මගේ මරණය

ඔබ මෙක කියවනවද??
එහෙනම් මරණය හමු වේවි කවද හරි.
එසේනම් මැරෙනකම් ජීවත් වෙන මා සමග රැඳෙන්න.
මරණය හමුවෙන තුරා!!!

සමහර වෙලාවට අපිට එදිනෙදා ජීවිතේ මුහුණ දෙන ප්‍රශ්න ගැන අපේ යාළු හිතමිත්‍රාදීන් එක්ක කියනවා එහෙම වෙලාවට ඒ අයත් ඒ අයට හිතෙන විදිහේ නොයෙක් උපදෙස් දෙනවා. "මෙහෙම කරපන්" "අරහේම කරපන්" වගේ දේවල් වලින්.

උදාහරනෙකට රස්සාවකට ගැටළුවකදි වෙන කෙනෙක් කියාවි "උඹට තිබ්බේ බොසාට මෙහෙම කියන්න" හැබැයි එහෙම කියලා රස්සාව නැති උනොත් අර කියපු කෙනාම කියාවි එහෙනම් උඹම වෙන ජොබ් එකක් හොයා ගනින් කියලා වගේ. ගෙදර ප්‍රශ්නෙකදි ගෙදර කෙනාට "ඉන්න බැරිනම් යන්න කියපන්" වගේ උපදෙසක් දෙන කෙනෙක් ආපහු සමගි කරන්න ඒවිද නම් කියන්න බැහැ. අසල්වැසියන්ගේ ගැටළුවකදී ඔවුන්ට පාඩමක් උගන්නන්න කියන උදවිය හදිස්සියකදී අපිට උදව්වකට එන්නේ නැහැ ඒක නිසා ගොඩක් වෙලාවට අපිට සිද්ද වෙනවා අපිට අවාසි වෙන වගේ තීරණ වලට පවා යාමට. ඒ වෙලාවට එහෙම අවාසියි වගේ හිතුනත් සමහර විට ඒ දේවල් දිගුකාලීනව අපිට වාසිදායක වෙන්නත් බැරිකමක් නැහැ.

මෙහෙම කියන්න හිතුනේ පහුගිය දවස්වල මගේ හිත්වතුන්ට සිද්ධ වෙච්ච සමහර සිතුවීම් සහ ඒවාට ඔවුන් ක්‍රියාත්මක උන ආකාරයත් වටේ ඉන්න අය ඒ ගැන කියන දේවලුත් නිසා. කෙලින්ම සිදුවීම් වලට සම්බන්ද අය පුළුවන් තරම් ඔවුන්ගේ අනාගත ආරක්ෂාවට කටයුතු කරත් එලියේ ඉන්න අය කියන්නේ ඊට වඩා සැර ප්‍රතිචාර දක්වන්න ඕනේ කියලා. හැබැයි එහෙම කරලා පස්සේ ප්‍රශ්නයක් උනොත් වෙන්නේ මුල් පාර්ශවේට එහෙම නැතුව අර වටේ ඉන්න අයට නෙමෙයි ඒ වෙලාවට වටේ ඉඳන් උපදෙස් දීපු අය හොයන්නත් නැහැ. සමහර වෙලාවකට හිතෙනවා දක්වපු ප්‍රතිචාර වැඩක් නැහැ කියලත් ඒත් මේ රටේ සිද්ධ වෙන දේවල් බැලුවම වෙන කරන්න දෙයක් නැහැ.

මන් නම් හිතන්නේ අනික් අය "එහෙම කරපන්" "මෙහෙම කරපන්" කිව්වට නෙමෙයි අපි අපිට පුළුවන් විදිහට ප්‍රතිචාර දක්වනවා මිසක් "මෙහම කරපන්" "එහෙම කරපන්" කියන අය කියන විදිහට කරන්න ගිහින "එහෙම උනාම" "මෙහෙම උනාම" ඔය කියපු අය නැහැ ඒකට මුහුණ දෙන්න වෙනෙන අපිට තනියම තමා.

