ටික දවසකට කලින් අපේ මලී හීනයක් ගැන ලියලා තිබ්බා, ගෙයක් හදන හීනයක් ගැන. මන් මේ කියන්න හදන්නේ ඔය හීනේ මන් හැබෑ කරගන්න ගිහින් මට වෙමින් පවතින සහ වෙච්ච දේවල් ගැන. ඊයේ වියහියදම් ගැන කතා කලේ මෙන්න මේ නිසා. හම්බ කරපුවා නාස්තිකරපු එකේ ප්‍රථිඵල හොඳට දැන් දැනෙන නිසා තමයි මන් මේ සල්ලි ඉතුරුකරන්න කියලා අනික් අයට (වැදි)බණ දේශනා කරන්නේ.
මන් නම් ඉතින් මගේම කියල ගෙයක් තියෙන්න ඕනේ කියලා සිහින මැව්වට බලධාරියා එකේ වැඩ පටන් ගන්න කම් මගේ ඔළුව කන්න හදපු නිසා නොවන්න මෙච්චර කලින් මේක කෙරෙන නම් නැහැ.
මට ඕනේ වෙලා තිබ්බේ ලොකු පිලක් තියෙන වරිච්චි බිත්ති බැඳලා පොල්ලතු හෙවිළි කරපු ගෙයක් මිසක් අනික් අය ගෙයක් කියන ජාතියේ එකක් නම් නෙමෙයි. ඕක කියපු ගමන් අපේ වැඩිහිටි පරපුර මාව අංගොඩ එක්කන් නොගියා විතරයි. ඊට පස්සේ හිතුවා නර්ඩ් එකේ තාක්ෂණය භාවිතා කරලා අඩු වියදම් නිවාසයක් හදන්න . කෝ එකටත් කිසිම සහයෝගයක් නැහැ කාගෙන් වත්. ඊලඟට ඉතින් ආව තට්ටු දෙකේ කතාව, අහල පහල අළුත් ගෙවල් තට්ටු දෙකයි ඒක නිසා අපිත් හදන්න ඕනේ තට්ටු දෙකට. ඒක නම් හඳේ. බීල ආපු වෙලාවට එක පඩියක් වත් නැග ගන්න බැරි කොට නැගපන්කෝ තට්ටු දෙකක්. මගේ බලවත් විරෝධය නිසා ඒ කතාව නම් යට ගියා. අපේ මිනිස්සු පොඩ්ඩක්වත් ආබාධිත අය ගැන හිතන්නේ නැහැ. අපේ පවුලේම ඉන්නව ආධාර වලින් ඇවිදින අය ඉතින් මොන තට්ටු ගෙවල් ද? අනික අනාගතේ මට යන්න බැරි කාමර තියෙන ගෙයක් මට මොකටද?
ඔන්න ඉතින් කොහොමින් හරි දැන් සැලසුම අඳින්න නෑදෑවෙන අයියා කෙනෙක් ආවා. ඔන්න ඉතින් මගේ උවමනාවන් කිව්වා. හරි හතරැස් කුස්සිය සාලේ සේරම එකට තියෙන වටේට කාමර තියෙන වගේ ටිකක්... ඔන්න මිනිහා කියපි එහෙම ගෙවල් ලංකාවේ හදන්නේ නැහැ කියලා. කාලා වරෙන්කෝ. ඔන්න ඉතින් හා කියලා එයාට හොඳ විදිහකට අඳින්න කිව්වා. මන් ටීවී එකේ එහෙම දකින පිටරට ගෙවල් වල නම් කුස්සිය සාලේ කියලා වෙන් කරලා නැහැ අපේ එහෙම නෙමෙයි කුස්සිය හැංගිලා තියෙන්න ඕනේ මොකෝ ටික දවසකින් ඒක කුස්සියක් නෙමෙයි කක්කුස්සියක් වගේ කරගන්නවනේ හැඩි කරලා.
