මගේ මරණය

ඔබ මෙක කියවනවද??
එහෙනම් මරණය හමු වේවි කවද හරි.
එසේනම් මැරෙනකම් ජීවත් වෙන මා සමග රැඳෙන්න.
මරණය හමුවෙන තුරා!!!

ඊයේ ගියා දෙමළ ෆිල්ම් එකක් බලන්න ගොඩකාලකෙට පස්සෙ තමා ගියේ ෆිල්ම් හෝල් එකට දෙමළ ෆිල්ම් එකක් බලන්න. ඉස්සරනම් මන් එන හොඳයි කියලා හිතෙන ෆිල්ම් සේරම වගේ බැලුවා. බෝයිස් බැලුවෙ පෝලිමේ පොරකාල ගිහින් ඉස්සරහම පේලියක ඉඳන්. මේකත් බැලුවේ එහෙම ඉස්සරහා ඉඳගෙන. සිංහල ප්‍රේක්ශකයෝ වගේ නෙමෙයි දෙමළ අය සජීවීවම සම්බන්ඳ වෙනව ෆිල්ම් එකේ අවස්ථා එක්ක. අප්පුඩි ගහනවා, විසිල් ගහනවා, හූ කියනවා සිංදු යනකොට නැගිටලා නටන අයත් නැත්තෙමත් නැහැ. මට දෙමළ තේරෙන්නෙ නම් නැහ ඒ වුනාට රූප බලා ඉඳල කතාව තේරුම් ගන්න පුළුවන්.

ෆිල්ම් එකනම් එච්චරම හොඳ නැහැ ඒ උනට බලාගෙන ඉන්න බැරි තරම් නරකමත් නැහැ. එක සිංදුවක් තිබ්බ ගොඩක් ලස්සන. මේන්න දෙමළ සිංදු අහනවනම් අහලම බලන්නකෝ.

ෆිල්ම් එක බැලුවෙ මරදානේ සිනෙ සිටි එකේ. මන් දන්න ෆිල්ම් හෝල් වලින් හොඳම එක තමා දෙහිවල කොන්කෝර්ඩ් ඊලඟට සිනෙසිටි. ගානනම් 300/= ක් තම ඒත් සැප පහසුව අතින් නම් හරිම ඉහලයි . සිංහල ෆිල්ම් පෙන්නන එක හෝල් එකක්වත් මේච්චර හොඳ නැහැ. මේ දෙකේම පෙන්නනේ දෙමල ෆිල්ම් විතරයි. සීට් පේලි දෙකක් අතර කකුල් සම්පූර්නයෙන්ම දිගාරින්න ඉඩත් ඉස්සරහ පේලියෙ කෙනගෙ ඔලුවට වැහෙන්නැති විදිහටත් තියෙන්නේ.

වැඩි විස්තර මේකෙ තියෙනවා

Vaaranam Aayiram

අපේ රටේ අනික් භාෂාව, මන් දන්නේ යන්තම් දෙමළ හෝඩිය විතරයි බ්ලොග් පොස්ට් එකක් ලියන්න තරම් වත් දෙමළ භාෂා දැනුමක් තිබ්බනම් මන් ගොඩක් සතුටු වෙනවා.

9 අදහස්:

අනේ මටත් ‍දෙම‍ළෙන් ‍බ්ලොග් ලියන්න තරම් නම් දැණුමක් නෑ.. ඒ ගැන මම නම් ගොඩක් ලැජ්ජ වෙනවා... මමත් දෙමළ චිත්‍රප‍ටි බලනවා හැබැයි ටීවී එකේ යන ඒවා විතරයි. මම ආසම ෆිල්ම් එක තමයි "සාමි" ඒ නළුවා ස්මා‍ට් හින්දයි :D

මාත් දෙමළ චිත්‍රපටි බලනව. මම බලපු හොදම එක තමා Dashaavataram සහ Billa. Billa ෆිල්ම් එක Don ෆිල්ම් එකේම දෙමළ කොපිය.බලල නැත්නම් හොයා ගෙන බලන්න. Don වලට වඩා හොදයි. Dashaavataram ෆිල්ම් එකේ කමල් හසන් චරිත 10ක් රගපානව. ඒකත් මරු ෆිල්ම් එකක්.හොයාගෙන බලන්න.

මමත් කොලිවුඩ් සිනමාවෙ හොඳ රසිකයෙක් තමයි.
ෆිල්ම් හෝල් වලට ගිහින් නම තවම බලලා නැහැ. ටීවි එකේ යන ඒවා තමයි වැඩිපුර බලන්නෙ. හින්දි ඒවාට වැඩිය හොඳ ගුණාත්මක බවක් තියෙනවා දෙමළ චිත්‍රපට වල. මම බලලා තියෙන ඒවාගෙන් හොඳම එක තමයි බෝයිස් පට්ට ෆිල්ම් එක.

