මගේ මරණය

ඔබ මෙක කියවනවද??
එහෙනම් මරණය හමු වේවි කවද හරි.
එසේනම් මැරෙනකම් ජීවත් වෙන මා සමග රැඳෙන්න.
මරණය හමුවෙන තුරා!!!

මම මේ දැකපු දෙයක් තමා සාමාන්යයේන් සති අන්තයේ බ්ලොග් කියවනයට එච්චර අළුත් ලිපි එකතු වෙන්නේ නැහැ, සතියේ දිනවල තරම්. ඒත් වෙන්න ඕනේ ඒකෙ අනික් පැත්ත සති අන්තයේ විවේකයේ වැඩිපුර ලිපි එකතු වෙන්න ඕනේ. මටනම් මේකෙන් පේන්නේ වැඩි දෙනෙක් බ්ලොග් ලියන්නේ එක්කෝ කාර්යාලයේ ඉඳන් නැත්නම් ඉගෙන ගන්න අධ්යාපන ආයතන්යේ ඉඳන්. මේ දෙතැනම ඉඳලා බ්ලොග් ලියන එක එච්චර හොඳ දෙයක් කියල මම නම් හිතන්නේ නැහැ. මාත් සමහර වෙලාවට කාර්යාලයේ ඉඳල බ්ලොග් ලියන්වා ඒත් ඒක වැරදි වැඩක් කියල තමා මටනම් හිතෙන්නේ
ඒත් ඉතින් ලියන්න දෙයක් හිතට ආවම ඒක ඉක්මනට අමතක වෙන්න කලින් ලියල දාන්ව මිසක ඉන්නේ කොහෙද කියල බල බල ඉන්න පුළුවන්ද.

3 අදහස්:

එතකොට කොහොමද ගෙදර අන්තර්ජාල පහසුකම නෑති අය බ්ලෝග් ලියන්නේ ?

ඒකත් එහෙම තමයි . හැබැයි මම ලොක්ක උන දවසට මගේ කාර්යාලයේ නම් අන්තර්ජාලේට පුළුවන් තරම් සීමා දානව අඩුම ගානේ නියමිත කාර්යාලීය වෙලවන් තුලවත් උදා:- 8 - 5 වත්. මේක ලිවුවෙ මන් ඇතුලේ ඉන්න බොස්. සෙවකයා හැටියටනම් ඉතින් කාර්යාලයේ ඉඳන් බ්ලොග් එකක් ලියන්නවත් නිදහසක් ඕනේ. වැඩ පාඩු කරගන්නේ නැතුව කරනවනම් තම හොඳ ඉතින්

ම‍ට නම් තැන් දෙකම ‍එකයි..අදහස එන්නේ කොතනදිද එතන ඉදන් ලියනවා...කාර්යාල වැඩ තියෙද්දිත් බ්ලොග් ලියපු වෙලාවල් තියනවා...හැබැයි මම නියමිත වෙලාව ඇතුලත මගේ රාජකාරිමය කටයුතු අවසන් කරන කෙනෙක් අනික මගේ කාර්යාලය අතිශය කාර්යබහුල ආයතනයකුත් නෙවෙයි.

Bloggers.com - Meet Millions of Bloggers