ඔන්න ඉතින් සැලසුම ඇඳලා ගෙනාවා. ඊට පස්සෙ එකෙක් එනවා ඉඩම බලන්න මූ ඇවිත් ගේ කැරකෙව්වුවා අංශක 90ක්. අයියා ගෙයි ඉස්සරහා දාපු පැත්තට මූ දැම්ම ගෙයි පැත්තක්. මට හැදුවට මන් විතරක් නෙමෙයිනේ වියදම් කරන්නේ ඒක නිසා හැමදේටම වාද කරන්න බැහැ. මන් කටයි අනික් පැත්තයි දෙකම වහගෙන හිටියා ඉතින්. ඊලඟට නැකත්. හැම මගුලකටම නැකත්. මන් නම් සත පහකට විශ්වාස කරන්නේ නැති උනත් බාස්ලා වැඩ කරන්නේ නැහැ නැකැත් නැතුව. පස් කපන්න, අත්තිවාරම කපන්න, ලිඳ කපන්න, උළුවහු තියන්න, වහලේ ගහන්න මේ හැම එකටම නැකත් තියෙනවා හැබැයි සල්ලි නැති උන ගමන් නැකත කොච්චර හොඳ උනත් වැඩත් නවතිනවා. උළුවහු ගාන වැරදී කියයි, දිශාවන් හොඳ නැහැ කියයි, අරක හොඳ නැහැ මේක හොඳ නැහැ ඔය වගේ දාහක් කතා. මේ කියන හැමෝම උදේ හවා කන පැලෙන්න බණ දාගෙන අහණ සෝවාන් වෙන්න ඔන්න මෙන්න ඉන්න බෞද්ධයෝ. ඔන්න අපේ රටේ හැටි .
ගේ මගේ උනාට වැඩියෙන්ම වියදම් කරන්නේ නම් අපේ අයියා. ඊලඟට දොර ජනෙල් සහ වහලේ නෑදෑ නැන්දා කෙනෙක් ගානේ. ඔය වගේ නෑදෑයෝ පුලු පුලුවන් විදිහට උදවු කලා. ගෙය කොටස් වලට කැඩුවනම් අන්තිමට මට කියලා 10%ක් වත් කොටස් අයිති නැහැ. ගෙයක් හදනකොට වැඩියෙන්ම වියදම් යන්නේ අත්තිවාරමට , වහලෙට, දොර ජනෙල් වලට සහ අන්තිමට හැඩ වැඩ කරන ටිකට. ලී වල ගනන් ගැන නම් කතා කරලා වැඩක් නැහැ.
ඔන්න මලී අපි හීනයක් මැව්වට ගෙයක් ගැන ඒක සැබෑ කරගන්න ගියාම හීනේ උනත් එඩිට් කරලා ගන්න වෙනවා. එතකොට ඒක හීනේ තරම්ම ලස්සනද මන්දා.
මේකේ වැඩ නම් ඉවර වෙන කාලයක් ගැන මට හිතා ගන්න බැහැ ඒත් පදිංචි වෙන්න පුළුවන් ගානට ආපුගමන් මන් ගිහින් තනියම පදිංචි වෙනවා. එහෙම ගියාම සිංහල බොන බ්ලොග්කරුවෝ ටික එකතු කරලා එළ පාටියක් දාන්නත් හිතාගෙන නම් ඉන්නවා ඕන්.
Can't read
Can't read my blog posts? Please visit http://www.siyabas.lk/si and download Sinhala Fonts
අයිතිවාසිකම්
කැමති කෙනෙක් කැමති ලිපියක් හෝ කොටසක් අරන් කැමති දෙයක් කරගන්න කිසිම හිමිකමක් කිසිම ලිපියකට හෝ කොටසකට නැත.
මම ගැන
- ම
- ගම්පහ, බස්නාහිර පළාත, Sri Lanka
- මැරෙණකම් ජීවත් වෙන එකෙක් ගේ ජීවන සටහන්. කියවන්න , ඔබෙ අදහස් මටත් ලියන්න. අපි හමෝම මැරෙන මිනිස්සු
Subscribe to:
Post Comments (Atom)

41 අදහස්:
"මන් ටීවී එකේ එහෙම දකින පිටරට ගෙවල් වල නම් කුස්සිය සාලේ කියලා වෙන් කරලා නැහැ අපේ එහෙම නෙමෙයි කුස්සිය හැංගිලා තියෙන්න ඕනේ මොකෝ ටික දවසකින් ඒක කුස්සියක් නෙමෙයි කක්කුස්සියක් වගේ කරගන්නවනේ හැඩි කරලා"
Well said malli.
