මගේ මරණය

ඔබ මෙක කියවනවද??
එහෙනම් මරණය හමු වේවි කවද හරි.
එසේනම් මැරෙනකම් ජීවත් වෙන මා සමග රැඳෙන්න.
මරණය හමුවෙන තුරා!!!

අවුරුද්දේ පළවෙනි ලිපිය කැමතිම මාතෘකාවකින් පටන් ගන්න එපායැ. ඉතින් ඔන්න ලියන්ව බීම ගැන.ගිය අවුරුද්දේ දෙසැම්බර් 25 ඉඳලා ජනවාරි පළවෙනිදා පාන්දර වෙනකම් ශරීර ගත උන ඇල්කොහොල් ප්‍රමානය කාලෙකට ඇති නිසා මේ දවස්වල බොන එක ගැන හිතන්නේවත් නැහැ.ඒත් ඉතින් මගේ හානි උන අක්මාව ටික දවසකින් යතා තත්වයට පත්වෙන නිසා ආයිත් ලඟදිම මොනවාහරි කරයි. ඊයෙනම් පොඩි රා තිබහක් ආවත් දිව ගිලෙන්න තරම් දරුණු උනේ නැති නිසා අල්ලලා දැම්මා. පහුගිය ටිකේ දැනගත්ත දෙයක් තමා ගොඩක් බෝතල් වල හැඩය, ලේබල වෙනස් කරලා. ඒ කියන්නේ මම කාලෙකින් ඒවා පාවිච්චි කරල නැහැ කියන එක තමා. IDL Old Reserve, Rockland Rum, Rockland Gin බෝතල් ඉස්සෙල්ලට වඩා ලස්සන කරලා. සංස්ථා නම කිසිම වෙනසක් නැහැ වෙනදා වගේම තමා රස ගුණ සහ බෝතලේ පෙනුම.

පහුගිය දවසක නියම වෙළඳ දැන්වීමක් දැක්ක අලියා සෝඩා වල. මට හරියටම මතක නැහැ මතක විදිහට ඒකේ තිබ්බේ "රස නොමරා රස විඳින්න - අලියා සෝඩා" කියලා ඒ කතාවනම් සහතික ඇත්ත කොකා කෝලා වගේ ඒවා සැන්ඩි වලට දැම්මම ඒවායේ රස මිසක් බීම වල රස එන්නේ නැහැනේ.

ඉතින් මගේ අළුත් අවුරුදු පැතුම් ඉටුවන වසරකම වේවා මට!!!!

13 අදහස්:

මටත් කෝක් කෙරුවාව හරියන්නෙ නෑ. ඒ වුණාට විකල්ප හොයාගන්න අමාරු වුණාම තියෙන එකක් එක්ක තනුක කරනව. තියෙන විධියටම දාගන්න පුළුවන් නම් අමුවෙන්ම අතාරිනව. ඇත්තටම මට නම් මේ අවුරුද්‍ද වෙනුවෙන් තවම මුකුත් කරන්න ලැබුණෙ නෑ. හෙට අනිද්දම බලන්න ඕන. :)

ආ ඒක තමයි එහෙනම් පහුගිය දවස් ටිකේ ඇටිකෙහෙල් කාපු උගුඩුවා වගේ පේන්න හිටියේ නැත්තේ නේද?:p

ඇටිකෙහෙල් කාපු උගුඩුවත් බීල වෙරි වෙච්ච මට වඩා හොඳට ඉන්නව ඇති. හැබෑටම ඔය ඇටිකෙහෙල් බයිට් එකට ගන්න බැරිවෙයිද දන්නේ නැහැ.

කොකාකෝලා වලට හරියන වෙන විකල්පයක් නම් නැහැ තමා. මාත් වැඩිපුර සෝඩා දාලා කෝක් පොඩ්ඩක් දානව. තාම සෝඩා විතරක් මදි.

ඉතින් මාලුවා නහින්නෙත් කට හින්දනේ...
ඔය බිම නතර කලොත් නරකද ?

අනේ මම ඇටි කෙහෙල් දැකලා නෑ.. සමහර විට ගැඹුරු තෙලේ බැදලා ඩෙවල් එකක් වගේ හදාගන්න බැරි වෙන එකක් නෑ ( අටිකෙහෙල් අළු කෙසෙල් වගේ ජාතියක් නම් පමණක්)

අපෝ නැහැ මේ දවස් වලනම් බොන එක ගැන හිතන්නෙත් නැහැ.

"රස නොමරා රස විඳින්න - අලියා සෝඩා" රූපවාහිනියෙ බොන සීන්ස් යනකොට කොටු දානවනෙ. ඒ වෙලාවට යටින් පොඩි තීරුවක බෝතල‍යකුත් එක්ක මේ පාඨය දෘෂ්‍යමාන කරනවා. කොහොමද අපේ කට්ටියගෙ ටිකිරි මොල.

බයිට් එකට වත් ඇටිකෙහෙල් නම් කන්න එපා.

ඔය ඇටිකෙහෙල් කාපු උගුඩුවා වගේ කියන්නෙ උගුඩුවට ඇටි කෙහෙල් කාපුවහම ශරීරකෘත්‍යය හරි ආකාරව කරගන්න බැරිව ලතවෙන නිසා. (මේවා මේවගේ තැන්වල ලියන එක හරිද මන්දා)

අනෙ අම්මෝ එහෙමනම් බයිට් එකට ඇටිකෙහෙල් ගැන හිතන්නෙවත් නැහැ.

මේතන ඕනෙම දෙයක් ලිව්වට කමක් නැහැ මචං

අනේ මචෝ සොරි වෙන්න ඕනි මම ඒ ගැන මෙලෝ දෙයක් දැනගෙන හිටියේ නෑ..

මරණය ඇපල් ගෙඩියක් කාපන් බං බයිට් එකට... හෙල්ත් එකටත් හොදයිනේ..!

ඔව් අප්පා ඇපල්ම කනවා දන්න ජාතියනේ.

අනේ ඉතින් ඔය බිම නතර කලොත් නරකද ???

නවත්තලා නවත්තලා ඉන්නේ මේ ටිකේ. තව ටික දවසකට.

Bloggers.com - Meet Millions of Bloggers