මගේ මරණය

ඔබ මෙක කියවනවද??
එහෙනම් මරණය හමු වේවි කවද හරි.
එසේනම් මැරෙනකම් ජීවත් වෙන මා සමග රැඳෙන්න.
මරණය හමුවෙන තුරා!!!

අපි මොනවාහරි ලියනවා අපේ බ්ලොග් වල අනික් අයත් ඇවිත් ඒවා කියවනවා. ඇයි අපි ලියන්නේ ? මමනම් ලියන්නේ මගේ හිතේ සතුට වෙනුවෙන්. අපිට සතුටු වෙන්න එහෙමත් නැත්නම් හිතේ තියෙන දුක සතුට පාළුව තනිකම ඔය වගේ හැඟීම ලියලා හරි පිටකරන්න හිතාගෙන අපි බ්ලොග් ලියන්වා. හැමොම තම තමන්ගේ බ්ලොග් වල ලියන්නේ තම තමන්ගේ සතුටක් වෙනුවෙන් එහෙමත් නැත්නම් මොකක් හරි පුද්ගලික හැඟීමක් වෙනුවෙන්. එහෙම ලියවෙන ලිපිවලට හම්බවෙන ප්‍රතිචාර නම් හැමවෙලේම යහපත් නැහැ.

මටනම් එහෙම වෙලා නැහැ ඒත් සමහර අයගේ ලිපිවලට ලැබිලා තියෙන ප්‍රතිචාර දැක්කම කනගාටු හිතෙන්වා. අනික් අයගේ අදහස් , සිතුවිලි වලට එහෙම අපහාස, නින්දා බැනවැදීම් කරන්න හොඳද? කාගෙවත් සිතුවිලි, අදහස් අපිට ගැලපෙන්නේ නැත්නම් අපි එව නොකියවා ඉන්න එක හොඳයි එහෙම නැනම් අඩුමගානේ කියවලා බනින්නේ කරන්නෙ නැතුව ඉන්න පුළුවන්.

මමනම් අදහසක් දාන්න කලින් ගොඩක් හිතනවා ඒකෙන් අයිති කෙනාගෙ හිත රිදෙයිද කියල. වැරදියට තේරුම් ගනීද කියලා. මම පොර කියලා හිතාගෙන ලියන අයත් , අදහස් පලකරන අයත් ඉන්නවා දෙගොල්ලොම හරිද නම් දන්නේ නැහැ ඒත් අනික් කෙනෙක්ට ලියන එකත් එපා කරවන එකනම් හරි කියලා මන් නම් හිතන්නේ නැහැ.

12 අදහස්:

ඉතින් ඔන්න මගේ අදහස් දැක්වීමකින් කාගේ හරි හිත රිදුනනම් මන් සමාව ඉල්ලනවා!!!!

අත් දෙකම ඔසවා මම මරණයේ අදහස අනුමත කරනවා..

අපි අපිවෙනුවෙන් මිසක් අනිත් අය වෙනුවෙන් ‍බ්ලොග් ලියන අය නෙවෙයි නේ.. ඒක නිසා හැමෝටම තම තමන්ගේ සිතුවිලි අකුරු කිරීමේ නිදහස තිබිය යුතුයි...ඒ වගේම ඒ නිදහස අයුතු ලෙස භාවිතා නොකල යුතුයි!

කතාව සහතික ඇත්ත... මමත් කියන්නේ බ්ලොග් වල ගල් ගහන එක වැරදියි... වැරදි දෙයක් කරනවනම් ඒකට නොගොහින් හිටියානම් ඉවරයි... මම නම් පොඩි අදහසක් සාවදානව දානවා... මරණය මේක පෙන්නපු එකනම් ලොකු දෙයක්.........

