මගේ මරණය

ඔබ මෙක කියවනවද??
එහෙනම් මරණය හමු වේවි කවද හරි.
එසේනම් මැරෙනකම් ජීවත් වෙන මා සමග රැඳෙන්න.
මරණය හමුවෙන තුරා!!!

දවල් කෑමට මන් ගොඩක් දවස් වලට යන්නේ එකම කඩේකට. කඩේ කෑම වල විශේෂත්වයක් නිසා නම් නෙමෙයි වෙන යන්න තැනක් නැති නිසා. බොහෝ වෙලාවට මන් යැවෙන්නේ එකම වෙලාවක ඉතින් මේ මන් යන වෙලාවට මේ කඩේ ගොඩක් දවස් වලට ඉන්නේ එකම කට්ටියක්. මේ අතර ඉන්නවා මිනිසුන් තුන් දෙනෙක්. ඉතාම හොඳින් මාත් එක්ක කතාබහ කලත් මේ තුන් දෙනාව මට පෙන්නන්න බැහැ ඒ ඔවුන්ගේ ඇති වැරැද්දක් නිසා නම් නෙමෙයි. ඔවුන් කිසිවෙක් මට කිසිම වැරැද්දක් කරලා තියෙන නිසාත් නෙමෙයි. එකම හේතුව ඔවුන් විසින් කරන් රස්සාව. මේ තුන් දෙනාම බ්‍රොකර්ලා.

බ්‍රෝකර්ලා කිව්වම අපි ගොඩක් දන්නේ වාහන බ්‍රොකර්ලා සහ ඉඩම් බ්‍රොකර්ලා. බ්‍රොකර්ලා බහුතරයක් ඉතින් කරන්නේ සාධාරණ විදිහට මුදල් ඉපයීම නෙමෙයිනේ ඒත් එහෙම නිසාවත් නෙමෙයි මට මේ අයව පේන්න බැරි . මේ උදවිය ගස් බ්‍රෝකර්ලා. මට පළවෙනි වතාවට තමා ඔය ගස් බ්‍රොකර්ලා පිරිසක් හම්බ උනේ මේ අයට කලින් මන් ඔහොම ගස් බ්‍රොකර්ලා දැකලා තිබුනේම නැහැ. මෙයාලගේ රස්සාව තමා අපි ඉන්න ප්‍රදේශයේ තියෙන හොඳට හැදුන ගස් කපන්න අය හොයලා දීම. මන් නම් දකින්නේ මේක මහා අපරාධයක් හැටියට. මොකද මෙයාලා කප්පවන්නේ පොඩි පොඩි ගස් නෙමෙයි සමහර විට ඔවුන්ගේ වයසටත් වඩා වැඩි කාලයක් මේ පොළව මත තිබුන ගස් තමා මේ අය හරහා ලී මඩු වලට යැවෙන්නේ.

ඇත්තටම ගස් වලට මොවුන් ලබාදන ලංසුව ඉතාම පහල මිලක් සමහර විට ඒ මුදලට එම දැව වර්ගයෙන් ලෑලි කිහිපයක් වත් මිලට ගන්න බැරිතරම් කුඩා අගයක්. එහෙම උනත් මේ අය ගස් විකිනීම් වලට සම්බන්ධ වෙනවා. මට හිතා ගන්න බැහැ මිනිස්සු ඇයි මෙච්චර අඩු ගානකට ගස් විකුනලා දාන්නේ ඇයි කියලා. ගෙදරකට කඩා වැටෙන්න පාරකට අවහිර වෙන්න වගේ හේතුවක් නිසා නොවෙන්න එහෙම ගස් කපන්න විකුන්න ඕනෙද කියලා වෙලාවකට හිතෙනවා.

ගස් විකුනලා ගන්න සල්ලි වලින් ගස් අයිතිකාරයෝ දවසක් දෙකක් ජීවත් වෙයි, ගහ විකුනන්න බ්‍රොකර් වැඩේ කරලා අතට එන කොමිස් මුදල මේ අයත් දවසක් දෙකක් වියදම් කරයි. ඒත් ඒ ගහ නැති වෙච්ච එක නිසා වෙන පාඩුව නම් ඒ විදිහට සල්ලි වලින් මනින්න පුළුවන්ද මන්දා.

මෙහෙම කිව්වට මාත් ලී ඕනේ කමට මටත් වඩා වයස ගස් කීපයක්ම බිම දාන්න දායක වෙච්ච කෙනෙක්.

