මගේ මරණය

ඔබ මෙක කියවනවද??
එහෙනම් මරණය හමු වේවි කවද හරි.
එසේනම් මැරෙනකම් ජීවත් වෙන මා සමග රැඳෙන්න.
මරණය හමුවෙන තුරා!!!

සිදාර්ථ
ඇභිනිෂ්ක්‍රමනයෙන් ලද
මට
මරණයෙන් ලැබෙනවනම්

11 අදහස්:

සිදුහත් කුමාරය බුදු බව අත් කරගත්තට පස්සේ පුදුමාකාර සැනසිල්ලක් ජීවිතේට අත්කරගත්ත. පෘතක්ජන අපි මැරුනත් එහෙම සැනසිල්ලක් ජීවිතේට ලැබෙයිද?

විමුක්තිය මේ ජීවිතේදිම ලබගන්න ඕනේ දෙයක් මිසක් මැරිල ලාබගන්න පුළුවන් දෙයක් නෙමෙයි.
සංසාර විමුක්තිය

විමුක්තිය..... නොයෙක් පැතිකඩ ඔස්සේ දිවෙනවා... මේකෙ නම් හිතන්න දෙයක් තියෙනවා... සිද්ධාර්ථ අභිනිෂ්ක්‍රමනය කරලා ලබාගත් විමුක්ක්තිය ලෝකය මේ විදිහට තියෙනකම් අපිට ලබාගන්න වෙන්නෙ නම් නෑ... පුලුවන් වුනත් ඒකට සෑහන්න කැපවෙන්න වෙයි...ඉතින් මරනයෙන් ඒ නොලබෙන විමුක්තිය ඉල්ලීමේ වරදක් නෑනේ.... නියම අදහස....

නැත, නැත, සත්තකින්ම නැත...

දැනටමත් වෙන භවයක් කරා යාමට ඔබ කර්ම සකස් කරගෙන ඇත. එම භවය ප්‍රාර්ථනාවෙන් ලබා ගැනීමට නොහැක. ඔබේ සිත අනුව කර්ම සකස් වී (වෙනු ) ඇත. මෙය වැලැක්වීම කිසිවෙකුටවත් නොහැකිය. මේ බුදුන්ගේ ධර්මයයි.

ඔය කියන නිවන ගැනත් අපි හරියටම දන්නේ නැහැනේ. කියන තරම් හොදයි නම් මැරුණම ඒ තරටම ලැබෙනවා නම් මම දැන්ම මැරෙණවා. ඒත් කවුද දන්නේ මරණින් මතු ජිවිතය කොයි වගේද කියලා‍. උත්සහ කරන්න ජිවත් වෙන කාලයේදීම සිත තුල විමුක්තිය අත්විදින්න. කරන්න බැරි දෙයක් නෙවෙයි

අනේ මටනම් මොනවත් තේරේන්නෑ....
තමුන්ගේ බිරිදව දාලා ගිය කේනේකුට් කොහොමද විමුක්තිය ලෑබේන්නේ ? , එක පව් වෑඩක් නෙමේද ?

මලී, සිහියෙන් කල්පනා කරල බලන්න. බුදුන් වහන්සේ නිවන ගැන ඉතා පිරිසිදුවට දේශනා කරල තියෙනවා. ඒ දේශනා ග්‍රන්ථාරූඩ වෙලා තියෙනවා. මම කිව්වට විශ්වාස කරන්න එපා. කියවල බලන්න. අද සිංහලෙන් හෝ ඉංග්‍රිසියෙන් හෝ වෙන් ගොඩාක් භාෂා වලින් බුද්ධාගම ලියැවී තියෙනවා. එකක් මතක තබාගන්න. "නිවන අත්විඳිය හැක්කේ මරණින් පසු නොව මේ ජීවිතයේදීමයි"". ධර්මයට වඳින ගාථාවෙ 'ඔපනයිකෝ' කියන වචනයේ තේරුම බලන්න. විහිලුවට වුනත් තමන්ගෙ ආගමට අගෞරව කරන්න එපා.

සරත් - අනේ සමාවෙන්න අගෞරව කරලා වගේ පේනවා නම්. මම මගේ ආගමට විතරක් නෙවෙයි වෙන කිසිම ආගමකට අගෞරව කරන කෙනෙක් නෙවෙයි. අනික මම එක ආගමක් වෙනුවෙන් බැදිලත් නෑ. මම මනුස්සයෙක් විදියට ජිවත් වෙන්න උත්සහ කරන කෙනෙක් මිසක් නිවන් දකින්න උත්සහකරන කෙනෙකුත් නෙවෙයි. සමාවෙන්න ඕනි එහෙම කියනවාට ඒත් ඒ මගේ විදිය. බුදුන් පවා දේශණා කරලා තියනවා නේ කවුරු කිව්වත් තමාම සොයා බලා නුවණින් විමසා පිළිගන්න කියලා. මේ පවතින ක්‍රමය ඇතුලේ ඔය දේවල් නියම විදියට උගන්නන කෙනෙකුත් මට හොයා ගන්න බැරි උනා. ඒ නිසා මම කැමතියි මගේ නිවන මමම හොයා ගන්න. එතනදි බුදු දහම මට තවත් එක් අත්වැලක් පමණයි. මම පිළිගන්නේ ම‍ගේධර්මය ඒක ඇතුලේ අනිත් අයට කරදරයක්‍ නොකර ඉන්න මම උත්සහ කරනවා. අනවශ්‍ය වැල් බයිලා නම් කියලා තියෙන්නේ ඒකටත් සමාවෙන්න.

මරණය ඔයාගේ බ්ලොග් පිටුව මංකොල්ල කාලනම් ඒකටත් සමාවෙන්න.

ත්‍රිපිටකය (සිංහල)

සංවාදය ....නියම තැනකට ඇවිල්ලා... නියමයි...
ඇත්තටම මොකද්ද මේ විමුක්තිය...
කෙනෙක්ට හිතෙන්න පුළුවන් ප්රශ්ණ වලින් මිදුන තැන විමුක්තිය කියලා.. එත් ආයි එන ඊලඟ භවයේ අපි මේ වගේ ප්රශ්ණ ගොඩක ජීවත් වෙනවා...
හැබැයි නිවන් යන්න උත්සාහ කලොත් ඒකත් චැනල් වලින් මාකට් කරන්න පටන් ගනී... එතකොට අපිට සැනසීමෙන් නිවන් යන්න පුලුවන්ද...?
නිවන් දකින්න හදනවා කියලා ප්රසිද්ද වුනු ගමන් මිනිස්සු බලන්න එයි...
ඊට පස්සෙ එතන කඩවල් හැදෙයි...
මේ යන හැටියට පාඩුවේ නිවන් දකින්නත්... ඊලඟ භවය එනකං අපිට බලාගෙන ඉන්න වෙයි...

kaviyak hatiyatanam mokaddo podi aduwak tiyenawa. siddartha abhinishkramanayen lada de wenna oni mage hite..eka hari gassuwanam hondai wage....subha pathum...

Bloggers.com - Meet Millions of Bloggers