මගේ මරණය

ඔබ මෙක කියවනවද??
එහෙනම් මරණය හමු වේවි කවද හරි.
එසේනම් මැරෙනකම් ජීවත් වෙන මා සමග රැඳෙන්න.
මරණය හමුවෙන තුරා!!!

ඉස්කොලේ යන කාලේ මන් කැමතිම විෂය තමා මේක. මේ විෂය උගන්නන කාල පරිච්ඡේද වලට තමා මන් කැමතිම. මන් විතරක් නෙමෙයි අපේ පන්තියේ ඉන්න ලමයි හැමෝම කැමතිම විෂය තමා මේක. පොඩි අවුලක් තියෙන්නේ අනික් විෂය වගේ මේක සතියට නිෂ්චිත කාලපරිච්ඡේද ගානක් උගන්නනේ නැහැ . සමහර සති වල ඇත්තේම නැහැ සමහර සතිවල දෙක තුන තියෙනවා. ඉතින් අපි නියමිත විදිහටම වැඩ කරන්නේ ඔය විෂය තියෙන කාලපරිච්ඡේද වලදි විතරයි. මන් මේ කියන විෂය උගන්න්න කාලපරිච්ඡේද වලට කියන්නේ ෆ්‍රී පීරියඩ් කියලා නැත්නම් කෙටියෙන් නම් ඕෆ් එකක් කියලත් කියනවා.

ඔය විෂය තියෙන වෙලාවට අපි හරිම ප්‍රයෝජනවත් විදිහට කාලය ගෙවන්න විවිදාකාරයේ ක්‍රියාකරකම් වල නියැලෙනවා. එවායින් අපේ බුද්ධිමට්ටම සෑහෙන්න ඉහල ගියා ඒ කාලේ. එකක් තමා පෑන් ගැහීම. දෙදෙනෙක් හෝ වැඩිපිරිසක් සහභාගී වී ප්‍රතිවාදියාගේ පෑන මේසයෙන් බිමට දැමීම  තමා තරඟය. මුලින් මුලින් නිකම් පෑන විතරක් පාවිච්චි කලත් පස්සේ පස්සේ යකඩ ඇන වැනි බර දේවල් හයි කරපු පෑන් පවා භාවිතා උනා. මන් ගාවත් පරාල ඇණ දෙක තුනක් හයිකරපු පෑනක් තිබ්බ.

තව එකක් තමා බුක් ක්‍රිකට්. ආණ්ඩුවෙන් නිකන් දෙන අච්චුපොතෙන් වඩාත් වැඩි ප්‍රයෝජනක් ගත්තා මේක නිසා. පොත ඉරට්ටේ අංක තිබෙන ලෙස පෙරලා , අහඹු ලෙස පිටුපෙරලීම තමා තරඟය. සීමිත පන්දුවාර, ටෙස්ට් තරඟ ඕනෑම එකක් ක්‍රීඩා කල හැකි අතර වර්ෂාවෙන බාදාවක් නැත.

කොටු පිරවීම (කොටු පැනීම නම් අල්ල්පු වත්තේ තිබ්බ බාලිකා පාසැලේ සිසුවියන් සමග සුහදව සිදුකරන ලදී) මේක නම් පසු කාලේක පර්ගනක ක්‍රීඩවක් ලෙසත් තියෙනවා මන් දැක්කා. තව චිත්‍රපටිවල නමේ මුල අකුරයි අග අකුරයි ගහලා අනික් අකුරු ප්‍රතිවාදියාට අනුමානය කර ලකුනු ලබාදෙන එකක් කලා ඒකට කියපු නම නම් මට මතක නැහැ. ගැහැණු පිරිමි මල් පළතුරු සත්තු නගර..... ඔන්න ඔය වගේ එකක් කලා. මේක ගෙදරදිත් කලා. මේක වැඩිහිටියොත් කරන එකක් කියලා මන් අහලා තියෙනවා. එක්කෙනෙක් අකුරක් යෝජනා කර ඒ අකුරෙන් අනික් අය ගැහැණු පිරිමි මල් පළතුරු සත්තු නගර වල නම් ලියන එක තමා තරඟේ. තව ඕකට එළවලු, ඇඳුම්, චිත්‍රපටි වාහන වගේ ගොඩක් ජාති එකතු කරගන්නවා. විභාගයක් ලියනකොටදි වත් නැති තරම් ලඟ ඉන්න එකාගෙන් හංග ගෙන තමා අපේ එකේ ලියන්නේ.

