මගේ මරණය

ඔබ මෙක කියවනවද??
එහෙනම් මරණය හමු වේවි කවද හරි.
එසේනම් මැරෙනකම් ජීවත් වෙන මා සමග රැඳෙන්න.
මරණය හමුවෙන තුරා!!!

ඡන්න ගනින් යකෝ ඔය අස්සය ලෑස්තිකරලා .... මටත් අභිනිෂ්ක්‍රමනය කරන්න ඕනේ 

මගුලක් කතා කරනවා ඔහේ සිද්ධාර්ථද අස්සයා පිටේ අභිනිෂ්ක්‍රමනය කරන්න, ඕනේ නම් ත්‍රීවිලර් එකක් කතා කරගෙන යනවා මට වද නොදී

හැබෑටම දැන් ඇයි තමුසෙට අභිනිෂ්ක්‍රමය කරන්න ඕනේ??? මොකක් හොයා ගන්නද? සත්‍ය හොයාගෙනද නැත්නම් බාර් එකක් හොයා ගෙනද?

මට බැහැ ඕයි අස්සයෙකුත් ලෑස්තිකරගෙන තමුසේ එක්ක බාර් ගානේ රස්තියාදු වෙන්න එන්න . තමුසේ ත්‍රීවීල් එකක යනවා

ඡන්න මන් යන්නේ විමුක්තිය සොයාගෙන, බැඳීම්වලින් තොර සදා කලික සැපත සොයාගෙන.... අනික බාර් එකක් ඕනේ නැහැ, මන් ගාව දැනුත් කාලක් තියෙනවා ඉනේ....

විමුක්තිය හොයන්න කාලකුත් අරගෙන මඤ්ඤංද? අනික කාලක් මදිනේ ඕයි තමුසෙයි මායි අස්සයි තුන්දෙනෙක් ඉන්නකොට

අස්සයත් බොනව ද?

ඇයි අපිට විතරද ඇඟේ පතේ මහන්සිය හැදෙන්නේ

හා එහෙනම් ඒ කාල තමුසෙයි අස්සයයි බොනවකෝ, ඉතින් එනවද යන්න මාත් එක්ක නේරංජනාවට ???

කොහේ යන්න??? ඔය කාල ඉතුරු උනේ අනික් කාල තමුසේ තනියම බීලා නේද??? නැත්නම් සිහිය තියෙන මිනිහෙක් අස්සයා පිටේ එහේ යන්න කතා කරයිද???

ඇයි එතකොට සිද්ධාර්ථ ගියේ???

ඒ ගියේ මෙහෙ ඉඳලද ඕයි??? ඉන්දියාවේ ඉඳලනේ, අපි දැන් එතකොට ඉන්දියාවට යන්නෙත් අස්සයා පිටේද??

නැතුව. මට කියන්නේ අස්සය ඉන්නෙද්දි පයින් යන්න කියලද? අනික මන් කාලක් දෙනවනේ ඡන්නට

කාලකට??? විමුක්තිය හොයන්න එක්ක යන්න??? අනේ හැබෑට ඔන්න අඩුම ගානේ බෝතලයක්වත් නම් කමක් නැහැ..

දැන් ඡන්න එහෙනම් මාත් එක්ක එන්නේ නැද්ද??? එහෙනම් මන් යනවා තනියම....

මේ ඕයි විමුක්තිය හොයාගෙනනේ යන්නේ නේද???

ඔව්!!

එහෙනම් අර කාල ඕනේ නැහැනේ ඒක මට දීලා යනවකෝ

නෑ ඒක මන්ගාව තිබ්බාවේ....

යන්නේ විමුක්තිය හොයාගෙන් ඒත් කාලක් ඉනේ....  තමුසේ මොන බැඳීමෙන්ද මිදෙන්න හදන්නේ....

විකාර...

බැඳීම් වලින් මිදිලා යන්න හදන්නේ තව බැඳීමක් එක්කනේ...ඕක මෙන්න මෙහාට දීලා යනවා ඕයි.....

ප.ලි:- මේ ඒ සිද්ධාර්ථවත්, ඒ ඡන්නවත් , ඒ නේරංජනාවවත් නොව මගේ ඔළුව කුරුවල් උන වෙලාවක මගේ ඔළුවේ මැවුන අය... කියන්න ඕනේ උන දෙය සේරම කිය උනේ නැත තව ටිකක් ඉතිරී වී ඇත.......

23 අදහස්:

මට මෑතකදි හිතුණ ඔය නිවන කියන්නෙ හැඟීමක් නේද කියල. හැඟීම් වලට වහල් වෙන අර්ථයෙන් ගත්තම නිවනත් බැඳීමක්ද?

උඹ තියෙන කම්මැලිකමට කතාව හරියට ලියල නෑ වගේ. තව ටිකක් ටියුන් කරල ගන්න තිබුණ.

උඹට පිස්සුද යකෝ???

හීනෙං බෙරිහන් දෙන්න!!!

නැගිටපං නැගිටපං!!!!

