මගේ මරණය

ඔබ මෙක කියවනවද??
එහෙනම් මරණය හමු වේවි කවද හරි.
එසේනම් මැරෙනකම් ජීවත් වෙන මා සමග රැඳෙන්න.
මරණය හමුවෙන තුරා!!!

මෝටර් බයිසිකලය හදපු මනුස්සයා ඒකට වහලයක් නොහදපු නිසාත්, ගිණි අව්වේ මෝටර් බයිසිකලය පදින්න තියෙන කම්මලිකම නිසාත් දවලට කන්න පැයක කාලයක් තිබ්බත් මන් ගොඩක් දවස්වලට දවල් කෑම කන්න යන්නේ කාර්යාලයට ලඟම තියෙන බත් කඩේට. මොන විදිහේ වෙනස්කම් කලත්, හැමදාම එක එක ජාතියේ එළවළු ජාති තිබ්බත් එකම කඩෙන් හැමදාම කනකොට එපාවෙනවා. මොන හේතුවක් නිසාද මන්ද ගෙදරින් කන කෑම එහෙම එපා නොවුනත් ඉස්තරම්ම කඩේකින් උනත් හැමදාම කනකොට ඒ කඩේ කෑම එපා වෙනවා. ඉතින් ඔහොම එපා උනාම ඔන්න අව්ව කියලා බලන්නේ නැතුව ටිකක් දුර කඩේකට යන්වා කන්න. ඒ කඩේට යන පළවෙනි දවසේ ඒ කඩේ කෑම නියමයි දෙවෙනි දවසේ හොඳයි තුන්වෙනි දවසේ හිතෙනවා පරණ පුරුදු කඩේ කෑම මීට වඩා හොඳයි කියලා.

මේ එකම වක්‍රය දැන් කීප පාරක්ම මන් කැරකුනා ඒත් තාම හේතුවක් හම්බ උනේ නැහැ.එකම කඩෙන් කනකොට ඒ කඩේ කෑම එපා වෙන්නෙත් වෙන කඩේකට ගියාම පුරුදු කඩේ හොඳයි කියලා හිතෙන්නෙත් ඇයි කියලා................

හැමදේම කඩේ කෑම වගේද මන්දා....

3 අදහස්:

අයියේ බැදපු මිනිස්සුන්ටත් එකම කඩෙන් කනකොට ඒ කඩේ කෑම එපා වෙන ලෙඩෙ තියනවාලු

කෑම වලට විතරක් ඔය ලෙඩේ තියා ගනින් මචෝ.! නැත්තං එහෙම හොදි විතරක් නෙවෙයි කවදා හරි දතුත් නැතුව බත් කන්න සිද්ධ වෙන්න පුළුවන්!

හප්පා....
හැමදේම නම් කඩේ කෑම තමයි... ඉස්කෝලේ යන කාලේ IT උණක් ගහලා හිතුවේ කොහොම හරි කරලා කැම්පස් යන්න. දිගටම IT නිසා ජොලි ඇති කියලා හිතුවා. දැන් ජොලිය ....න් ගිහින් තියෙන්නේ..

Bloggers.com - Meet Millions of Bloggers