කලාතුරකින් කෙනෙක් තමා ඔය විෂය තියෙන වෙලාවට පංති කට්කරලා පුස්ථකාලෙට යනවා වගේ වැඩකට නැති වැඩක් කරන්නේ. අපිටත් එක්කම අල්ලපු පංතියටත් මේ විෂයම තිබ්බොත් එහෙම කලු ලෑල්ලේ ලියන්න තියෙන හුණුකූරු ටික ඉවර වෙනකම් පංතිදෙක අතර පොඩි පහේ යුද්ධ උනත් දකින්න නැතුවාමත් නොවේ. ඉඳලා හිටලා ගීතයෙන් ගීතය තරඟ තියන්න ගිහින් අල්ලපු පංතියේ ගුරුවරයා ඇවිත් අපිට අනාගතේ වේදිකාවේ ඉන්න පුරුදු කරවන්න හිතාගෙන මේසේ උඩට වෙලා ඉන්නත් අවස්ථාවත් සලසා දෙනවා.

ඉඳලා හිටලා අපේ මේ කැමතිම විෂය ඉගෙන ගන්නත් බාධා ඇති නොවෙනවම නෙමෙයි. කොහේවත් යන අපි වගේම නිකන් ඉන්න ගුරුවරයෙක් ඇවිත් අපිට වෙනම විෂයක් උගන්නන්න යෑම නිසා සමහර දවස් වලටනම් අපිට අපේ ප්‍රියතම විෂය තියෙන කාලපරිච්ඡේද වලට සහභාගී වීමේ අවස්තා නැති වෙලා යනවා

28 අදහස්:

අපේ ඉස්කෝලෙත් ඔය විෂය ඔය විදියටම ඉගැන්නුවා.

වැඩියම කලේ ගැහැණු පිරිමි මල් පලතුරු සත්තු ගම් බඩු චිත්‍රපටි .............. තමයි

තව කලා රොබින් මැරියන් කියලා එකක්. හොරා පොලිස් වගේම තමයි. රොබින් කොහොම හරි මැරියන්ට සිග්නල් එකක් දෙන්න ඕනේ (ඇහැක් වහනවා වාගේ එකක්)දුන්න ගමන් මැරියන් කියනවා මං මළා කියලා. ඉතින් ගිස්බන් හොයන්න ඕනේ රොබින්ව.

අයෙත් යන්න තියෙනවා නම් ඒ විෂය ඉගෙන ගන්න.

මමත් ඔය හැම එකක්ම කරල තියනව. රොබින් මැරියන් නම් මරු..

මමත් ආසාවෙන් කරපු විෂයයක් තමයි..

තව Atlas, Reynolds වගේ පෑන් විලි වලින් කරපු ක්‍රිකට් සෙල්ලමකුත් කලා. ඒකට නියපොතු වවල ඉදීම වාසියක් උන නිසා ඒ කාලෙ "ප්ලෙයර්ස්ලා" හුග දෙනෙක්ගෙ සුලැගිල්ලෙ නියපොතු දිගයි :D

ඒ කාලේ මතක් උනාමත්..ඇති හිත පිරෙනවා.

ඔය සේරම අපිත් කරා. ඒ අතරේ, free periods වල මෙහෙම දේකුත් කලා.

කව්රු හරි 1ක්, තමන් ලඟ ඉන්න කෙනාට ලාවට පාරක් ගහනවා.ඊට පස්සේ එයා, එයා ලඟ ඉන්න අනිත් කෙනාට ගහනවා. හැබැයි, තමන්ට වැදුන පාරට වඩා..සැර පාරක් තමයි දෙන්නේ. ඉතිං..විනාඩි 5-10 ඇතුලත මුලු පන්තියම ගහ ගන්නවා. කියලා වැඩක් නෑ... මාර ජොලි.

principal හරි, වෙන සර් කෙනෙක් හරි ඇවිත්, සිරා දඩුවමක් දෙනකං..අපි මරා ගන්නවා.

පුදුම ලස්සන කාලයක්..මචං.