ඒත් ඔය විදිහට කට්ටිය උදව් කරනවා නම් එයාලගේ අදහස් වලටත් ගරු කරන එක තමයි හොඳ.
සමාවෙන්න මල්ලී නෙමෙයි අයියේ...............
මාත් පහුගිය අවුරුද්දේ ඔය වගේ වැඩකට අතගහලා , නන්නත්තාර වෙලයි ඉන්නේ.
Small is beautiful කියනවනේ.ඒ හන්දා යන්තම් ගොඩ දා ගත්තා.
මේ..මොකක්ද අර පාටි කතාව.....
ඔව් ඔව් මටත් වෙලා තියෙන්නේ ඒක තමා. මන් තනියෙන් හැදුවනම් දනී හදන විදිහ.
මටත් ඕනේ උනේ පොඩි එකක් තමා බන් ඒත් කොහෙද හැමෝගෙම අදහස් එකතු උනාම ඒක ටිකක් විතර ලොකු උනා. මන් නම් කැමති වයසට ගියහමත් තනියම නඩත්තු කරන්න පුළුවන් ගෙයක්.
ආ ඔව් ඔව් මන් ගෘහමූලිකයෙක් වීමේ ප්‍රීතියට දාන සාදය. හැබැයි මත්පැන් පානය කිරීම අනිවාර්ය සුදුසුකමක් ඒකට සහභාගී වෙන්න නම්.
හැබැයි ඕක කවදා දායිද නම් දන්නේ නැහැ. :-D
මගෙත් ගෙයක හීනයක් තිබ්බා..ඉස්සර ඉදන්ම.......අම්මගෙනුයි අප්පච්චිගෙනුයි අයිති උන පුංචි ගේ මට පණටත් වඩා වටිනවා උනත් , මටම ගෙයක් හදාගන්න ඕනා කියලා හිතුන නිසා මගේම වියදමින් ඉඩම් කෑල්ලක් නම් අරගත්තා.ඒත් තාම ඉඩම විතරයි...ගේ හීනයක් වෙලා මේ තියෙන වියදනුත් එක්ක
හැබැයි මම නම් කියන්නේ වැඩේ පටන් ගන්න කියලා එතකොට ඔය කොහොමින් කොහොම හරි ඕනේ කරන දේවල් ටික ටික හම්බ වෙනවා. මටත් එහෙමයි. අපේ අක්ක කෙනෙක් අතේ බොහොම පොඩිගානක් තියාගෙන වැඩ පටන් අරන් දැන් ගෙයි වැඩ සෑහෙන්න ඉවරයි
ඉඩම ගත්තේ පානදුරෙන්...මම කොළඹ වැඩ කරන නිසා.ඒත් මම ඉන්නෙ නුවර...ගේ හදනාවනම් එක පාරම හදන්න වෙනවා.මොකද මූලික වැඩට ඕන දේවල්වත් අරන් දන්න විදියක් නෑ ඒ නිසා
මමත් ගෙයක් හදන්න ඕන.... දැන්නම් ටික ටික අමාරුවෙන් සල්ලි ටිකක් ඉතුරු කරනවා.
