මගේ මරණය

ඔබ මෙක කියවනවද??
එහෙනම් මරණය හමු වේවි කවද හරි.
එසේනම් මැරෙනකම් ජීවත් වෙන මා සමග රැඳෙන්න.
මරණය හමුවෙන තුරා!!!

හෙට සඳුදා. මටනම් සතියේ එපාම කරපු දවස. අළුත් සතියක ආරම්භය ඒ කියන්නේ හෙට ඉඳන් දවස් පහක් වැඩ කියන එක. ආසම දවස සිකුරාදා. මේකාලේ හැමෝටම වගේ පොඩි හරි රස්සාවක් හොයා ගන්න පුළුවන් තරම් ඇබෑර්තු ඉරිදා පත්තරවල තියේන නිසා රැකියාවක් නැති නිසා අසහනයෙන් පෙලෙන අය හම්බ වෙනවා අඩුයි. හැබැයි ඒ අඩුවටත් හරියන්න රස්සවක් කරන ගමන් එ ගැන අසහනයෙන් පෙලෙන අයනම් ගොඩක් ඉන්නව මාත් ඇතුළුව.

ලැබෙන පඩිය අඩුවීම, වැඩ වැඩිවීම, ලොක්කන්ගේ අලි පාට් බලන්න සිදුවීම, නොයෙකුත් අසාධරණ කම්,වැඩ කරන තරමට ඇගැයීමක් නොමැති වීම, අයිස් ගහන අයට වැඩි සැලකිලි ලැබීම. මෙකී නොකී විවිද හේතු නිසා වැඩකරන අය අසහනයෙන් ඉන්නව. ඉතා ඉහල වැටුප් ලබන අයත් තමන්ගේ රකියාව ගැන සතුටින් නොසිටීමත් පුදුමයට කාරනාවක්.

මේකට හේතුව මිනිස්සු කවදාවත් කිසිම දෙයකින් තෘප්තිමත් නොවීමම කියන්නත් බැහැ.

රජයේ සේවකයො නිතර නිතර වරජන කරන්නෙත් මේ අසහනේ නිසාම කියලයි මටනම් හිතෙන්නේ. බැලුවම දොස්තරලත් ඉන්නේ අසහනෙන්

මට හිතෙන්නේ නම් හැමෝම ජීවත් වෙන්න රස්සවක් කලත් ඒක කරන්නේ සතුටින් නම් නෙමෙයි කියලයි.

ජේම්ස් බොන්ඩ් අළුත් චිත්රපටියක් ඇවිත් Quantum of Solace . තාම Download කරන්න තියෙන්නේ නම් Camara Copy එක විතරයි

7 අදහස්:

මේ මරණය මේ සතියේ දවස් 4 යි වැඩ කරන්න තියෙන්නේ හිතාදර පෝය දවසක් ලග....හික් හික් අනේ තවත් අගම් ටිකක් තිබ්බනම්!

ඒකනම් කියලා වැඩක් නැහැ. කොහේද තියෙන ආගම වල නිවාඩුත් ඔක්කොටම දෙන්නේ නැහැ නේ.

පෝය නිවාඩුව ෂුවර් නැහැ සමහර වෙලාවට අපි පෝයටත් වැඩ.

මමත් ඉස්කොලේ යන කාලේ එපාම කරපු දවස සදුදා.....
හෆ්ෆා එදාට තමයී පන්තිය අතුගාන්න තිබුනු දවස...ඉතින් 7 ට ඉස්කොලේට යන්න ඔනා...
නෑතිනම් 7.29 තමයී මම ඉස්කොලේ ගියේ...
අපේ ඉස්කොලේ ගෑහෑනු ලමයී හිටියේත් නෑහෑනේ අතුපතු ගාවගන්න...

පෝයට අරක්කු කඩ වහලද ?

අනේ මචෝ අරක්කු කඩවල් වල විකුනන්නේ නැහැ. අරක්කු විකුනන්නේ බාර් වල. පෝයට බාර් වල ඉස්සරහ දොරනම් වහලා. හැබැයි පස්සේ දොරෙන් බඩු දෙනවා වැඩිපුර ගානක් අරන්

"බඩු දෙනවා" කියලා අදහස් කලේ, මොනවා දෙනවටද ?

අපෝයි වැරදියට හිතන්න එපා. පස්සෙ දොරෙන් බඩු දෙනවා කිවුවෙ පිටි පස්සේ දොරෙන් අරක්කු විකුනනවා කියන එකට

Bloggers.com - Meet Millions of Bloggers