ආහ් රොබින් මැරියන්...ඒක නම් හරි ශෝක් සෙල්ලම. මම ළඟදි ටිකක් ඒ වගේ තව ගේම් එකක් ඉගෙන ගත්තා මාෆියා කියලා.
අපි තව සෙල්ලමක් කරා secret pass කියල. ඒක අර ගහගන්න සෙල්ලම වගේ ටිකක්. මේකෙදි පන්තියෙ කොනක ඉන්න කෙනෙක් මොකක් හරි එකක් ළඟ එක්කෙනාගෙ කණට කියනවා රහසින්. එයා ඊ ළඟ එක්කෙනාට කියනව. එහෙම යනකොට අන්තිමට මුල් එකට වඩා අමුතුම එකක් තමයි එන්නෙ. ඉතින් අපි ඕන කමිනුත් එක එක කෑලි දාල 'රහස' පාස් කරනවා. විෂේශයෙන් ඔය කවුරු හරි කොල්ලෙක්ගෙ නමක් එහෙම... හිකිස්!

අපිට නම් ඔයවගේ free period ආවෙ කලාතුරකින්.. හැබයි අවස්තාවෙන් උපරිම ප්‍රයෝජනෙ ගන්නව.
පරහකට හිටියෙ ඉස්කෝලෙ හිටිය පෙන්ෂන් ගියත් දුම් ගහලවත් එලවන්න බැරි මිස් කෙනෙක් (තාම ඉන්නව මයෙ හිතේ) free පන්තියක් දැක්කොත් උගන්නනව. ඒකත් ඉස්තරම් ඉතිහාසෙ පටන් ගන්නෙ(sillabs එකේ නැති උනත් හරප්පා ශිෂ්ටාචාරෙ ඉදන් පටන් ගන්නව ) අපිට ඉතින් ------. හැබැයි free ගණන් සර් ගෙ පීරියඩ් එකක් නම් එන්නෑ. අපිට හැම free පීරියඩ් එකකම ගණන්.පස්සෙ මිස්ට වැඩේ තේරුන. බැනල හැමෝටම කියල එදා ඉදන් ටයිම් ටේබල් එක බැලුව මිසක් අපෙන් ඇහුවෙ නෑ.

ආසාවෙන් ගත කල පාසැල් කාලයට ආයෙමත් අරන් ගියා...ස්තුතියි...
මමත් ආශාවෙන් කරපු විෂයක් තමා ඕක.
රොබින් මැරියන් නම් හරිම ෂෝක්...

අපෙ උන් රොබින් මැරියන් නෙමෙ. ඔක්කොම හිටියෙ ගල්කටස් ජාතියෙ උන්.. අපෙ කෙල්ලො ටික තමයි හොරෙන් ගිහිල්ලා වැඩෙ කන්නෙ. කාට හරි ගුරුවරයෙකුට කියනවා. මෙ පිරියඩ් එක අතරතුරෙදි කවුරු හරි කෙනෙක් පන්තියට ආවොත් ඉතින් ඉලඟ පිරියඩ් එකත් හිස් තමයි.... එතනදි ඉගෙනගන්න පාඩම් වටිනවා... එවා තමයි අදටත් හිතට සතුටක් ගෙනල්ලා ඉතුරු වෙලා තියන්නෙ... ඉගෙන ගත්තු ඔක්කොම අමතක වෙලා..

මමත් ඉස්කොලේ ගියා.... ස්තුතියි මතක් කර දුන්නාට

අපිනම් පොඩි පන්තිවලදි මොකද මේ පීරියඩ් එකේ කරපු දේවල් ඒ තරම් මතක නැහැ, ඒත් සාමාන්‍ය පෙල පන්තිවලදිනම් කලේ පිස්සු නටන එකම තමයි. එක්කො සින්දු කිව්වා, නැත්නම් හොරෙන් අඹ කැඩුවා, ඒත් නැත්නම් අපේ ඉස්කෝලෙ කාටවත් පේන්නෙ නැති තැනක තියෙනවා පොඩි පිට්ටනියක්, ඒකට ගිහිල්ලා ක්‍රිකට් ගැහුවා.

උසස් පෙල කාලෙ නම් වැඩේ ටිකක් වෙනස්, පීරියඩ් දෙක තුනක් ෆ්‍රී නම් පන්තියේ අපේ සෙට් එක යනවා අපේ ගෙදර (ඉස්කෝලෙ ඉදලා පයින් යන දුර සහ අම්මයි තාත්තයි වැඩට යාම) ගිහිල්ලා පොඩි දුමක් එහෙම දාලා, තියෙන දෙයක් කා‍ලා ටිකක් TV හරි ෆිල්ම් එකක් හරි බලලා ආපහු එනවා.