ටික ටික හරි කාලයක් එකතුකලාම ලොකු මුදලක් වෙනවා අපි දන්නෙම නැතුව. ඒක නිසා ඔයාට පුළුවන් වෙයි වැඩේ කරගන්න
පාටියට මාත් එනවා ... දන්මම මාව ලිස්ට් එකට දා ගන්න
උඹ බොනවද? බොන්නේ නැති අයට ආරාධනා නැහැ
XXXXXXXXXXXX එත් කරටි කැඩේන්න ගහන්නේ නැහැ හිකිස්
මම කොහොමත් කැමති මට හැමවෙලේම ඕනි කරන දේවල් ටික අත පයට ළගින් තියා ගන්න.. ඒ නිසා අනිවා මම නම් හදන්නේ පොඩි ගෙයක්.. එක්කෙනෙක් රූෆ් ටොප් ජිවිතේට හරි ආස හින්දා උඩ කෑල්ලක් නොහැදුවත් ස්ලැබ් එකක් හරි දාලා නම් තියනවා මයි.. මරණේට වගේ නෙවෙයි නේ අපිට ඉතිං දෙන්න අයියලා අක්කලා නැති නිසා අවම අතපෙවීම් වලින් වැඩේ ගොඩ දාගන්න පුළුවන් වෙයි කියලා නම් හිතනවා.. ඒත් ඉතිං තාම වැඩේට හරියට අතගැහුවේ නැති නිසා මොනා වෙයිද කියලා නම් කියන්න බෑ.. හැබැයි කුස්සිය වෙනම තිබ්බත් සාලේ පේන තැනක තමා මගේ කුස්සිය නම් තියාගන්නේ.. නැත්තං ගෙදරට එන මිනිස්සුනට සලකන්නයි උයන්නයි දෙකක් මට බෑ.. එනවුන්ට ඕනි එකක් හදාගෙන කාපල්ලා කියන්න පුළුවන් විදියට ගේ හදන්නයි මම නම් කැමති.. මොනා උනත් ගේ හදන වියදමෙන් 10%ක් විතර වගේ නම් වියදම් වෙන්නේ.. මට හිතෙන්නේ ගේ හදන්න පටන් අරන් තියෙන්නේ හොද නැකතක.. අපිටත් කියන්නකෝ නැකත් බැලුව තැන :පී
මේ අර පාටියට මට එන්න පුළුවන් වෙයි නේද? මොකෝ බයිට් හදන්න උනත් කවුරු හරි ඉන්න එපැයි.. අනික අපේ මහත්තයා මං නැතුව කොහේවත් යන්නේ නැහැ..:ඩී :පී බුහුහාාහාහහාහා
නැතුව නැතුව. ඔබ දෙපල නැතුව මන් පාටි දාන්වද??? :-D
කොහොම උනත් ඕක කරන්නේ මන් තනිකඩ කාලේ නිසා බිව්වා නොබිව්වා කාන්තා පාර්ශවයට ආරාධනා කරනවා. මොකෝ අපිට කෑම ටික හදාගන්න උපදෙස් ඕන වෙනවනේ (උපදෙස් විතරයි වැඩ අපි කරනවා) මට නම් රූෆ් ටොප් ඕනේ වෙන්නේ නැහැ මොකෝ ගේ තියෙන්නේ වෙල අයිනේ නිසා.
අපේ අයියා වියදම් කලාට අතපෙවීම් නැහැ වැඩිම අතපෙවීම් එන්නේ නිකන් ඉන්න වැඩිහිටි අයගෙන් ඒකෙන් නම් ඔයාටත් මන් හිතන්නේ නැහැ ගැල වෙන්න ලැබෙයි කියලා.
මගෙත් කුස්සිය සාලේ කියලා වෙන් වෙලා නැහැ එන අය කෙලින්ම කුස්සියට තමා එක්ක යන්නේ (ඒක කුස්සිය නෙමෙයි මෙයා අපේ පෑන්ට්‍රි එක :-P )
මේ ලෝකෙ අපිට ඕනැ ඒවා තනි මතේට කරන්න පුළුවන් නම්.....!!!
කතන්දරකාරයා
එහෙම උනා නම් මේ ලොකේ මීට වඩා බොහොම සුන්දර තැනක් වෙන්න තිබ්බා
අපේ අම්මල දැනට නම් ෆුල් සපෝට් අර මැටි ගහල වගේ හදන පරිසර හිතකාමී ගෙයකට.ඒත් හදන කාලෙට ඔය අදහස වෙනස් වෙයි වගේ.හැබැයි මම නම් ඒකක්මයි හදන්නෙ!
