මගේ මරණය

ඔබ මෙක කියවනවද??
එහෙනම් මරණය හමු වේවි කවද හරි.
එසේනම් මැරෙනකම් ජීවත් වෙන මා සමග රැඳෙන්න.
මරණය හමුවෙන තුරා!!!

Hair Gel අපි කවුරුත් දන්නවානේ . අපිනම් ඒවා පාවිච්චි කරන්නේ කොන්ඩේ ගාන්න ඒත් දැන් ඉස්කොලේ යන් ළමයි එව වෙනදේකටත් පාවිච්චි කරනවළු .කවුරුත් කිව්වට පිළිගන්න එකකුත් නැහැ. දැන් කොල්ලො Hair Gel පාවිච්චි කරන්නේ කන්නළු. බඩගිනට එහෙම නෙමෙයි ආතල් එකට. පහුගිය කාලෙ Cough Syrup බිබී හිටියා අන්තිමට Pharmacy වලින් Cough Syrup දෙන එක නැවැත්තුවා වෛද්‍යවරයෙකුගෙන් තුණ්ඩුවක් නැතුව.

කාලයක් බාබුල් කාලයක් Cough Syrup දැන් Hair Gel . මුන් මේවා කොහෙන් හොයාගන්නව්ද මන්දා.අපි ඉස්කොලෙ යනකාලෙනම් ඔච්චර ජාති තිබ්බේ නැහැ. මදන මෝදක, බබුල් විතරයි ඔය දෙකම මාත් කාල තියෙනවා ඇති වැඩක් නැහැ. මෙලෝ රහක් නැහැ. මොකට කනවද මන්දා.තව කියන්වා Coca-Cola එකකට Panadol දෙකක් දාල බොන කතාව්ක මමනම් ඒක අත්හදා බලල නැහැ.

මම නම් කියන්නේ ඔය අනන මනන් කරන්න යන්න එපා ආතල් එකක් ඕනේ නම් බොන්න අරක්කු, බියර් වගේ බොන්න තියෙන ජාති. ඔය ඕනෙතරම් බාර් තියෙන්නේ රට පුරාම. වෙන දේවල් කාලා බීලා නිකන් ලෙඩ වෙන්නේ නැතුව.

මම නම් හිතන්නේ අරක්කු බොන එක ඇඟට ගුණයි ඔය එක එක එවා කනවා බොනවට වඩා. මුන්ට පිස්සුද මන්ද ටික කාලයක් ඉඳ අපි වගේ ලොකු උනාම ඇතිවෙනකම් බොන්න බැරියැ.

හැමදාම කාලක් ගහන කාලකන්ණියෙක් වෙන්න එපා. අපි වගේ ඉඳලා හිටලා බාගයක් ගහන භාග්‍යවන්තයෙක් වෙන්න.!!!

13 අදහස්:

ඔන්න මචං අවා....
යන්තම් වැඩ ඉවරයි. මමත් ඔය කතාව අහලා තියෙනවා... GOLD කියන ජෙල් ජාතිය තමා ඕකට පාවිච්චි කරන්නේ අමතරව සිගරට් එකක් බිව්වම හොඳ ගනණ්ලු... මම දන්න විදිහට ජෙල් කියන්නේ තාර සංයෝගයක් ඇඟට නම් සෑහෙන්න අහිතකර ඇති.... වෙද මාමා මේ පැත්තේ ආවොත් අපිට හරියටම විස්තරේ අහගන්න පුලුවන් වෙයි....

හපොයි. . . මෙහෙමත් ඒවා වෙනවද දැන්. . . අනේ ඉතින් ෆාමසියට 300ක් විතර පූජා කරලා Cough Syrup එකක් බොන එක වටිනවද? ගිහින් ගන්න බැරි නම් කාට හරි කියලවත් බාගයක් ගෙන්නගෙන ගහන එකනෙ තියෙන්නෙ. . . Hair Gel කථාව නම් මේ ඇහුවමයි. මෙහෙමත් පිස්සු ලෝකයක්. . . මොකාද දන්නෙ නෑ ඕක මුලින්ම හොයාගත්ත එකා. ඇත්ත‍ටම ‍බොන එක සෑහෙන්න ඇඟට හොඳ ඇති මේ මල විකාර වලට වඩා.