එහෙමත් නැත්නම් කොහෙට හරි සෙට්වෙලා ඔට්ටුවට කාඩ් ගහනවා. අපේ හොදම ගේම් එක තමා 304 නැත්නම් පෝකර්, ඔට්ටුව පටන් ගන්නේ සත 50න්, සමහර විට ඉවර වෙන්නේ සපත්තු, මේස් වගේ දේවලුත් ඉවර වුනාම

අනේ මාත් ආසම විෂයක්. හරිම විනෝදාත්මක ලිපියක් තමයි මේ සැරේ මරණෙ දාල තියෙන්නෙ:D ඒ කාලෙ මතක් කළාට ස්තූතියි.

මරේ මරු!

මට මතකයි දවස් කීපයක් එක දිගට ඔය විෂය විතරක්ම උගන්වපු දවස් කීපයක් ගැන. ඒ දවස් ටිකේ අපේ පන්තියෙ පැමිණීම ඉතාම විශිෂ්ඨ ලෙස තිබුන!

හික් හික්! මට මතකය සාමාන්‍ය පෙල පන්ති වලදි ඔය විෂය තියෙන වෙලාවට අපේ පන්තියට ආවෙම එකම සර් කෙනෙක්. සර් කතා කලේ දේශපාලනය වගේ ගැඹුරු සීන් නිසා ඒ පීරියඩ් එකේ ආතල් එහෙම්මම කුඩු වුණා. අපි හිතුවෙ පොර දේශපාලන විද්‍යාව උගන්වන පොරක් කියල. ඒ වුණාට ඒ ලෙවල් පන්තියෙදි එයා අපට ඉගැන්නුවෙ භොතික විද්‍යාව. අර නෙල්සන් ඇන්ඩ් පාකර් පොත පණ යනකල් අපට ඉගැන්නුව. අර කැමතිම විෂයට එයාගෙන් ඉඩක් ලැබුණෙම නෑ. ඒ වුණාට අපේ අනිත් ගුරුවරු අපි ගැන ගොඩක් හිතන නිසා අපට ඒ විෂයෙන් අඩුවක් වුනේ නෑ....

අපේ තිබුනා පට්ට ආතල් වැඩක් ගුරුමේසෙ රෙද්ද එකෙක්ගෙ ඔළුවට දාලා වටේම එවුන් නෙලන සෙල්ලම තව හුනුකූරු වලින් ගහගන්න එක. ක්ලිප් ගේමට අමතරව පට්ටම කුඩු කියලා තව ගේමක් තිබුනා පෑන් බටයක් රවුමට නමලා කරන ආතල් ගේමක්. සිරා සිරා..

කව්රුත් ත්ලාස් එකේ ක්‍රිකට් ගහලා නෑ වගේ?

කව්රුත් ත්ලාස් එකේ ක්‍රිකට් ගහලා නෑ වගේ?

:D ෆ්‍රී පීරියඩ්ස් වල මම නම් පුස්තකාලෙ.මම පොත් කාවියෙක්!ඒකෙ තිබ්බ නවකතා,පරිවර්තන,කෙටිකතා එහෙම ඔක්කොම වගේ කියෝලා ඉවර කලා අන්තිම වෙද්දි.හ්ම්....නැත්නම් යාලුවන්ගෙ අත් වල පෑනෙන් එක එක චිත්‍ර අඳිනව....එක්කො දෙතුන් දෙනෙක් එක්ක බෝධියට ගිහින් කල්පනා කර කර ඉන්නව.ඉස්කෝලෙ කොච්චර කලබල උනත් ඒ හෙවන හරිම නිස්කලංකයි...

පෑන් ගැසීම නම් මමත් බොහොම දරුනුවට කරල තියෙනවා...