23 අදහස්:

උඹ මේක කලිනුත් ලිව්ව වගේ මතකයි.

මොකද හෙන කාලෙකට පස්සෙ?

කාලෙකින්..........
උනුත් ජීවත් වෙන්න එපායැ..

ගොඩ කාලෙකින්.. ඔක ඉතින් ජිවිත් වෙන්න කරන තවත් උත්සහයජ් විතරයි.

@පිටස්තරයා : අඩේ ඔව් නේන්නම් මන් කලින් ලියලා තියෙනවා , මටම දැන් මතක නැහැ බ්ලොග් එකේ ලියපුවා. කාලෙකට පස්සේ ආයි බ්ලොග් ලියන්න පුළුවන්ද බැලුවා මචන් :-)

@පූසා : ඔව් හොරකන් කරනවට වඩා නම් මේක හොඳයි තමා

@නිසල් : මිනිස්සු ජීවත් වෙන්න මොනාද නොකරන්නේ

උඹ මේක කලින් ලිව්වට මං කියෙව්වේ නෑ බං. දැන් නම් කියෙව්වා...

මේක මචං මහ කුහක වැඩක්. බ්‍රෝකර්ලා මචං ගන්න සල්ලි වලින් උන්ගේ ජීවිත කාලය සැපට ගෙවලා මැරිලා යනවා. ඊට පස්සේ ඉන්න අය තමා කාන්තාරවල ඉන්න ඕනේ...

පළමුවෙන්ම උඹ ආයෙමත් ලියන්න හැදුව එකටනං මට පුදුම සන්තෝෂයි...

ගස් බ්‍රෝකර්ලා ගැනනං කතා කරන්න එපා මචං... අර කිව්වත් වගේ..මොනවා හරි නමුත් හේතුවක් ඇතිව කපන්න තියෙන ගහකට බිස්නස් එකක් කලත් ටිකක් හරි ඉවසුවෑකි..ඒත් මේ පොළොවට බරක් නැතිව හොදට හැදිලා තියෙන ගස් අයිතිකාරයින්වත් බලෙන්ම වගේ අල්ලගෙන මෝලට දක්කන උන්ටන් ඉතිං කියන්න වදන් නැහැ..

හැබැයි මචං මං දැකපු එක දෙයක් තමා..ඔය පිඩලි කපන් කන උන්ටයි..කළු ගල් විකුණන් කන උන්ටයි..වැලි හූරන් කාලා දියුණු වෙන උන්ටයි වගේම ගස් කාරයොත් හෙනට විඳවනවා..

ටික දවසක් හොඳින් හිටියත් පහු කාල වලදී හරි උන්දලා අන්ත දුක්ඛිත මරණ වලට ලෙඩ රෝග වලට ගොදුරු වෙලා දුක් විඳපුවා මං හුඟාක් දැකලා තියෙනවා..

ඇත්තටම ස්වභාව ධර්මයෙන් දඩුවම් ලැබිය යුතුම රස්සාවල් වලින් එකක් ඔය..

අවසාන වශයෙන් මටත් ආතල් බුවෙක් ගැන කතාවක් ලියන්න තියේ.. ඒත් කල් ගෙහුන් තිබුනේ..දැන් ඉතිං ඒකත් ලියන්නයි හිතෙන්නේ..තැන්කූ වේවා..!

මම නම් මේ ඇහුවමයි ගස් බ්‍රෝකර්ල ගැන. ඒත් ඉතින් ඔය වගේ බ්‍රෝකර්ල තුන් දෙනෙක්ටම කපන්න අද ගස් ඉතුරු වෙලා තියෙනවද ?

මේක සෑහෙන්න කළිං කාලෙක උඹ ලියපු එකක්.
මමත් ගස් බ්‍රෝකර්ලා ගැන දැනගත්තේ මේකෙං තමා.
පුළුවන්නං අර 100ට ලියපු "මළගෙදර" පෝස්ට් එක මේකේ දාපං.
ඒක නියමයි.

ජය වේවා...

ඇත්තෙන්ම කියන්න බොහොමත්ම ලැජ්ජයි මම තාම එක ගහක්වත් හිටවල නෑ... ජී වි තේ ට!!!