නැගිටල බලපං!!! අපි ඉන්නේ ඉන්දියාවේ!!! අර බලපං,ඉන්දියාවේ නළු නිළියෝ ටික ඔක්කොම ඉන්නේ!!!මූණත්තහඩු ටික එල්ලගෙන හතරවටේට!!!කිව්වම අහල නැගිටපං බං!!!!!!

:))

කියන්න ඕනේ වුණ දේ ඉතිරි ටිකත් කියලම දැම්ම නම් මරු. මම කතාව කියෙව්වේ අර ජන්න ගැන හිතාගෙනය. මගදි තේරුණේ සීන් එක. :D

අගෙයි මරණය, නිතරම ඔළුව කුරුවල් කරගන්න බලන්න. එතකොට ගානට ටියුන් වෙයි :D

පිස්සු හැදීගෙන එනවාද කොහෙද නෙමෙයි හැදිලා ඉවරයි! කාලක් හලා ගත්ත නම් යථා තත්වයට එන්න පුළුවන්... අනේ අසරණ ඡන්න

මම ත‍්‍රී විල් එකක් හයර් හයර් කරන් යනවා අභීණිෂ්ක‍්‍රමණය කරන්න අස්සයා ගේ පිටෙ යනවාට වඩා ඒක පහසුයි අස්සයාගේ පිටෙ යනකොට ගැස්සුනොත් අභීණිෂ්ක‍්‍රමණයත් ඉවරයි
# අකුණ #

මේක කියවලා අම්බානක් බොන්න හිතුණා.....

අස්සයත් බොනව ද? :D

කාලක් ක්‍රියාවට..
කාලක් ක්‍රියා කලවිට..
කාලක් කියා අපිහට..
ගියාද ඉන්දියාවට ??

එච්චර දුර යනවානම් ‍බෝතලයකුත් මදිවෙයි..

කාල නම් මදි වෙයි වගේ . . බෝතලේ නම් තුන් දෙනෙකුට ඇති වෙයි. ඒත් අස්සයා කොච්චර බොනවද දන්නේ නෑනේ. ඒක උගෙන්ම තමා අහ ගන්න වෙන්නේ. :)

//ඇයි එතකොට සිද්ධාර්ථ ගියේ???

ඒ ගියේ මෙහෙ ඉඳලද ඕයි??? ඉන්දියාවේ ඉඳලනේ, අපි දැන් එතකොට ඉන්දියාවට යන්නෙත් අස්සයා පිටේද??//

"ඈයි අපි දෑන් ඉන්නෙ ඉන්දියාවේ නෙවෙයි ද?"

"මොකක්.."

"නෑ මං ඈහුවේ.. ඔය එහෙනම් හෑම තෑනම කියන්නේ මේ බුදුන්ගේ දේසයයි කියල..?"

"හ්ම්.. ඉතුරු කාලත් ඔහොම්ම හලා ගනිං. මේක සිහි කල්පනාව ඈතිව කතා කරන්න පුළුවන් දෙයක් නෙවී තමයි"

මේක කියවද්දිම මට මතක් උනේ දුක්ගන්නාරාළගේ ආලවක නරක නෑ...කෙටි කතා පොත... මේක ලියලා තියෙන්නෙ ඒ ස්ටයිල් එකට වගේ... එ කියන්නේ දුකා ලියන්නෙ බීල වෙන්න ඇති. මං කිව්වේ අපේ දුකා ගැන නෙවෙයි හොදේ....

කොහෙද නෙමෙයි යකෝ දැනටම හැදිලා . . . හික් හික්

meka nam niyama liyavillak machan, digatama me wage ewwa hithila, ewwa liyannath hithewa!!!

කාලකින් විසඳන්න පුලුවන් දෙයක් නෙවේ වගේ.. බෝතලයක් තිබ්බනම් හි හි.

මම හිතුව මට විතරයි වෙලාවකට පිස්සු තද වෙන්නෙ කියලා.hehe.අපේ තාත්තට අඬගැහුව නම් එයත් ඒවි.තාත්තත් සත්‍ය හොයාගෙන යන්න හදනව.හැබැයි බාර් එකක් තියෙන හරියක...

කෝ බොල තෝ ලියන්නෙ නැද්ද මුකුත් අලුතින්?

උඹ ඇත්තටම මැරිල බං? කෝ ලියන්නැතැයි? ළඟදී බ්ව්වේවත් නැද්ද? ලියන්න අදහස් එන්නේ නැත්තේ ඒ නිසා වෙන්න ඇති. :) ලියපං ලියපං... අපි වගේ පාඨකයෝ අමාරුවේ දාන්නේ නැතුව...

පලවෙනි කොමෙන්ටුව දැක්කහම මටත් ලියන්න හිතුනෙ මෙහෙම දෙයක්.. මරනින් එහා ලෝකෙට ගෙනියන්න අපි පින් කරන එකත් පින් කෙරෙහි බැදි ලෝභයක් නෙමෙයිද?

මට නිකන් තාම කැරකෙනව වගේ....
කාලෙකට පස්සෙ මම ආව ගමන් ගොඩ උනේ මරණේ ගැන බලන්න
ඉතුරු ටිකත් අමුනල කරල ගලපලා ගත්තනම් පන්කාදුයි

මොනා හැරි ලියන්නකෝ අප්පා.....‍

ෙහාදයි