මගේ මරණය

ඔබ මෙක කියවනවද??
එහෙනම් මරණය හමු වේවි කවද හරි.
එසේනම් මැරෙනකම් ජීවත් වෙන මා සමග රැඳෙන්න.
මරණය හමුවෙන තුරා!!!

ඉස්කෝලේ ගිහින් ඉස්සලම ර යනු ට යනු ම යනු ල යනු ඉගෙන ගෙන රට මල වගේ වචන ලියලා යන්තම් වගේ වාඛ්‍ය ලියන්න පුරුදු උනාම ඉස්සෙල්ලම ලියන්නේ මම ගැන රචනාවක්. හරියටම මට මතක නැහැ මන් හිතන්නේ 4 ,5 පංති වලදි තමා මන් මුලින්ම ඉංග්‍රීසි ඉගෙන ගත්තේ. හෝඩිය ඉගෙන ගෙන වචන ඉගෙන ගෙන ඉංග්‍රීසියෙනුත් මුල්ම රචනාව ලියන්නේ My Self ගැන. ඊටත් පස්සේ 7 වසරේදි විතර දෙමල ඉගෙන ගන්න පටන් ගත්තා. ඒකත් සිංහල , ඉංග්‍රීසි වගේම තමා මුලින්ම ලියන්නේ நான் කියලා තමන් ගැන.

මම ගැන රචනාව ලියද්දි උපතින් අපිට අයිති නැති උනත් බලෙන් අපේ නම කියලා දාලා තියෙන හැඳින්වීම, මම කියන කෙනා ඒ කාලේදි කන්න කැමති බීම, කැම, ඇඳුම්, සත්තු, යාළුවා, අම්මා, තාත්තා, ඉන්න තැන ගැන ලියනවා. එදා ලියපු මම ගැන රචනාවේ තිබ්බ නම, අම්මා, තාත්තා සහ පවුලේ අය ඇරුනම අනික් හැමදෙයක්ම අද වෙනකොට එදාට වඩා වෙනස්. ඒ දේවල් ඒ කාලේ හිටපු දැකපු දේවල් විතරයි.

ඇත්තටම අපි මම ගැන ලියන්නේ මම කියන්නේ කවුද කියන එක හරියටම දැනගෙනද? එච්චර ලේසියෙන් තමන්ට තමන් කවුද කියලා දැනගන්න පුළුවන්ද? මම මම ගැන කතා කලාට ලිව්වාට, ඇත්තටම මම කවුද කියලා මමවත් දන්නේ නැහැ , ඒ ලියන කියවන වෙලාවට ඉන්න මම ගැන තමා මන් කතාකරන්නේ අනික් වෙලාවට ඉන්නේ මම ම උනත් ඒ මම හැම වෙලේම නැහැ.

පොඩි කාලේ ඉඳන් අපි හැමෝම ලියන කියවන මම කියන කෙනා  කවුරුවත් හරියටම දන්නවද කියලා මන් දන්නේ නැහැ.

3 අදහස්:

මරේගෙ කතාව සහතින ඇත්ත. මම කියන්නේ කාටවත් තේරුම් ගන්නවා තියා තමාට තමාවත් 100% තේරුම්ගන්න බැරි අමුතු චරියක්.

සහතික ඇත්ත... අපි "මම" ගැන කොච්චර කිව්වත්... අන්තිමට ඇත්තටම මම ගැන හිතල බලනකොට මම කියන කියන කෙනා තමන්ටවත් හරියට තේරුම ගන්න අමාරුයි.