අන්න පුළුවන් නම් හදන්න, මන් දන්න විදිහට ඒ වගේ හදපු හෝටල් එහෙම තියෙනවා හැබැයි මාර ගනන් කාමරයක්
මටත් ඕන පොඩි ගෙයක්. ඒ උනාට මම 3D home architect පාවිච්චි කරල මං වෙනුවෙන් අඳින ඔක්කොම ගෙවල් නොදැනීම ලොකු වෙනව. කාමර තුනකට අඩු ගෙවල් ඇඳෙන්නෙම නෑ.
කියන්න අමතක උනා. බොන්නෙ නැති අයට ආරධනා කරන්නෙ නෑ කියන කතාව මම තරයේ හෙලා දකිනව. මොකද මම බොන්නෙ නෑ. පන්සිල් රකින්න හෙම නෙමේ. බෝතල් මූඩියක් තරම් බිව්වත් මාව වැටෙන නිසා. බේලීස් වගේ නම් බෝතලයක් උනත් බොනව.
මන් හිතන්නේ අපේ අය පොඩි ගෙවල් කියන්නේ කාමර තුනේ ගෙවල් වලට ඊට වඩ පොඩි නම් ඒකට වෙන මොකක් හරි කියන්වා ඇත්තේ.
අනේ මචෝ බේලීස් නම් දෙන්න මට වත්කමක් නැහැ උඹට ඕනේම නම් ටිකක් උකුවට හදපු අයිස් කෝපි වලට බ්‍රැන්ඩි ටිකක් වැඩිපුර දාලා ඒ වගේ මොකක් හරි දෙන්න බලන්නම්
මම නං හදන්නේ හෂිත අයියලාගේ වගේ ගෙයක්.මම විතරක් නෙමෙයි;දන්න තරමින් තව සෙට් එකක්ම.පඩි තිබ්බත් නැතත් හදන්නේ ඒකක්ම තමයි.ඒකේ වියදම නං සැරයි.බැරිම උනොත් අදහස වෙනස් කරගන්නවා මිසක් තාම නං ඒ හීනේ අත් ඇරලා නෑ.එතකොට මරණේ අයියගේ පාටියට මටත් ආරාධනයක් ඒවිනේ.ඉතාමත් සතුටෙන් එනවා.වෙල අයිනේ වැටිලා ඉන්න.
මට නම් ඔය පඩි සීන් එක දිරවන්නෙම නැහ බන්. මගේ අපේ ගෙදරනම් ගෙට ඇතුලට යනකොට තියෙන පඩිය විතරයි. අනික් සේරම ෆ්ලැට්.
නැතුව බන්, හැබැයි මේක පාටියක් කිව්වට එන අයට එකතු වෙලා උයාගෙන කන්න වෙන පාටියක්
:-D
ඔය කුස්සියේ ප්‍රශ්නයට මමනම් කරන්නෙ කොහොම හරි වලි දාලා ඔබ කියන විදිහටම OPEN ක්‍රමයට හැදුනවා, එතකොට කොහොම හරි පිරිසිදුවට තියාගන්නවනේ.
දැනට වුනත් මම නම් කුස්සිය පිරිසිදුවට තියා ගන්න උනන්දු කරවනවා. මටනම් බත් බෙදාගන්න කුස්සියට ගියා විතරක් වුනත් හොදට තියෙන්න ඕනෙ. ටයිල් කරන එකේ තේරුමක් නැහැ, ජරාවට තියාගෙන ඉන්නවනම්.
අනිත් එක නැකැත්, අප්පේ මේ බෞද්ධ රටෙට වෙලා තියෙන දේ. බුදුහාමුදුරුවෝ කොතන හරි කියලා තියෙනවද නැකැත් බලන්න කියලා. මම නම් හිතන්නේ නැහැ!
මාත් හිතන්නේ නැහැ. බුදුහාමුදුරුවෝ එහෙම දෙයක් දේශනා කරලා නැතුව ඇති අපේ නැකත් කාරයෝ පවතින්න ඕනේ නිසා කොහොම හරි බුදුබණත් කොහාට හරි ගැට ගහලා ගන්නවා.
ටයිල් කලාම හරිම පිරිසිදුයිකියලා හිතන්නේ ඒක ජරා උනාම සිමෙන්ති පොළව ජරා උනාට හපන්
කියන්න වෙන දෙයක් නෑ කටිටිය ගොඩක් දේවල් කිව්වනෙ ඉතින්. අර පාටියට මට එන්න කිව්වනම් හොඳටම ඇති.
