මගේ මරණය

ඔබ මෙක කියවනවද??
එහෙනම් මරණය හමු වේවි කවද හරි.
එසේනම් මැරෙනකම් ජීවත් වෙන මා සමග රැඳෙන්න.
මරණය හමුවෙන තුරා!!!

කතාවට කියනව මිනිස්සු මුලින්ම බොන්න පටන් ගන්නේ බියර් වලින් කියල. මගේ ගැන ගත්තොත්නම් ඒක ඇත්ත. මොක්ද ඉතින් මාත් මුලින් බිවුවේ බියර් ටිකක් විතරයි පස්සෙ ඒක බියර් ගොඩක් උනා අන්තිමට අරක්කු , ජින්, වොඩ්කා, බ්‍රැන්ඩි බවට පත් උනා. හැබැයි තාම මුල අමතක කරල නැහැ ඉඳලා හිටලා බියර් බොනව ඒ වගෙම අනික් ජාතියක් බොන්න තරම අවට පරිඅස්‍රය සුදුසු නැත්නම් ඒ වගේ වෙලාවටත් ඉතින් බියර් තමා. ගොඩක් මහන්සි වෙලා ඉන්න වෙලාවට හොඳට කූල් බියර් එකක් ගැන මතක් කලත් මහන්සිය නැතිවෙනව එහෙවු එකේ එහෙම එකක් ඒ වෙලාවට බිවුවම් වෙන දේ කියන්න ඕනේ නැහැනේ .බියර් වල ඔක්කොම හොඳයි එක දේයක් ඇරෙන්න. බොන කොට බොන්න පුළුවන් වගේම ආපහු යනකොට යන්නත් පටන් ගන්නව එපා වෙනකම්. මේක කටින් ආපහු යන්න ගත්තොත් නම් බීම එපා වෙනවන දවස් දේක තුනකට. මොකද ඒක එතරම් අමරු කාරියක් නිසා

දැන් ඉතින් බියර් බොන්නත් අමරුයි මොකද ඒකෙත් ගනන් වැඩි කොරලනේ.

4 අදහස්:

දැන්නම් බියර් බොන්න විදිහක් නැති වෙනව
Carlsberg එකක් 170/= Lion 140/= අරක්කු බොන එක ලාබයි වගේ
මේගොල්ලො ආණ්ඩුව ලීටර් එකකට දාපු බද්ද එක බෝතලේකට දාල

අපි නම් ඉතිං ඕවට කොහොමත් කැමති නෑ. රස්නේ උනාම අයිස් ක්‍රීම් එකක් කනවා, එහෙම නැත්තං ,අයිස් කෝපි , කිරි එකක් එකක් බොනවා,

සීතල නම් උණු කෝපි එකක් කාරිය බීලා හොඳට පොරවගෙන නිදාගන්නවා.

මහන්සි නම් උණු වතුරෙන් ඇග හෝදගෙන තේ එකක් බීලා පොඩි නින්දක් දානවා.

ඒක ඔය ගිනි වතුර බොනවට වඩා කොච්චර ශෝයි ප්ලෑන් එකක්ද. සිම්පල් ඇන්ඩ් චීප්

අනික් ඒවා ගිනි වතුර උනත් මේක නම් ගිනිම නැහැ, මද උණුසුම් වතුර වගේ

බීර... මට අපෙ අම්ම වෙඩිම් වලදි පුරුදු කොරපු එකක් එයාලගෙ ලිඳ ළඟ සංගම් වලදි.

හීනියට කාල්ස්බර්ග් හෝ ස්ට්‍රෝන් ටින් එකක් නමා දුමක් දැමීම සිම්පල් ප්ලෑන් එකකි.

රාත්‍රියකට නම් ගැළපෙනවා අඩුය.මන්ද එම නිසා පසු දිනය බොහෝ මස්තබාල්දු දිනයක් වීමට ඉඩ ඇති බැවිනි,,,

බරපතලම ගැටලුව නම් වයසට ගියත් හවසට ගෙදරට එන අපේ මෑණියන්ට බීර ගඳ ඇලජික් වීමය.....එම නිසා බීර නමනවා නම් අඩුම තරමින් පැය තුන හතරක් වත් නිවසින් වසන් වීමට සූදානම්ව නැමිය යුතුය....

නමුත් බොහෝ තැන් වලදී භාවිතා කළ හැකි සිම්පල්ම ප්ලෑන් එක නම් මෙය ය..

Bloggers.com - Meet Millions of Bloggers