මරේ අයියාගේ කතාවට මමත් එකඟයි. ඇත්තටම කවු ද මේ මම? මගේ මේ ශරීරය ඇතුලේ මම කියලා භූතයෙක් හෝ ආත්මයක් හෝ තියෙනවා ද? බටහිර දාර්ශනික ඩෙරීඩා ද ඔහුගේ Deconstruction න්‍යාය තුළින් විමසුවේ මෙවන් ප්‍රශ්නයකි. යමක් තේරුම් ගැනීමට නම් එහි බාහිර වැසුම් එළි පෙහෙලි කොට බැලිය යුතුය. ගෞතම බුදුහිමියන් පැවසුවේ මිනිසා හා මිනිසාගේ සිත තෙරුම් ගැනීමට විශ්ලේෂණ Analysis හා ක්‍රියාදාමය Synthesis යන ක්‍රම දෙකින්ම බැලිය යුතුබවය. විශ්ලෙෂේණය යනු මිනිසා යනු පංස්චස්ඛන්ධ නැතහොත් නාම-රූප යන දෙකේ එකතුවකි. රූප යනු පඨවී,ආපෝ, තෙජෝ හා වායූ යන සතර මහාභූතයන් ය. නාම යනු මානසික ක්‍රියාවලියකි. එනම් වේදනා සඤ්ඤා සංස්කාර හා විඤ්ඤාණයි. මෙ විදියට ධාතු, ස්ඛන්ධ, ආයතන වශයෙන් විවිධ ලෙස සරල ලෙස විශ්ලේෂණය කොට දැක්වූයේ මෙහි සැඟව සිටින තවත් භූතයකු නැති බවයි. එ වගේම ක්‍රියාදාමය තුළින් පෙන්වන්නේ මේ කොටස් වලට බෙදන ලද දේවල් එකිනෙකට සම්බන්ධවී සාපෙක්ෂව වැඩ කරන විදියි. එ කට තමයි පටිච්චසමුප්පාදය Dependent Co-Arising කියන්නේ. හරියට වාහනයක මොටර් ඇන්ජිම ඇතුළේ තිබෙන් දැතිරෝදාදි දේ එකිනෙකට සමන්ධ කලාම විශාල කටයුතු කරන්න පුලුවන්. වෙලාවකට හිතෙන්න පුලුවන් මෙක ඇතුලේ භූතාත්මයක තියෙන්න පුලුවන් කියලා හරියට විමසුවේ නැත්නම්. අපිට කොච්චර බණ කිවාත් අපි එත් හිතෙනවා මම ඇතුලේ මම කියලා කෙනෙක් ඉන්නවා ඇති කියලා. එකට හේතුව නම් මට පඤ්ච ඉන්ද්‍රියන් හරහා අරමුණු එනකොට මට පෙනවා නම්, ඇහැනවා නම්, ගඳ සුවඳ රස සිතල උශ්ණ දැනෙනවා නම්, මට මේ දේ හැඟේනවා නම් හිතෙනවා නම් එහේනම් මම ඉන්නවා, මෙවා පේන ඇහෙන දැනෙන දෙවල් මගේ වෙන්න ඔන. මගේ ආත්මයකුත් තියෙන්න ඔන. මෙයට කියන්නේ ප්‍රපංචීකරණය Proliferation කියලා. බුදුහිමි හැම තැනම පාවිච්චි කරලා තියෙන්නේ වර්තමාන හෝ අතීත කෘදන්ත පද ( ක්‍රියා නාම ) විඳිමක් තියෙනව වින්දින්නෙක් නැත කියා එත්තු ගැන්වීමටය. එත් අපිට හිතෙනවා මෙක ඇතුලේ මොකෙක් හරි ඉන්නව කියලා. එහෙම හිතෙන්නේ අපි ඉන්ද්‍රියන් හා බාහිර වස්තූන් ගැටීමෙන් එන දැනීම වේදනාව ( ඵස්ස සඤ්ඤා වේදනා ) අතර සහ සම්බන්ධය හරියට අවබොධය වී නැත. එනිසා ඇල්බට් කැමූ කියන විදියට අපි හැමදාම අපි අපිටම පිටස්තරයෙකි. මම යනු අපි උපතේ සිට ගොඩ නගාගත් ප්‍රධාන දැඩි සංකල්පයකි. අපි උපන් දා සිට මරණ තෙක් දුයුණු කරණ සංකල්පයකි. මෙම අපි හදාගන්නා ලද මම කියන සංකල්පයට මේ සමාජයේ පැවැත්මට නො හැකී වූ විට අපේ හිත අපට තවත් විවිධ මම නිර්මාණය කරනු ඇත. එයට අපි පුස්සු නැතහොත් භින්නොන්මාදය යැයි කියමු.

Bloggers.com - Meet Millions of Bloggers