මාත් දිල්ට කියන්නේ ඒක තමයි.. සල්ලි සේරම හොයා ගෙන නම් ගෙවල් හදන්න අමාරුයි, අපි වගේ පොඩි මිනිස්සුන්ට. හැබැයි අතේ තියෙන ගානට පටන් ගත්තොත්, කොහොම කොහොම හරි සල්ලි හොයන් වැඩේ කරන්නමයි හිතෙන්නෙ..
හැබැයි, හොඳ තැනකින් නැකැත් බලවන්න. නැකත හොඳ වුනොත් සල්ලි කොහෙන් හරි ලැබිලා ඉක්මනට ගේ වැඩ කටයුතු හොඳට ඉවර කරගන්න පුළුවන්. හැබැයි ඒවගේම ප්ලෑන් එකත් හොඳ තැනකින් අඳින්න ඕන. මම හැදුවෙ පොඩි ගෙයක් නිසා අවුරුද්දෙන් වැඩ ඉවර කර ගන්න පුළුවන් උනා.
ඕං .... මේව කියන්නෙ අත්දැකීමෙන් හොඳේ..
අනේ අපි නම් ඇල්වතුරත් නිවලයි බොන්නෙ.. ඒ හන්දා කූල් Drinks පොඩ්ඩක් තිබුනම ඇති.
උඹ වාසනාවන්තයි. උදව් කරන්න සහෝදරයෝ ඉන්න නිසා.
හැබැයි මටත් ඉඩම ගන්න මුලු මුදලම දුන්නේ නංගී. පස්සේ කාලෙක ඒවා දුන්නා.
මුලින්ම මම කලේ අක්කගේ උපදෙස් පිට අම්මටයි තාත්තටයි නිදහසේ ඉන්න ගෙයක් මම ගේ හදන්න කියලා ගත්තු ඉඩමේම හදපු එක. කාමර දෙකයි (සාලේම කුස්සිය ඩිසයින් කලාට පස්සේ අර උඹ කිව්ව හතුව නිසාම වෙනස් කලා) එලියෙන් කුස්සිය සාලේ කෑම කාමරේ එකට. වැසිකිලි දෙකයි ගේ වටේටම වැරැන්ඩා. වෙල අයිනේ නිසා මාර ලස්සනයි, සනීපයි. එන එන එකා අහනවා මේක විකුනන්නේ නැද්ද බං කියලා.
මම අනිත් අයට ගෙවල් ඩිසයින් කරලා දෙනකොට වැයකරන්න පුලුවන් මුදල ගැන අහුවා වුනත් මගේ ගේ මම ඩිසයින් කරද්දී එහෙම නොකලායින් මේ ආර්තික අවපාතයට පින්සිදු වෙන්න මගේ හදාගෙන යන ගෙයි වැඩ එහෙම්ම නතර කරලා ඉන්නවා. බිත්ති බැඳලා වහලේ ගහලා ඉවරයි . . ඉතුරු වැඩ තව අවුරුදු 2කින් මෙහා අතගහන්න බැරි පාටයි.
අහ් අර අම්මලට හදපු ගේ අක්කයි නංගියි මායි කතාවෙලා ඉන්නවා අපි වයසට ගියාම අපේ ජෝඩු තුන පදිංචිවෙමු කියලා (වයසට යනකම් ජීවත් වුනොත්)
ඒ ගැන නම් කියලා වැඩක් නැහැ. මගේ වැඩේ උනාට ගොඩක් කරන්නේ අනික් අය.
මාත් ඉතින් පස්සේ කාලේක අපෙ අයියට ආපහු දෙන්න කියලා හිතාගෙන ඉන්නවා ඒත් ඉතින් කොහොම වෙයිද දන්නේ නැහැ මොකො මිනිහා ලව්ව සල්ලි දෙන්නම් කියලා ගෙන්න ගත්ත ෆෝන් එකට තාම ගෙව්වේ නැහැ :-D
සිහින සැබෑ කරගන්න එක නම් ගොඩක් හොඳ දෙයක්.
