මගේ මරණය

ඔබ මෙක කියවනවද??
එහෙනම් මරණය හමු වේවි කවද හරි.
එසේනම් මැරෙනකම් ජීවත් වෙන මා සමග රැඳෙන්න.
මරණය හමුවෙන තුරා!!!

කාලෙකට කලින් අපි ගියා දඹානේ නෑදෑයෝ බලන්න. ඔන්න ඉතින් වැදි නායක ඌරුවරිගේ වන්නිලා ඇත්තන්ගේ ගෙදරටත්  අපි ගොඩ උනා. මෙන්න බොලේ මෙයා ගාව තියෙන ජාති මුළු ලංකාවෙම ඉන්න අය ආවත් දෙන්න ඉස්තරම් මී පැණි තියෙනවා ගෙට යනවා ගේනව. ගේ ඇතුලේ මන් හිතන්නේ මී මැස්සෝ වැඩ කරනවද කොහෙද. ඒ ඇරෙන්න තිබ්බ තවත් ජාතියක් තමා ඇත් දළ වලින් හදපු පෙන්ඩන්ට් සහ මුදු. ඇත්තම ඇත්ත ඇත් දළ. මේ ඇත් දළ ජාති මග දිගට හිටිය හැම වැද්දෙක් ගාවම තිබ්බ. ඉතින් අපි එක්ක ගිය ගොඩ දෙනෙක් මේ ඇත් දළ බඩු, මුදු , මාල පෙති ගත්තා.

මන් දන්න විදිහටනම් ඇත්දළ ලඟ තියාගෙන ඉන්නත් තහනම්. හැබෑටම මේ වැද්දන්ට මෙච්චර ඇත් දළ නම් කොහෙන්ද මන්දා. කවුදෝ කිව්වා ඔය ඇත්දළ හදන්නේ මැරිච්ච හරකුන්ගේ ඇට වලින් කියලා. එහෙම නැතුව හරිම ඇත්දළ නම් මේ වෙනකොට ලංකාවේ ඇත්තු ඉන්න විදිහක් නැහැ.

මේ ලිපිය ලියන්න හිතුනේ කියවමින් ඉන්න පොතක තියෙනවා ඉබි කට්ටෙන් හදපු කන්නඩි රාමුවක් ගැන. අපේ මිනිස්සු මේ විදිහට සත්ව කොටස් වලින් හදපු දේවල් පාවිච්චි කරන එක ගැන කතා කරන්නේ හරිම ආඩම්බරෙන්.

කොටි දත් ගැන, අලි කෙඳි දාපු මුදු , වලලු, අලි හම් වලින් හදපු මුදල් පසුම්බි, කැස්බෑවන්ගේ කට්ටෙන් හදපු දේවල්. ගොඩක් ඒවා ඇත්තම අලි කොටි නොවුනත් ඒවා තියෙන අය හරිම ආඩම්බරෙන් තමයි ඕවා ගැන කියන්නේ. හැබෑටම අනික් සතෙක්ගේ කෑලි තියා ගන්න එක ඔච්චර ලොකු කමක්ද?

නිකන් හිතලා බලන්න්කෝ මිනී ඇටයකින් හදපු මුද්දක්, පෙන්ඩන්ට් එකක් හරි, කෙස් ගහක් දාපු වලල්ලක් , මුද්දක් හරි, මිනී හමකින් හදපු මුදල් පසුම්බියක්, මිනිහෙක්ගේ වැටිච්ච දතක් මේ අය මේ වගේ නිකන් හරි පාවිච්චි කරයිද කියලා.

මාත් කරනවා එක දෙයක් ඒ තමයි ඉතින් මස් කන එක. මිනි මස් නම් කන්නේ නැහැ ඒත් අනික් ඒවා කන්නේ කෙල හල හල. බැලුවහම ඒකත් ඉතින් මේ වගේ තමා

වෙලාවක් තියේ නම් මේකත් බලන්න
Highway On My Plate එකේ අය ලංකාවට ආපු වෙලාව

7 අදහස්:

ඕක මොකක්ද අපේ මිනිස්සුන්ට, අපේ සමහර ඇයෝ ඉන්නේ ගේ පුරා මැරිච්චි සතුන්ගේ මල කුණු එල්ලන් ඉන්න......

ඔය දෙන කොටි දත් බලු දත් උණත් මිනිස්සු බෙල්ලන් ඉදියි මොකො කොටියගෙන් ගිහින් අහන්නදැයි මේ ඔයාගේ දතද කියලා..........

මන්දා මේ (අ )මුතු ඇටේ ඉන්නේ හතර පොයටම සිල් ගන්න බෞද්ධයෝනේ

අප්පට සිරි. අර එලවලු ටික දකිද්දි නම් කටට කෙල උනනවා. ඒ වුණාට අපේ ගෙවල් වල හැමදාම හදන්නෙ එකම රෙසිපියටනේ :(

ඇත්දළ කියල විකුණන සියල්ලම වල් ඌරු දත්.

ඇත්ත තත්වය නම් දැන් නියම වැද්දො නෑ. ඔය ඉන්න සියලු දෙනා සිංහල අය එක්ක මිශ්‍ර වුණු අය. වැඩි දෙනෙක් කරන්නෙ බිස්නස් එකක්.

මෙවර National Geographic සඟරාවේ වනසත්ව වෙළඳාම ගැන අපූරු ලිපියක් තියෙනවා. ඔන්ලයින් කියවන්න පුලුවන් මෙතනින්.

http://ngm.nationalgeographic.com/2010/01/asian-wildlife/christy-text

මඳක් සිතා බලන්න. ලංකාවේ සිටින අලි ඇතුන් ගහණය ප්‍රමාණවත්ද කියා ඔය තරම් ඇත් දළ ගන්න.

ඔය විකුණන්නේ වල් ඌරු දත්. සමහරු කියනවා ඕවයෙ ගුප්ත පැත්තකුත් තියෙනවලු. ඔය ඌරු දළ ගෙන ගිහිපු සමහර අයට අත්භූත සිද්ධීන් වලට මුහුණ දෙන්න සිදු වුනාලු.

අනේ බං මටත් මල අප්පිරියයි, සත්තුන්ගේ එක එක ජරාව තියාගෙන ඉන්න..
(මෙහේ ඒ වගේ දේවල් වලට ලොකු ඉල්ලුමක් තියෙනවා. සමහරුන්ගේ හොබි එක තමයි, ඔය ජරාව එකතු කරන එක)

මටත් ඔය වගේ වැඩ අප්‍රසන්නයි. කොයි සතාද 'ආ මෙන්න අනේ ගන්න මගේ දළයක්/ඇටයක්' කියල තෑගි දෙන්නෙ? ඔය කොයි එකත් බලෙන් ගත්ත දේවල් නෙ.

‍අපෝ..! කථා කරලා වැඩක් නෑ.. ඔය වැඩේදි ගෑණු කට්ටිය තමයි වැඩියෙන්ම සත්තු හම් පොරව ගන්නේ. අනේ මන්දා ඇයි කියලා..

Bloggers.com - Meet Millions of Bloggers