එහෙනම් අපිට ඒ ගැනත් හිතන්න කාලෙ ඇවිත් නේද? එහෙම හිතුවොත් මේ ගස් බ්‍රෝකර්ලා වගෙ උදවිය පොලවෙන් උගුල්ලගෙන යන මහා සම්පත් වෙනුවෙන් , උන් කිසිම සාධාරණයක් ඉෂ්ට නොකලත් , අඩු ගානෙ ඒ දකින අපිවත් සාධාරණයක් ඉෂ්ට කලා වෙනව මහ පොළවට.. එහෙම නේද?

මේ ලිපිය මරණෙ කලිනුත් ලියල තිබුණ නේද?
ඒ වුණාට ආයෙත් ලීවට මේක වටින අදහසක්
මම සතුටින් කියන්න කැමතියි මම පැළ හිටවල තියනව.
අපේ තාත්ත තමයි අපිව ඒකට හුරු කළේ.
තාත්ත අයියටයි මල්ලිටයි මටයි කියල පැල දීල තාත්ත කපපු වලවල්වල ඒව ඉන්දන්න කියනව
ඒ වෙලාවට තාත්ත කියනව ලොකු වුනාම මේව ඕගොල්ලන්ට කියල

අපේ තාත්තගෙ තාත්ත හිටවපු ගස් තාත්තටත් කපන්න සිද්දවුණා අපේ ගේ හදද්දි. ඒ ගැන මතක්කරකරමයි තාත්ත ඒ ගස් කප්පව ගත්තෙ. ඒත් ඒවට හරියන්නයි කියල තාත්ත මැහෝගනී පැල ගොඩාක් හිටෙව්ව මතකයි. දැන් ඒවත් තරමක ලොකු ගස්.

ඉතින් ගස් කපා ගත්තට මේ විදියට කපන ගහට ගස් දෙකක් හරි හිටවනවනම් පවු නෑ.

This comment has been removed by the author.

@prasanna86k ඒක ඇත්ත බන් උන් නම් තව ටික දවසකින් මැරිලා යයි ඒත් අනික් උදවිය ඒවට වන්දි ගෙවයි

@මාරයා ඒත් උන්ට වන්දි ගෙවන්න වෙන කාලේ වෙනකොට වෙන්න තියෙන දේවල් වෙලා ඉවරයි

@දුමී මාත් මුලින්ම දැක්කේ උන් තුන්දෙනවා. අපොයි ඔව් ඕනේ තරම් තව ගස් තියෙනවා. ඊයේ පෙරේදා කතා උනා ගස් වගයක් ගැන ඒ මිනිස්සු විකුනන්නේ නැහැලු ඒ ටිකටනම් ගාන කිව්වේ ලක්ෂ 6ක් හෝ 7ක් මොනාද දන්නේ නැහැ ජාතිය මට ඒක ඇහුනේ නැහැ මුන් කතා වෙනවා කොහොම හරි ගන්න ඒ ගස් ටික

@මගේ ජීවිතය මාත් හිටෝලා තියෙනවා කෙසෙල් ගස් නම් :-D

@රනා අනේ මචන් මන් එකම ලිපිය තැන් දෙකක දාන්නේ නැහැ මොකොඅද ඔය සේරම බ්ලොග් කියවන්නේ එකම කට්ටියනේ

@ජීවිතේ මල් හැමෝටම ඕක ප්‍රායෝගිකව කරනන් බැහැනේ ලොකු ගහක් හිටවනන් සැලකියයුතු ඉඩක් තියෙන්න ඕනේ නේ

rare thinking - good post! (samawenda, hingala type kara ganda hetiyak ne ada!)

මම මේ පෝස්ට් එක කලින් කොහෙදි හරි කියවල තියනව වගේ මතකයි.

ගස් බ්‍රෝකර්ලා කෙසේ වෙතත් හොරෙන් ගස් කපන මිනිස්සුන්ට මමත් කැමති නෑ.ඉස්සර අපි පොඩි කාලෙ මහසරුවට වැව් බන්ට් එකේ යසට හැදිලා තිබ්බ කුඹුක් ගස් එහෙමත් මේ ලගදී කපලා දාලා. දැන් කට්ටට වැවත් වේලිලා.මම් හිතන්නෙ ඒ ගස් අවුරුදු 80 වත් වයස ඇති.

