මගේ මරණය

ඔබ මෙක කියවනවද??
එහෙනම් මරණය හමු වේවි කවද හරි.
එසේනම් මැරෙනකම් ජීවත් වෙන මා සමග රැඳෙන්න.
මරණය හමුවෙන තුරා!!!

මීට වසරකට විතර කලින් මම මේ දැන් කරන රැකියාව (ඊට කලින් කාලයක් හිටියේ නිකන් ) පටන් ගන්න්කොට මට ලැබුන වැටුප දැන් ලැබෙන ගානට වඩා අඩුයි. ඒත් මගේ වියදම් ඒ කාලෙයි අදයි අතර ලොකු වෙනසක් නැහැ. සමහර දේවල් ඒ කාලෙ වැඩියි. Dialog බිල Per Second Blaster දැම්මට පස්සෙ ගොඩක් අඩු උනා. ඉස්සරහට ADSL බිලත් අඩු වෙනවලු. ඔන්න ඔය වගේ මාසෙකට ටිකක් ලොකු ගනන් යන වියදම් කීපයක්ම අඩු වෙලා, ඒ අතරතුර මගේ පඩියත් ටිකක් වැඩි වෙලා.

එහෙම බැලුවම ඒ කාලෙට වඩා ගානක් මගේ ලඟ ඉතුරු වෙන්න එපායෑ ඇයි වියදම් අඩු වෙලා ආදායම වැඩි වෙලානේ ඒත් පුදුමේ කියන්නේ දැන් මාසෙ අන්තිම වෙනකොට මන් යන්නෙ රිම් එකෙන්. ඒ කාලෙ මාසෙ ඉවර වෙනකොටත් මගේ අතේ කීයක් හරි තිබ්බ. දැන් එහෙම නැහැ.

මේකට හේතුවනම් මම දන්නේ නැහැ. ඒක කොහොමද වෙන්නේ කියලත් මට හිතා ගන්නත් බැහැ. මගේ යාලුවෙක් කිවුවා රස්ස්වක් නොකරපුකාලේ මිනිහා ගාව මීට වඩා සල්ලි තිබ්බ කියලා. දැන් කොයි වෙලේ බැලුවත් අතේ සතේ නැහැ කියලා. දැන් ඉතින් හම්බ කරන නිසා සල්ලි නැතත් ගෙදරින් ඉලන්නත් බැහැනේ . මොනවා කරන්නද මගේ මූල්‍ය කලමණාකරනයනම් අන්තිමයි.

මේකත් කියවලා බලන්න හොඳ අදහස ටිකක් තියෙනවා

10 අදහස්:

මට හිතා ගන්න බැරි අපි තරම් උපයන්නේ නැති උදවිය පවුල් පන්සල් වෙලා ගෙවල් දොරවල් හදාගෙන හොඳට ජීවත් වෙන්නේ කොහොමද කියන එක. අපි මේ තනිකඩ වෙලත් මාසෙ ඉන්නේ අමාරුවෙන්

අපෝ... කථා කරන්න එපා!!! හොද වෙලාවට මම අපේ අම්මගේ එකම දරුවා උනේ.. ඒක හින්දා මාසේ අග වෙනකොට හිනාව දාලා කීයක් හරි ඉල්ල ගත්තැහැකි නැත්තං ඉතිං මට පස් තමා කන්න වෙන්නේ..!

ඕකට ආදරෙත් හේතුවක් නෙවෙයිද? මට නම් තාම ජොබ් නෑ. ඒත් දැන් ජොබ් හොයන්න වෙලා. නැත්තන් නඩත්තුව දරාගන්න බැරි වෙනවා ලඟදිම

තනිකඩයා කොච්චර හම්බ කලත් හිඟන්නා තමා... මමත් සතියේ අන්තිම හරිය දුවන්නේ... අන්තිම අමාරුවෙන්.. අපි බෝඩිම් කාරයොනේ සතියකට සැරයක් සල්ලි එනවා... ගෙදරින්...

ඔකට තමයි මිනිස්සුන්ට රත්තරන් වැස්සක් වැස්සත් සැහිමකට පත් වෙන්නේ නැ කියන්නේ මටත් මෙ බනේම තමයි

ඕක මම හිතන්නේ කාටත් ඔහොමයි... මම පොඩි උප්පරවැට්ටියක් කියන්නද? පොඩි පොඩි ණය කාට කාට හරි දීලා තියන්න... එතකොට හන්ටර් වෙලි ඉන්න වෙලාවට කවුරුහරි ඇවිත් පරණ ණයක් දෙනවා. ඉල්ල ඉල්ල යන්න ඕනත් නෑ. ඉබේටම එනවා. ඒක මට සිරාවටම වෙන වැඩක්... කොහෙන් හරි කැරකිලා එනවා...

අපොච්චියේ ණය දන්න නම් මන් පන බයයි. මොකෝ ගොඩක් වෙලාවට වෙන්නේ ඒවා බොල් ණය වෙන ඒක්නේ

මම නම් තාම හම්බ කරන්න පටන් ගත්තේ නෑහෑ. ඉතින් ගෙදරින් හම්බවෙන ආදායමින් තමයී දවස ගත කරන්නේ. කොහොමත් පුලුවන් විදිහට කියක් හරි ඉතුරුත් කරගන්නවා. ඔය බොන කෙරුවාව අත්හෑරලා දෑම්මොතින් මම හිතන්නේ මාසෙකට කියක් හරි ඉතුරුකරගන්න හෑකිවේවි කියලා...

නරකද බැංකු ගිණුමක් පටන් ගත්තොත්? ;)

ඔව් ඔව් පටන් ගන්න ඉන්නේ.
මේකෙ තිබ්බ මෙහෙම
"ඉතිරි කිරීම: වියදමට පසු ෂේෂය ඉතිරිකරනවා නොව....ඉතිරිකිරීමෙන් පසු ෂේෂය වියදම් කරන්න"
ඒකවත් කරන්න පටන් ගන්න ඔනේ

Bloggers.com - Meet Millions of Bloggers