ඉස්සර මෙච්චරම තිබ්බේ නැහැ දැන් දැන් යන එන අය වැඩි නිසා ප්‍රහාරත් වැඩී. එකයි ලියන්න හිතුනේ. කවුරු හරි ආසාවෙන් කරන් දේයක් බැනලා කරලා එකට බාදා කරන එක හරි නැති නිසයි කිව්වේ

කථාව ඇත්ත.. ඒ වගේම මම නමි හිතන්නේ වැරදි තියෙනවනමි ඒවා හොඳින් පෙන්නලා දෙනවා නමි හොඳයි...:D
හිත රිද්දන්නේ නැතුව.. එතකොට වැරදි හදා ගන්නවනමි හදා ගනී නැත්නමි නිකන් ඉඳියි නේ..
තමන්ට කැමති දෙයක් ලියන්න නිදහසක් තිබිය යුතුයි ..
ඒ වගේම ඒ නිදහසින් අයුතු ප‍්‍රයෝජන ගන්නත් හොඳ නෑ කියලා තමයි මට නමි හිතෙන්නේ ...............

අනික තමා අදහස දානකොට කරුනු පැහැදිලිව පෙන්නලා දානවනම් තමා වටිනාකම වැඩි.. අපිට තියෙන්නෙත් අන්වර්ථ නම්නේ නැද්ද...අපිට කියලත් එහෙම පොරත්වයක් නෑනේ...

කවුරුවත් තමන් දන්න දේ වුණත් හරියටම දන්නෙ නෑ. ඒ නිසා වාද කරද්දි සැලකිලිමත් වෙන එක හොඳයි. කොහොම වුණත් කෙනෙක්ට යමක් කියද්දි පැහැදිලිව ඒක අහන්න හි‍තෙන විධියට කියන්න ඕන. නැත්නම් වැඩක් නෑනේ. හැබැයි සමහරු ඉන්නව කොහොම කිව්වත් තේරෙන්නෙත් නෑ. උත්සාහයක්වත් ගන්නෙ නෑ. ඒ වගේ වෙලාව‍ට කියනවට වඩා හොඳයි අතහරින එක.

අදහස් වලට අදහස් වලින් පහර දෙන්න ~ අන්න ඒක මරු අදහස නේද.....?? එක එහෙම කරන්න බැරි එකාලා ඉතින් "බත් කන හරක්" කියලා තමයි කියන්න වෙන්නේ.......!!

ඒක ඇත්ත,මම නම් ලියන්නේ මගේ හිතේ තෘප්තිය උදෙසා. මම ලියන දේවල් වලට කට්ටිය අදහස් දක්වලා තියෙනවා දැක්කම පුංචි සතුටකුත් ඇති නොවෙනවා නෙමෙයි.
අපි බ්ලොග් ලියන්නන් හැටියට ගල් මල් දෙකම බාර ගත යුතුයි කියන එකයි මගේ අදහස.මල් ප්‍රහාර වලට මල් වලිනුත්,ගල් ප්‍රහාර සාධාරණ නම් භාරගෙන අසාධාරණ නම් ගල් වලින්ම ප්‍රතිචාර දැක්වුවා නම් හරි.

සදාකාලික ජීවිතයක හීන දකින අපි අනෙකාට තියෙන්නෙත් අපේ අයිතියමයි කියල තේරුමි නොගන්නතාක් කල්, අනෙකාගේ ප්‍රකාශන අයිතිය ඇලජික් වෙන එක වලක්වන්න බැහැනේද? වෙලාවකට හිතෙනව අපි තාමත් විවිධත්වය අදුනන්නනෙ නැති ප්‍රාථමික ‍ගෝත්‍රයක් කියල.‍මේ අදහස් බෙදාගැනීමේ සතුට වටිනව. මොකද ලෝකේ වෙනස් විදිහට හිතන තව කෙනෙක් ඉන්නව කියල දැනෙන නිසා.

ඇයි අපිට බැරි තරමක් හිතන්න....යමක් කියන්න සහා කරන්න පෙර....

කතාව ඇත්ත.
මටත් ඔයවගේ අත්දැකීමක් තියෙනවා.

Bloggers.com - Meet Millions of Bloggers