මගේ මරණය

ඔබ මෙක කියවනවද??
එහෙනම් මරණය හමු වේවි කවද හරි.
එසේනම් මැරෙනකම් ජීවත් වෙන මා සමග රැඳෙන්න.
මරණය හමුවෙන තුරා!!!

මන් මේ අරක්කු ගැන නොලියා ඉන්න කියලා හිටියේ ඒත් මාර වැඩක් වෙලා, මෙච්චර කාලයක් ගූගල් වල මට තිබ්බ පළවෙනි ස්ථානය අපේ කතන්දර කාරයා මගෙන් ඩැහැ ගෙන. මන් හිතන්නේ එයාගේ බ්ලොග් එකේ අරක්කු ගැන තියෙන එකම එක ලිපියයි. ඒකත් මට වඩා උඩට ගිහින් බලන්න අප්පා. මෙච්චර අරක්කු වලට සේවයක් කරන මන් දෙවෙනියට වැටිලා. ඔය Google Page Ranking  කියන එක ගැන මට එච්චර අවබෝධයක් නැහැ ඉතින් එයාලා කොහොම ඔය ලැයිස්තුව හදනවද මන්දන්නේ නැහැ.

ඒ මේ අස්සේ මන් මේ මූනූ පොතේ අරක්කු ගැන ලියපු එකකුත් ගූගල් වල ඒ ලැයිස්තුවෙම ඇවිල්ලා. මේවා දැක්කොත් නම් මට ඉතින් පාරේ බැහැලා යන්න වෙන එකක් නැහැ ගුටි නොකා. ඒ ලිපිය ගැන කියනකොට මතක් උනේ අපේ (අරක්කු) සංස්ථාවෙන් (DCSL) කාන්තාවන් ඉලක්ක කරලා අළුත් අරක්කු (අරක්කුම නෙමෙයි Liqueur එකක් කියලා කිව්වේ) වර්ගයක් හඳුන්වා දීලා නම නම් හරියටම මට පෙනුනේ නැහැ Narikela වගේ එකක් තියෙන්නේ (ඔය නිල් පාට බෝතලේ) මේක ටිකක් පැනි රසයි කිව්වා. ගාන නම් 875/= ක් වගේ මතක ඇල්කොහොල් නම් 23% තිබ්බා වගේ මතක. මට කෙනෙක් කිව්වා මේක Malibu (මන් දැනට බීලා තියෙන සවුත්තුම ජාති දෙකෙන් එකක්) වගේ කියල ඉතින් එතනින්ම මන් ඒක ට්‍රයි කිරීමේ ආසාව අත් ඇර ගත්තා.මොකද කොච්චර කිව්වත් අරක්කු නැත්නම් මද්‍යසාර කියන ඒවා ඕනවට වඩා පැණි රස උනාම බොන්න බැහැ වගේ.

මට ඉතින් නිකා ඉන්න බැරුවට DCSL ඒකේ කෙනෙක්ගෙන් අහලා බැලුවා ඇයි හොඳ වෙබ් අඩවියක් එයාලට නැත්තේ කියලා. කියපු විදිහට එහෙම අදහසක් වත් එයාලට නැහැ. අන්තර්ජාලෙන් බලලා මිනිස්සු අරක්කු බොයි කියලා එයාලා හිතන්නේ නැහැ. අනික ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන තරම් වෙළඳාමක් එයාලට නිකනුත් තියෙනවාලු. අනික එයාලගේ ඔය සියලු නිෂ්පාදන අතරින් වැඩියෙන්ම විකිනෙන්නේ ගල් කියලා තමා කිව්වේ. ඒක ඇහුවම මගේ හිතටත් ටිකක් හොඳයි මොකො බ්ලොග් වල ලියන එව්වා බලලා කවුරුත් අරක්කු පානයට යොමු වෙනවා කියන එක අරක්කු නිෂ්පාදනය කරන සමාගමක් වත් පිළිගන්නේ නැති කොට අනික් අය ගැන මොන කතාද නේ? 

ඔය DCSL  එකේම තියෙන Periceyl කියන සමාගමෙන් කරන කියන Black Opal අරක්කු ජාතියට මේ දවස්වල හොඳ ඉල්ලුමක් තියෙනවලු තරුණ පරපුර අතරේ. මේක අනික්වා තරම්ම සුවඳ(ගඳ කියල කියන්නේ) නැති නිසාත් පහුවදාට අමාරුව අඩු නිසාත් කියලා තමා කිව්වේ. මන් නම් තාම ට්‍රයි කලේ නැහැ බිව්වොත් ඒ ගැන කියන්නකෝ.