දවල් කෑමට මන් ගොඩක් දවස් වලට යන්නේ එකම කඩේකට. කඩේ කෑම වල විශේෂත්වයක් නිසා නම් නෙමෙයි වෙන යන්න තැනක් නැති නිසා. බොහෝ වෙලාවට මන් යැවෙන්නේ එකම වෙලාවක ඉතින් මේ මන් යන වෙලාවට මේ කඩේ ගොඩක් දවස් වලට ඉන්නේ එකම කට්ටියක්. මේ අතර ඉන්නවා මිනිසුන් තුන් දෙනෙක්. ඉතාම හොඳින් මාත් එක්ක කතාබහ කලත් මේ තුන් දෙනාව මට පෙන්නන්න බැහැ ඒ ඔවුන්ගේ ඇති වැරැද්දක් නිසා නම් නෙමෙයි. ඔවුන් කිසිවෙක් මට කිසිම වැරැද්දක් කරලා තියෙන නිසාත් නෙමෙයි. එකම හේතුව ඔවුන් විසින් කරන් රස්සාව. මේ තුන් දෙනාම බ්‍රොකර්ලා.

බ්‍රෝකර්ලා කිව්වම අපි ගොඩක් දන්නේ වාහන බ්‍රොකර්ලා සහ ඉඩම් බ්‍රොකර්ලා. බ්‍රොකර්ලා බහුතරයක් ඉතින් කරන්නේ සාධාරණ විදිහට මුදල් ඉපයීම නෙමෙයිනේ ඒත් එහෙම නිසාවත් නෙමෙයි මට මේ අයව පේන්න බැරි . මේ උදවිය ගස් බ්‍රෝකර්ලා. මට පළවෙනි වතාවට තමා ඔය ගස් බ්‍රොකර්ලා පිරිසක් හම්බ උනේ මේ අයට කලින් මන් ඔහොම ගස් බ්‍රොකර්ලා දැකලා තිබුනේම නැහැ. මෙයාලගේ රස්සාව තමා අපි ඉන්න ප්‍රදේශයේ තියෙන හොඳට හැදුන ගස් කපන්න අය හොයලා දීම. මන් නම් දකින්නේ මේක මහා අපරාධයක් හැටියට. මොකද මෙයාලා කප්පවන්නේ පොඩි පොඩි ගස් නෙමෙයි සමහර විට ඔවුන්ගේ වයසටත් වඩා වැඩි කාලයක් මේ පොළව මත තිබුන ගස් තමා මේ අය හරහා ලී මඩු වලට යැවෙන්නේ.

ඇත්තටම ගස් වලට මොවුන් ලබාදන ලංසුව ඉතාම පහල මිලක් සමහර විට ඒ මුදලට එම දැව වර්ගයෙන් ලෑලි කිහිපයක් වත් මිලට ගන්න බැරිතරම් කුඩා අගයක්. එහෙම උනත් මේ අය ගස් විකිනීම් වලට සම්බන්ධ වෙනවා. මට හිතා ගන්න බැහැ මිනිස්සු ඇයි මෙච්චර අඩු ගානකට ගස් විකුනලා දාන්නේ ඇයි කියලා. ගෙදරකට කඩා වැටෙන්න පාරකට අවහිර වෙන්න වගේ හේතුවක් නිසා නොවෙන්න එහෙම ගස් කපන්න විකුන්න ඕනෙද කියලා වෙලාවකට හිතෙනවා.

ගස් විකුනලා ගන්න සල්ලි වලින් ගස් අයිතිකාරයෝ දවසක් දෙකක් ජීවත් වෙයි, ගහ විකුනන්න බ්‍රොකර් වැඩේ කරලා අතට එන කොමිස් මුදල මේ අයත් දවසක් දෙකක් වියදම් කරයි. ඒත් ඒ ගහ නැති වෙච්ච එක නිසා වෙන පාඩුව නම් ඒ විදිහට සල්ලි වලින් මනින්න පුළුවන්ද මන්දා.

මෙහෙම කිව්වට මාත් ලී ඕනේ කමට මටත් වඩා වයස ගස් කීපයක්ම බිම දාන්න දායක වෙච්ච කෙනෙක්.

Bloggers.com - Meet Millions of Bloggers