මගේ මරණය

ඔබ මෙක කියවනවද??
එහෙනම් මරණය හමු වේවි කවද හරි.
එසේනම් මැරෙනකම් ජීවත් වෙන මා සමග රැඳෙන්න.
මරණය හමුවෙන තුරා!!!

මම දන්න කාලේ ඉඳල මට තියෙන හොඳ කරන්න බැරි භයානක රෝගයක් තමා කම්මැලිකම කියන්නෙ.

වැඩ ගොඩගැහිල ඒත් කරන්න තියා අල්ලන්නවත් හිතේන්නේ නැහැ. නිදි කිර කිර ඉන්නවා. මේ දවස් වල උදේට තියෙන හීතල මගේ ලෙඩේ වැඩි කරනවා. උදේට නැගිටින්නේ එල්ලල මරන්න ඉන්න මිනිහෙක් නැගිට්ට්වන තරම් අමාරුවෙන්. උදේ නැගිටලා වැඩට එනව ආයි ගිහින් උදේට කනව ඇවිත් ටිකක් ඉන්නවා ආයි ගිහින් දවල්ට කනවා. ආයි ටිකක් ඔය මොනා හරි අතගානව ඊට පස්සේ ගෙදර යනවා. ගිහින් රෑට කාල නිදා ගන්නවා.
ආයිත් ඊලඟ දවසෙත් සුපුරුදු ජීවන චක්‍රය. මේක කියෙව්වම තවත් කනගාටුයි මං ගැනම.

අපිට තියෙන වටිනාම වස්තුවක් තමා කාලය අනික් මොනවා නැති උනත් ආපහු හොයා ගන්න පුළුවන් ඒත් මේ නාස්තිකරන කාලය ආයි කොහොම හොයා ගන්නද?

මන් දන්න තරමින් මන් කම්මැලි නැති එකම කටයුත්ත තමා සෙට් වෙන එක. එහෙම එකක් මතක් කලත් පුදුමාකාර උද්‍යෝගයක් තමා ඇති වෙන්නේ.

මේකට බෙහෙතක් කවුරුහරි දන්නවද?

14 අදහස්:

වොඩ්කා

බේහෙතනම් හොඳයි ගාන තමා සැර. අනික බෙහෙතේ සැර බැස්සම හිටියටත් වඩා අවුල්

කම්මැලි කම කියන්නෙ නම් එච්චර හොඳ ලෙඩක් නොවෙයි තමයි. ඒක මානසික ඔත්පලයක් නෙව. ඒකට ඇඟට බෙහෙත් අරං වැඩක් වෙන එකක් නැහැ. අළුතින් යමක් හිතන්න ‍හා කරන්න පටන් ගත්තොත් කම්මැලි කම ඉබේම නැතිව යයි. උදාහරණයක් විධිහට අළුත් ලව් එකක් වගේ :D

හැබැයි ප්‍රේම කරන්න වෙන්නේ කෙල්ලෙක්ට නෙමෙයි වෙන මොනාහරි දේකට . නැත්නම් මන් ඉඳලා ඉවරයි :-D

ඔය ලෙඩේ මටත් තියනවා.....

කාලයත් එක්කම හොද වෙලා යයි කියලා හිතාගෙනයි මම ඉන්නේ.. එහෙම නොවුනොත් නම් සොරි තමයි!

ඔය ලෙඩේ මටත් තියනනේ... :(

ඒ වුණාට ටික ටික ඒකෙන් ගැලවෙන්න බලන්න ඕන. මේ දවස් වල ඒ වෙනුවෙන් මහන්සි වෙනවා ටිකක්. බලමු...

බලමු එහෙනම් කාලයට ඉඩදීලා හරියයිද කියලා.

මේ උදේට උදේට තියෙන සීතල ටිකක් අඩු උනාම මහන්සිත් වෙනව ලෙඩේ හොඳ කරගන්න

ඔය කමිමැලි කම එන වෙලාවට ඔයා ආස හොඳ සින්ඳුවක් මතක් කරගෙන ඒක හයියෙන් කියන්න... සින්දු කියන්න බැරි නමි සින්ඳුවක් අහන්න (වටපිට ඉන්න අය පවිනේ ) :P

මන් සිංදු කිවොවොත් එක අනික් අයට කම්මැලි වෙන දෙයක් වෙයිනේ. සිංදු අහන්න තමා වෙන්නේ.

nidaganna okkoma hariyanawa

ඔව් ඔව් නිදා ගන්න එක තමා මන් වැඩිපුරම කරන්නේ.

ඉතින් රටක් දියුනුවෙයීද අප්පා...

මටත් ඔය ලෙඩේ තියනවා. කම්මෑලි වෙලාවක ඉතින් මොනවහරි ගේම් එකක් සෙල්ලම් කරන්නකො. නෑතිනම් උදේට නෑගිටලා වට 10 ක් ගේ වටේ දුවන්න. බෑරිවෙලාවත් ඔලිම්පික් වරම් එහෙම ලෑබුනොත්...

රට දියුණුවෙන එක ගැනනම් මටත් සැකයි

මේ දෙකම කරන්න පොඩ්ඩක් අමාරුයිනේ. මොකෝ වැඩියෙන්ම කම්මලි කාර්‍යාලයේ ඉන්නකොටනේ

මටත් ඔය ලෙඩේ තමා දරුණුවටම තියෙන්නේ :(

Bloggers.com - Meet Millions of Bloggers