මගේ මරණය

ඔබ මෙක කියවනවද??
එහෙනම් මරණය හමු වේවි කවද හරි.
එසේනම් මැරෙනකම් ජීවත් වෙන මා සමග රැඳෙන්න.
මරණය හමුවෙන තුරා!!!

හඬනු මැන නිදහස කියන්නෙ සුනිල් මාධව ප්‍රේමතිලක පරිවර්තනය කරපු ඩොනල්ඩ් වුඩ්ස් ලියපු දකුණු අප්‍රිකාවෙ කළු ශිෂය්‍ය නායක ස්ටීව් බිකෝගෙ කතාව. මේක මගේ කතාව.
සතියක් ගානේ බොන්න සෙට් වෙන්න
දකින හැම කෙල්ලටම ලයින් දාන්න
කැමති වෙලවට කැමති විදිහට යන්න එන්න
නිදහසේ කෙල්ලො එක්ක චැට් කරන්න
පාරේ රස්තියදු ගහන්න
රෑ වෙනකම් පාරෙ ඉන්න
සිගරට් බොන්න
මල් ගහන්න
අතේ සතේ නැතිවෙනකම්
වියදම් කරන්න
නිදා ගන්න
නිදි මරන්න
මට තිබ්බ නිදහස දැන් කෝ?
හඬනු මැන ඒ නිදහස වෙනුවෙන්
අපොයි ආදරයක් මට කරපු වින්නැහිය

8 අදහස්:

මටත් එහෙම පුළුවන් නම්.
ජීවිතය සුන්දරද කොතරම්.

ඔයගෙ වාසනව ගැන මට ඊරිසියයි ;-). මට කරනවනම් කරන්න වෙලා තියෙන්නෙ හොරෙන් තමා

එහෙම පුළුවන් තේරුම් කරවන්න ඔයාගේ පෙම්වතියට ඔයා කවුද හා ඔයාට ‍උවමනා ඡිවිතය කොයි වගේද කියලා...එයා එතකොට නිදහස දෙයි...හැබැයි නිදහස හරි විදියට ප්‍රයෝඡනයට ගන්න

මේ ලොකෙ ජීවත් වෙන ගැණු ලමයෙක් ගැනනම් නෙමෙයි ඔයා කියන්නෙ. එහෙම නිදහසක් තියෙන පෙම්වතෙක් හෝ සැමියෙක් මම නම් ජීවිතේට දැකල නැහැ

හරේශ් ව මුණගැහෙන්න නැත්නම් එයාගෙන් අහලා බලන්න හිකිස් එයා මේ ලොකේ නෙවෙයිද මන්දා

Oksh- මම මරණයට‍ ඔයා ලගට යන්න කිව්වට ඔයාව එක්ක යන්න කිව්වේ නැහැනේ...අනික ඔයාට එයා එක්ක යන්න අවසර දුන්නෙත් නැහැනේ.....

අම්මපා ඇත්ත කොල්ලෝ. කෙල්ලෙක් සෙට් උනොත් ආතල් ඔක්කොම බකල්.
* බොන්න නැහැ (කොහොමත් මම වැඩිය මේකට එළවන්නේ නැහැ)
* දකින කෙල්ලන්ට තියා නිළියක් ගැන කතා කරල එළ පාර කිව්වමත් මේකිට යකා නගිනවා
* කැමති වෙලාවට යන්න එන්න නම් නැහැ තමයි. එයාගේ ඔක්කොම වැඩ වලට යන්න ඕන. එකෙන් මට ටොයිලට් යන්නවත් නැහැ.
* චැට්නම් කොහොමත් ලැබෙන්නේ නැහැ.
* සිගරට් බොන එක නවත්තවන්න මාව ඩොක්ටර් කෙනෙක් ලගටත් අරන් ගියා.

මේ කොහොම නමුත් මම දැන් ජීවිතේ මිහිර විදිනවා. මොකද අරක්කු සහ සිගරට් සම්පුර්ණයෙන්ම නතර කළා. ජීවිතේට පොඩි කික් එකක් දැනෙනවා ඒකෙන්.

අනේ මන්ද.. ඔය උබලට කෙල්ලෙක් ඉන්න නිසයි..
කෙල්ලෙක් නැත්නම් ඕකම උබල අනික් පැත්තට කියයි
මේ මං වගේ

Bloggers.com - Meet Millions of Bloggers