මගේ මරණය

ඔබ මෙක කියවනවද??
එහෙනම් මරණය හමු වේවි කවද හරි.
එසේනම් මැරෙනකම් ජීවත් වෙන මා සමග රැඳෙන්න.
මරණය හමුවෙන තුරා!!!

අංක පහලොව
ඉස්සර බස් එකේ ගිය මම දැන් ගමන් බිමන් යන්නේ මෝටර් බයිසිකලයේ. මම නම් ඒකේ කිසිම හොඳක් දකින්නේ නැහැ මොකෝ දැන් දැන් පොඩි දුරක්වත් පයින් යන්නේ නැතුව මම පෙට්‍රල් පුච්චගෙන මෝටර් බයිසිකලයේ ගමන් යන්න පුරුදු වෙලා. එක මගේ සාක්කුවටනම් එච්චර හොඳක් කරන්නේ නැහැ.

ඉතින් ඔය මෝටර් බයිසිකලේ පොඩි පොඩි අඩුපාඩුකම් ටිකක් තියෙන්වා. මන් මේ කියන්න හදන්නේ ඉස්සරහට කවුරුහරි ඒක නවීකරනය කරන්න හිතාගෙන ඉන්නවනම් මේවා ගැනත් පොඩ්ඩක් හිතන්න.

මෝටර් බයිසිකලේ තියෙන ප්‍රධානම අඩු පාඩුව තමා වහලයක් නැති එක. වහින වෙලාවට ඉතින් දෙයියන්ගෙම පිහිටයි . අහසින් වහින වතුර මදිවට පාරෙ තියෙන වතුරත් අනික් වාහන වලින් අපේ ඇඟටම ගහලා යනවා.

දෙවෙනි එක තමා එකපාරට නවත්ත ගන්න තියෙන අපහසුව. මේක අනික් වාහන වල තිබ්බත් ඊට වඩා මේකී තියෙන්වා ඒක අපේ ජීවිත වලට ලොකු අවදානමක්.

තුන්වෙනි එක තමා මේකෙ බඩු භාණ්ඩ ටිකක් වැඩිපුර ගෙනයෑමේ අපහසුව.

මේවත් සම්පූරන උනානම් මෝටර් බයිසිකලේ කියන්නේ එළ වාහනයක්

2 අදහස්:

හැබැයි උබ ඔය කියන ඒව සම්පූර්ණ උනාම ඒකට කියන්න වෙන්නෙ තුන්සක් රිය(ත‍්රීවීල් එක) කියල නේද?

ඒකත් කියන්න පුළුවන්ද මන්දා බන්

Bloggers.com - Meet Millions of Bloggers