මෙහෙ දැන් ඕක ලෙඩක් වෙලා.වැව් ආශ්‍රිත ගස් කපාගන කපාගන යනව,එක එක බොරු හේතු කියල.ඉස්සර තිබ්බ වීර පලු ගස් ඇහැට දකින්ඩ නෑ.ගස් පාලුවෝ!

ජීවත් වුණත් මළාක් හා සමානයැයි කිව්වෙ ඔය වගෙ වැඩ කරන උන්ටත් එක්ක වෙන්න ඕනෙ.
වටිනා අදහසක් රැගත් ලිපියක්. මෙතෙක් එහෙම නොහිතපු අය නැවත හිතන්නට පෙළඹේවි.

කොච්චර එකක්ද බොල ආපහු ලියන එක. එලකිරි!!!

මම මේ ලිපිය කියෙව්වා වගේ මතකයි. ඒත් කවදද කියලා මතක නෑ.

මට හිතෙන්නේ මම බ්ලොග්කරණයට ආපුම දවස්වල කොළඹ කැම්පස් එකේ දර්ශන කරුණාතිලක කියලා අයිය කෙනෙක් දීපු ලින්ක් එකකින්.

ඒ අයියම තමා කිව්වේ මේ බ්ලොග් එක කියවලා ලියන්න ඕන දේවල් ගැන අදහසක් ගනින් කියලා. එදා කියෙව්වා විතරයි.

අනිත් සේරම පැත්තකට දාලා උඹත් ගස්​ බ්‍රෝකර් සීන් එක පටං ගනිං... :D

මමත් මේ ගස් බ්‍රෝකර්ල ගැන ඇහුවමයි.
එතකොට කව්ද හැබැට ඔහොම ගස් කපන්ඩ පර්මිට් දෙන්නෙ?
රාජ්‍ය නිලධාරීන් නිවැරදිව තමන්ගේ රාජකාරි කරනවානං ඔයවගේ අයථා ක්‍රියා නවත්තන්ඩ පුළුවන්.
National Geographic සඟරාවක මං මෑතකදී කියෙව්වා ඇමේසන් වනන්තරේ විනාසවේගෙන යන හැටි. ඒව නං කරන්නේ ඔය පුංචි පුංචි බ්‍රෝකර්ල වගේ එවුන් නෙමේ Multi-National Companies. ලෝක විනාශය මං හිතන්නෙ අපි හිතන් ඉන්නවට වඩා හුඟක් කලින් වෙයි.

ගස් කපන මිනිස්සුන්ට කවදාවත් හරියන් නෑ. ඒක මාත් දැකල තියෙනව...

මාස පහකට විතර පස්සෙ පෝස්ට් එකක් ලියලා තියෙන්නෙ.

ඕවා හැම තැනම වෙන දේවල් මරේ. උඹට අපිට කෑගහලා නවත්වන්න බෑ.

ඔය වගේ අපරාධ කරන උන් විදවලා තමයි මැරෙන්නෙ බන්.

එහෙනං ඉතිං ඒ බිම දාන්න හවුල්වෙච්ච ගස් සෑහෙන්න පරණ ඒව වෙන්ඩැ.. හෙහ් හැහ් ...

මරණෙ මේක මට මිස් වෙච්ච පෝස්ට් එකක්, එහෙම කිව්වට උඹේ ඒවා වැඩි හරියක් මට මිස් වෙලා තියෙන්නෙ. මං ඉතින් බ්ලොග් ලෝකෙට අලුත් එකා (වයසෙන් නාකිය වුනාට) නිසා සමාව භාජනේ කොරහන්.

කොමෙන්ට් එක දාන්න හේතුව අපේ ගෙවල් ගාවම වගේ පදිංචි වෙලා ඉන්න ලොකු දුව කියපු කතාවක්. මං අපේ කාර් කට්ට හෝදනවා, ඒකි අපේ ගෙවල් පැත්තේ එන වෙලාවක. "තාත්තෙ, රවියලටත් වතුර ඉතුරු කොරන්න " කිව්වා . රවි කියන්නෙ ඒකිගේ පුතා, මගේ එකම මුණුපුරා, මං මුකුත් කිව්වෙ නැහැ, හැබය් ටැප් එකක් ඇරියත් යන්තමට අරින්නෙ ඒකි ඒ නොසැලකිල්ලෙන් වගේ කිව්ව වචනෙ හිස් මුදුනටම වැදුන හින්ද.

Bloggers.com - Meet Millions of Bloggers