මගේ මරණය

ඔබ මෙක කියවනවද??
එහෙනම් මරණය හමු වේවි කවද හරි.
එසේනම් මැරෙනකම් ජීවත් වෙන මා සමග රැඳෙන්න.
මරණය හමුවෙන තුරා!!!

පොත් ප්‍රදරිශනයෙන් ගත්ත නීල් විජේරත්නගෙ කේරළ නළඟන කියවල ඉවර කලා. ඉන්දියාව ගැන තියෙන චාරික සටහන් පොතක්. කියවනකොටනම් ඉන්දියාවට ගිහින් ඒතැන් බලන්න හිතෙනව ඒත් තාම හරියට ලංකවෙ වත් ඇවිදල නැති නිසා ඉන්දියවෙ යන එකනම් හීනයක් විතරක් වෙන්න ගොඩක් වෙලාවට ඉඩ තියෙනව. හොඳ පොතක් පොඩි අවුලක් තියෙන්නෙ මේකෙ රචකයා හිතන්නෙ එයා පොරක් කියල එකනිසා සමාන්‍යා මිනිස්සු එක්ක ඉන්න්කොට ඉහලින් ඉන්න හදන්ව වගේ. මට අල්ල්නෙ නැහැ එහෙම මිනිස්සු. සුනේත්‍රා රාජකරුනාණායකගෙ පොත් වලත් ඉන්දියාවෙ චරිකා සටහන් ගැන තියෙනව ඒවනම් කියවනකොට බොක්කටම වදිනව මොකද එය හැමවෙලෙම හසිරෙන්නෙ සමාන්‍යා ගැහැණියක් විදිහට කොයි වෙලාවකවත් එය අනික් අයට වඩා උසස් කියල හිතන්නෙ නැහැ. එහෙම කියනකොට තම මගේ හිතට සමීප වෙන්නෙ චරිකා කරන කතා නායකයව.

2 අදහස්:

මම නම් කියවලා නෑ...ඊළග වතාවේ පොත් කඩයකට ගියාම හොයලා බලන්නම්...ඒත් මම කියවලා තියෙන "අම්මේ ‍ඔබයි රත්තරං" කියන පොතෙත් ඉන්දියාවේ පීඩිත ගැහැණියක් ගැන විස්තරයක් තියනවා ඒකේ තියෙනවා ඉන්දියාව ගැනත් විස්තර ටිකක් ‍

අපු ත්‍රිත්වයයි, අරණට පෙම්බැඳි තමයි මුලින්ම මන් ඉන්දියාව ගැනැ කියෙවුවෙ ඊට පස්සෙ තමා ඒ පැත්තෙ යන ආසාව ආවේ. ඒ හැම එකකම වගෙ තියෙන්නෙ දුප්පත් මිනිස්සුන්ගෙ කතාව.නීල් විජේරත්නගෙ මීට කලින් පොත් දෙකක් තියෙනව බෙංගාල යෙහෙළියයි, මදුරාසි කොලුවයි කියල ඒ දෙකෙත් තියෙන්නෙ ඉන්දියනු චාරික සටහන්. පොත් ප්‍රදර්ශනයෙවත් ඒ දෙක තිබ්බෙ නැහැ. මන් සූරිය ප්‍රකාශකයෝ එකේ ඉන්න කෙනෙක්ට කිවුව පොත් දෙක අරන් තියන්න කියල එයාල ලඟත් තව දෙක තුනයිලු එවා තියෙන්නෙ. ලඟදිම ගිහින් අරන් එන්න ඕනේ

Bloggers.com - Meet Millions of Bloggers