"සාමි" වලට මාත් කැමතියි හැබැයි වික්‍රම් නිසා නෙමෙයි රීමා සෙන් නිසා. එයා නම් මාරයි ;-)

Dashaavataram හොයාගෙන බලන්න ඕනේ. කමල හසන්ගෙත් රඟපෑම් නියමයි.

බෝයිස් නම් එල හැබැයි පළවෙනි පාර බලනකොට විතරයි. ඒ වගෙ සංගීතමය ෆිල්ම් එකක් නම් හෝල් එකේම තමා බලන්න ඕනේ. සිංදු යන වෙලාට නියමයි. මම "ඩිෂුම් ඩිෂුම්" බලන්න ගිය වෙලාවේ සිංදු යනකොට ඉස්සරහ හිටපු උන් දෙන්න ෂිර්ට් හිටන් ගලෝගෙන නැටුව. අනිවාරයයෙන්ම දෙමළ ෆිල්ම් හොඳයි හින්දි ඒවට වඩා. ගොඩක් හින්දි ෆිල්ම් තියෙන්වා දෙමළ එවායෙන් හදපු.

මම අන්තිමට හොඳ චිත්‍රපටියකට බැලුවේ... වික්‍රම් ඉන්න "ආනියන්" කියලා චිත්‍ර පටියක් කතාව ප්‍රායෝගික නැති වුනාට... රඟපෑම ගැන නම් කතා කරන්න දෙයක් නෑ... නියමයි....

අන්නියන් එකෙත් සිරා සිංදුවක් තියෙනවා. දෙහිවල කොන්කෝර්ඩ් එකේ මන් ඕක බැලුවේ එකෙ සිංදු යනකොට තිරේ වටේට ලයිට් පත්තුවෙනව. හරියට නිකන් තොරනක් වගේ.අන්නියන් වල තරම්ම තියෙන්වද දන්නේ නැහැ ඒත් ඒකෙ කතා කරන්න ලෙඩේ නම් ඇත්තටම තියෙන එකක්Multiple Personality Disorder

ඒකත් එහෙමද... කොහොමවුනත් චිත්රපටිය නම්... පට්ට...

@ මලී වික්‍රම් ගේ තියෙනවා කාසි, සේදු, පිදා මගන් කියලා ෆිල්ම් වගයක් බලන්න.ඇඬෙනවා. එකිනෙකට වෙනස් වරිත තුනක්.අර ලස්සන නළුවාදැයි කියා සිතෙනවා. කොහොමත් දෙමළ සිනමාවේ ඉන්න දක්ෂම නළුවෙක් තමයි වික්‍රම්. සාමි, ජෙමිනි එයාගේ සාමාන්‍ය ෆිල්ම් දෙකක්. අර තුන තමා හොඳම(තව තියෙනවා)

මරණය බලනවනම් ෆිල්ම් එකක් තියෙනවා. වෙයිල් කියලා. අයියා කෙනෙක් ගැන යන්නේ ෆිල්ම් එක. වීරයාට ඉන්නේ සාමාන්‍යයෙන් දුශ්ඨ චරිත රඟපාන නළුවෙක්. හොයාගෙන බලන්න. මට නම් ඇඬුනා. මට අයියා කෙනෙක් ඉන්න හින්දා

හා කස්ටියගේ අදහස් ටිකනම් මරු. මගේ මව් භාෂාව දෙමළ උනාට මටත් ලියන්න බැහැ. කතා කරන්න, ටිකක් විතර කියවන්න පුලුවන්. මට දෙමළ පුලුවන් උනානම් දෙන්න තිබුනා දෙමළ බ්ලොග් එකකුත්. හා කියන්න ආවේ එක නෙමෙයි. වරන්ම් ආයිරම්නම් එළ. මම බැළුවේ බාගත කරගෙන. ඒ වගේම වෙයිල් ෆිල්ම් එකත් එළ. වික්‍රම්ගේ ෆිල්ම්ස්නම් කතා දෙකක් නැහැ. ටොප් තමයි. මමනම් වැඩියෙන්ම කැමති සූර්‍යා කියන දෙමළ නළුවට. කෙල්ලන්ගෙන්නම් බූමිකා සහ අසින්. නයනතාරාත් එළම කිරි. (රගපෑමයි, ෆිගර් එකයි.) තව හොද ෆිල්ම් ටිකක් තියෙනවා. මෙන්න මේවා. හොයාගෙන කියවන්න ට්‍රයි එකක් දෙන්න. එකක් තමයි "යාරඩි නී මෝහිණි", ඒවගේම "ජිල් ඉන්ඩු ඔරු කාදල්" මේ දෙකම මගේ හිත් ගත්ත ෆිල්ම්ස් දෙකක්. කාඩ්බෝර්ඩ් වීරයන්ගේ (කමල් / රජනි)නම් අළුත් එව්වා එච්චර කික් එකක් නැහැ. සූර්‍යාගේනම් ඕන ෆිල්ම් එකක් සැපට බලන්න පුලුවන්.

Bloggers.com - Meet Millions of Bloggers