මගේ මරණය

ඔබ මෙක කියවනවද??
එහෙනම් මරණය හමු වේවි කවද හරි.
එසේනම් මැරෙනකම් ජීවත් වෙන මා සමග රැඳෙන්න.
මරණය හමුවෙන තුරා!!!

කවි කඳුර කියන්නේ සුනේත්‍රා රාජකරුණානායක ගේ අළුත්ම පොතක්. සරසවි ප්‍රකාශකයෝ තමයි කරලා තියෙන්නේ. මිල රුපියල් 450/=


සුනේත්‍රා මන් කැමතිම ලේඛකාවියක්, එයා ලියපු පොත් ගොඩක් මන් ගාවා තියෙනවා. මේ පොතට නම් මන් ගොඩක් ම කැමති එකේ තියෙන අමුතු බස් වහර නිසා. වෙලාවකට ඒක කියවන එක අමාරු උනත් ගොඩක් වෙලාවට ඒක හරිම රසවත්.

පොතේ ආරම්භය වර්තමාන කාලේ තියෙන්නේ ඒ හරියෙදි නම් හිතෙනවා දැනට ජීවත් වෙලා ඉන්න ප්‍රසිද්ධ දේශපාලන චරිතත් ඉන්නවදෝ කියලා ඒත් මුල් කතාව ඇතුලේ තවත් කතාවක් යන්නේ ඒක තනිකරම රජකාලේ කතාවක්. සුනේත්‍රාගේ කතා පොත් ගොඩක එක කතාවක් ඇතුලේ තව කතා ගොඩක් කියනවා. පොත නවකතාවක් උනාට වෙන වෙනම පරිච්ඡේද ලියන්නේ වෙන වෙනම චරිත. එහෙම පොත් ටිකක් අඩුයි

මේ ඇරුනම සුනේත්‍රා ඉරිදා දිවයින සියපත අතිරේකයට ලියපු ලිපි පෙලක් කර්ම අත්පොත කියලා පිට වෙලා තියෙනවා. ඒක නම් කතා පොතක් නෙමෙයි.

කවි කඳුර පොතේ හැන්දින්වීම්

කවි කඳුර මහනුවර යුගයේ සිට වර්තමානය දක්වා විහිදෙන්නකි. කවිකඳුර පොතේ හැන්දින්වීම්නුවර යුගයේ කතන බස මෙන්ම ලිඛිත බසත් යෙදෙනුයේ ඒ ඒ චරිතවලට ගැලපෙන පරිදිය.වර්තමාන ව්‍යවහාර කථන බස හා ලිඛිත බසද මුසු වනුයේ අදාළ චරිතවල පසුබිම අනුවය.

වර්තමානයෙන් නුවර යුගයටත් නුවර යුගයෙන් 1900 වසර ආරම්භය දක්වාත් දිවෙන කතාව යළිත් වර්තමානයට පතිත වනුයේ නැවුම් ආඛ්‍යායන ක්‍රමෝපායකිනි.

නුවර යුගයේ මෙන්ම වතමානයේ සංකීරණ දේශපාලන චිත්‍රය ද කවි කඳුරට සංකලනය වනුයේ බරසාර අලංකාරයකිනි.

2 අදහස්:

මේකත් සුනේත්‍රාගෙ කියවන්න හිතෙන පොතක් බව පේනවා. මාත් කැමතියි එක කතාවක් ඇතුලෙ කතා කීපයක් තියන එයාගෙ පොත් වලට. සුනේත්‍රාගෙ බුද්ධදාසිත් මේ වගේ රජ කාලෙ සිද්දි තියන කතාවක්නෙ.

සුනේත්‍රාගෙ රිදී තිරංගනාවි පොතෙත් ඔය වගේ දේශපාලන චරිත ඈඳල තිබුණ මතකයි. ඔව් ඒව කියවද්දි සමහර දේශපාලන චරිත සමග සංසන්දනය වෙනව තමයි ඒ චරිත.

මට මේ පොත හොදට මතකයි. කෙනෙක්ට අරන් යැවුව නිසා..කියෙව්වෙ නම් නැහැ.

Bloggers.com - Meet Millions of Bloggers