මගේ මරණය

ඔබ මෙක කියවනවද??
එහෙනම් මරණය හමු වේවි කවද හරි.
එසේනම් මැරෙනකම් ජීවත් වෙන මා සමග රැඳෙන්න.
මරණය හමුවෙන තුරා!!!

ඊයෙ ගියා බණ්ඩාරණායක අණුස්මරණ ජ්‍යාත්‍යන්තර සම්මන්ත්‍රණ් ශාලවෙ පටන් ගත්ත ජ්‍යාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය බලන්න. පළවෙනි දවස නිසාද කොහෙද වැඩිය සෙනඟ හිටියෙ නැහැ. මේ පාර පොත් නම් ටිකක් ගනන් වැඩි. වෙනදට වඩා ඉඩකඩ ඇතුව කඩවල් නම් දාල තියෙනව. එන අයගෙ වාහන එකක් වත් ඇතුලට ගන්න දෙන්නෙ නැහැ. ඒක නිසා වාහන වල යන අයට නම් කරදරයක් වෙනව එවා නවත්තන්න තැනක් හොයාගන්න එක. කැම බීම කඩත් වැඩිපුර තිබුන.

8 අදහස්:

අපිත් ගියානේ ඊයේ (20) අපි කිව්වේ බ්ලොග් ලියන මම දන්න අය බෝමන් හරේශ් වගේ ‍‍‍සෙට් එක..

මොනාද ඉතින් ගත්ත පොත්? මන් නම් ටිකක් ගත්ත. තාම කියෙවුවෙනම් එකකින් බාගයක් විතරයි නීල් විජේරත්නගෙ කේරළ නලඟන කියන පොතෙන්. ඒක කියවද්දි ඉන්දියාවට ගිහින් බලන්න හිතෙනව

අනේ සහෝ ‍මම මට ගත්ත පොත් ගාන 14ක් ඔක්කොම මෙතන කියන්නේ කොහොමෙයි?
ඒ අතරින් අටවක පුත්තු / විල් තෙර මරණය මේ වසරේ සාහිත්‍ය සම්මාන ලබපු පොත් 2 ක් ඒ හැර කෆ්කා මුහුදු වෙරලේ / අන්ධ වාදකයා /‍චේ / අකෂර සෙනග වගේ තව පොත් කිහිපයක් තියෙනවා

අටවක පුත්තු නම් මාත් ගත්ත. විල් තෙර මරණය මම කලින් අරන් තිබ්බ.කෆ්කා මුහුදු වෙරලේ කියවල හොඳයිද කියල බ්ලොග් එකක් දන්න පස්සෙ අපිටත් ගන්න බැරිය ‍චේ පොතනම් මටත් ගන්න ඕනෙකම ගොඩක් තියෙනව එත් එක ගනන් වැඩි පස්සෙ ගන්නව අකෂර සෙනග නම් මාත් ගත්ත ඒත් ඒක මගෙ ගෑණු ලමය අරගෙන ගියා .වෙනගත්ත දොලොස් මහ - ශන්ති දිසානයක, සකායි, පොදු පුරුෂයා සුනේත්‍රා රාජකරුණානායක කේරළ් නලඟන - නීල් විජේරත්න, මුල් පිටුවේ කාටූන් - බන්දුල පද්මකුමාර,හිච්චි බබා - වැවදෙණියේ ඇල් ඩී මැන්දිස්, සොඳුරු දුක්බර දිවිය - යසුනරි කවබතා ( පරිවර්තන ),කෙටිකරපු දිග කතා - කුමාරි, ගොඩ කාලයක් හොයල හොයල ගැහැණු ලමයි ගත්ත කරුණාසේන ජයලත් ගෙ.මැටි - තරකා වාසලමුදලි. පොත් උස්සන් අවිදින්න බැරි නිස ගෑණුලමයව එක්කන් ගියා ඒකට ඒත් වැඩක් උනේ නැහැ. ගිය වෙලාවෙ ඉඳල කන්කෙඳිරිය කකුල් රිදෙනව කියල එ මදිවට පොත් උස්සන් යන්න බැහැ බරයිලු. හැබැයි පිටකොටුවට ආවට පස්සෙ නම් පොත් වලින් බාගයක් අරගෙන ගෙදර ගියා. එතකොට පොත්වල බර අඩු උනාද දන්නෙ නැහැ

අපෝ මන් ඒක හැමදාම අහනව. කතාකරන්නෙ නම් කාන්ත හිංසනය බැලුවහම ඇත්තටම අපිටයි හිංසා සිද්ධ වෙන්නෙ. මොනවා කලත් වැරදියි

කාෆ්කා ගැන කියන්න නම් තව මාසයක් විතර කල් ඔන වෙයි ලොකුම ලොකු පොතක්..යසුනරි ගේ කථා නම් අමුතුම කතන්දර කියවලම බලන්නකෝ...ගැණු ළමයි නම් මං ලග හිටියා..ඇයි අප්පා...හැතැම්ම ගණන් බරට බරේ බෑග් උස්සගෙන පයින් යද්දි දුෂ්ටයි නරකයි නොකියා වෙන මොනා කියන්නද? වඩාගෙන යනවා නම් තව කමක් නෑ :p

අපෝ වඩාගෙන යන්නම වැඩේ. ඔන්න පොත් වගෙ වටින දෙයක් නම් උස්සගෙන ගියත් කමක් නැහැ.

ආ ඒ කියන්නේ දුකේදි සැපේදි ලග ඉන්න කෙනාට වඩා පොත් වටිනවා...! හ්ම් හ්ම් සේරම පිරිමි එකයි! ග්ර්ර්ර්ර්ර්

Bloggers.com - Meet Millions of Bloggers