"හැමදාම කාලක් ගහන කාලකන්ණියෙක් වෙන්න එපා. අපි වගේ ඉඳලා හිටලා බාගයක් ගහන භාග්‍යවන්තයෙක් වෙන්න.!!!"

හරියටම හරි. දාමු පහක්. :D

ඔව් ඔව් මටත් කිව්වේ ජෙල් පැකට් එකක් කාල සිගරට් එකක් බොන්න ඕනේ කතාවක්. අරක්කු කොහොමත් බොන්නනේ හදන්නේ ඊටත් වඩා ඔළුවේ ගාන්න හදන එකක් කොහොමත් අහිතකර ඇතිනේ. මොකා මේවා හොයා ගන්නවද මන්දා??

දාමු පහක් අපිට තේරුනාට පොඩිඋන්ට තේරෙයිද මන්දා?

පට්ට ආතල්, යමුද ජෙල් අඩියක් ගහන්න අයියා?

අනේ මන්ද බන් මේවා මොක හොයා ගන්නවද කියලා?

රම්ප ගහේ දෙල්...
නයි කයිද රෝස් පාන් කිව්වලු...
‍යකෝ නයි රෝස් පාන් නොකැවට ‍අද කාලේ කොල්ලෝ හෙයා ජෙලුත් කනවා ඈ... තව ටික කාලෙකින් පොළවේ පසුත් කයි වගේ... අනිච්චං දුක්කං සංසාරේ...!

ඔව්, ඔව්, සීන් එක ඇත්ත තමා, ඔන්න හැබැයි මම නම් ඕවා කාලා නෑ ;) . ජෙල් පැකට් එකක් කාලා හැක්ස් ටොපියක් කෑවාම වැඩේ හරිලු. :D

හිතුවට වඩා මේක සෑහේන්න දරුණුයිලු. අද (11) ඉරිදා රාවය පත්තරේ පිටු බාගෙක ලිපියක් තියෙනවා Cough Syrup බොන එක ගැන. දොස්තර දෙන තුන්ඩුවත් දැන් ලමයිම ලියාගෙන යනවලු ගන්න.

හෆොයි! දැන්හැදෙන එව්වොන්ගෙ වැඩ. මේක කියෙව්වහම මට මතක් වුනේ ඉස්සර අපිත් ඉස්කෝලෙ යන දවස්වලා ‍සිද්ධාලේප සහ ස්ප්‍රයිට් වලින් පොඩි අත්හදා බැලීමක් කලා. හැබැයි ඒක කලේ එක දවසයි.

සිද්ධාලේප වැඩේ දිගටම කලානම් කිසිම කැක්කුමක් හැදෙන එකක් නැහැනේ

අනේ...කැස්සට බොන එකනම් ගැන පොඩ් අත්දෑකිමක් දෙකක් නම් තියනවා.කොරෙක්ෂ් ඩී කියලා තමයි අපි ඒ දවස් වල බිව්වේ.ඒක බීලා ගංජාත් බිව්වම අඩි දෙකක් ව්තර උඩ.ඒත් ඒක ඒ තරම් සෙට් වෙන්නෙ නෑ.
මම ගමේ එකා නේ.හැන්දෑවට රා බෝතලයක් බ්ව්වම තියෙන ගොන් ඩෝප් එක ව්තර සෙට් වෙන්නෙ නෑ මුකුත්.
ඇත්තට මොකට කනවද ජෙල්.නිකම් මත් වෙන්නම ඕන නම් දුන්කොල පොඩ්ඩක් වැඩ්පුර දාල බුලත් විටක් කනවා.
ඒත් මොකට ඉගෙන ගන්න තියෙන කාලේ ඕව කරනවද.ඒ‍වගේ පාඩම් අපි විදිනවා.අර කිව්ව කතාව ඇත්ත කාලේ ආවම බොන්න නෙවෙයි නාන්න වුනත් පුළුවන්.එතකන් ඉවසන එකයි ඇත්තෙ.

මටත් මතකයි අපේ හොස්ටල් එකේ සෙට් එකක් දෙල්කොළ ඔතලා ගැහුවා.

machan,problem eka tika tika arakku kala gane beela athal gatthama tika dawasakin bebe kenek wunoth adict wela?
podi eka

Bloggers.com - Meet Millions of Bloggers