ගැනත් අපව දැනුවත් කරන ලහිරු සිංදුව අවසානයේ කිසිවක් නොඇසූවන් බවට අපව පත්කරයි.

------------------------------------------------------------------------------------------

සිංදුවක් ඇහෙනකොට අහන අයට ගතියක් දැනෙනවනම් සහ ඒක කියන මනුස්සයට ඒක විකුනලා කියක් හරි අතටත් හම්බ වෙනවනම් ඒකේ පදවලින් කිසිම වැඩක් නැහැ මට හිතෙන විදිහටනම්.

ගිහින් බලන්නකෝ සුපුන්නුත් මේක ගැන කියලා තිබ්බ

ඉතින් ඔන්න අපේ මහ ආණ්ඩුවෙන් වෙනදා විදිහටම උදාවන අළුත් අවුරුද්ද වෙනුවෙන් 13,14 සියළුම බාර් වහනව. අද ඉතින් හෙන දිග පෝලිමක් තියෙයි හැම බාර් එකක් ගාවම.

මම නම් කියන්නේ ඔය බාර් වහන වැඩේ කිසිම තේරුමක් නැහැ. මේ විදිහට බාර් වහන එකෙන් වැඩිම වාසියක් වෙන්නේ බාර් කාරයන්ටම තමා. මොකෝ හෙටයි අනිද්දයි උන් බෝතල් විකුනන්නේ වෙනදා විකුනන ගාන වගේ දෙගුණයකට. අනික බොන්න ඕනේ අය අද අරගෙන දවස් දෙකටම හරියන්න බඩු ගෙනිහින් තියාගන්නවා. බැරි උන අය කීය දීල හැරි හෙට අනිද්දට තමන්ට ඕනෙ කරන ඒව හොයාගන්නවා.

අන්තිමේ කෙලෙවෙන්නේ පාරිභෝගික අපිටම තමා. අනික ඉතින් අවුරුදු කියලා විසේසයෙන් බොන්න ඕනේයෑ ඔය තියෙන වෙලාවක හිමීට බොන්න බැරියෑ.

ඒ අතින් නම් සිංහල මිනිස්සු හරි මෝඩයි අවුරුදු කියලා අතේ තියෙන සල්ලි ටික සේරම දවස් දෙකට වියදම් කරලා මාසෙ ඉතුරු ටික වේලෙනවා

ඉතින් හැමෝටම සුභ අළුත් අවුරුද්දක්!!!!!

කවුරු පත් උනත් මම අයිතිවෙන බස්නාහිර පළාත්සභාව තියෙන තත්වෙට වඩා වෙනසක් වෙන්නේ නැහැ කියලා මන් නම් හොඳටම දන්නවා. ඒත් මේ ඡන්දේට අපේක්ෂකයෝ වියදම කරන විදිහ දැක්කම පුදුම හිතෙනවා.

පළාත්සභාව කියන්නේ එච්චර වියදම්කරලා යන්න තරම් වටින කියන තැනක්ද මන්දා. කොහේද මන්දා තිබ්බ එක අපේක්ෂකයෙක් ඡන්දෙට මිලියන 150 ක් වියදම් කරනවා ඒත් පළත්සභාවෙ සෞඛ්‍ය අමාත්‍යන්ශෙට අවුරුදු 4ට වෙනක් කරන්නේ මිලියන 80ක් කියලා.

මේ තනතුරු 102 ට ප්‍රධාන පක්ෂ දෙකෙන් අඩුම ගානෙ 200 දෙනෙක් වත් ඉල්ලන්වා මේ එක්කෙනෙක් අඩුම ගානෙ රුපියල් මිලියනයක් වත් වියදම් කරනවා එතකොට ඡන්දේට මිලියන 200ක් වියදම් කරන අය පත් නාම මිනිස්සු වෙනුවෙන් නම් සතපහක් වියදම්කරන්නේ නැහැ .

මම උදේ හවස යන පාරේ ඉස්සර තිබ්බ මාලු කඩ, ලී මඩු, තෙල් මොල්, අතෑරපු සිල්ලර බඩු කඩ, ලී මෝල්, ගරා වැටුණු නිවාස වගේ සේරම මේ වෙනකොට මැතිවරණ කාර්යාල වෙලා. සේරම ඉතින් ආණ්ඩු පක්ෂේ. මේ මිනිස්සු නිකම්ම මේවා හදන්න දෙන්නේ නැහනේ ඡන්දෙන් පස්සෙ මොකක් හරි වැඩක් කරගන්න බලාගෙන තමා සේරම දිනන අයට උදවු කරන්නේ ඉතින් මේ තියෙන කාර්යාල ගානෙ හැටියට ඡන්දෙන් පස්සෙ දිනන මිනිහට වෙන වැඩක් කරන්න වෙන එකක් නැහැ උදවු කරපු අයට සලකනවා ඇරෙන්න.

මොන පක්ෂේ උනත් කමක් නැහැ හන්දියේ බාර් එකට සංස්ථා අරක්කු විකුන්නන් බලපත්‍රයක් දෙනවානම් මන් එයාට ඡන්දේ දෙනවා.

ඇල්කොහොල් වලට ජයවේවා!!!!!

Bloggers.com - Meet Millions of Bloggers