ඔහොම සිහින තියෙන උඹ "මගේ මරණය" වෙන්න නම් බෑ. එක්කෝ "මගේ රමණය" වෙන්න අති, නැත්නම් "මගේ ජීවිතය" වෙන්න අති. බ්ලොග් එකේ නම හරිද??
නම හරි නම හරි මොකෝ ඉතින් මැරෙනකම් සැනසිල්ලේ ඉන්න තැනක් තියෙන්න එපායෑ :-D
මටත් තියෙන එකම සිහිනය ඕක තමයි. මගේම කියලා ගෙයක්. ඒත් අප්සැට් එකකට තියෙන්නේ මට තාම ජොබ් එකක් නෑ... ඒත් අතුගාන්න හරි ගිහිල්ලා මේ සිහිනය සැබෑකරගන්න ඕනේ..
අපි හොයනවට වඩා ගොඩක් අඩුවෙන් උපයන අය අපිට වඩා හොඳට ඔය හීනේ හැබෑ කරගෙන ඉන්නවා මන් දැකලා තියෙනව.
ඒක නිසා මොකක් කලත් උඹේ හීනය සැබෑවේවි බන්
ම්ම්ම්ම්....මමත් තාම පොඩි එකා උනාට මගෙත් ජීවිතේ අවසාන බලාපොරොත්තුව ශ්‍රියා කාන්තාව ඇතුව හෝ නැතුව මගේම කියල පුංචි පහේ ගෙයක් හදන එක. මමත් කැමති ටිකක් අළුත් විදියකට ගෙයක් හදන්න. වෙලක් අයිනෙ ඉඩමක් ලබන්න පින නැති නිසා මාත් කැමති රූෆ් ටොප් එකකට. බලමු බලමු ඕවට තව කල් තියෙනවනෙ.
නක්ඛත්තං පතිමානෙත්තං - අත්ථෝ බාලං උපච්ච්ගා
අත්ථෝ අත්ථස්ස නක්ඛත්තං - කිං කරිස්සන්ති තාරකා
"නැකැත් ගරු කරන මෝඩයාගේ වැඩ අතපසු වී යයි. වැඩට නැකත නම් වැඩ කිරීමයි. තාරකාවෝ කුමක් කෙරෙද්ද?
ඔය ගාථාවට ටීවී එකේ බණ කියන ප්‍රසිද්ධ හාමුදුරු කෙනෙක් කිව්වා "තාරකාවෝ කුමක් කෙරෙද්ද" කියලා බුදුහාමුදුරුවෝ දේශනා කලේ මහ රහතන්ට කියලා. මන් එදා තමා දැන ගත්තේ බුදු බණ තියෙන්නේ රහතන් වහන්සේලාට මිසක් සාමාන්‍ය මිනිස්සුන්ට නෙමෙයි කියලා
බලාගෙන යද්දි සාමාන්‍ය මිනිස්සුන්ට කියල තියෙන්නෙ පට්ටපල් බොරු නේද?
ඔව් බන් මටත් මේ හිතා ගන්න බැරුව ඉන්නේ කවුද ඇත්ත කියන්නේ කියලා
නක්ඛත්තං පතිමානෙත්තං
අත්ථො බාලං උපච්චගා
අත්ථො අත්ථස්ස නක්ඛත්තං
කිං කරිස්සන්ති නක්ඛත්තං
කිං කරිස්සන්ති තාරකා
ඔන්න සම්පූර්ණ ගාතාව. ජාතක පාලියේ නක්ඛත්ත ජාතකයෙන්. අර කතාව කියපු එකා මොකා උනත් ඌට සිවුර ගලවල පුකට පයින් එකක් ගහන්න ඕනෙ. ඔය වගේ උන් හින්ද තමා අද අපට මෙහෙම වෙලා තියෙන්නෙ.
කියල වැඩක් නෑ... දැන් ගොඩක් අය දේශනා කරන්නෙ බුදු බණ නෙවෙයි, තමන්ට වාසි වෙන විදියට බණත් වෙනස් කරගෙන.
apith enawa ge balanna heduwata passe.
Post a Comment