ෆ්‍රී පීරියඩ් වල පෑන් ගැසීමයි, බුක් ක්‍රිකට් හැර අනිත් ඔක්කොම සෙල්ලම් අපිත් කලා....... ආසම කරපු විශයක් ඕක.... හැබයි ඒ ඔක්කොම ඕලෙවල් වෙනකම් විතරයි...... :( වෙන ඉස්කෝලෙකට ගියාට පස්සෙ සෙල්ලම් නැවතුනා.... ෆ්‍රී නැති පීරියඩ් වලත් හිටියෙ ලයිබ්‍රි එකෙ.... :D... මං පොත් ගුල්ලියෙක් ඒ කාලෙ...

බලපුවාම කට්ටියම මෙවනේ කරල තියෙන්නේ..මම නම් ඔය වගේ වෙලාවල් වලට පොතක් බලනවා නැත්නම් ගාණක් හදනවා...අපි ඉතින් අහින්සක විදිහට හැදුනු කොල්ලොනෙ...:P

අපි නම් වැඩිපුරම බැනුම් ඇහුවේ ප්‍රියතම විෂය තිබුණු වෙලාවට. ඒ වෙලාවට එහා පන්තියේ හිටපු මිස්ට අපිව පෙනුනේ යක්කු ටිකක් වගේ.

මම ඉස්කෝලේ ගිහිං ඉවර කලා 2001 දී.ඒත් පිං කරලා තිබුනා 2007 ඉදං පැන්ෂන් යනකං ආපහු ඉස්කෝලේ යන්න.වෙනසක් නෑ මං ඉස්කෝලේ යන කොට හිටපු සාමයි,අමරයි ඇරෙන්න ඔක්කොම ගොඩාක් දුරට තාමත් ඒ වගේමයි.මං කරපුව මටම පැමිණිලි වෙනවා ගොඩාක් වෙලාවට.මං මටම සාධාරණ වෙලා විසදනවා එව්වා.
ඔය කියන විෂය මං ඉගෙන ගෙන තියෙනවා.ඒත් උගන්නන්න හෝ මං නිසා ඉගැන්නිලා තියෙන්නේ හරිම අඩුවෙන්.මගේ ගෝලයෝ ගොඩාක් වෙලාවට කොම්පියුටර් ලැබ් එකේ වැඩක් කරනවා ඔය විෂය වෙලාවට.

ලිපිය කියවලා හිතට දා ගත්තා ගොඩාක් දේවල්.ළමයින්ටම තමයි ඉතිං ප්‍රතිඵලේ.මගේ ලමයි මං ගැන හිතන දේවල් උන් කියන්නේ නෑනේ.

අපිට තිබ්බේ නෑ මේ විෂය...

මගේ බ්ලොගේ හැක් කරලා කවුරු හරි, නරක වචනෙන් comment කරලා මගේ යාලුවන්ට. සමා වෙන්න ඔයත් එයින් කෙනෙක් නම්.

මාත් ආසම විෂයක්. රොබින් මැරියන් මරේ මරු!
:D

මගෙත් Favouriteම Period එක.. දැනටත් ක්ලාස් එකකට ගිහත් ඒ පීරියඩ් එකක් තියෙනව නම් එකෙන්ම කැමතියි.. :o)

උඹ ආපහු මාව ඉස්කෝලෙට එක්ක ගියා බං. දැන් මොකද සද්ද නැතුව ඉන්නේ. එක්ක ගියා වගේ ආපහු ගෙදරට ඇරලපං ;) (සිනහව)

මචං මාත් ඉස්කෝලේ ගියානේ... මටත් වැඩි පුරම මතක තියෙන්නේ ඔය පීරියඩ් එකේ ඉගෙන ගත්තු ඒවමනෙ බං.. කවුරුත් නැද්ද ඔය ක්‍රීඩා වලට අමතරව කොළේ කැපීම, පංච දැමීම, කාසියේ වාසිය උරගා බැලීම වගෙ වෘතීය මට්ටමෙ ක්‍රීඩා කරපු...

ඉසකෝලෙ කාලෙ අපි හොදටම කරපු සෙල්ලම් බූරැවා ගැසීම, හෙඩ් ගැසීම, හිස් වතුර බෝතලයකින් පුට්බෝල් ගැසීම, ක්‍රිකට් ගැසීම, බිත්තිය අයිනෙ හිටගෙන ඉන්න එවුන්ගෙ ඇගේ 10ක් විතර ගිහින් වැදීම මෙකී නොකී සෑම දෙයක්ම ඔය විෂය තිබුන වෙලාවෙදි කලා

Bloggers.com - Meet Millions of Bloggers