ඒත් ඉතින් මන් බලාපොරොත්තු වෙන බීම නම් අපේ අය කවදාවත් පුරුදු වෙන එකක් නැහැ. සාමාන්‍යයෙන් කට්ටිය නිකන් සෙට් වෙලා අද මොනාද බොන්නේ කියල අහල එවෙලේ ගිහින් බෝතලයක් ගෙනත් බොන එක කිව්වා මෙහෙ කරන්නේ. නැතුව හොඳ Recipe එකක් බලලා ඒකට හොඳ බයිට් එකක් එහෙම හදා ගෙන අරක්කු රසවිඳින එකක් ගැන කතාවක් වත් නැහැ.

මන් මේ නිකන් ජොලියට ලිව්වේ එහෙම නැතුව හැබෑටම කවුරුවත් එක්ක කිසිම තරඟයක් කිසිම දේකට මට නම් නැහැ. මන් කැමති කොහොමත් පහුවෙලා යන්න අපායට ගියත්.

21 අදහස්:

This comment has been removed by the author.

අනේ මරේ මලේ මං නං ඔය සර්ච් රෑන්කින් ගැන දැනගත්තෙත් අද මේ පොස්ට් එකේ තියෙන ලින්ක් එකෙනුයි. ගූගල් එකේ "බොටා" ලා මොනව මොනව කරනවද කියන එක අපිට පාලනය කරන්න බැහැනෙ.

දුක වැඩිකරගන්න ඕනැ නං මේක කරන්නකො.

ගූගල් ගිහිං "අරක්කු" කියල ලියල I'm feeling lucky බොත්තම ඔබන්න!!!

මං අරක්කු ගැන නමෙන් නැතිවුනත් තව සඳහනක් කළා නොට්ටිගෙ පුතා පෝස්ට් එකේ.

ඒක බැළුවොත් මරේ ට තේරෙයි - මට ඔන්නං සීයක් වුනත් ලියන්න පුළුවන් බව අරක්කු ගැන කතන්දර.

චියර්ස්!

කතන්දරකාරයා

(I deleted the previous comment because there was a spelling mistake)

අනිවා... අනිවා... උබට පස්සෙන් අයියෙ මමත් එනවා.... කොහාටද අපායට.... අපි කොහෙ ගියත් උබවත් හොයාලා ඇදගෙන තමයි යන්නෙ...
(තරහා නැහැනෙ උබ බන් බොලන් කියලා ලිව්වට)

බං මරේ, ඔය google search කරලාත් අපේ සයිට් වලට කට්ටිය එනවානේ..
මම ඉතිං බොහොම ශිෂ්ඨ සම්පන්න විදියටනේ බ්ලොග් ලියන්නේ.. සාමාන්‍යයෙන් 'අම්මා', 'සංස්කෘතිය' වගේ වචන හොයාගෙන තමා ඔන්න කට්ටිය එන්නේ..
ඊයේ බැලින්නම් 'සම ලිංගික කොල්ලෝ' කියලා search කරලාත් එකෙක් ඇවිත්. මට වහ කන්න හිතුනා අප්පා... ඒකනිසා උඹ ඔය අරක්කු search කිරිල්ල ගැන හිතන්න එපා..

සැලෙන්න එපා.. අරයා මෙයා කියන කතා අමතක කරලා තව හොද ලිපි දෙක තුනක් දාමු අරක්කු ගැන.. එතකොට ආයේ ඔයා එක..! කොහොමත් දැන් අපිට නෙට් නැතත් අරක්කු කිව්ව ගමන් මතක් වෙන්නේ මරේ වනේ..

අර කිව්ව ලේඩිස් ඩ්‍රින්ක් එක නම් හරියන එකක් නෑ.. මොකෝ පැණිරහ වැඩි වෙලා හරියන්නේ නැහැනේ.. අනික ඉතිං අපේ ගෙවල් වල පිරිමින්ට ගේන අරක්කු ‍ගෑණු බොනවා මිසක් ගෑණු අයට ස්පෙශලි අරක්කු ගෙන්නේ නැහැ නේ..

දන්නැති හින්ද අහන්නෙ..
ගල් පැණි රහද?? -_-

This comment has been removed by the author.

නෑ... සජිකල්/ඕඩිකොලොන් රහයි.

Black Opal නම් එළ බීමක් තමයි. ගල් , වයිට් වලට වඩා සෑහෙන්න හොඳයි

අයියෝ කතන්දරේ මන් මේ නිකන් කීවේ. ඔයත් ඔය තියෙන අරක්කු ගැන කතා ටිකක් ලියන්න.

අනේ මචෝ කොහෙ ගියත් මන් යන්නේ අන්තිමට ඒක නිසා උඹ කලින් පලයන් මන් පස්සෙන් එන්නම් අපායේ යන්න. හැබැයි බය වෙන්න එපා මාත් එනවා.

අඩේ පිස්ස ඒක නම් නියම සීන් එක. මාත් ගහලා බැලුවා ඔය එන්නේ උඹව.

ඒක තමා මලී. ගෙදර ගෑනු, මනුස්සයට බොන්න ගෙනත් දෙන කාලෙට ඕක වෙනස් වෙයි.

අනේ නැහැ බන්, ගල් තියා කිසිම අරක්කු ජාතියක් පැණි රස නැහැ. ඒකනේ බන් අපි මේ රටේ තියෙන හැමදේම ඒකට දාන්නේ රස වෙන්න.

Black Opal ට්‍රයි කරලා බලන්න ඕනේ

@ම
අරක්කු සමාගම් ,අරක්කු ඉතිහාසය ,අරක්කු හදන හැටි ගැන ලියන්න බැරි ද?

ඉස්කෝලෙ යන කාලෙයි කැම්පස් කාලෙයි හිත පිරෙන්න බිව්වා. ඒත් බං මේ දුරු රටට ආවට පස්ාස් මොන බීමද මෙහේ ඉන්න ලංකාවේ උන් ඔක්කොම අමද්‍යපයි. ඉතින් මගේ බීමත් ඉඳහිට බොන බියර් එකකට සයිඩර් එකකට සීමා උනා. අපිට ඉතින් සෙට් නොවී බීල පුරුදු නෑනේ.

අරක්කු සමාගම් සහ ඉතිහාසය ගැන ලියන්න මාත් කැමතියි ඒත් ඒවා හොයා ගන්න විදිහක් නැහැනේ. මන් දන්න කෙනෙක්ටත් කිව්වා DCSL වැඩ කරන ඒත් කිසිම යහපත් ප්‍රතිචාරයක් නැහැ. සමාගම් දෙකකට ඊමේල් දැම්ම විස්තර ඉල්ලලා. වැඩක් උනේ නැහැ. එයාලට ඇති වෙන්න වෙළදාම් තියෙනවනේ ඉතින් එච්චර උනන්දුවක් නැතුව ඇති.

සෙට් නොවී බොන එක නම් මටත් කරන්න හරිම අමාරුයි. ඉඳලා හිටලා බියර් එකක් නම් තනියම බොනවා ඒත් වෙන ජාති නැහැ.

මට හොරෙන් බොනවද?

‍ඕවා ඉතින් 21ට වැඩි අයටනේ හරිම අසාධාරණ ලෝකයක්..

Narikela (නරිකැලා) - මොනවද බං මෙ කුණුහරුප නම්... කඩේකට ගිහිල්ල ලැජ්ජවාක් ඇතුව ඉල්ලන්න පුලුවන්ද... ඊට කලින් දෙකක් දාගෙන යන්නෙ වෙයි.

ඕක අපිට නෙමෙයිනේ බන් ගෑනුන්ටනේ, උන් ගිහින් නරිකෙලා බැරිනම් ගුටි කෙලා හරි ගන්නේ නැතෑ

කරන්න වෙන වැඩක් නැතුව පරණ ලිපි කියවන්න ගත්තා. ඒකයි මේ පරක්කු කමෙන්ට් එක. ඔය ගූගල් සර්ච් එකනම් ගන්න දෙයක් නෑ.

@පිස්සා

ඔයාට හොඳයි. සමලිංගික කොල්ලෝ කියන එක ගානක් නෑ. මට ට්‍රෆික් ආපු ටර්ම් එකක් තමා "ආප්ප ගxxx" :-)

ඔය කියන එකට සුදත්ත සාදුගේ දිනපොතෙන් පිටුවක් .... කියල එන්නෙ දෙවෙනියටම

ahh.............elaela bro...math try karanna oane...

වැඩේ හරි, ආපහු අරක්කුවලින් මරණේ මුල් තැනට!

Bloggers.com - Meet Millions of Bloggers